2015 පක්ෂ මැතිවරණ ප්‍රකාශන පැහැදිලි කරනා සත්‍ය


 
                                          ඹහ මැතිවරණය සඳහා ප්‍රතිපත්ථි ප්‍රකාශන එළි දක්වමින් විශාල උත්සව එකිනෙකා පරයමින් සෙනඟ රැස් කරමින් වහසි බස් දොඩමින් ප්‍රධාන හා අප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරන ආකාරය මේ දිනවල සුලභ දසුනකි. සෑම මැතිවරණයක්ම වසර කීපයකින් නොව මාස කීපයකින් පැමිණියද මේ කටයුත්ත දුටු අප එකතු කලානම් මේ ප්‍රකාශන ගොඩ ඇතුලේ ඇති කරුණු එකම යැයි වැටහෙනවා ඇත. වෙනසක් වූවානම් හා ප්‍රධාන හා ප්‍රමුඛව ඉදිරිපත් කිරීම වනුයේ පෙරාතු රජයේ දුර්වලතාවයන් ක්ෂණිකව විසඳන යෝජනාවලියකි. ඉතිහාසය මුළුල්ලේම සංධාන හෝ තනි පක්ෂ ජනතාව රැවටීමට යෙදූ මේ කපටිකම හා ඉන්පසු සිදුවුන දේ පිළිබඳව අපි අද ආපසු හැරී බලා සිතිය හැක. රැවටී ඇත්තේ අපි අපිමය. අපේ තාත්තා අම්මලාය. ආච්චි ආතලාය. නමුත් අපිතියා අපේ ළමයි මුණුපුරෝ මිණිපිරියන්වත් ගැලවී ඇති බවක් හෝ ගැලවේදෝයි සැකයක් පවා සිතීමට අමාරු වනුයේ රැවටුන අපේ දුප්පත් ජනතාව ප්‍රීති ප්‍රමූදිතව මොවුන් පසුපස හඹා යන ආකාරය දුටු විටය. අවුරුදු ගණනකට මාස ගණනකට නොව දින ගණනකට පසුව වුව එදිනෙදා මතුවන ප්‍රශ්ණ හමුවේ අමතක නොවේයැයි සිතූ ප්‍රශ්ණ අමතක වන රටක ජනතාවකට බොරු කීමට දේශපාලකයන් බියවිය යුතුද? ජනතාවටද සමාව දිය හැක්කේ ඔවුන් සිටිනුයේ එදිනෙදා ප්‍රශ්ණ මත මිස ප්‍රතිපත්තිමය නොවන ලිහිල් මනසක කුඩා කුඩා එදිනෙදා විසඳිය යුතු ප්‍රශ්ණ කීපයක් මත නිසා බව දන්නා බැවිනි. එදිනෙදා ප්‍රතිපත්ති ප්‍රකාශනම වංචාවකි. ධනපති දේපල රකිනා හා පොදු දේපල සඳහා වන පක්ෂ දෙවර්ගයට ඇත්තේ සූරාකන හා සූරාකෑමෙන් ගැලවෙන ස්ථිරසාර ප්‍රතිපත්ති පමණි.

