ධනපති ප්රෙගතිශීලී වචනයේ සැබෑ අරුත



මීට වසර 5කට පෙර මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන කඳවුරු දෙකට බෙදුන ලංකාවේ සියලු පක්ෂ, සංවිධාන, පුද්ගලයින්, සාධාරණය, යුක්තිය සඳහා කටයුතු කල සැටි අපි දුටුවෙමු.පාලන බලය සදාකාලිකයැයි සිතා කටයුතු කල, කිසිඳු ඉල්ලීමකට ඇහුම්කන් නොදුනු, අත්තනෝමතික පාලකයකු බඳුවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔහුට සැම සියලු හරි වැරදි සඳහා හූමිටි තැබූ ගෝල බාල මැති ඇමතිවරු සමග ඹහජන දේපල, මිලමුදල්, නාස්ති කරමින්, සියලු මැතිවරණ නොව සදාචාර නීති රීතිද කඩා බිඳ දමමින්, මැර, ප්‍රචන්ඩ ක්‍රියා, හමුදා, පොලිස් හා මැර කණ්ඩායම් යොදාගනිමින් කටයුතු කර පැරදී ගිය සැටි දුටුවෙමු. එසේම ඦවි.පෙ වැනි වාම පක්ෂ හා සැමදා ජාතිකවාදී හා ආගම්වාදී පක්ෂ, සංවිධාන හා පුද්ගලයින්, විද්වතුන්, කලාකරුවන් එකතුව, එ.ඦාපක්ෂය හා සමග වැඩි වියදමක්, නාස්තියක් නොදරා, මර්ධනය, භීෂණයට මුහුණදෙමින් සාමාන්‍ය ජනතාව පුබුදුවා ලබාගත් ජයද අපි දුටුවෙමු. නමුත් ඔවුන් ජනතාවට පෙන්වූ, අවධිකල,කෝටි ප්‍රකෝටි ගණන්, දූෂණ, වංචා, අපරාධ, හා ඒවා කල පුද්ගලයන්, පවුල් වලට කියූ ලෙස දුන් දඬුවම් නොදුටුවෙමු. ඒ ඇසූ ජනතාව වෛරයේ හා වේදනාවේ ගිල්ලවා ඔවුන්ගේ රට, දේපල, ඔවුන් වැනසූ නරුමයනට දිය යුතු දඬුවම කුමන හෝ හේතු කියා පසු කිරීම, නොකිරීම, හා මගහැරීම නම් ජනතාව ඉවසා සිටිනුයේ ඔවුන් සියලු දෙනාම නිවරදිකරුවන්, නීතිගරුක, හා යුක්තිගරුක වූවන් ලෙස සලකානම් නොවන බව දැනගත යුතුය.


                ඉතිහාසයේ කිසිදාක නොවූ ලෙස සාමාන්‍ය ජනතාවගේ අවධානයට දූෂණ, හොර, මැර, අපරාධ කෙරෙහි මෙලෙස යොමු කල හා එනිසාම නොසිතූ පෙරලියක් වූ මැතිවරණයක් වූ පසුගිය මැතිවරණයේ ජයගත් පිරිස හා පැරදුන පිරිස අදවන විට ඉතිහාසය මාස 05කට අමතක කර ඇති අයුරු පුදුම සහගතය. ජනතාව තැබූ විස්වාසය කනපිට පෙරලා නැවත මහින්දට හා දූෂිතයනට, මැතිවරණයට මුහුණ දීමට ඉඩකඩ සැලසීමට සූදානම් ජයග්‍රාහී ජනපති ජනතාවට වඩා පක්ෂය වැදගත් යැයි සලකනුයේ එම පක්ෂය ඉතිහාසයේ පීඩිතයනට සිදුකල කුමන සේවයක් පදනම් කරදැයි නොදනිමි. අවුරුදු ගණනාවක පසුගිය ජනතාව හා රටට ද්‍රෝහි වූ මේ පක්ෂ, දේපල හිමි සීමිත පිරිසකගේ වුවමනා, එපාකම් හා අයුතුකම්, අනීතියේ කටයුතු සඳහා කල සේවාව ජනතා සේවයක් වනුයේ කෙසේද? ජනතාව රවටා එ.ඦාප. හා ශ්‍රී.නි.ප ලෙස බෙදා රැවටීමද? දැනුත් එම පක්ෂ රැකීම ජනතාව පාවාදීමට වඩා වැදගත් ලෙස සලකනුයේ පංති යුතුකම අනුව විය යුතුය. එසේම එම ශ්‍රී.ලං.නි.පක්ෂයට අධිරාජ්‍ය විරෝධී ලේබලයක් අලවා, මුක්කු ගසා 1956 සිටම ජනතාව පාවාදී, තම පංති යුතුකම ඉටුකල සියලු වාම නායකයන් සේ,
වාසුදේව, දිනේෂ්, ඩියු, තිස්ස විතාරණ හා ගෝලයන් අමතක කරන වැදගත් දෙයක් ඇත. ඔවුන් කියවූ දෙය අනය ඇසූ කාලය අවසන් වී බොහෝ ඈත බවය. අද සාමාන්‍ය මිනිසුන්ගේ දූ දරුවනට, තම පංතියේ දාඩිය සුවඳ හා ලේ සුවඳ හරහා හොඳට පොත්පත් කියවා වටහා ගත හැකි බවය.

