මැතිවරණයෙන් පසු උගනිමු


                                               මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී හමාරය.ජනතාවට වැරදි විශ්වාසයන් ඇතිකල හා ජනතාව ඔවුන්ට චන්දය දිය යුතුමයයි හැඟවූ මැති ඇමතිවරු රාශියක් නිවාස ගත කර ඇත. තව බොහෝ නිවාසවල නැවතිය යුතු මැති ඇමතිවරුන් ජනතාව නැවත පාර්ලිමේන්තු යවා ඇත. මේ සියලු දෙනා දෙඩවූ කටමැත පුරසාරම් හා බොරුබේගල් ඔවුන් දැන සිටියද ජනතාව විශ්වාස කරාවියැයි හා ඔවුන් පිලිගනීවියැයි සිතන්නට ඇත. නමුත් ජනතාව හරිදේ කර ඇත. එසේ කිරීමේදී තව දුරටත් පරීක්ෂා කිරීමේ කාලයක් ඉදිරියේදී ගෙදර යැවිය යුතු අයට නැවතත් ලබාදී ඇතැයි ජයග්‍රාහී වංචනික පුරසාරම් හා බේගල් දෙඩූ අය සිහි තබා ගත යුතුය. දින 150 යහපාලනයේ දුර්වලතා ඉදිරිපත් කිරීමේදී තමන් කල සියලු අපරාධ, වංචා, දූෂණ අමතක කරමින් ජනතාව ඉදිරියේ සුද්දවන්තයන් ලෙස පෙනී සිටි බොහෝ අයට නැවතත් ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකි වීමනම් ඉතා වැදගත්‍ය. පත්වූ එ.ඦාප. ආණ්ඩුවද ඔවුන්ගේ පැරණි ඉතිහාසයේ බලයට පත්වූ සෑම අවධියකදීම භාරගත් රට නැවත බාර දෙන විට තිබුනාට වඩා ප්‍රපාතයට තල්ලු කර බාර දුන් බව මතක තබාගත යුතුය. රටේ නිෂ්පාදනය විනාශ කර සම්පත් විකුණාකමින් රට ගෙනගිය මාවත දෙපිරිසම අවබෝධ කරගත යුතුයි. කාබාසිනියා මාවතේ දිගින් දිගටම මුදලේ අගය අවප්‍රමාණ කරමින් ජීවන වියදම් වැඩිකරමින් සියලු ප්‍රශ්න වැඩිදියුණු කරමින් ගිය ගමන ඔප්පු කරනුයේ කවුරුවත් රට ගොඩනොගත බවය. එසේම දෙපිරිසම මොවුන්ගේ මහ ධනපති පක්ෂ හා මුක්කු ගැසූ කොයි කුමන පක්ෂත් සමගියෙන් උපතේදී දෙමළ, සිංහල හෝ මුස්ලිම් අහින්සක
පාලනයේ වරද නිසා ආයුධ අතට ගත් විට වැඩවර්ජනය කලවිට උපවාස කලවිට ජීවත්වීමේ අයිතිය අහිමි කල පිරිසක් බව හා මැතිවරණයේදී පෙන්වන අහින්සක බෝධිසත්ව ගුණෝපේත පුද්ගලයන් නොවන බව ජනතාව තුල සිටිනා බුද්ධිමත් දැනුවත් පිරිස් අමතක නොකරන බවද දැනගත යුතුය.
           සියලුම මැතිවරණ ප්‍රකාශන නැවත ඔවුනොවුන්ම විවේකීව කියවා බැලුවහොත් පැරදුන පිරිස් නම් පැරදීම ජයග්‍රහණයක් ලෙස සිතිය යුතුයි. දිනූ පිරිස් හිසේ අත ගසාගෙන පොරොන්දු ඉටු කිරීමට ඉතිරි රටේ සම්පත් විකිණීමට සැලසුම් සැකසිය යුතුය. සැමදා ලෙස නොව මේ දෙනවායැයි කියා ඇති පොරොන්දු කෙසේ දෙන්නද? රැකියා, අධ්‍යාපන, සෞක්ය, ආහාරපාන, නිවාස පමණක් නොව ගොවි ධීවර කම්කරු ගැටලු මෙතෙක් විසඳීමට නොහැකිවූ මොවුහු ලඟ වෙනත් නව ක්‍රමයක් හෝ නව මාදිලියක් අලුතෙන් ලැබී ඇතැයි අපට සිතිය හැකිද? තම දරුපවුල් පරම්පරා හා පන්තිමය වුවමන සඳහා ආණ්ඩු බලයේ පිහිට දිගින් දිගටම වුවමනා වූ මොවුන්ට පරම්පරාවෙන්ම අහින්සක ජීවිත ගත කිරීම පුරුදු නැත. ජන්තාවගේ උපකාරයෙන්ම ඔවුන්ගේ හාම්පුතුන් හා බලධාරීන් වන මොවුහු තම පරපුටු ජීවිතයට අවැසි පසුබිම සකසා ගැනීම හා පවත්වාගැනීම මේ පාලනය ඉල්ලීමෙන් හා බොරු බේගල් ඇදබා වංචා කිරීමෙන්ම කල යුතුය. කෝටි ප්‍රකෝටි ගණන් වැයකරමින් මැරබලය අරක්කු යොදාගනිමින් කල යුතුමය.

