තවත් මහ මැතිවරණ ප්රෝුඩාවකට මුහුණ දෙමු



2015 - 06 - 26 සිකුරාදා රාත්‍රී 12.00 ට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලඳී මැතිවරණය අගෝස්තු 17 දා පවත්වන බවත් නාම යෝජනා ජුලි 15 අවසන් බවත් දක්වා ඇත. විශාල ආන්දෝලනයක්, කාලගෝට්ටියක් අවසන් වී ඇත. ජනවාරි 08 දා ජනාධිපතිවරන ඡන්දයෙන් පසු ජනතාව අලුත් දෙයක් බලාපොරොත්තු වූ කෙටි කාලය හා එය එලෙසම ඉටු නොවූ කාලය ලෙස පසුගිය මාස 5 ½  මතකයේ රැඳෙනුයේ ලංකා දේශපාලනයේ කපටි, කයිරාටිකකම් හා අවස්ථාවාදී
දේශපාලන ප්‍රතිරූපයන් දැකිය හැකි වූ හා මහජන දේපල විශාල මංකොල්ලකෑමක කතාන්දර ඇසූ වකවානුවක් ලෙසිනි. ජනතාවට එම දූෂණ, අපරාධ හා වංචා පිලිබඳව තිබූ කෝපය,වෛරය හා දඬුවම් පැමිණවීමේ වුවමනාව කටයුතු සිදුවූ වැරදිකරුවන් ගැලවීමේ, ගැලවී යාමට ඉඩදීමේ ආරක්ෂාකිරීමේ යම් යම් පිලිවෙත් අනුව, හා විශාල වැරදි කරුවන්, ප්‍රමුඛ චූදිතයන් යහතින්, සුවසේ සිටීමත් උඩ අමතක වීමත්, එපා වීමත් නොව කලකිරීමකින් කථා නොකර සිටින තත්වයක් දක්වා අද පසුපසට තල්ලුවී ඇති බව පෙනේ. පාලනයට පිවිසීමට එකිනෙකාව වෛරීම, පහරදී ජනතාව උසිගන්වා ඡන්දය මංකොල්ලකා, පාලනය ලබාගත් පසු සමගිවී ජයපැන්a බෙන තවත් අවස්ථාවක කදිම රඟ පෑම් ගොන්නක් ජනතාවට දැක බලාගැනීමට පුළුවන් විය.

                ලංකාවේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇතැයි පිටත සිටින මිනිසුනට පෙනෙනවා නොඅනුමානය. අවුරුදු කීපයෙන් කීපය ප්‍රාදේශීය, පළාත් හෝ පාර්ලිමේන්තු මැතිවරණ හමුවේ තම නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව උදාවන්නේය. ඡන්දය දී ඉවරයක් නැත. එපමනටම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කිලෝ නොව ටොන් ගණනින් ලැබී ඇත. එදිනෙදා වැඩක් කරන, නැතිනම් මාසික වැටුපට රැකියාව කරන බහුතර ජනතාවකගේ ආදායමට සරිලන ලෙස වියදම සකස් කර ගැනීම පුදුම දුෂ්කරතාවයකි. අද අපට වුවමනා වෙළඳපල භාණ්ඩය හෝ සේවාව නොව ලාභය පදනම් කල වෙනත්, හෝ සුපිරි වැඩිමිල භාණ්ඩ හා සේවා අඤා අභිමුව අපට ගැනීමට බල කෙරී ඇත. කුසගින්න, ඇඳුම්, බෙහෙත්, ආදී ජීවිත අවශහ්තා සඳහා සැමදාම ණය මත, පොලී ගෙවන ආර්ථිකයකට මේ නිසා අපි ගොදුරු වී ඇත්තෙමු. මෙලෙසට අපි අභිමුවට පැමිණෙන විවිධ පක්ෂ, පාට, කණ්ඩායම් වල නියෝජිතයන්ද පෙර කී භාණ්ඩ හා සේවා සේම අපේ වුවමනා හා හැඟීම් නොදන්නා හෝ නොසලකා හෝ හැඟීමකුදු නැති අපේ දුප්පත් වුවමනා වචන වලින් පමණක් දන්නා, සැමදාම බොරුකී, වංචාකල, ඡන්දය උදුරාගෙන වෙනත් පිරිසකට සේවය සඳහා පලායන පිරිස් වෙති.