           1947 ප්‍රථම මැතිවරණය සිට පසුගිය අවුරුදු 67ක  ඉතිහාසයේ ඊනියා නිදහස ලැබෙනවිට ලැබුන රන්පවුම් මිලියන ගණනක යුධ වන්දිය හා කොරියානු යුද්ධයේ රබර් මිළ ඉහල යාමේ වාසියේ මහා ධනය 1953 වන විට වියදම් කර අවසන් කල එ.ඦාප. මුල්ම ආණ්ඩුව 1953 ජනතා නැගිටීමට බඳුන් වූ අයුරු දුටුවෙමු. එදා 1947 ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ වමේ ව්යෙආපාරය ලැබූ ආසන 19, 1956 මහමැතිවරණය වනවිට රැකගැනීමට බැරිව කුලල්කාගෙන නව ධනපති නැගෙන නායකයකු බිහි කිරීමට උරදුන් පිලිප් ගුණවර්ධනලා ලාංකීය දේශපාලනයේ තට්ටු මාරු ක්‍රමයට ධනපති පක්ෂ දෙකකට උපත ලබාදීමේ වින්නබ්ඹ(. කම කලේය.එසේම මුක්කු ගැසීමට බෙදුන වමට දකුණේ ප්‍රධාන පක්ෂ දෙකක් බිහිකර දුනි. එතැන් සිට එ.ඦාප.යට හා ශ්‍රී.ලං.නි.ප.යට මුක්කු ගැසූ බෙදුන වම අද වනතුරු එම කොන්ත්‍රාත්තුව කේවට්ට භාවිතාව අනුගමනය කරමින් අපූරුවට කරති. ඇද වැටුන සෑම ආණ්ඩුවක්ම බදු ඉබර පැටවූ විට ප්‍රධාන ජනතා සහන කැපූ විට හාල් හඳෙන් ගේන්නට පොරොන්දු වූ හැටි ඇට අටක් දීමට පොරොන්දු වූ හැටි හා බලයට පැමිණ ලැබුණ කාලය දික් කරගනිමින් පාලනය ගෙනගිය හැටි දුටුවෙමු. ඒ සැම විටම ජනතා දේපල විනාශ කල හැටි, කම්හල් වැසූ සැටි, සහන දීමනා කැපූ හැටි, රාජ්‍ය ශක්තිමත් කල හැටි, තිබුණු රජයට සාපේක්ෂව පැමිණි රජයේ පොරොන්දු කඩමින් ජනතාව පීඩාවට පත් කල හැටි රුපියල දිගටම අව්ප්‍රමාණ වීමෙන් රැකියා නිවාස, අධ්‍යාපන, සෞක්ය ප්‍රශ්ණ උඩු දුවමින් චපළල් වූ සැටි ජීවනාංකය දහස් ගණනින් වැඩිවන විට එය නව ලෙස සැකසීමට වංචා කල සැටි ජීවන වියදම අහස උසට නැගුණ හැටි මතක් කරනා විට පැහැදිලි වේ.
           විශේෂයෙන්ම මෙවන් තත්ව වලදී ජනතාව විරෝධත ඉදිරිපත් කලවිට ඔලු පැලූ සිරගෙවල ගාල් කල මරා දැමුණු ඉතිහාසයද අමතක නොවේ. පාලකයන්ගේ දුර්ධාන්ත අදුරදර්ශී පාලනය නිසා අවිනිශ්චිත අනාගතයක පෙර සලකුණු දුටු උතුරේ හා ඪ්දකුණේ තරුණයන් කැරලි ගැසූ විට ආයුධ දරමින් වෙනත්මවූ නව සමාජ හැඩගැස්මකට නැතිනම් නව නිෂ්පාදන විධියකට යාමට සූදානම් වූ විට ත්‍රස්තවාදී ලේබලය අලවමින් ඔවුන් ම්ලේඡ්ච හා බිහිසුණු ලෙස හා ප්‍රජාතන්ත්‍ර හා මානව විරෝධී ලෙස ඝාතනය කල අයුරු, වද දුන් අයුරු, අපි දුටුවෙමු ඇසුවෙමු. එම කරුණුද තමන්ගේ වාසියට හරවාගෙන පාලනයට හා පාලකයන් ඊටත් වඩා රුදුරු ලෙස තරුණයන් මරා දැමූ අයුරුද දුටුවෙමු. කතරගම මනම්පේරි ගැන කඳුලු සැලූ 71 භීෂණය මවා පෙන්වූ ප්‍රේමදාසලා 89 රුදුරු ලෙස මර්ධනය කල අයුරු ඉබටලන්ද වදකාගාරය සූරියකන්ද සිසු ඝාතනය පාවිච්චි කල චන්ද්‍රිකාලා පසුව බටලන්ද කොමිසන් වාර්ථාවටව්ත් සාධාරණයක් ඉටු නොකර යට ගැසූ අයුරුද මතක ඇත. මොන මොන ලෙස හෝ කිබ්ඹ(.ල් කඳුලු හලමින් තම පංති සගයින්ගේ වේදිකාවෙන් බැස යායුතු ආණ්ඩුව ජනතාව විසින් බලෙන් එලවා දැමීම වලකා ඔවුන්ට සමුදී නැවත ඒමට පණ කෙන්ද රැකදී තමන් ඔවුන් කල දූෂිත වංචනික හා රුදුරු වංක පාලනය ඉදිරියට ගෙනයාම ඊලඟ එම පංතියේම අනෙක් කණ්ඩායම බාර ගනිමින් මේ මැතිවරණ ඉතිහාසයම අපිව ගොනුන්ට ආඳා ඇත. රවටා වංචා කර ඇත.
