1971න් පසු අද තත්වය



අද අප්‍රියෙල්  05 යි.  මීට  aඅවුරුදු   46කට   පෙර  ලාංකීය   සමාජ්‍ය  උඩු යටි කුරු කල තරුන    නැගිටීම  සිදුවිය.  අදට  සාපේක්ෂව  එදා  තිබූ බඩු  මිල   , රැකියා,  අද්‍යාපන ,  සව්ක්කය , නිවාස,  ආදී  ජීවත් වීමේ  අමාරුකම්   හා  අවිනිශ්චිතතාවන්   උඩ  අවුරුදු කීපයක් තුල  පිබිදුනු හා  පුබුදුවා    ගත්   ,සමාජයේ   වෙනසක්   පොදුමහත්  jජනතාව  වෙනුවෙන්    පැතූ උදාරතර  මිනිසුන් රැසක්  ධනපති  මර්ධනය    ඉදිරියේ   මරු වැලඳ්  ගත්තේය.   තව  දහස්  ගනනක්  වධ   වධවේදනා  මැද සිරගත වූහ,  එදා  පොල් ගෙඩිය  ශත .03ට , ඉඳි ආප්පය  ශත 0.02ට,   හාල් සේරුව  ශත 0.27ට,  සීනි රාත්තල  ශත 0.27ට, වඩේඑක   ශත0.05ට,  කහටැක  ශත0.03ට, තේඑක 0.05ට,   ඕනෑම කෑමක්  ශත  0.05කට,  මිලදී   ගතහැකි  ,ශත්0.05කින් සැතපුමක්  යා හැකි ව  තිබූ කොපිපොත  ශත 0.12ට, පැන්සල ශත  0.05ට,   පාසැල්    සේවා ගාස්තු  රු|2.00,ට ,විෂයට  ටියුෂන්   ගාස්තු   රු|:5.00  තිබූ අවධ්යකය           ඔවුන්   පීඩනය  ඉවසා ගැනීමට   නොහැකිව  නැගී සිටියේ.                                                                                                                                අද  400-2000  අතර ගුනයකින් හා    ප්‍රමානයකින්  සෑම  දෙයකම  මිල වැඩි වී ඇත.  සහල්  කිලෝව  රු:80කි.  අවම පොදු  ප්‍රවාහන  ගාස්තුව  රු:10කි.  පාසැල් පහසුකම් ගාස්තු  රු:400-1000  අතරය.  ටියුෂන්  ගාස්තු පැයට  රු:1000කි. සැම එලවුලුවක්ම ශත  0.05 සිට  රු:  40-50  අතරය.  සැම  සියලු දේ  ඇඳුම් පැලඳුම් ,  වෛද්දෙයාධාර ,බඩුමූට්ටු  දහස් ගුනයකින්  මිල ඉහලය.  එදා ශතයටත්   වටිනාකමක්  තිබුනි.  අද රු:10කින්ද  වැඩක් නැත.  ශත50, රු:1,00,2,5, ආදී ලෙස   භාවිතයෙන්  වීසි  වෙමින් ඊ  ලඟට රු:100 හා  500 ලෙස  අතුරුදහන් වී  1000,5000,  තව ඉදිරියට  ගොස්  10000,හා  20000,එලියට එනු  ඇත. රටේ  සැලසුමක්  නැති  ආර්තිකය නිසා නිශ්පාදනය   හීන වීරුපියලේ  අගය බාල්දු වී ඇත. අඩු ඉපයීමකින්,  මුදලකින් කල හැකි කිසි දෙයක්  නැත. එදා  පාරිභෝ ගික  මිල දර්ශකය  අනුව සැදූ  ජීවන  අංකය 100ත්   150ත්  අතර  dදෝලනය වුනි. එම  ජීවන අංකය  අද  එම කොංදේශි යටතේම  ගනන් බැලුවහොත් 6000ද ඉක්මවනු  නොඅනුමානය. ජනතාවගේ අවධනයට   වැලි ගැසීමට  එය ගනන්   ගැනීමනවතා  දමා ඇත.  ඩොලරයට  එදා ගෙවිය යුතුවූයේ රු:5ට අඩු මුදලකි. අද රු:153කි.                                                                                                                                       මේ  තත්වය  හමුවේ එදා මියැදුනවුන්  අද  සිටියානම්  , මේමිල වැඩි වීම හා  ජීවත්වීමේ  අයිතිය  පැහැර ගැනීම හාසමාජයේවටිනාකම,  සම්පත්  ,  විනාශකිරීම අනුව ,  එම අනුපාතයටම  සැලකුවොත්  වේගවත්ව  හාතර්ජනාත්මකව   අරගලයට  බසිනු  නොඅනුමානය.   