ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, නීතියේ ආධිපත්‍ය හා සාධාරණත්වය, පිළිබඳව




අතිශය සුන්දර, පිවිතුරු, නිර්මල, වචන සමුදායක් වන මේ වචන තුල ගැබ්වී ඇති අරුත සැම මිනිසෙකුටම ජීවත්වීම පිලිබඳව බලාපොරොත්තුවක් ඇතිකරවයි. නොකඩවා ඇසෙන, දකින, කියවන, නමුත් කිසිදා එහි අරුත සාමාන්‍ය මිනිසාට භුක්ති විඳීමට ලැබී ඇත්දැයි විමසා බැලීම වටී. එසේම එසේ නොවුනානම් ඊට හේතුද සොයා බැලිය යුතුමය. ඉහලම උගතාගේ සිට පහලම මිනිසා දක්වා දන්නා හා දැනෙන, ඉල්ලන ජීවත්වීමේ සියලු අයිතිවාසිකම් මේ තුල ගැබ්වී ඇත. මිනිසකු ලෙස ජීවත්වීමේ අවම කොන්දේශි හා බලාපොරොත්තු  මේ තුළ ඇත. නමුත් මිනිසුන් සමාජයේ බුක්ති විඳිනා වරප්‍රසාද, හා එම වරප්‍රසාද බුක්ති විඳීමට ඔවුන් සිටිනා සමාජමය ස්ථර, හා හිමිකරගෙන සිටින්නාවූ වත්කම්, හා ධනය මේ වචනවල අරිථයේ වෙනස්කම් කරනා බව ප්‍රායෝගික ජීවිතය හා වටාපිටාව අපට පැහැදිලි කර ඇත.

           මිනිස් ඉතිහාසයේ, සමාජ සංවර්ධනයේදී, මිනිසා පසුකල වැඩවසමි වකවානුව අපි දනිමු. අද මුදලේ, ප්‍රාග්ධනයේ ආධිපත්‍යය මුළු ලොවම වෙලාගෙන ඇතිවාසේම, ඊට පෙර වැඩවසම් රදල ක්‍රමය ලොව වෙලා සිටි බවත් ඉතාමත් රුදුරු හා මර්ධනීය පාලන හා මටසිලිටි රාජ්‍ය ලොව විවිධ පෙදෙශි තිබූ බවද දනිමු. දහසය වන සියවස ආරම්භයේදී යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය ඉතාමත් රුදුරු සූරාකෑමකට ආගම හා ජාතිවාදය යොදාගනිමින් රටවල් මංකොල්ල කෑමේ යෙදී සිටි බවද අපි දනිමු. ඒ අවදියේ තිබූ ශ්‍රේණි ශිල්පීය සරල කර්මාන්තය නගරබද වෙළඳ පන්තිය විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ දියුණු වාණිජ පන්තියක් බවට පත්වී දියුණු කල බවද දනිමු. නාවික ගමනාගමනය, ආගම ප්‍රචාරය කිරීම, අමුද්‍රව්යෙඅ හා වෙළඳපල සඳහා යටත් විජිත මංකොල්ලය තුල සූරාගෙන ගෙනගිය ධනය හරහා දියුණු වූ කාර්මික වෙළඳ පන්තිය ධනපති පන්තිය බවට පත්වී සියලු ධන නිධාන අයිතිකරගත් පන්තිය බවට පත්වී රදලයන් රූකඩ බවට පත්කල බවද අපි දනිමු.


           එදා තම පන්තියේ වැඩීමට තහංචි දැමූ සියලු දේපළ වන අමුද්‍රව්යෙඅ රැඳී ඉඩකඩම් හා ශ්‍රමය ප්‍රවේනිදාසයන් ලෙස බැඳි ක්‍රමය අවහිරයක් වූවිට ජීවත්වීමේ සියළු අයිතිය උදුරාගෙන තිබූ රදලයන්ට එරෙහිව නැගී සිටීමට පීඩිත ප්‍රවේනිදාසයනට ආරාධනය කල සුමිහිරි වචනද මේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය ආදියම වේ. ජීවත්විම අපා දුකක් වූ පීඩිතයනට රදල බැම්මෙන් මිදී කුඩා ආදායමකට හිමිකම් කී ඉඩමෙන් ගැලවී ධනපති කම්හලේ කම්කරුවකු වී නිදහස් ජීවිතයක අරුණලු පෙන්වූ මේ වචනවල සැබෑ අරුත නොව අදමෙන් පීඩාවෙන් ගැලවීමට ඔවුනට එදා අස්වැසිල්ලක් විය. කපටි ජනපති පන්තියේ තම සිතැඟියාවන් සඟවා පළල් පීඩිත පන්තිය රවටා තමනට තම නිෂ්පාදන දියුණු කිරීමට උවමනා අමුද්‍රව්යෙඅ වෙළඳපල හා ශ්‍රමය සඳහා ඉදිරිපත් කල ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සීමාව, යුක්තියේ සීමාව හා එම අවදියේ බිහිවූ නීතියේ සීමාවන් ඔවුන් පසුව ස්ථාපිත කල ලොව වෙලාගත් ධනපති දේපල හා ප්‍රාග්ධන රැකගැනීමේ එකම අභිප්‍රායම විය. එම සීමාවන් ඉක්මවන ඊට තර්ජනයක් වන සැම විටම ඔවුන්ගේ සැබෑ ස්වරූපය ලෝක ඉතිහාසයේ රුදුරූ මර්ධන වලින් පෙන්වා ඇත.