           මේ අතීතය සුළුවෙන් හෝ මතක් කලේ ඒ අත්තිවාරම මත අද සිදුවනදේ ගොනුකල යුතු නිසාත් එදාට වඩා අද වර්ධනය වී ඇති කපටිකම් හා හෙලිදරවුවීම් පැහැදිලි කල යුතු නිසාත්‍ය. ජනතා දේපල, ජනත ජීවිත හා සෙල්ලම් කල පාලක ආණ්ඩු කල පිරිස් යම් හෝ දඬුවමකට යටත්වේ යැයි හා ඒ කරන බවට සහතික වෙමින් මැතිවරණ දිනූ එ.ඦාප. හා ශ්‍රී.ලං.නි.පක්ෂ සංධාන ආණ්ඩු 1965,1970,1977,1994,2004,2014 ආදී ලෙස පසුගිය ජනවාරි 08 මැතිවරණය දක්වා සිහි එලවා ගතහොත් කිසිඳු වංචනිකයෙකුට සාධාරණ දඬුවමක් දී නොමැති බව පෙනේ. එසේම පසුගිය මාස 06 යම් හෝ සොයා බැලීමද ඔවුනොවුන් සමගියෙන් යට ගසමින් ජනතා අවධානය ගිලිහෙන තුරු නිමා කිරීමට දරණ කූට උත්සාහයන්ද ප්‍රධාන චූදිතයන් මගහරින් කරන්නාවූ සෙල්ලම්ද පැහැදිලි කරන්නේ දූෂිත පංති සගයන් දෙගොල්ලෝම ආරක්ෂා කරන බවය.

           පස් වැදෑරුම් දස වැදෑරුම් ලෙස මිනිසුනට බලපානා ජීවත් වීමට වුවමනා ප්‍රශ්ණ අල්ලා ගනිමින් අග මුල මැද මාරු කරමින් පොළව නුසුලනා බොරු ලියා බෙදාදෙන මේ ප්‍රකාශන මිනිසුන් කියවනවාදැයි සැකයක් තිඹේ මිනිසුනට දේශපාලනය මාතෘකා වනුයේ ජීවත්වීමේ ආර්ථික, නිවාස, සෞක්ය, අහාර, රෙදිපිලි, අධ්‍යාපන, ආදී කී නොකී විශාල වුවමනා එපාකම් රැසක් පහසුවට සාධාරණව ලබාදීමට ප්‍රතිපත්ති සකස් කර කටයුතු කරන ක්‍රමයක නියෝජිතයන් ලෙස සංවිධානය වූ පක්ෂ ජනතාවට ඉදිරිපත් කරන කරුණු අනුවය. ඒ අතරට මේ පක්ෂ මේ කරුණු ලබා දීමේදී අනුගමනය කරන පිළිවෙත් වලදී ආගමික, ජාතික, දේශීය, විදේශීය හා පෞද්ගලික, පොදු වුවමනා එපාකම් රටට හිතවත්ව හා අහිතවත්ව රහසිගතව සිදුවන්නේදැයි පැහැදිලි කිරීම් එකිනෙකා කරනා විට තම් පුද්ගලික වුවමනා පමණක් නොව රට ජනතාව අනාගතය ගැන අද සිතනා පීරිස් තම මනාපය ලබාදීමට ගන්නා තීන්දු තීරණ නිසා මාසයක් පමණ බොරු වපුරන තාප්ප වනසන හන්දි, ගස්, කුලුණු, මාර්ගබාධක වසන කටවුට් පෝස්ටර් වැසි වසින ඒ සඳහා දූෂිත කලු සල්ලි වපුරන කාලයක්ද භීෂණ, දූෂණ රජ කරන කාලයක්ද මැතිවරණ දිනට පෙර ලබාදෙයි. මෙවර එය විශාල ලෙස අඩු බ්ව දැනට පෙනේ. ධනපති පවුල්වල නූගත් මන්ද බුද්ධික හෝ මැර, දූෂිත දූදරුවනට කරල පැසෙන මේ මැතිවරණ වලදී ජනතාවට ලබාදීමට