LANKA PEOPLE NEWS අරමුණ



අනත්ත වු විශ්වයත්, මිනිස් වාසස්ථානය වූ පෘථීවියත්, ආරක්ෂා කර ඊළ`ග පරම්පරාවට භාරදීමට නුතන මිනිස් පරම්පරාවේ පරම යුතුකම විය යුතුය. සෑම රටකම ජනිත වනු සෑම මිනිසකුගේම ලංකාවේ ඉපදුන අපි සැම රටේ ස්භාවධර්මය, ස්වාභාව ධන නිධාන, මිනිස් සම්පත රුකගැනීමේ පරම යුතුකමට ගරු කළ යුත්තේමු.

නමුත් අසීමිත ධන තණ්හාව හා කුහක ආත්මාර්ථකාමී පෞද්ගලිකත්වය හා මිනිස්කම් තුට්ටුවකටවත් නොතකන සීමිත අතළොස්සක් පිරිස බලය හා ධනය අයිතිකරගෙන කරන්නා වු මහත් විනාශය නවතාලීමත්, අහෝසිකිරිමත් එය වටහාගත් දුක් වි`දින බහු ජනතාවගේ යුතුකමකි. කුමන හෝ රැවටිලිකාර හෝ වංචාකාරි පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රංඪ්තන්ත්‍රවාදය,යුතුකම,මනුෂ්‍යකම, නිතියේ ආධිපත්‍යය ආදි සුන්දර වචන යොදා ගනිමින් දේශපාලන බලය උදුරාගන්නා එකම පන්තියේ සු`ඵ පිරිසක් රටේ හා ජනතාවගේ ඉදිරි ගමන අද අවහිර කර ඇත.

ලොවක් හැටියට සේම රටක් හැටියට ද අද මේ අවධියේ යා හැකි වේගය අඩාල කරගනිමින් සීමිත හෝ සෙමෙන් ගමනකට අවතිරණව ආර්ථීකය බි`ද වට්ටමින් නිෂ්පාදනයේ නහංචි දමාගනිමින්. නිෂ්පාදන බලවේග   අවහිර කරමින්, ජනතාවට ඉසිලිය නොහැකි පිඩනයක් යොදමින් ඔහුන්ගේ ඵල ප්‍රයෝජන පමණක් සලසා ගනිමින්, ලාභය පමණක් අරමුණු ඇතිව වැඩ කටයුතු කරති.
අපේ අරමුණ වනුයේ පටු, ජාතික, වාර්ගික  හෝ ආගමික අරමුණකින් තොරව ලෝක ප්‍රජාවගේ හ`ඩට එක්වෙමින් පීඩිත පන්තියේ ඹ්නෑ එපාකම් වෙනුවෙන් පෙනි සිටිමින් පැහැදිලි, නිවැරදි ගමන් දිශාවකට ජනතා ගමන යොමු කිරිමයි. ඒ අරමුණු ඇතිව ලාංකිකයාට ලෝකයේ නිවැර`දි තොරතුරුත්, ලෝකයාට ලංකාවේ නිවැරදි තොරතුරුත් ලබාදිමට හා පන්තීමය දෘෂ්ධියකින් දැනුවත් කිරිමට ලංකාපිපල් නිවsස් ^LANKA PEOPLE NEWS&  ආරම්භ කරන්නෙමු.
ස්වාභාවික, ආර්ථීක, දේශපාලන හා සමාජික තොරතුරු අප ඔබට ලබාදෙන්නෙමු. ඔබ අපට ලබාදෙන්නා වු තොරතුරුද පක්ෂාග්‍රාහි නොවී නිවැරදි ලෙස පළ කිරිමට පොරොන්දු වන්නෙමු. ලෝකය තුළ ලෝකවාසීන් ලෙසත්, ලංකාව තුළ ලාංකිකයෙකු ලෙසත් ප්‍රගතිශීලි පීඩිත පන්තියේ නියාමකයන් ලෙස සංවිධිතව හා සංවර්ධනය වී අපි අපේ යුතුකම ඉටුකළ යුත්තෙමු"

දෙවනුව, ධනපති පත්තියේ වංචනික, ප්‍රෝඩාකාරි දේශපාලනයත්, සුරාකෑම සාධාරණිකරනය කරන බොළද සුන්දර සාහිත්‍යයත්, කලාවටත් එරෙහිව හා වංචනික ප්‍රතිසංස්කරණවාදි මුක්කුකාර ඊනියා වාමාංශික, ජනතාවාදි, වගවාදි දේශපාලනයටත් එරෙහිව අපි ජනතාව නිවැරදි මතවාදයකින්, දැනුමකින්, සාහිත්‍යයකිත්, කලාවකින් පෝෂණය කළ යුත්තෙමු'

සංවිධායක කමිටුව
Previous
Next Post »
Thanks for your comment