නව ලාංකීය වෛද්‍යවරයකු බිහි කල යුතුයි.


ඉතිහාසයක් මුලුල්ලේ ලාංකිකයාගේ සෞක්ය ගැටලු වලට විසඳුම් ලැබුනේ සිංහල වෙදකමිනි. සිංහල වෙද මහතුන් සැම ගමකම තම යුතුකම මුදලට නොව යුතුකමක් ලෙස සලකා කල බව අපි දනිමු.එම වෙදකම පසුව ඉන්දියාව හා පැවති ආගමික හා සමාජීය සබඳතා නිසා පැමිණි දූත හා පරිවාර පිරිස්
ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා මුසු වී ඇත. වෙනම හා මුසුවුනු මෙම වෛද්‍ය ක්‍රමය දකුණේ  හා සිංහල ජනයා ගැවසෙන ප්‍රදේශවල දේශීය ක්‍රමය ලෙස ප්‍රචලිතව පවතින අතර, උතුරේ හා නැගෙනහිර සිද්ධ හා යුනානි ක්‍රමය, පාකිස්තාන හා ඉන්දීය සම්භවයේ පවතී. මේවාද පැරණි වෛද්‍ය ක්‍රම වේ.
           නමුත් මහද්වීප හා දිවයින්, නවීන තාක්ෂණය, හා විද්‍යාවේ දියුණුව සමග එකම රටක් බවට පත්වද්දී, සංචාරය හා සංක්‍රමනය හා ආක්‍රමණ හරහා යුරෝපානු ඇලෝපති වෛද්‍ය ක්‍රමය අන් සියලු රටවලට සේ ලංකාවටද පැමිණ ඇත. ස්වාභාවයේ තිබෙන ගහකොළ, පැලෑටි, අල, මුල්, කොල, පොතු ප්‍රයෝජනයට ගනිමින්, අත්හදා බලමින්,සුව විම් හෝ නොවිම් දැන කියා ගනිමින්, ගොඩ නැගුන මේ ක්‍රමය බොහෝ දුරට වනවාසී තපස් වරු ස්වකීය තනි, පාලු ජීවිතයේ දියුණු කරන්නට ඇත. තමන් පිළිගත්, නොදියුණු, අවිද්‍යාත්මක මත, හා මුසුව බිහිවන, සකස්කල මේ ශාක ක්ෂාරමය ඖෂධ ස්වභාවමය, මිනිස් ශරීරයට කිසිසේත් අවැඩ දායක නොවූ දේම විය. මේ වෛද්‍ය ක්‍රමය, ශල්‍යකර්ම කරා පෙරට ගොස් තිබූ බවද එය කි.පූර්ව අනුරාධපුර මිහින්තලා පැරණි රෝහල් බිම හා කෞතුකාගාරයෙන්ද, ක්‍රි.ව. පසු පොළොන්නරු ආලාහන පිරිවෙන කෞතුකාගාරයෙන් හා රෝහල් බිමින්ද පැහැදිලි වේ. සෙල් ලිපිද එය සනාථ කරනු ඇත. අදද එය රට පුරා නොනැසී පවතිනුයේ දැනිදු ජනතාවට සේවයක් සලසන නිස බවද පිලිගනිමු. වා, පිත්, සෙම් යන මූලික තෙකරුන අනුව කිපීමෙන් රෝග ඇතිවන් බව පිළිගන්නා මෙම ක්‍රමය එය සමනය කිරීමට ප්‍රතිකාර කිරීමට කෂාය, කල්ක, අරිෂ්ඨ, ගුලි, විරේක, නස්න ආදී විවිධ ක්‍රම පාවිච්චි කරති. බෙහෙත්  නිපදවීමේදීද  දර වර්ග වෙනස් කරමින්, ගින්දර පවා යොදා ගන්නා, නමුත් අමුද්‍රව්යෙඅ අද කොන්ත්‍රාත්කරුවන්, මුදලට ව්යෙආජව සැපයීම නිsසා ගුණ ලැබීම දුෂ්කර වී ඇත. එලබටු මුල් වෙනුවට, විශාල වම්බටු කොටු ගලවා මුල් හා කැලයේ විශාලව වැවෙන වල් පැලෑටි ව්යෙආජව සැපයීම නිසා ගුණ නොලැබෙන බෙහෙත් රජයේ ඖෂධාගාර  වල පවා නිපදවා රෝගීන්ට ලබා දෙති.