පොරොන්දුවන අඩුපාඩුකම් ඔවුන් ඔවුන්ට නැතුවා වුව හොඳින්ම දනී. වැසිකිලි, මහාමාර්ග, රැකියා, අධ්‍යාපන හා ඒවාට යටිතල පහසුකම් ආදී දේ සඳහා වැඩි වැඩියෙන් බිලියන ගණනින් වෙන්කර ගනිමින් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කිරීම අද සුපුරුදු දෙයක් වී ඇත. එනිසා ජනතාවට ලැබිය යුතු පහසුකම සීමාසහිත වේ. JR ලබාදුන් තරුණයින්ගේ රුපියල් 50 ත් පසුගිය දින 100 බඩුමිලත් යාවත් කාලීන වූයේ ටික දිනකි.
     මෙතනදී අපි දැනගතයුතු ප්‍රධාන දෙයක් ඇත. මේ ක්‍රමයේ කිසිඳු වෙනසක් නැතිව ගැහැණුන්, මිනිසුන් රට රටවලට විකුණා ලබන ආදායම හ වෙළඳ බෝග ආදායම හැර ටේලර් සාප්පු ටික උපයන සොච්චම හැර සම්පත් අමුද්‍රව්යෙඅ ලෙස විකුණා ලබන ආදායම එකතු කල විට රටේ වියදමට අලගු තැබීමටවත් නොහැක. ගෙන ඇති ණයට පොලී f.ùugj;a මේ ආදායම නොසෑහේ. මහජන වුවමනා එපාකම් වැඩිවීම ජනතාවගේ වර්ධනය වාසභූමි පළල් වීම ආදී කරුණු  සඳහා වුවමනා යටිතල පහසුකම් හා වෙනත් අත්‍යාවශහ් වියදම් සඳහා කරන්නා වූ වියදම් වලින් කොන්ත්‍රාත් හා කොමිස් මෙන්ම දූෂණ වංචා වලින් උපයා ගැනීමද දේශපාලනය පරම්පරාවටම රැකියාවක් කරගත් මන්ත්‍රී කම ගෞරවයක් කරගත් සහජ කූට බුද්ධිය ඇති වත්මන් දේශපාලකයන්ගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ සැමියා බිරිඳ හෝ දරුවන් අපි ලවා අපේ චන්දයෙන් මන්ත්‍රී වරු කරවීමය. දැනුම නැති අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැති මොවුහු බොහෝ දෙනා ප්‍රතිපත්ති සම්පාදනය කරණුයේ කෙසේද? අනිවාර්යෙන්ම මොවුන් තක්කඩිකම් පමණක්නම් තම මඩිය තර කර ගැනීමට කල යුතුමය. මේ ක්‍රමයෙන් වෙනත් උපයන මාදිලියක් නොමැතිව කීපවර අත්හදා බැලීම් කර ඉන් එකක් ලෙස් විවෘත ආර්ථිකය ඇතිකර විශාල විනාශයක් සිදුකර ඊට උචිත ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථා සාදා රට අවනීතියට යටත් කර ඇත්තේ මොවුහුමය. මොවුනට වෙනත් නව මාදිලියේ සැලසුමක් ප්‍රතිපත්තියක් කිසිසේත් සම්පාදනය කල නොහැක. සාරධර්ම පද්ධති මන්ත්‍රීවරු වන මොවුන් සඳහා සැකසීම විහිලුවකි. ඒවා සියල්ලම මේ සියලු ව්යෙආජ මිත්‍යා, වංචා ජනතාවට නැවත වරක් හානියක්ම ගෙන එන බව පැහැදිලිව දැකිය හැක.