                           එනිසා කුමන ඡන්දය තිබ්බද, කවදා තිබ්බද, අපට සිදුවන ආනිසංශය නම් දුක් විඳීම පමණය. ඡන්දයෙන් පසු ඔවුන් පසුපස සිඟාකෑම පමණි. 19 වන සංශෝධනයේ කල හැකිදේද සිදු කිරීමට ඉඩ නොදුන්, 20 වන සංශෝධනයේ කිසිවක් කිරීමට ඉඩ නොදුන් මොවුන් සියලලෝaම පැරණි දූෂිත ඡන්ද ක්‍රමයටම, නැවත ඉදිරිපත් වී සියලු දූෂනයන් ආරක්ෂා කරමින් හා සිදුකරමින් ජනතාව හමුවී, හිස් ප්‍රලාප හා වහසි බස් කියමින් රට වැනසීමට නැවත බලය  ඉල්ලීමට ලැජ්ජා විරහිත වීමකි. මේ සියලු දූෂිතයන්, ජනතා ද්‍රෝහී, කටයුතුකල ජාතිවාදී, වර්ගවාදී හා ප්‍රතිගාමී අවස්ථාවාදී සුදු පිරුවට හැඳ ජනතාව ඇමතීම අපි දැකිය යුත්තේ අපිට සිදුවන ලැජ්ජාවන් වශයෙනි. ඒ ඔවුනට ලැජ්ජාවක් නැති නිසාවෙනි. කුඩා කණ්ඩායම් හා පක්ෂ සඳහා බලය රැක ගැනීමට ඉදිරිපත් කල සංශෝධන මත පක්ෂ ගණනකට නොගන්නේ ඔවුන් ඔවුන්ගේම කරපිට නැග්ග යුතු බව ඔවුන් දන්න බැවිනි. මේ යන මාවතින් පිට වෙනමම ආර්ථිකමය, දේශපාලනමය හා සංස්කෘතිකමය ගමනක් යාමට හැකි මාක්ස්වාදී කියාගන්නා පක්ෂද, සූරා කන, පෞද්ගලික, දේපල ක්‍රමය සුරකින පාර්ලිමේන්තුවාදී මඩ ගොහොරුවේ එරී සිටින විට ඔවුන්ද වෙනත් මාවතක් ජනතාවට නොපෙන්වන විට මහ ධනපති, පක්ෂ පැහැදිලිව ඔවුන්ගේ හඬ ගනන් නොගැනීම සාධාරණය, වෙනත් ගමනකට, අවධියකට පාතැබීමට සූදානම් බව පෙන්වනවානම් ඔවුන් බියෙන් සැලී සුළු ඉඩදීමක් හෝ නිවැරදි, ලෙස තම නිරුවත් භීෂණකාරීත්වය මුදාහැරීම කරනු ඇත. එවිට මැරි මැරී උපදින මේ අහිංසක රැවටුන ජනතාවට, යථා සමාජයේ ස්වරූපය, හා කවුද මිතුරන් හා කවුද සතුරන් ලෙස වටහා ගැනීමට හැකි වනවා ඇත.

                මේ නිසා මෙම මැතිවරණයද වංචාවකි. ජනතාව නැවත රැවටීමකි. කොපමණ වංචා, දූෂණ, අපරාධ පෙන්වුවද ජනතා දේපල, රට විනාශ කල හා කරන බව පෙන්වුවද නැවත බලය යනුයේ එකම පංතියේ සැමදාම පාලනය කල පංතිය අතටමය. ඒ යාම සඳහා සියලු එව ක්‍රමය අනුමත කර, කටයුතු කරන පිරිස් සහයෝගය දක්වනවා ඇත. එම මැතිවරණය තුල අඩු ලුහුඬු පෙන්වා සිදුවන ප්‍රථිඵලයක් නැත. විවේචන තේරුමක් නැත. වෙනත් නව මාවතක් අනුගමනය කිරීමට කාලය එලඔ ඇතිබව ජනතාව නැවතත් වටහා ගනු ඇත. නව ආර්ථිකයක්, පොදු දේපල ක්‍රමයක්, නව දේශපාලනයක්, නව සමාජ ව්යෙඅQහමය රටාවක් ගොඩනැගිය යුතුය. සෑම සියලු ක්ෂේත්‍රයක්ම උඩු යටිකුරු වෙනසකට භාජනය කලයුතු ලෙස කුණු වී ඇත. මුදලේ, බලයේ ආධිපත්‍ය අවසාන කර ඒ මත සිදුවන සියලු දූෂණ මැඩලිය යුතුය. මුදලේ ආධිපත්‍ය ඇති පුද්ගලික දේපල ක්‍රමය, ධනපති ක්‍රමය එම සියලු ව්යෙඅවසන සුචරිතවාදී, සංශෝධන, පුද්ගල මාරුවීම්, ආණ්ඩු මාරුවීම්, පක්ෂ මාරුවීම් වලින් වෙනස් කල නොහැකි බව වටහා ගත යුතුය. සෑම සියලු තැනම ස්වාධීන කුමන කොමිෂම ක්‍රියාත්මක කලද, දේශපාලන ඇඟිලි ගැසීම් නැවතුවද, මුදලේ බලය විසින් ඇත්ත නැත්ත කරනු ඇත. බොරුව රජ කරනු ඇත. නිළය, බලය, ධනය විසින් හසුරවනු ඇත. පීඩිතයනව සැමදා ලෙස අගුපිල පිහිටවනු ඇත. එනිසා මේ ඊනියා වංචා වලට රැවටීම නවතිමු. තිත තියමු. මේ මැතිවරණ පීඩිත අප සඳහා නොව ඔවුන් සඳහාමය. අප සූරාකෑම සඳහාමය. අපේ නිවැරදි සංවිධානයක් ජනතාව වෙනුවෙන් නියෝජිතයකු තරඟ කෙරුවද, මුදලේ බලය විසින් බොරුව, පගාව, දූෂනය හමුවේ ඇත්ත පැරදී මිත්‍යාව ජයගනු ඇත. එය අත්දැකීමෙන්ම අප දනිමු. 
කොස්ගම විමල් සහෝදරයා
2015 - 06 - 25

Previous
Next Post »
Thanks for your comment