                ලංකාවේ මොවුන් කේන්තියෙන් බනින ව්යෙආජ සටන්කාමීත්වයක් මවා පෙන්වන, නමුත් එකට එකතුවී ජීවත් වන පහරදෙන ජනතාව රවටන අධිරාජ්‍යවාදී ඇමරිකන් ගති එ.ඦප.ය හා ප්‍රගතිශීලී දේශීය ධනපති පක්ෂය නියෝජනය කරන ශ්‍රී.ලං.නි.පක්ෂය යයි    පංති දෙකක් නොමැත. එය දරුණු අවස්ථාවාදී පීඩිත පංති විරෝධ් මතයකි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ සහ පැවැත්ම උඩ, පාවාදීම් උඩ ඉතිරිවූ ප්‍රතිගාමී රදල අරටු හා ඉංග්‍රීසීන්ට කත් ඇද, ලබාගත් තානාන්තර, නම්බු නාම, හා දේපල මත බිහිවූ හොරගොල්ලේ වලවුව, මූලිකව බිහිවූ ශ්‍රී.ලං.නි.පක්ෂය ධනපති පංතියේ පංති ඵලප්‍රයෝජන බෙදා ගැනීමට බිහිවූ ප්‍රතිගාමී ධනපති සංවිධානයකි. එසේම එ.ඦාප.යද ප්‍රතිගාමීය. විsශේෂයෙන් මොවුන් බිහිවන අවධියේ සමස්ථ පරිමාණයෙන් ලෝක ධනපති ක්‍රමයම ප්‍රතිගාමීත්වයට ගොස් අවසන්‍ය. එනිසා ආරම්භයේදීම ලාංකීය ධනපති පංතිය අන්ත ප්‍රතිගාමීය. ඔවුන් හා ඇලී වැඩුන, උපයෝගී සේවා මත මැවුන වාම ධනපතීන්ද එසේමය. සාපේක්ෂව මේ දෙක හොඳ නරක පෙන්වනුයේ ඔවුන්ට කිහිලිකරු ලබාදුන් ප්‍රතිගාමී වාම පක්ෂ හා නායකයන් පමණය. මෙසේ කියන මොවුන් අදද ප්‍රගතිශීලී හා ප්‍රතිගාමී වචන කුමන අවියෙන් වහරනවාදැයි සිතාගත නොහැක. වමේ නාමයෙන්, මාක්ස්වාදයේ නාමයෙන් නිවැරදිව භාවිතාවේ යෙදුවහොත් නිෂ්පාදන බලවේගයෙන්ගේ සංවර්ධනයට මං කපන හාහුqරන අර්ථයෙන් නම් මොවුහු අන්ත ප්‍රතිගාමීය. එසේ වන්නේ රටේ ජනතාවගේ සම්පත්, දේපල ජනතා සන්තක කර, ජනතා ශ්‍රමය, පාවිච්චි කරමින්, රටේ වුවමනාවට, නිෂ්පාදන උපකරණ පාවිච්චි කරමින්, කරන්නාවූ කර්මාන්ත බිහිකරමින් ඒ අනුව එම නිෂ්පාදන සියලු කම්හල්, උපකරණ හා නිෂ්පාදන භාණ්ඩ හා බෙදාහැරීම අරාජික නොවන සැලසුම් සහගත ලෙසකට කටයුතු පිලියෙල කිරීමය. නමුත් මෙම සියලු වාම නායකයන් හා පක්ෂ මේ කරුණු අමතක කර ධනපති වැවිලි ආර්ථිකය හා ඒ ආශ්‍රිත උපයෝගී සේවා මතම වෘතීය සමිති අරගල පමණක් පදනම් කර ගනිමින් ධනපති පංතිය විවර කර දුන් ධනපති ක්‍රමයට ගැහැටක් නොවන පාර්ලිමේන්තු හොර ගුහාවම අනුමත කරමින් නිෂ්පාදන ආර්ථිකය අද වන තුරුද මගහරිමින් වංචනිකව කටයුතු කරති. ඒ සඳහා යායුතු දුෂ්කර මාවත පාවාදෙමින් අන්ත