එදා  ගම්,  නගර,  පරිසරය, ඇල,   දොල , ගස්, ගල්,  පස් කඳු , රැකී  තිබුනි.  කුඹුරු ,  ගොඩ    නොකෙරී ,  ඇල උඩ  අනවසර  ඉදිකිරීම්   නොකෙරී  ,ගස් හොරෙන්නොකැපී ,කඳු,ගල්පර්වත  කපා, කඩා  ඉවත් නොකෙරී  ආරක්ෂා  වී,ස්වභාව හා  සමාජ  පරිසරය  ආරක්ෂා  වුනි.   අද  මුදලට , මැරකමට චන්ඩි බලයට ,  දේශපාලන   බලපුලුවන්කාරකමට    මේ සියල්ල කෙරේ. එදා  සිය ගනනින් වූ වංචා  දූෂන  අද  කෝටි  දශ දහස් ගනනින්  කෙරේ.සෑම  කපටි  බලපුලුවන් කාරයකුම  දේශපාලන  බලය ඉල්ලන්නේ  පවුල, දූ, දරු,  මිතුරු හවුල   පෝෂනය ,  කිරීමටය. අන්ත,  දූෂිත ,  වංචනික , පාහර  පිරිසක් ,සියලු  රාජ්‍යය  සේවය න්   යටත් කරමින්  සමාජය හා  රට  විනාශ කරමින් සිටී.
                                                                  
එදා   සිටියවන්   එදා රටේ  තිබූ  තත්වය  මහා අපරාධයක්  සේ  දැක  ඉදිරියට  පැමිනියද අද රට  පත්වී ඇති  තත්වය  හා  තව  දුරටත් පත්වන තත්ව ය සැලකූ විට කල්පනා  කිරීමට බොහෝ කරුනු  කාරනා  ඇති බව සිහි කටයුතුය. විශේෂයෙන්  සමාජවාදී  රටවලින් ලැබුන පරිතයාග  වූ  මහා  කම්හල් , තෙල්ටැංකි.  සමහර භූ මිභා ගයන්   විකිනීමෙන් ඇරඹි   මහා  මංකොල්ලය   අද රටේ   අක්කර  දස දහස්   ගනනින් විකුනා ,හෝ  පරම්පරා  ගනනාවකට  බේරාගැනීමට  නොහැකිවන ලෙස උකස් කිරීමට  පාලකයන්  සූදානම් වී ඇත. හෙලිවන කරුනු  අනුව සෑම රජයේ කාර්‍යයකදීම    කෝටි gගනනින් මුදල්  මංකොල්ල කා  ඇත. අද  එදා මෙන් නොව මැතිවරණ ප්‍රධාන     පොරොන්දුව  වන්නේ පෙරාතු  ආන්ඩුවේ   මන්කොල්ල කෑ  මුදල් අය කර ගැනීම  හා   නඩුදමා    සිරගත  කිරීමේ   පොරොන්දුවය.   එසේ  මෙම  ආන්ඩුව   ලබා දුන්  පොරොන්දු  ඉටුකරනවා   වෙනුවට  ඔවුන්ගේ  ,පැරනි  පන්ති සගයිනගේ  හෙලි  දරව්   වීඇති   වංචා  හා  දූෂන   මේ ගත වූ   වසර  දෙක  ක්‍රියාත්මක  වී   අයකරගත්තානම්  ජනතාවට  බදු gගැසීමට   ජනතාවට  බදු ගැසීමට  සිදු නොවන්නට   තිබුනි.    මැතිවරනයේදී   පෙන්වූ  පරිදි   විදේශ  නය ගෙවා   ජනතාවට   හොඳින්   ජීවත් වීමට   , අයකරගත හැකි   වංචනික  මුදල්   ප්‍රමානය  අය කෙරුනේ  නැත. දැන්  නීතිය අනුව  කටයුතු   කෙරෙන කතාවක්   ඉදිරියට  දමා ඇත.  තව  දුරටත්  තට්ටු මාරුවට  එකමපිලේ   අය කරනා අපරාධ  විසඳෙන්නේ   නැත.                                                                                                                               කෙසේ වුව  බලයට   පත්  මෙම රජය  හා  ජ නාධිපතිවරයා   ,ප්‍රධානවම  ජනතාවට  පෙන්වූවේ  දූෂ්iත  හිටපු   සියලු දෙනා   අත්  අඬංගුවට  ගෙන  දඳුවම්  දී සියලු  දේපල අයකරගන්නා  බවය.   ඔවුන්  බලය  ලබා ගත්  කාලයෙන්  භාගයක්ම   දැන්  ගෙවී අහවරය.   