           සෑම මිනිසෙකුම අතමිට සරුවන විට දූදරුවනට අධ්‍යාපනය ලබාදී ගේදොර තනාගෙන වුවමනා අඩුවැඩිය ලබාගත යුතුය. එසේ නැතිව දරුවන් හා බිරිඳ පවා අධ්‍යාපනය, ගේදොර වැඩ ඉවත දමා රැකියා සොයා යාමට ජීවත් වීමට බැරි පරිසරයක් තනනවානම් රට කෙසේ සංවර්ධනය කලද පලක් නැත. දවසේ පැය 24ම සියලුදෙනා වෙහෙස විඳ ජීවත්වීමට බැරිනම් ජීවිතයේ සංස්කෘතික විනෝදාත්මක වුවමනා එපාකම් සඳහා මනසේ සුවය අතහැර දැමිය යුතුනම් ඒ යාන්ත්‍රික මිනිසා ගුණයහපත්කම් නැති සමාජ විරෝධියකු වීම අනිවාර්යමය. එය ඉඳහිට පල්ලියට පන්සලට ගොස් සපුරාගත නොහැකි දෙයකි. සිංගප්පූරුවක් මැලේසියාවක් කිරීමට කටමැත දොඩන පාලකයන් පිරිපුන් මිනිසුන් අවිවේකී මුදල් හඹායන මිනිසුන් හා එසේ පත් කරන මිනිසුන්ගෙන් බිහි නොවන බව අවබෝධ කරගත යුතුය. විදේශීය ප්‍රාග්ධනය හෝ දේශීය ප්‍රාග්ධනය යොදා අරඹන කුමනහෝ කර්මාන්ත ව්යෙආපාර වලින් එම ප්‍රාග්ධනයට හිමි ලාබය හා ව්යෙඅවසාය යා භූමිය සඳහා ගෙවිය යුතු බදු හා කොටස් ගෙවූ විට ශ්‍රමයට වැටුප යම්හෝ වැඩිවීමක් කර ලැබුණද ජීවත්වීමට බැරි සමාජ පරිසරයක රටවැසියාට රටේ පෙනෙන දියුණුව පලක් නැත. එය පලක් වනුයේ ධනපතියනට දේශපාලන වුවමනාව ඉටුකරනා මහධනපති පක්ෂ වලට පමණි. පොඩි මිනිසාට යහපතක් වනුයේ සියලුදේ ඔවුන් සඳහාම සිදුවන ඔවුන්ගේම පාලනයක් තුලින් පමණි.
                මේ තත්වය වෙනස් වනුයේ මුලුමනින්ම සමාජ වටාපිටාව, දේපල ක්‍රමය දේශපාලනය, සංවිධාන ව්යෙඅQහයන්, රාජ්‍ය ක්‍රමය වෙනස්වීමෙන් පමණි. මහධනපති එ.ඦාප. හෝ සංධානයේ චන්ද දායකයන් සරත් ෆොන්සේකා, ඦවි.පෙ. වෙන වෙනම් ඉදිරිපත් කල වංචා දූෂණ හා අක්‍රමිකතා එ.ඦාප.ය ඉදිරිපත් කල කරුණු හා ගැලපින. එයින් වූයේ ජනතාව සංධානයෙන් ඉවත්වී එ.ඦාප.ය වටා ගොනුවීමය. තමන් හා රට කෑවද නව පක්ෂ හා සංවිධාන ඉදිරිපත් කරන පොරොන්දුද මේ ක්‍රමය තුල මේ අයුරින්ම විසඳෙනවාය කියන විශ්වාසය තුල ප්‍රබල ධනපති පක්ෂයක් ඔවුන් තෝරාගත්තා විය යුතුය. 7 වරක් රැවටුන ලාංකීය ජනතාව හා ඔවුන්ගේ දූදරුවන් 08 වන වරටද තමන් විනාශ කල අනෙක් මහ ධනපති පිල තෝරාගත්තේ ඇයිද? යන්නත් නව ධනපති පක්ෂ ලෙස පෙරට පැමිණි සරත් ෆොන්සේකා හා ආගමික බෞද්ධ පූජක පක්ෂය ප්‍රතික්ශේප කිරීම අවුරුදු 44කට පෙර කැරැල්ලකින් ජනතාව පලල්ව හඳුනාගත් මුලු රටම තරඟ කල ඦවි.පෙ. හා එසේම තරඟ කල ඦවි.පෙ.න් කැඩී වෙන්වුන පෙරටුගාමී හා වාම පක්ෂ කරා එම ජනතාව නොඇදුනේ මන්දයි අප සොයා බැලිය යුතුමය.