           මානවයාගෙන් මිනිසා බින්නවී දැනුම අත්දැකීම් මූලික කරගනිමින් පෙරට යනවිට සාමූහික මිනිස් සමාජයේ ඒ ඒ කොටුවූ මුල් ජන කණ්ඩායම් තම රටට දිවයිනට සුවිශේශී වෛද්‍ය ක්‍රම නිර්මාණය කර ගැනීම සාමාන්‍යය. එය ලතින් ඇමරිකාවේ, ඕස්ට්‍රීලියාවේ, යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ සැමතැනම සිදුවී ඇත. නමුත් ඒ ඒ රටවලට විශබීජ, වෛරස්, බැක්ටීරියා රෝගයනට මූලික හේතුව ලෙස සලකන තාක්ෂණය හා විද්‍යාව දියුණු කල යුරෝපයේ ඇලොපති වෛද්‍ය විද්‍යාව පැමිණ සමහර විට ඒ ඒ රටවල පැරණි වෛද්‍ය ක්‍රම තිබියදී දියුණු වූවා විය හැක. එම ක්‍රමය අද සෑම රටකම එම රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය වී ඇත්තේ කුඩා අසනීපයේ සිට බරපතල ශෛල්‍යකර්ම දක්වා ප්‍රතිකාර කරන ප්‍රධාන, මූලික, ප්‍රාදේශීය, ග්‍රාමීය ආදී රෝහල් ජාලයක් රජයේ සෞක්ය ඇමතිවරයකු හා අමාත්‍යංශයත් හා සැබැඳිව හෙදි, කම්කරු, සනීපාරක්ෂක, වෛද්‍ය ආදී දස දහස් ගණනක වෘතිකයන් පිරිසක්ද සමගිනි. ඒ ඒ රටේ කුමන දේශගුණ, කාලගුණ තත්වයක වුවද බිහිවන රෝග සඳහා විදේශවල නිපදවන නවීන බෙහෙත්, උපකරණ හා දැනුමද පාවිච්චි කිරීම සුලභ දෙයක් වී ඇත. නමුත් මේ දියුණු වෛද්‍ය විද්‍යාවටද මුහුණදීමට නොහැකි රෝග උද මතුවෙන බවද ඒවා මෙල්ල කිරීමට සෑහෙන කාලයක් ගතවන බවද සමහරවිට නොහැකිවන බවද ඒ අතර තුර මියයන් සංඛ්‍යාව දස දහස් ගණන් වන බවද අප දනිමු. සමහරවිට එම රටවල දේශීය වෛද්‍යවරු ඒ සඳහා ස්වාභාවික ඖෂධ යොදාගෙන සාර්ථක ප්‍රතිකාර කල බව සැලවී ඇත. ලංකාවේද ඩෙංගු, පිලිස්සීම්, පිළිකා, කැඩුම් බිඳුම් සඳහා එසේ දේශීය වෛද්‍යක්‍රම විශේෂයෙන් පවතින බව අපි දනිමු. මේ තත්වය තුල සෑම රටකම රජයන් තම රටේ දේශීය වෙදකම නවීන තාක්ෂණය හා විද්‍යාව යොදාගනිමින් ඇලොපති වෛද්‍යක්‍රමයේ පහසුකම්ද දියුණුවද යොදාගනිමින් දියුණු