     බ්‍රිතාන්‍යයේ හෝ ප්‍රංශයේ හෝ ජර්මනියේ හෝ බිහිවන ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථා, නීති රීති, යුක්තියේ මූලධර්ම, සියල්ල සියලු යටත් විජිත කර පැමිණියද ඒ රටවල ප්‍රවේනිදාස පීඩිතයනටද තමන්ගේ නිදහස වෙනුවෙන් සේවය කලේ ධනපති පන්තිය ස්ථාවර වී, පීඩිතයන් ඔවුන්ට එරෙහිව සංවිධානය වනතුරු පමණි. ධනපති නිෂ්පාදනය, නිදහස් ශ්‍රමිකයා, ශ්‍රමය පමණක්ම හිමි, සැබෑ පීඩිතයකු බවට පත්කර, නින්දිත සූරාකෑමකට පත්කර ඒ සඳහා ආයතන, නීතිරීති, හමුදා, සිරගෙවල්, නවීකරණය කර, දියුණු කරන විට එදා ඔවුන් ඉදිරිපත් කල මේ වචන යල් පැන ඇති බව ආසියාවේ කෙසේ වෙතත් යුරෝපානු, ඇමරිකානු දියුණු කම්කරුවාට අවබෝධ වී  කල අරගල හේතුවෙන් සැබෑ පීඩිත ජයග්‍රාහී මාවත, ඔවුන්ගේ මතවාදය, හා ගමන්මග දර්ශයන් ලෙස මාක්ස්, එංගල්ස් ආදී වියතුන් ඉදිරිපත් කලේය. මේ පීඩිතයන් රවටන වංචාවේදී සමාජයේ පහලම පතුලේ ජීවත් වන, නැති වීමට කිසිඳු දෙයක් නැති ජීවත් වීමට එදිනෙදා වගුරන ශ්‍රමයේ ලැබෙන සීමිත වැටුපක් පමණක් හිමි සංවිධිත, දියුණු, කම්කරු පංතිය ඉදිරියෙන්a සිටියද, ලංකාව වැනි විශාල කර්මාන්ත රහිත රටවල එම පංතිය සීමා සතිත වීම සැලකිය යුත්තකි. එනිසාම ධනපතන්විසින් අද සිය පැවැත්ම සඳහා, දඩමීමා කරගෙන ඇති, ආගම, ජාතිය, වැනි බොලඳ මිනිස්කම විනාශ කරන ඉදිරිය වලකන, දේසේම, බොලඳ ආදරය, ප්‍රේමය, කරුණාව, දයාව, සියල්ල, සැබෑ අරුත්වලින් බැහැරකර, දේපල ක්‍රමය මතම අරුත්  ගන්වා ඇත.ඒ නිසා ඒ සියලු වචන හිස් අරුත් සුන්, කුහක, ව්යෙආජ, දෙපිටකාට්ටු, ආවෘත මිනිස් චරිත බවට පත්කර ඇත.


           අද වන විට මේ සියලු සුමට වචන ලාංකීය සමාජය රවටා, මුසපත් කර,ලැජාවට පත්කරන තත්වයට පත්කර ඇත. ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන්, සමාජ ප්‍රග්නත්‍රවාදීන්, උගතුන් කොපමණ දැනුවත්ව,හෝ නොදැනුවත්ව, පීඩිත පංතිය රැවටීමට කටයුතු කිරීමට තම තමන් සේවය කරන සාහිත්‍ය, කලාව හෝ ජනමාධ්‍ය හෝ දේශපාලනය යොදාගත්තද බුද්ධිමතුන් හා වාමාංශිකයින් ඔවුනට එකතුවී දැනුවත්ව පීඩිතයන් රැවටීම සමාව දිය නොහැකි වරදකි. ලෝක ඉතිහාසය පංතිමය දෘෂ්ටියකින් දැකීමට හැකිනම්, සිද්ධි හා සාධක මත නොව, ජාති හා ආගම් දෘෂ්ටියෙන් නොබලා ප්‍රගතිශීලී දෘෂ්ඨියකින්, සමාජ ප්‍රගමනය දැකිය හැකිනම්, මේ වචන යල්පිනු එදා සුන්දර, අද බිහිසුනු වචන බව හා එහි සේවය කිරීම ධනපති ප්‍රග්ධනය රැකීම බව තේරුම් කල යුතුය.මේවා දෙස දෑස් දල්වා බලාසිටින අහින්සක පීඩිත පංතිය එම  මෝහයෙන්a ගලවා ගත යුතුය.
           සූරාකෑම රැකීමට නොව සූරාකෑමෙන් ගැලවීමට, විමුක්තිය සැබෑවට සොයා යාමට, නිර්ධන පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, නීතිය, හා එහි අරුත් සොයා යා යුතු බව පැහැදිලි කල යුතුය.

කොස්ගම විමල් සහෝදරයා
2015 - 05 - 14
Previous
Next Post »
Thanks for your comment