           අනෙක් කරුණනම් සියළු සංධානගත ධනපති පක්ෂ කිහිලි කරු වූ වාම පක්ෂ හා ධනපති පක්ෂ ගැන නොව ඦවි.පෙ, පෙරටුගාමී වැනි පක්ෂ සඳහා වංචා, දූෂණ, භීෂණ කපටිකම් ධනපති පක්ෂ සපයන උදවු උපකාර බවය. හේතුවනම් මේ පවතිව ධනපති අර්ථක්‍රමයේ පල්වුන දිරාගිය ස්වරූපය උඩ තවත් කිසිඳු සාදනීය ලක්ෂණයක් ජනිත කල නොහැකිව තිබියදී, කලත් ඒ අල්පය වුවමනාවට කිසිසේත් ප්‍රමාණවත් නොවීත් ධනපති පක්ෂ වලට් වඩා යහපත් ආර්ථිකයක, සුදුසු යහපත් සමාජ වටාපිටාවක සිහිනයක් ජනතාවට පෙන්වන බැවිනි. ඒ  සඳහා මේ ධනපති ශ්‍රී.ලං.නි.ප හා එ.ඦාප. දූෂණ වංචා පෙන්වීම රසකර රඟපාමින් ගෙනහැර දැක්වීම මිස වෙන කුමක් කරන්නද? එය කිරීම අගනේය. නමුත් හෙල උරුමය සේම සරත් ෆොන්සේකාද එය කරති. ඔවුනට මේ ආර්ථිකයේ සම්පත් හා නිෂ්පාදනය අරාජික නොකර විනාශ නොකර නිසි කලමණාකාරිත්වයකින් දූෂණ වංචා රහිතව කල හැකියැයි ජාතිකවාදී ධනපති පක්ෂ ලෙස පැවසීමට අයිතියක් ඇත. එසේ කිරීමටද හැක. ධනපති රාජ්‍ය යන්ත්‍රය ඔවුනට බලය ලැබුණොත් ආණ්ඩු බලය හරහා ධනපති රාජ්‍යයේ දේපල වෙනසකට රාජ්‍ය යන්ත්‍රයේ ව්යෙඅQහාත්මක වෙනසකට කිසිසේත් අත නොතියන බව දන්නා නිසා හානියක් නොකරන බව පැහැදිළිය. ඔවුන් වුව ඉන් එහාට සැකයක බීජයක් හෝ හැබ්ඹ(.රු වෙනසකට ඇතැයි දැන්වුවහොත් තවත් භිsෂණයක තිත්ත රස බැලීමට ලාංකිකයනට හැකිවනු ඇත. ඦවි.පෙ. මේ තත්වය තුල 1848 කොමියුනිස්ට් ප්‍රකාශනයේ කරුණු, 1871 පැරිස් කොමියුනයේ දින 72 කම්කරු ආණ්ඩුව පෙරලීමට පසුබැසි ජර්මන් හා පැරදුන ප්‍රංශ ධනපතින් එකතුව කල විනාශය ඒ සඳහා ජීවතුන් අතර සිටි මාක්ස් පැරණි රාජ්‍ය යන්ත්‍රය නව හා උඩු යටිකුරු කල ආර්ථිකයක,නව නිෂ්පාදන විදියක පාවිච්චියට ගැනීමට් නොහැකිබව් පෙන්වීම, චිලියේ අයන්ඩේ රජය අද වෙනිසියුලානු රජය 1957 කේරල මාක්ස්වාදී රජය, බටහිර බෙන්ගාල රජය ලැබූ අත්දැකීම් පාක්ෂිකයනට දැනුම ලබාදීමට පමණක් සීමා කර ඇත්දැයි සිතේ. නියෝජිතයන් කීපදෙනෙකු පමණක් ධනපති ක්‍රමයේ දූෂිත් බව කල්ගිය බව පෙන්වීමට් යොදා නොගෙන වේදිකාවකට සීමා නොකර සියලු දෝෂ නිවාරණය කිරීමට මුළු රටම තරඟ කර ආණ්ඩු ජයග්‍රහණයක් හරහා නව් රජයක සිහින දැකීම