කිරීමට කටයුතු කර ඇත. ලංකාවේද කොපමණ දියුණු බටහිර වෛද්‍ය පහසුකම් තිබුණද විශාල මුදලක් වැයවන සමහර ප්‍රතිකාර සඳහා බොහෝ දිළිඳු ජනයා දේශීය වෛද්‍ය පිහිට පතන බවද රෝග සුවවූ බවද අපි දනිමු. ලොකු කුඩා, දිළිඳු, ධනවත් කවුරු වුවද බැරි තැන අවසානයේදී දේශීය වෙදුන් සොයා යන බවද දනිමු. සුවවූ බවද දනිමු. මෙය දෙපසටම පොදු දෙයකි. එසේනම් අතීතය වත්මන සේම අනාගතයද තවදුරටත් දේශීය වෙදකම නොගිලිහී පවතින බව පෙනේ. සුළු හෝ දෛර්යක් ලෙස නව විද්‍යාව අධ්‍යාපනයෙන් උසස් පෙළ සමත් සිසුන් විsශ්ව විද්‍යාල සය අවුරුදු උපාධියක් සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවට බඳවා ගැනීම හා ඒ යටතේ බටහිර වෛද්‍ය ක්‍රමයේ යම් හෝ දැනුමක් දී නවීන දේශීය වෛද්‍ය විද්‍යාවකට අඩිතාලම දැමීමද විශ්වවිද්‍යාල, පීඨ ඇරඹීමද උපාධි ලබාදීමද ඉතා වැදගත් දෙයකි. වට්ටෝරු ක්‍රමය ඉක්මවා නොගිය පැරණි අවිද්‍යාත්මක ක්‍රම පුරුදු හා දැකුම් හරහා රෝගීන් අධ්‍යයනය කල දේශීය වෛද්‍යවරුනට නූතන කිරණ තාක්ෂණය හා අනෙකුත් ක්‍රම, නිර්වින්දන පහසුකම් හා සාමාන්‍ය ප්‍රමාණයක බටහිර සරල ප්‍රතිකාර අවසරයක්ද ලබාදීමෙන් මෙම ක්‍රමය තවදුරටත් දියුණු කල හැක. මහජන සේවයක්ද සැලසිය හැක. 

                                           බටහිර බෙහෙත් සඳහා යන විශාල වියදමද, රෝහල් තදබදයද පාලනය කල හැක. දේශීය වෛද්‍ය ක්‍රමයේදී අමුද්‍රව්යෙඅ යොදාගෙන කෝප්ප, වඩි, මුල් ගණන් පාවිච්චි කරනා ඖෂධ පාවිච්චියේදී කරදරකාරී තත්වයක් බිහිවන නිසා හා සකස් කිරීමේදී කරදරකාරී නිසා ජනතාව ඒ කෙරෙන් ඈත් වෙමින් ඇත. ජාන තාක්ෂණය යොදාගනිමින් අමුද්‍රව්යෙඅ වලින් මුලද්‍රව්යෙඅ වෙන් කරගෙන ස්වාභාවිකව හෝ රසායනිකව ලෙහෙසියෙන් පාවිච්චි කල හැකි පෙති, ඖෂධ, එන්නත් තනාගන්නේනම් මෙම ක්‍රමයද ඇලොපති බටහිර ක්‍රමයසේ ඉදිරියට එනු ඇත.