                1971 කැරැල්ලෙන් පසු නායකයන් සිරගතව සිටියදී 1977 හක්මන හොරොවුපතාන, තංගල්ල, බටහිර අනුරාධපුර මැතිවරණයේදී තරඟකර එදා සිටි අමාරුවෙන් සොයාගෙන රැකගත් තරුණ පිරිස් මේ ආසන 4ම සෑම ගොවිපලක් ගෙයක්ම හතර පස් වතාවක්ම ගොස් හමුවී කතාකර දිනකට රැස්වීම් 05ක් පමණ කර දැනුවත් කර ලබාගත් චන්ද ප්‍රමාණය ඉතාමත්ම අල්පවිය. තංගල්ලෙන් විජිත රණවීරට වැඩිම 1300ක් පමණද රොබට් චන්ද්‍රපාල හා රණතුංග ලබාගත් චන්ද ප්‍රමාණ 700ක් හෝ 800ක් වීම අපට මතකය. එදා සිට දිස්ත්‍රික් සංවර්ධන සභා හා සෑම සියලු මැතිවරණයක්ම තරඟකර ඦවි.පෙ. ලබාගෙන ඇත්තේ මැතිවරණයකදී උපරිමව ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයකි. විජේවීර තරඟකල ජනාධිපතිවරණයේදී ලක්ෂ 04කට ආසන්න ප්‍රමාණයක් වසර 44කට චන්ද වැඩිවීමේ අනුපාතය ඉතා අඩුය. චන්දය දෙනවුන් සියලුදෙනාද පක්ෂයේ දේශපාලන මත දන්නාවුන් නොවේ. දන්නා බොහෝ ඉවත්වූ අය ඦවි.පෙ. සඳහා චන්දය නොදෙන අතර නිෂ්ශබ්දව සිටිති. ඉවත්වූ බොහෝ නායකයන් ජාතිවාදී ආගම්වාදී පක්ෂ සඳහා පුද්ගලික වුවමනාමනාවන් පෙරදැරිව කටයුතු කරන විට පක්ෂ අධ්‍යාපනය හා මතවාදයන් ඔවුන් ගොඩනොනැගුවේ ඇයිදැයි සිතේ. ඔවුන් අද මහ ධනපති දේශපාලනයේ මුරකනු වීමද ඦවි.පෙ. අධ්‍යාපනයේ පිලිබඳ ප්‍රශ්නයකි. පෙරටුගාමී වැනි පක්ෂ පුද්ගලයන් ලෙස 1989 කැරැල්ලේදී තිබූ සහභාගීත්වය හා ඦවි.පෙ. වැරදි නිසා ඉවත්වූ කණ්ඩායමක් වීම නිසා යම් පිරිසක් සිටියද ජනතාව අතර ප්‍රචලිත නැත. ඦවි.පෙ. ධනපති පන්තියේ දූෂිත ගණුදෙනු වංචා හෙලි කිරීමට මූලික වීම උඩම ඔවුන්ගේ අවංකකම දුටුවද නව මාවතක් මේ ක්‍රමය තුල ප්‍රශ්ණ විසඳීමට බිහිනොවන නිසා හා වරින්වර පක්ෂයේ යම්හෝ ප්‍රගතිශීලී වාම ප්‍රතිපත්ති තිබුණානම් ඒවාද මැතිවරණ උන්මාදයෙන්ම ආණ්ඩුබලය සඳහා හලා දමන නිසා යම් අවබෝධයක් ඇති පිරිසටද මොවුහු සැකමුසුය. එසේම පැරණි වාම පක්ෂ සේම වමේ නාමයෙන් ධනපති ක්‍රමය සුරකින නිසා ධනපති පක්ෂ වලටද වඩා භයානයක, ප්‍රතිගාමීය.
