1971 අරගලයට අවුරුදු 46 යි



                                 බොහෝ   පිරිස්   අවුරුදු   20 ට  අඩු  වූ  අතර  අන්  අය   මැදි  වයසේ  විය .  ජීවිතයේ  මෙතෙක්   දැක  ඇති   සෑම  වසරේම  සුන්දර  දින  කීපයක්  වන අලුත් අවුරුද්ද මේ  සියලු  දෙනා ට   සුන්දර  නොවුනේ  ඊට  වඩා   බාර දූර  වගකීමක්  උරමත  රඳ්වාගෙන   සිටිබැවිනි . වසර  කීපයක්  පුරා  වෙහෙස  නොබලා  නොකා නොබී  නිදි  වරා , පාසලට , රැකියාවට , නොගොස් ,දූ, දරුවන් ,දෙමාපියන් , පිලිබඳ්ව  පවා  නොතකමින්  කුහුඹුවන්  සේ දුව  පැන   ඇවිදිමින්   වැඩකලේ  එකම  අදිටනිනි .කිසිවකු හෝ  වැඩිහිටියකු  හෝ කී දෙයකට , ඉල්ලූ  ඉල්ලීමකට කන්  යොමු  නොකලද   නොතැකුවද  , මේ කාර්‍යයේදී  , නිසිලෙස  නොව  වඩාත් හොඳ්ට  , නිවැරදිව  ,හා වෙලාවට ,කී ලෙසට ,හා නිසි තැනටම   ඉටු කිරීමට  කටයුතුකලේ  මුලු  රටක් , තම කර මත පටවා  ගත් ලෙස සිතමිනි.
මෙසේ  කල  පිරිස  අවුරුදු  දෙක තුනකදී  එකතුකල ධනය  වූයේ  සැමතැනම එවන්  ලෙස කටයුතු කරන   තව  තවත්  පිරිස් එකතු  කිරීමය.  ගොවිබිම. විදුහල,  සරසවිය,  පන්සල,  වැඩපල,  සැමතැනම  ඇවිස්සූ  කුහුඹු ගුලක් වී කොතැන වුව සකච්චා , සම්මන්ත්‍රන , නිමක්නොමැතිවගලා ගියේය.  උනුෂුම් ,හා ගිනිගත්  මේ පිරිස්  අවධි  කල ,ජවාධික  කල දැහැන වූයේ  රට, ජනතාව ,  අනතුරක , විපතක ,වැටෙන්නා වූ  පුවත්  එලිදැක්වීමය, එයපිටුදැකීමට  කරුනු  කාරනාද,  ඉදිරිපත් විය.  මේ 1971ට  පෙර  අවධියේ  තිබූ  සැබෑ  සැඟවුන ,  උනුෂුම් , තත්වයයි .  රට තුල සේම  මේ අනතුරට  මුහුන දී  ,තම රට, ජනතාව , බේරාගැනීමට  උරදෙන, දිවිදෙන  හා එනිසාම  ජයග්ර්හන  ගැන උනුෂුම්  පුවත්  සැමදාම  පුවත්පතින්  , රේඩියෝවෙන්, ලැබුන ඉන්දුචීන වියට්නාමය ,ලතින් ඇමරිකා, අප්ප්‍රිකා, පීඩිත පංති  කොමියුනිස්ට්  වරුන්ගේ අරගල  ගිනිහුලකට සුලං  පිඹිමක්  විය. එසේම එකල සංවිධානය  ඉගැන්වූ,දැනුවත්කල  පුවත්වල  සත්‍යතාව  සනාත කිරීමක්විය. 