ප්‍රතිගාමී කාර්යන්ද ඉටුකරති. සෑම දිනකම මුදලේ වටිනාකම අවප්‍රමාණ වෙමින් ජීවත් වීම අන්ත අමාරු අඩියකට වැටෙමින් අනාගතය අවිනිශ්චිතව රට, සම්පත් විනාශ වන විට නිෂ්පාදන බලවේගයන්ගේ අඩාලවීම හා ඉදිරියට යාමට ඉඩ නැතිවීම පැහැදිලිවේ. එසේම ලංකාවේ ධනපති නිෂ්පාදන යුරෝපීය සංක්‍රමනය නිසා සිදුවීමෙන් ස්වාභාවිකව මතු නොවී රදල ප්‍රතිගාමීත්වය හරහාම ප්‍රතිගාමී අයුරින් මතුවීම උඩ නිවැරදි විදේශීය අතදීමකින් හා තාක්ෂණයේ පාවිච්චියෙන් සංවර්ධනය නිවැරදිව හා සැලසුම් සහගතව කිරීම කල යුතුය. එයි බැර කර්මාන්ත බිහිවන බැර කම්හල් කරා මිස තිබුන තත්වයේ සිට ටේලර් සාප්පු කරා ආපසු නොආ යුතුය.සමාජවාදී රටවලින් දුන් විශාල කම්හල් විනාශකර හිතවතුන්ට විකුණා කොමිස් කෑවේ මොවුන් දෙපිරිස බව අපටාමතක  නැත. ඒවා දියුණු කලා නොව වසා දැමුවා හෝ හමුදා කඳවුරු දැමුවා හෝ භූමිය පවා වෙන්දේසි කිරීමනම් දැකීමට පුලුවන් වේ. ශ්‍රමය, පීඩිත පංතිය මේ සියලු දේපල අයිති කරගන්න තුරු මේ කිසිවක් ඉටු නොවන බව අපි දනිමු. නමුත් එසේ වීමට ඉඩ අහුරන ධනපති පංතියට ඉනිමන් තනා උපකාර කරන වාම නායකයනට ඔවුන් අන්ත ප්‍රතිගාමීන් බව, ලාංකීය සමාජයේ ප්‍රතිගාමී වුවමනා ඉටුකරන්නන් බව අමතකවී ඇතිබව පෙනේ. තමන්ට හිතවත් ශ්‍රී.ලං.නි.ප. අසූචි වලේ සිට මිතුරු බලවේග, ප්‍රගතිශීලී ගමන් මග ආදිය කතා කිරිම ලැජ්ජා නැතිකමක් බව මතක්කර දිය යුත්තෙමු.එ.ඦාප.ය හා කටයුතු කරන ජාතිකවාදී හා ආගම්වාදී සංවිධාන ගැනනම් කතා කිරීම පලක් නැත. ඔවුන් හාම්පුතුන් හා පමණම ප්‍රතිගාමී බව දන්නා නිසාය. වාම අවස්ථාවාදීනට ජනතාව නොමග යැවීමට ප්‍රතිගාමී රදල ධනපතිනට ප්‍රගතිශීලී හුණු ගෑමට අටවාගත් අට්ටාල වන මෙම ධනපති පක්ෂ තව කොපමණ කලකට පුරාජේරුව හා රැවටීම හරහා ජනතාව රවටන්නද? මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ වුව පුද්ගලයින් ලෙස නොව ධනපති දේපල ප්‍රාග්ධනය හා මුදල විසින් ජාත්‍යන්තර හා ජාතිකව මෙහෙයවන ඉත්තන් බව අපිනම් අවබෝධ කරගෙන සිටින්නෙමු. ඔවුන් සුමග යැවීමට දරණ උත්සහ අද මාදුලුවාවේ සෝභිත හිමි, ජෝසප් ස්ටාලින්, සමන් රත්නප්‍රිය වැනි ප්‍රගතිශීලී නායකයනට නිරර්ථක දෙයක් බව අවබෝධවී ඇතුවා නිසැකය.