                මහධනපති පිල් හරහා මාරුවන කෝටි එකහමාරක චන්ද ප්‍රමාණයෙන් 95%ක්ම පීඩිත පන්ති පිරිස්‍ය. ඔවුන් රැවටීමෙන් ගැලවීමට වමේ ව්යෙආපාරය, ජවිපෙ ද ඇතුලුව දුන් අවබෝධය නිවැරදිව ලැබුණානම් මේ අවුරුදු 80ටම ප්‍රමාණවත්‍ය. නමුත් ඔවුන්ගේ සහය තවමත් ධනපති පිල් වෙනුවෙනි. දේශපාලනයේදී පමණක් නොව ජීවිතයේදී, ස්වභාවයේදී, චින්තනයේදී ආදී සෑම සියලු තැන්හිම දීර්ඝ පරිණාමීය කාලයක් තුල ක්ෂණික පරිවර්ථනය නැතිනම් විප්ලවය අනිවාර්ය බව හා ස්වභාවික බව වාම පක්ෂ ඔවුන්ගේ මාක්ස්වාදී ඉගැන්වීම් වලදී දැනුවත් කල යුතුය. සුළුවෙන් අධ්‍යාපනය දෙන හා රටේ වටාපිටාව හා පවතින පක්ෂවල අඩුපාඩු හා මැතිවරණ ගැන පමණක් දේශපාලන දැනුම සීමා වූවිට ජවිපෙ දැනුම ලබාදීමද අල්පවී ඇත. එනිසා පහල බිම් මට්ටමේ පිරිස් ඉවත් වනවිට ලැබූ නව දැනුමක් නැත. පටු පලප්‍රයෝජන සඳහා ඔවුන් මහ ධනපති පක්ෂ කරා යනුයේ පැරණි ජවිපෙ සාමාජිකයන් ලෙස නොදන්නා දර්ශනයට දන්නවුන් ලෙස දොස් නගමින්‍ය. එසේ වනබව පෙනෙනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු බොහෝ අවස්තාවාදී ජවිපෙට හෝ පැරණි වමට නොව මාක්ස්වාදයටද නිගරුකල අවස්ථා බොහෝ තිබූ බැවිනි. මේ තත්වය තුල සාමාන්‍ය ජනතාව කෙසේ දැනුමක් ලබන්නද? මැතිවරණ වලදී වේදිකා හා කනඩි පුපුරවන කතා සියල්ලම ධනපති පක්ෂවල බැණ අඬගසා ගැනීම් වලට සමානය. පත්වුනත්
පාර්ලිමේන්තුවේදී හෝ පෙරාතුව වේදිකාවේදී නව දෙයක් ඉදිරිපත් කිරීමට් මොවුන් බියමුසුය.ජනතාව දේශපාලනයේදී ක්ෂණික සමාජ පරිවර්ථනය විප්ලවය ලෙස එය ස්වභාවික දෙයක් බවත් එහිදී දේපල විපර්යාසය සෑම සියලු ක්ෂේත්‍රයකම උඩුකුරු යටිකුරු වෙනසක් වීම ආණ්ඩුව නොව රජයේ වෙනස්වීම නීතිය හා සියලු ආයතන ව්යෙඅQහයන් හා සමග උපරි ව්යෙඅQහයේ සියලු අංග වෙනස්වීම ඉගැන්විය යුතුමය. එය 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයේ බලය තීරණාත්මකව මාරුවීමට පෙරාතු මාස 10 තුල ජනතාව ගොවීන්, කම්කරුවන්, සෙබලු, නාවිකයන්, සිසුන් දෑස් දල්වා සෑම දිනකම නව සිදුවීම් තුල බලා සිටි බව එදා ලියූ සත්‍ය ලිපි හා ලේඛණ තුලින් පැහැදිලි වේ. ධනපති ඩූමාව මෙන්සවික් නායකයන් පවා එම වචනය බලාපොරොත්තු විය. විප්ලවය ඔවුන්ගේ නිතර හුවමාරු වූ වචනය විය. එය වැලැක්වීමට් උත්සාහ දැරුවේ හා බිය වූයේ ප්‍රතිගාමී රදලයන් හා නිළදාරීන් පමණි. එවැනි නිවැරදි අදහසක් බලාපොරොත්තුවක් පීඩිත ලාංකිකයනට දීමට ජවිපෙ ට මෙතෙක් බැරිවිය. පැරිණි වමටද බැරිවිය. පැරණි වමෙන් සීමිත පිරිසක් රෝහණ විජේවීර, එස්,ඩී, බණ්ඩාරනායක, ගාමිණී යාපා වැන්නන් සමගව ලැබුවද ජවිපෙද සිය සියලු සාමාජිකත්වයවත් එම දැනුමෙන් දැනුවත් නොකරන ලඳී එසේ දුන්නේද අද නිෂ්ශබ්දව සිටින පිරිසකට පමණි. පලල් බහු ජනතාව එවිට කෙසේ ලබන්නද? ඔවුන් 1971, 1989 අසන්විජිත කැරලි වලදී ධනපති මර්ධනයට ලක්වී ලත් බිහිසුණු අත්දැකීම් හා ජනතාව දුටු අති බිහිසුණු අපරාධ නිසා සිතනුයේ විප්ලවය එය බවයි. එය ලේ ගෑවුණු බිහිසුණු අපරාධයක් බවයි. සාමාන්‍ය මිනිසුන් එම බිය පාරම්පරිකව ගෙනයනබව පැහැදිලිවම පෙනේ.
