අද සැබෑ තත්වය



ලාංකීය ජනතාව විශාල බලාපොරොත්තු වු ජනාධිපතිවරණයෙන් පසු පිහිටවූ ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ, ඉකුත්වී හමාරය. ඔවුන් ඡන්දය ගැනීමට ඉදිරිපත්  කල කෝටි  ප්‍රකෝටි ගණන් වංචා කිසිවක්, ඔප්පු කර නැත. ඒ සඳහා කාලය  අවැසි බව හා නීත්‍යානුකූලව ශක්තිමත්ව  කටයුතු කලයුතුයැයි කියමින් අතඩංගුවට ගන්නා පුද්ගලයින්ට, එරෙහිව ඉදිරිපත්වන්නේ, සුළු සුළු චෝදනාය.  සචින් වාස්ට, අහස් යානා හා කෝටිගණන් වංචා හා චෝදනා විශාල  ගණනක් පෙන්වා ගෙනා ආ නමුත් ඉදිරිපත් කලේ ජනාධිපති වාහන  විසි ගණනක ප්‍රශ්ණයක් පමණි.  අන් සියලු දෙනාටද එසේමය. අතඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, උසාවියට ඉදිරිපත් කිරීම, බන්ධනාගාරයට ගෙනයාම, එතැනින් ගෙවන වාට්ටු වලට ගොස් හොඳින් කල් ගෙවීම, සාමාන්‍ය මිනිසකු ජීවත්වීමට ණයක් ගෙන ගෙවීමට බැරිව, රටේ සිදුවීම්  මාලාව හරහා  හිරේ යාමට කොතරම් වෙනස්ද?


           අපි දන්නා තරමට බන්ධනාගායේදී බෙහෙත් ටිකක් ගැනීමට, බන්ධනාගාර  රෝහලට, යාමට සාමාන්‍ය රැඳවියකුටකොපමණ අමාරුද? එසේ නොවී කී දෙනෙකු මියගියාද? දුක්විඳ කෑ ගසා මියගියාද? රටට, ජනතාවට, විශාල හානිකරන පාලක, පන්තියේ පිරිස් විඳින වරප්‍රසාද  කොපමණ වෙනස්ද? අවසානයේදී රට වෙනුවෙන් කටයුතු කර හිරේ විලංගුවේ වැටෙනවුන්a දුක්විඳ, සිරබත් කා එලියට එන ව්ට රට කා සිරේ විලංගුවේ නොව ඒ නමින් හෝටල් ජීවිත ගෙවා එලියට එන හොර තක්කඩි නායකයන්, නැවතන් ජනතාව මුලා කිරීමට දේශපාලනයට නොඒවිද? අද පැහැදිලිව පෙනෙන දෙයක් ඇත. ජනතාව ඉදිරියේ, ජනතාව වෙනුවෙන් කෑමොර දෙන මේ දේශපාලකයන්, යටින් සමගිව ජනතාව රැවටීම විරසකයක් පෙන්වන බවය. තමන්ට කල හැකිදේ නියමිත කාලය තුල මගහැර, නොකර සිට, ඔවුන් ආරක්ෂාකර, තම පන්ති සහෝදරත්වය අනුව යුතුකම ඉටුකර බලය ඔවුන් අතටම දී  නැවතත් සොරකම් කිරීමට මාරුකරදී මගහැර යාමය. එවිට මේ වකවානුවේ මොවුන් කරන වැරදි ඔවුන් ජනතාව රවටමින් වහසි බස් දොඩමින් සිට පෙර ලෙසම මගහැර යාම ඉටු කරති.