නමුත්  එකකුගෙන්   හෝ  එක සිද්ධියකින්  හෝ  අයකෙරී  හෝ  දඳුවම්   ලබා දී හෝ  නැත.  ඒ වෙනුවට  jජනතාව ටපොරොන්දු නොවූ ලෙස    එම  දූෂිතයන්ම  , ජනතාව ඡන්දයෙන්   ප්‍රතික්ෂප   කලවුන්ම , තම රජය   ආරක්ෂා   කර  පිහිටුවා  ගැනීමට මැති ඇමති වරුන් කරගෙන  ඇත.   එසේම  කර ඇති වංචා ,  දූෂණ  වලින් ගැලවීමට   ඔවුන් රජයේ  ගැලවුම්කරුවන්   වූවේ  ඡන්ද දායකයට   තම අපේක්ෂකයා   තෝරා ගැනීමේ   ඇති  හා තිබෙනවාය  කියන  අයිතියට  බරපත ල   අභ්iයෝගයක්  කරමිනි.  ප්‍රධාන  පෙලේ   නිලධාරීන්ද   එසේමය.                                                                                                                        මේ  වන විට  වංචා,  දූෂණ  සෙවීම , අයකිරීම  සිරගත කර දඳුවම්   දීම  වෙනුවට මොවුන්ද  ඊට   නොදෙවෙනි  ,  හා  සමහර  විට  ඊටත්  වදා  බරපතල  වංචා,  මගඩි,   ම්ංකොල්ල ,  කරාඇත්තේ පලමු කලවුනට  ඇඟිල්ල  දිගු කල   නොහැකි ලෙස  බව පෙනේ.   ඔවුන්ද   අද   ජනතාව ඉදිරියේ  කට මැත  දොඩනුයේ  මොවුන්ගේ   වැරදි වලට  පිං  සිදුවන්නට jජනතාව  මෝඩයින් ලෙස සිතාබව   පෙනේ.                                                                                                                                   මේ ඉතිහාසය  පුරා  පැරදී යන පුද්ගලයනට   සාපේක්ෂව  වැරදි  නොකර ,  රට ගොඩ ගැනීමට  පැමිනෙන  සෑම  පිරිසක්ම  , ඊට වඩා  වැරදි හා  රට  ප්‍රපාතයට   හෙලීමක්  1948  ඊනියා  නිදහසින්  පසුව  කරඇතිබව  සාක්ෂ්සහිතව   පෙන්විය  හැක.  මේසියල්ල  කලේ   බලයේ සිටි   ශ්‍රී:ලං:නි:ප්:,  හා  එ:ජා:ප:,  හා  ඒවාට හවුල්වූ   ලං:ස:ස:ප:,  කො:ප:,  ම:එ:පෙ:,  වැනි  සියලු  jජනතා   විරෝධී  පක්ෂ  වේ. නමුත්  බලාත්කාරයෙන්   ප්‍රචාරක  මාධ්‍ය  හරහා  ජනතාවගේ   පක්ෂ  ලෙස  මනස  පිරවීමට    ,,ජනතාව  රැවතීමට ,  ඇන්ඳවීමට  ,  නොකඩවා  කරනා  බෙරිහන්දීම්,  මුරගෑම්,   අඳෝනා,  jජනතාව ඉවසා   සිටිනුයේ  වෙන  කලහැකි   දෙයක් නොමැති බැවිනි.  ජ:වි:පෙ:  හා  ඉන් ඉවත්  වූ  මේ මැතිවරන   මාවතේම   ඇදෙන   වෙනත් උපාය මාර්ග  නැති පක්ෂද ,  ඉස්තරම්   විවේචන  හා  දොස්පැවරුම්   කරමින්  ජනතාවට  කන්දොස්කිරියාවක්  බිහිකර ඇත.  මෙතෙක්  ජනතාවට   පුදුම  බලයක්  ඇතැයි  කියන  , නමුත් තුට්ටුවකටවත්   නැති   ඊනියා  ඡංදය  දී  ප්‍රශ්න  විසඳීමට  යැවූ  මේ මොන,  මොන  පක්ෂ,  හෝ  බෝඩ්  ලෑලි   යටතේ සිටින   පිරිස්  කරනා  වංචාව,  බොරුව   ඉවසා  සිටිනුයේ   ඔවුන්  කියනා  දේපිලිගන්නා   නිසා  නොවන  බව  ඔවුන්  දත යුතුය.                                                                