ලංකාව  අනතුරකය. දියාගෝ  ගාෂියා  දූව ,බෙන්තොට ලිහිනියා හෝටලය ,ස්මිත් සෝනියන් අලිගනන්ගැනීමේ  ව්‍යාපාරය  ,මිරිස්සේ  රෙඩ්කේව් නිවස,  හෝප් නැව, ආදී කරුනු අන් අනතුරට පත්‍රටවලට  සේම  ලංකාවටද බලපා   ඇතැයි ජ:වි:පෙ: පැහැදිලි  කරන  ලදී ,මේ  හා දුප්පත් කමේ  , රැකියා hහිඟතාවයේ,සව්ක්කය ,අද්ද්‍යපන, නිවාස සිහිනයේ ගිලී මියයාමට ඉඩඇහුරුවේය.අමරිකානු  අධිරාජ්‍යවාධයේ   භයනක ගිලගැනීම   සේම ඉන්දියානු  ව්‍යාප්තවාදයක  අනතුරක්ද  පෙන්වූ නිසා ක්‍රියාකාරින්  හැකි නොව,  නො              හැකි දේ පවා කිරීමට  මැලි  නොවීය.                                                                                                    කෙසේ  වුවද  හරි හෝ වැරදි වුව   අලස , නිදිමත, ජනතාවක මැදි  වයස් පිරිසක් රටේ  වෙනසක්  මේ අනතුර  ජයගනිමින් පැතුවේ  ප්‍රශ්න  නැති ,විසඳගත  හැකි දර්ශනයක් , ලොව හමුවේ  මාක්ස්-ලෙනින්  වාදයලෙස හා රුසියාව, චීනය, ක්යුබාව,ලෙසඅත්හදා  බලමින් සිටිටිනබව  දකිමින්  හා වීරත්වයෙන්  යුධ වදිනා වියට්කොන්වරු  ගැනසැමදා කියවමින්‍ය. මේ තත්වය තුල  ඉක්මනින්  පිලිතුරක්  හා  විසඳුමක් ඉල්ලූ පිරිස්  1971  අප්ප්‍රියෙල් 04.05, ධනපති    රජයට ඉතිහාසයේ  පලමුවරට ,රටට  ජනතාවට , හානිකරවූ ධනපතික්‍රමය පෙරලා දැමීමට පෙරමුනගෙන පීඩිතයනට  නව මාවතක් විමුක්තිය  සඳ්හා  මතු කලේය. 
                                                                                                                                     උපක්ක්‍රමික  ලෙස නිවැරදි  නොවුනද  , ජය නොගත්තද ,එම වෑයම  උත්තරීතරය. උගැන්වූ  ගුරුවරුන්  එදා අවංකය.  සැබැවින්ම   ඔවුන්  පිලිගත් හා දැනුවත්වූ  ලෙස කටයුතු කර ජයග්‍රහනය  නොලැබුවද  නව මාවතක ගමනක් ගැන  ලාංකීයනට  පැහැදිලි කිරීමක්  කලේය . එදා  ඔවුන්  ජාතික  විමුක්ති  අරගලය  මගින්  සමාජවාදී මාවත  සෙවීම  නව යටත්  විජිතයන්හි එම අවදියේ   නිවැරදිය. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී  විප්ලවයෙන්   රදල ක්‍රමය  ඉවත්නොවූ  අපේ වැනි රටවල  රදල  හාආගම් වාදී  ලක්ෂන  ඉතිරි වීතිබීමෙන්  රදල යුධ  විකුමන්   හායුධ   නායකයන්  ගැන මතකයේ  තිබුනද   අධ්iරාජ්‍යවාදී අවධියේදී  සංවිධානයේ  ඉගැන්වීම් මතහා   පීඩිත  පංති සාහිත්‍ය , සන්ස්කෘතිය, පොතපත ,මඟින් මතුකරන්නාවූ  දේශප්‍රේමය  ධනපති විරෝධි    මිස  රදල වැඩවසම්  නොවේ.පීඩිත  පංති   දර්ශනයක්   මග පෙන්වීමට  ඇතිනිසා    නැවත  1818හෝ   1848උත්සාහයක්‍යයි  කීමවැරදිය. 71 සොයුරනගේ  පූර්වාදර්ශීන්  වූයේ   සුලුවෙන්   පෙන්වුවද    කැප්පෙටිපොල,   කුම්කුනාවේ  හාමුදුරුවන්වැන්නවුන්    නොව  සමාජවාදී   සාහිත්‍යයේ  පාවෙල්,  කොර්චාර්ගින්,  චාන්ෂ්iයාහෝ ,,,කාටාෂේ , ඇලෙක්ෂෙයි, වන්නවුන්   බව  අපි  දනිමු. 
                                                                                                   වීරෝධාර ලෙස  ධනපති රාජ්‍ය   යන්ත්‍රයට  පහර දී  පැහැර ගත්   ස්ථාන රැකගැනීම   හා    ඉදිරියට යාමවෙනුවට   වනවැදීමට,  මියයාමට,   හෝ    වධවේදනා විඳ  සිරගතවීමට  හෝ    සිදුවූ ඒ  සියලු   සොයුරන්   නැගූ හඬ    අදටද   ලාංකීය   පීඩිත   පංතියේ  හදවත් තුල රැව්දිය   යුතුමය. තම   කුස  ,පවුල,ගේ,දොර,නොතැකූ   ගවුරවය, අභිමානය, නොසැලකූ  මේ  උදාර  මිනිසුන්   සතුරා  ඉදිරියේ  දැක්වූ  වීරත්වය  සැබවින්ම   අනාගත  ඔවුන්  අරමුනු කල  ගමනේ නවසගයනට    ආරාධනයක් සේම  පහන්  ටැඹක්  විය.  සෑම   aඅයකුම  නොවුවද   මගහැරියවුන්ද ,අත්හැරිවිට ,යුතුකම අකුරටම   ඉටුකල  බොහෝ පිරිස් ජීවිත   පූජාකලේ  ඉතාම උසස් ලෙස  අභිමානවත්   හා  ගවුරවාන්විතවය. “  සමාජවාදය    දිනේවා /”,  “විප්ලවය    දිනේවා”. යයි   හඬ   නැගූ    කමල බන්දුලා,විජේනායකලා ,හඳ්ගමලා,    ලාංකික   පීඩිත  පන්තියේ  විරුවන්   වූයේ   ලොව   පීඩිත පංති  සාහිත්‍යයේ   තියේමෙයිලා,ඔස්ත්‍රොව්ස්කි,ලා,පාවෙල්ලා,   අතරට   එක්වෙමිනි.  ලංකීය  අපිට   නව  සාහිත්‍යක   උරුමයක් ලබාදෙමිනි.