           මේ සිදුවීම පෙරාතු ආණ්ඩු සියල්ලම නොවෙනස්ව ඉටුකරන ලඳී මෙනිසාම විදේශ රාජ්‍යයන්, ලාංකීය ජනතාවට පරිත්‍යාග කල, දස දහස් ගණන් කම්කරුවන් ලක්ෂ ගණනක් ඔවුන්ගේ පවුල් ජීවත්වූ, රටට ධනය උපදවා දුන් ලාභ ඉපයූ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා, පිඟන්, තුනී ලෑලි, වානේ, පේෂකරිම,ගිනි ගඩොල්, ලෝහ භාණ්ඩ, කම්හල් විනාශ කර මැරයන් හා හිතවතුන් සමඟ උළු කැටයේ සිට, සියලුම දේ සමගම ඉඩම් පවා වෙන්දේසි කල දේශපාලකයන්, මැති ඇමතිවරු හා එම නිළධාරීන් එලෙසම මේ මාරුවන රජයන් දෙකේ නොසිටීද? මේ විශාල විනාශයන්ට එරෙහි වූ කම්කරු නායකයන්, මාධ්‍යවේදීන්, කොපමණ විනාශ කලාද? ප්‍රධානපෙලේ මැර නායක දේශපාලකයෝ, රජයේ නිළදාරීන්, මේ ජනතාව රවටන කාර්යය අදත් නොකරයිද? හදිසි නීති, වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත්, හා  මර්දන නීතිරීති,සියලු සහායෙන් අනුමත වී ජනතාවට විනකලාද? ජනතාවාදී අනපනත්a කකුලෙන් අදින, කල්‍යන, නොකෙරෙන තැනකට යනබව දැන් පැහැදිලි වී ඇත. කල්මරන උත්සාහ තුල හා කලද, ක්‍රියාත්මක නොවීමට කුමන හෝ අඩුපාඩුවක් ඉතිරිකිරීම නම් අනිවාර්යමය. කොපමණ දූෂණ වංචා ෆයිල් යොමුකලද, අද නඩු පැවරීමට නොහැකි ලෙස එක කොමසාරිස් වරයකු ඉවත්වී ඇත.


           මේ තත්වය ජනතාවට ඔප්පු කරනුයේ ජනතාවගේ උවමනා එපාකම් හා ඉල්ලීම් පාලක දේශපාලක හා නිළදාරීන්ගේ උවමනා එපාකම්, අතර පැහැදිලි පරස්පර බවය ඔවුන්ට, රට ජනතාව, පාගා සූරාකා, සියලු ධන නිධාන සොරකම් කර, සැප විඳ, අයිතිකරගෙන, බැරිවූවිට මර්ධනය කර මරා දමා පැන යාමට ඇවැසි බවය. ජනතාවට උවමනා රට, සම්පත්, බේරාගෙන රට රැක ගැනීමටය. අද වනවිට, පාලකයෝ ජයග්‍රාහීව සිටී. ඔවුන්ගේ කටමැත දෙඩවීම් හා බොරු පුරසාරම් හා කපටි සැලසුම් වලට රැවටී ඊනියා වහසි බස් අසමින් සිටීම ඔවුන්ගේ ජයග්‍රහණයකි. මේ තත්වය වටහාගෙන ජනතාව වෙනත් පසකට ඇදී යනවානම්, සත්‍ය සොයා සැබෑ මිනිසුන් වෙනවානම්, බෝධ්සත්ව ගතිගුණ හා සිල් රෙද්ද ගලවා සැබෑ මර්ධනකාරී පිළිවෙත් එළියට එනු ඇත. රැවටී සිටිනතාක්කල් සාධුජන පිවිතුරු මිනිසුන් වන මොවුහු ඔවුන්ගේ සැබෑ ප්‍රතිගාමී මිනීමරු ධනපති පන්තිමය මුහුණුවරින් එළියට විත් කීවරක් ලාංකික ජනතාව විනාශ කලාද? අදද එසේම වනු ඇත. මේ තිමිර පටය ඉරා දමා එලෙස කල යුතුය. එලෙස නොකරන තාක්කල් දෑස් අන්ධවන, කන් බිහිරිවන, ඊනියා ආගමික,ජාතික ඝෝෂාවෙන් ජනතාව රවටන මොවුන් එලිදරවු කර පන්නා දමා ලංකාව බේරා ගැනීමට නොහැකිවනු ඇත.
 
කොස්ගම විමල් සහෝදරයා
2015 05 13
Previous
Next Post »
Thanks for your comment