                එය වහාම සමාජයෙන් වෙනස්කල යුතුයි. 71,89 විප්ලවයේ සැබෑ අර්ථය නොව වැරදීමක ලැබූ අභාවාචී ඛේදවාචකයක් බව පෙන්වියි යුතුයි. සැබෑ දෙය පෙන්වීමට් බිය නොවිය යුතුයි. එවිට මෙම මැතිවරණයේදී ධනපති පිල් අතර මාරුවූ 20%ක් පමණ වූ පිරිස තම නිවැරදි පන්ති සංවිධානය සොයා ගනු ඇත. උපායමාර්ගිකව නිවැරදි නොවුවද ජනතාව පලල් බහුතරයක් ජවිපෙ චන්දදායකන් වනු ඇත. ජවිපෙ බලය මාරුවීමට් සන්නද්ධ අරගලය බැහැර කරනබව කියා ඇති නිසාත් මතයන් ගැටී ආණ්ඩුබලය සඳහා පොර අල්ලන නිසාත් අප කොපමණ කීවද විප්ලවය යන වචනය වැදගත් නොවනු ඇත. නමුත් ඔවුනට කවදාවත් මේ දෙබිඩි පිලිවෙතින් ජනතාවට ලංවීමට නොහැකි වනු ඇත. පෙරටුගාමීන්ද එය වටහාගත යුතුමය. සාමාන්‍ය නොදැනුවත් සියලු දෙනා දැනුවත් කර ප්‍රජාතන්ත්‍රවාදීව චන්දයෙන් බලය ලබාගැනීමට සිටීම විහිලුවක් හා රැවටීමක් බව පැහැදිලි විය යුතුය. දැනුවත් පිරිස් ආරක්ෂා කරගනිමින් ඉවත්වීමට කරුණු සපයා නොදෙමින් ඉවත්වූවන් ලංකර ගනිමින් වෙනත් උපායමාර්ගික වැඩපිලිවෙලක් මැතිවරණ උන්මාදය සීමාසහිත කරගනිමින් නිර්මාණය කරගත යුතුය.

                සෑම සියලු චන්ද 20කට හෝ ඉන් වැඩි ගණනකට ජවිපෙ චන්ද තිබුණේ එකකි. එය නගරබදදී වැඩි වුවද 12 : 1 ක් පමණ වුවද සමහරවිට නුවරැළිය-මස්කෙලිය වැනි වතු කම්කරු පිරිස් වලදී 200 : 1 ක් පමණවේ. ආගමික, ජාතික පටු බෙදීම්ද, වමේ නිවැරදි වැඩපිලිවෙළකින් වෙනස් කල යුතුය. නමුත් මොවුන් සියල්ලෝම අවස්ථාවාදීව එම දර්ශනයේ තමන්ට කැමති කැමති තැනින් කොටස කොටස උදුරාගෙන අමාරු අකමැති කොටස් හලා දමා ඇත. එවිට මේ ගමන කිසිදා ඉටුවන්නේ නැත. නව වමේ නායකත්වයක් රටට අවැසිබව මෙම මැතිවරණය නැවත අපට උගැන්වා ඇත. ඉතිහාසයේ විශාල කැපවීමක් කල පිරිස් අමතක කර අතහැර ද්‍රෝහීන් ලෙස හංවඩු ගසන ජවිපෙ අද ඒ අය ඉටුකල අතීත කාර්ය නිසා ගෞරවනීයත්වයක් ලබා ඇති බව හා එය විකිණීම පමණක් අද කරනබව සැලකිල්ලට ගත යුතුය.
 
 
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
කොස්ගම විමල්
2015 - 08 - 18

 

 
.
Previous
Next Post »
Thanks for your comment