                                                  දහසක් වද   වේධනා දේද්දී   ,  අත පය කඩා  දමද්දී    තම  ශරීරය  දෙකට  ඉරා දමද්දී   මරු මුව  හමුවේ   ඔවුන්   නැගූ  හඬ  ,සමාජවාදයේ    බලාපොරොත්තු   අවු:46කට  පසුවද   එක  දශමයකුදු   iඉදිරියට යානොදී   , ඔවුන්  ප්‍රතික්ෂප  කල  මාවතේම    ඇදගෙනයන   ,ඔවුන්   ඔසවා ගෙන ගිය ධජය   කිලිටි  කරමින්   රැගෙනයන්නවුන්  , හා ඉන්  ඉවත් වී  වෙනත් වෙනත්   බඩ ගෝස්තරවාදී   ,,අනුස්මරන   පවත්වන්නාවූ   පිරිස්   කන්ඩායම්   අපි  පිලිකුලින්   ප්‍රතික්ෂප  කරනුයේ   , මියගියවුන්ට  කරන්නාවූ   ලොකුම   අවමානය  එය බව  පාවසමිනි. ඔවුන්   pපැතූ ලොව  ලොව  නොතිබූ , ධනපති    උප්පරවැට්ටිවූ  , මැතිවරන,  පාර්ලිමේන්තු  සභාග     කරගසාගෙන අවුරුද්දකට   වරක්     ඔවුන්ව  විකුනා කෑමට   විරුද්ද   වන්නෙමු.   ඔවුන්   පැතූ ලොව  පැහැදිලිව  මතු වනුයේ  ඔවුන් ගිය මග නිවැරිදිව   හා  අද  වඩාත්   තේරුම්ගනිමින්   පිය මැනීමෙන්  පමනි.   විකුනා කෑමෙන්   නොවේ.                                                                                                                                                                                     අපි ඒ   මග අනුගමනය    කිරීමට   පොරොන්දු  වන්නෙමු.  මේ  pපිලුනුවූ කැකෑරෙන     මඩගොහොරුවේ    උඩයට  මාරු වෙමින්  තැම්බෙන   ,  සියලු වංචාකාරී,   කපටි ,  වාමාංශිකයනට    1971   ශ්‍රේෂ්ට    කැපවූවන්   විකුනාකෑම  සේම  ඔවුන්   අනුස්මරනය   කිරීම  නවතන  ලෙස  කියනුයේ   ඔවුන්  එදා  එසවූ  සැබෑ   ධජය  අද   නාමයක් පමනක්  වී ඇති බවත්   හා    ප්‍රතිසංස්කරනවාදී   කුනු  දියෙන්  සෝද  සොදා   අවපැහැ   ගැන්වී   ඇති බවත්  පෙන්වා දෙමිනි.   උතුරේ   දකුනේ   සියලු   පීඩිතයනගේ    එක්සත්   ලංකාවක   ,ජාතින්ගේ   සියලු  අයිතීන්  රැකෙන   ,සන්විධිත  ආර්තිකයකට  අපි  පිය  මැනීමට   ඔවුන් වෙනුවෙන්   පිලින  දෙන්නෙමු.   එසේම ඒ සඳහා   වැඩ  කිරීමට  නොහැකිනම් විකුනාකෑම  නොකරමින්    නිශ්ශබ්ද  වන්නෙමු.  ඔවුන්  අගය  kකරමින් නිසි හා   සුදුසු  හා   හැකි විට  ගමන   අරඹන්නෙමු.                                                                                                   
කොස්ගම විමල් සහෝදරයා
                                                                                    නව ජනතා පෙරමුණ
                                                                                    2017/04/03


Previous
Next Post »
Thanks for your comment