නිවැරදි   සංවිධානයක්  ,  පක්ෂයක්  ,  ජනතාව අතරින් මතුවී   ,නිවැරදිව  කටයුතු අර    අවංකව   ඉදිරියට  ආවිට  මෙම  මැතිවරන  මග සේම  , සමහර විට   ඊට  බාහිර  උපාය  මාර්ගද    කාලීනව   යොදා ගනිමින්   මේ කුහක බොරුකාරයින්   එක  රොත්තකට ඉවතට  ඇද   දමනවා  ඇත.   එදිනට   jජනතාව  තුල ඇති  කෝපය  ,  වේදනාව,   ඉවසා  සිටීමේ  කෙලවර  මොවුනට  පැහැදිලි   වනවා  ඇත.   අසාධාරනව   ශ්‍රමය  කොල්ල  කා  හා රටේ   සම්පත්කොල්ල කා  ,  රට   ප්‍රපාතයට හෙලා  ගොඩ නගා ඇති   දහදිය,  කඳුලු,  ලේ,  පෙඟුන  පුද්ගලික  දේපල  kක්‍රමය රැකීමට   පුද්ගලික  දේපල ක්‍රමයේ   උපරිව්යුහයේ  ප්‍රධාන   අංඟයක් වූ    අධ්iකරනය   හා   ඊට  අන  පනත්   පනවා  දෙන  පාර්ලිමේන්තුව   ,,jජනතාව වෙනුවෙන්  , ඔවුන්  සුරක්ෂිත  කිරීමට   යම් හ්හ්  දෙයක්  නොකරන  බවත්   ,  ඔවුන්ගේ  වගකීම  හා  යුතුකම ලෙස   දේපල ක්‍රමය   ආරක්ෂා   කරන බවත්  පැහැදිලිව  ජනතාව   වෙනුවෙන්  ඔවුන්ගේ ඉදිරි    දැනුවත්  පිරිස්  වටහා  ගනු ඇත.  ඒවා  හැකි හැම විට  පැදිලි කරනු   ඇත.                                                                                                                               ඔවුන්   කවදා  හෝ   ඊනියා  නීතියට  ආයචනා කිරීම,   අඬහැර දීම  , අපවාද කීම නවතා  තමන්ට නිසි  ක්‍රියා  මාර්ග  ගෙන ,   පවරාගන්නවා  ඇත. එදායින්  පසු  එය  හා  එය  ගෙන ගියමග   හා  අනුගමනය  කල    ආකාරයන්  රටේ  හා  ජනතාවගේ   නීතිය  වනු ඇත. එසේම  කවදාවත්      දඳුවම්  නොලද   , අත් අඩංගුවට  නොගත් , වංචනික,   රැවටිලිකාර  ,  බොරුකාරයන්  අවුරුදු ගනනකින්  හෝ  දිනකින් ,  දෙකකින්,  දඳුවම් ,  විඳිනවා   ඇත.   උදුරාගත්  සියලු  දේ  jජනතාව ලබාගනු  ඇත.  ඒ සියලු  දෙය  මගින්  බදු  අය නොකරන ,   ජනතාව   දුකට  වේදනාවට  නොහෙලන  ,  පොදු දේපල  ක්‍රමයක    සංවර්ධ්iත  ආර්තිකයක්,  ඇතිරටක  රජයක්   බිහි කරනු ඇත.   අවුරුදු   46කට   පෙර   දිවි  පිදූ     ජ නතා විරුවන්   වෙනුවෙන්  කලයුත්තේ   එයයි.   ඔවුන්     සිටියානම්   ,  වියපත් වී හෝ   එම  ක්‍රියා   මාර්ගය   ඉතාමත් නිවැරදිව,   නොරැවටී,    අද  කිරීමට පෙරමුන  ගන්නවා ඇත.   ඔබ   සියලු  දෙනාටම    විප්ලවීය    ආචාරය   පුදමු.                                                                                                                                    කොස්ගම  විමල් සහෝදරයා,                                                                                      නව ජනතා  පෙරමුන.                                                                                                        2017/04/05.                                                                                                         
Previous
Next Post »
Thanks for your comment