නැවතත් භීෂණයකට අතවැනීමක් නොවේද? මෑත ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේදී සන්නද්ධ අරගලය බලය මාරු වීමට මේ වකවානුවේ සුදුසු නොවන බවත් එම මතය ප්‍රතික්ෂේප කරන බවත් මත ගැටීම පමණක් සලකන බවත් නායක අනුර කුමාර දිසානායක පැවසීම ධනපති රාජ්‍ය උපදේශකයෝ, බුද්ධි අංශ පිළිගනීද? ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ නියෝජිතයන් පිලිගනීද? මොවුන් නමුත් උතුරේ අරගලය මැඩීමට ධනපති රජයට දුන් සහය අනුව පීඩිත පංති අරගලයක් නිසි මගට ගෙන නිවැරදි කර ලාංකීය නව අවදියක උපායමාර්ගයක් ගොඩ නොනැගීම හා ඒ සඳහා ප්‍රතිවිරෝධ හඳුනා නොගැනීම උඩ හා අද වන විට 44 අවුරුද්දක එකතැන පල්වන ඉතිහාසය උඩ පිළිගැනීමටද ඉඩ ඇත.

           කෙසේ වුව මොවුහු මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් ලෙස තවදුරටත් ජනතාව රැවටීම වංචනිකය. විප්ලවවාදී පක්ෂයක් ලෙස පීඩිත පංතිය නියෝජනය කරමින් රැවටීම භයානකය. මේ තත්වයම 1935 සිට 1947 වනතුරු රඟපාමින් සිට ඉන් අනතුරුව පැරණි වාම පක්ෂ ගලේ පැහැරූ බළලුන් සේ සභාග දේශපාලනයට පිවිස ප්‍රදර්ශනය කර විප්ලවවාදී සළුපිලි උනා දැමීය. එම වැරදි පෙන්වා පැමිණ අදත් 1971,1989 දුක්ඛිත බිහිසුණු මර්ධනය හා කැපවීම් තවමත් විකුණා ඒ සඳහා ධෛර්යය රඳවාගෙන බලාපොරොත්තු කැටිකර දිවිපිදුවන් සිරගත අවූවන් පෝෂණය කල මාක්ස්-ලෙනින් වාදී චින්තනයේ ප්‍රධාන ඉගැන්වීමක් වන රාජ්‍ය පිළිබඳ න්‍යාය නැතිනම් රාජ්‍ය ලබාගැනීම පිළිබඳ න්‍යාය පිලිනොගන්නා බව පැවසීම මෙරට පැරණි වාමාංශිකයන් හා 02 වැනි ජාත්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ වාදීන් ගියමග යාමක් ඔවුන්ගේ පිරිසිදු ගෝලයන් වීමක් බව පිළිගැනීමකි. එනිසා තවත් ජනතාව රැවටූ ප්‍රතිසංස්කරණවාදී රතුගාගත් කොමියුනිස්ට්වාදී පූර්ව දාර්ශනික ගුරුවරුන් විකුණූ ලාංඡන, වර්ණ විකුණා කන පක්ෂයක් ලංකාවට බිහිවී ඇති බව එළිදරවු කල යුත්තෙමු. සතුටට කරුණක්නම් සැමදාම අප විමසූ කථාකල ඒ දෙය ඔවුන් පිළිගෙන තිබීමය. ඔවුන් සතුටු කරන නිවැරදියැයි කියන ගුරුහරුකම් දෙන ආගමික පූජක ධනපති දාර්ශනිකයන් ඔවුන් ඔවුන්ව සුදුසු නිසි පීල්ලේ සිටුවා ඇත. විමල් වීරවංශලා, නන්දන ගුණතිකලා, ලොකු අතුලලා හා මොවුන් අතර කිසිඳු වෙනසක් දැන් නැත.