මේ වෙනුවෙන් එකම රජයේ එකම අමාත්‍යංශයක එකම ඇමතිවරයකු යටතේ සිටීමට හා වැඩ කිරීමට අවස්ථාවක් මේ වනවිට උදා වී ඇත. රෝගියාට එක් වෙදකමකින් අපහසු වූ විට හෝ අමාරු වූ විට අනෙක් වෙදකමේ සොයා යාමට හෝ ජීවිතය විනාශ වී යාමට හැරීම හෝ බරපතල අපරාධයකි. රෝගියාට එකම පරිශ්‍රයකින් දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම දෙකටම පහසුකම් සලසා තිබේනම් කොපමණ පහසුවක් සැලසේද? අලුත් හෝ කොටසක් සුවවී පිටවී යන රෝගියා අනෙක් වෛද්‍ය ක්‍රමය සොයා යාමට වීමෙන් මුල සිට රෝගය අධ්‍යනය කිරීමට සිදුවීම හා වියදම් කිරීමට වීම ලංකාවේ කොපමණ අභාග්‍යක්ද? E.C.G , X-RAY , MRI වැනි කිරණ පරීක්ෂා මුත්‍රා, රුධිර පරීක්ෂා ආදී සියලුම පරීක්ෂණ පහසුකම් පොදුවේ වෛද්‍ය ක්‍රම දෙකටම ලබා ගැනීමට රසායනාගාර හා පරීක්ෂණාගාර පහසුකම් ලබාදුනහොත් මෑත බිහිවූ දේශීය වෛද්‍ය සිසුන් කෙසේ නව මානයකින් දේශීය වෛද්‍ය ක්‍රමය නිර්මාණය කරාවිදැයි සිතිය හැකිද? උපකාර කල යුත්තේ ඒ සඳහායි. පළමුව පරීක්ෂණයක් ලෙස එක රෝහලකින් හෝ පලාතකින් මෙය ආරම්භ කර පසුව ව්යෙආප්ත කල යුතුයි. මේ තුලින් ජනතාවට ගර්බනී මාතාවනට කුඩා ළමුනට හදිසි අනතුරු හා දැඩි සත්කාර හා ශෛල්‍යකර්ම සඳහා සුවිශේෂී එකට එක් වූ හා කලවම් වෛද්‍ය ක්‍රමයක් හා වෛද්‍යවරයකු හමුවනු ඇත. ඇලෝපති ක්‍රමයේ හා ස්වාභාවික ක්‍රමයේ අද්විතීය දස්කම් නව ලෙසට දේශීය හා විදේශීය ක්‍රමයන්හි එකතුවෙන් බිහිවෙන නව් වෛද්‍යවරයා අද දෙවැනි තැන සිට හෙට පළමුවැනි තැන කරා අතික්‍රමණය කරනු අනිවාර්ය වේ. එවිට සුවිසේශී ඇලොපති වෛද්‍ය ගෞරවය සැබෑ සියලු වෛද්‍යවරුන්ට උරුමව ජනතාවට අඩ හෝ කොටස් වශයෙන් නොව මුලුමනින්ම සුවවන එක පරිශ්‍රයකින් පිටවී යාහැකි සැබෑ වෛද්‍ය ක්‍රමයක උරුමය ලැබෙනු ඇත. ගම්බද දේශීය වට්ටෝරු වෛද්‍යවරයා හා විදේශීය හා පුද්ගලික වෙද විදුහලින් පිටවන ඇලොපති වෛද්‍යවරු සිටියදී අදිමානී ඇලොපති වෛද්‍යවරයා හා අවමානී දේශීය වෛද්‍යවරයා වියැකී නිහතමානී නව ලාංකීය වෛද්‍යවරයා සැබෑ සමාජ යහපත සඳහා හෙට ලොවට මේ යටතේ උපත ලබනු ඇත. මෙය දේශපාලනමය හා සමාජමය හා පරිපාලනමය ගැටලුවක් විසඳීමක්ද වනු ඇත. එසේම මෙ වන විට වෙන් වෙන් වෛද්‍ය විද්‍යාල නොව දෙමුහුන් වෛද්‍ය විද්‍යාල බිහිවනු ඇත. රටේ අමුද්‍රව්යෙඅ යොදාගන්න ඖෂධ තනන රසායනාගාරද බිහිවනු ඇත.මෙය කෙතරම් අපූරු අත්දැකීමක්ද?
කොස්ගම විමල් සහෝදරයා
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 07 - 17
Previous
Next Post »
Thanks for your comment