මූලික සිද්ධාන්ත කිසිසේත් යල් නොපිනූ මාක්ස්-ලෙනින් වාදය රුසියානු විපලවයෙන් පසු උපායමාර්ගික ලෙස දෙවන ලෝක යුද්ධයේදී නැවත රට රැකගැනීමට අනුගමනය කල එම අවදියේම චීනයද අනුගමනය කල කියුබාව, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, නේපාලය, නිකරගුවාව අනුගමනය කල අද සටන් වැද සිටින සියලු මහද්වීපයන්හි කොමියුනිස්ට් වාදීන් අනුගමනය කරන ගරිල්ලා උපායමාර්ගය අවදියක් වෙනස් කල හැකි උපායමාර්ගයක් බවට ඔප්පු කර ඇති බව කිව යුතුය. රුසියාවේ නොවූ ලෙස එය වෙනස් විධියකින් වර්ධනය වීම එක දෙයකි. තවත් පැත්තකින් එසේ සමාජවාදයේ මාවත පාර්ලිමේන්තුවාදයෙන් කිසිසේත් වර්ධනය නොවේ. එසේ වන්නේ ප්‍රතිසංස්කරණවාදය දක්වා දෙවනි ජාත්‍යන්තරයේ අවස්ථාවාදය දක්වා පසු බැසීම්කි. ජනතාව පාවාදීමකි. එනිසා මේ හෙලිදරවුව මේ මැතිවරණයේදී ඉතාමත්ම වැදගත් සිදුවීමකි. ඊලඟ ආණ්ඩුව පංති හැඟීමෙන් යුතු අපට කවුරු පත්වුව වැදගත්කමක් නොමැත. ලාංකීය දේශපාලනයේ විපලවවාදී ප්‍රධාන පක්ෂයක් අද නැත. තුන්වෙනි තැන තිබෙන ප්‍රතිසංස්කරණවාදී ඦවි.පෙ.ද ජනපති ක්‍රමයේ චිරස්ථිතිය ඉටු කරනු ඇත. නිවැරදිව සිටියායැයි පුරසාරම් දෙඩූ ඦවි.පෙ. අද අවස්ථාවාදීවීම, ධනපති සුරතලුන් වීම, භිය මුසුවීම, ඡන්ද මානසිකත්වයට යටවීම, ජනතාව නිවැරදිව දැනුවත් වීමට් බියවීම, ජාතික ආගමික, වැඩවසම්, ධනපති මතවාදී ගිරිකුලට බියවී බිඳීම පැහැර හැරීම කොටින්ම කියතහොත් නිර්මාක්ස්වාදීන් වීම හා එම භාවිතයෙන් පිට පැනීම ජනතාව අවුරුදු ගණනාවක් වංචා කර මුලා කිරීම යටතේ දූෂනයට, භීෂණයට, වංචාවට චූදිතයන් වී ඇති ධනපති ප්‍රධාන පක්ෂ දෙක සේම බරපතල චූදිතයන් වන්නේය. උපක්‍රමයක් වුව මෙම ප්‍රකාශය බරපතල හානියකි. මෙය කිසිසේත් උපක්‍රමයක් නොවේ.

එනිසා කිසිවෙකු මැතිවරණයේදී ඔබගේ ගැලවුම්කරුව්න් නොවන බව හා වංචනික බොරුකාරයන් බව් නැවතත් කියන්නෙමු. 

කොස්ගම විමල් සහෝදරයා
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 07 - 27
Previous
Next Post »
Thanks for your comment