                මෙහිදී විශේෂයෙන් ඦවි.පෙ. ගැන කතා කල යුත්තේ තනිවම මෙවර තරඟ කිරීමට කටයුතු කරන වාම පක්ෂයක් නිසාවෙනි. තමන්ට නිවැරදිව හා ස්ථාවරව බලය ලබාගැනීමේ ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් නොමැතිව දවසේ උපක්‍රම තෝරන මොවුනට එක කරුනක් මතක් කර දිය යුතුය. එනම් මහා වංශයේ සඳහන් දුටුගැමුණු රජු යුද්දය දිනා සිදුවූ මරණ ගැන කණගාටුවෙන් උඩුමහලේ සිටින විට පුලිඟුතිව් දිවයිනේ සිට පැමිණි භික්ෂූණ් සිත සැනසීමට කී වදන්‍ය. කනගාටු නොවන ලෙසත් විශාල මිනිසුන් ප්‍රමාණයක් නොමැරූ බවත් මැරුවේ මිනිසුන් 1 ½ ක් පමණක් බවත්‍ය. එනම් තිසරණ සහිත පන්සිල් ගත් පුද්ගලයකු හා තිසරණ පමණක් සමාදන් වූ පුද්ගලයකු බවය. මේ අනුව මාගම සිට අනුරාධපුරයට සංග්‍රාම අවතීරනව පැමිණි ගමනේදී මියගිය දහස් ගණනක් ජනතාව බෞද්ධ ආගමට හානි නොවන හා එය රැකෙන මතයට අනුව මිනිසුන් 1 ½ කට ලඝු වූවානම් එක එක දෘෂ්ඨීන් අනුව ජනතාව බෙදිය හැකි බව ඉතිහාසයේ අපට් උගන්වා ඇත. එසේ නම් ධනපති දෘෂ්ඨියෙන් ව්යෙආකූලව අවිඤානකව හා ව්යෙආකූලව සිටින විශාල පීඩිත පංති චන්ද දායකයන් සමූහයක් ඡන්දය පාවිච්චි කරන්නේයැයි සමාජවාදය පිලිගන්නේයැයි ඦවි.පෙ. කෙසේ පිලිගන්නද? එනිසාම චීන සමාජවාදී ජනරජයේ කෝටි 135ක පමණ මහා ජනතාව මුලුමනින් ඡන්ද බලය පාවිච්චි කරමින් රටේ අනාගතය තීන්දු කිරීමට ලංකාවේ මෙන් ඉඩ ලබාදී ඇතිනම් අදත් එදා මෙන්ම රදල හා ධනපති පාලකයන් අතට මේ බහුතර ජනතාව චීනය බාරදෙනවා නොවනුමානය. එසේ නොවුනේ චීන සවිඤානක සමාජවාදී පාක්ෂික කෝටි 4ක පිරිසකට පාලකයන් එතෝරා ගැනීමේ ඉඩ සැලසීමෙනි. එනිසාම නිවැරදි වැඩපිළිවෙළක ගමන්කර ලොව පලමු රට බවට පත්වී ඇත. නිකර ගුවාවේ සෝමෝසා නැමති ඒකාධිපතියාව එලවා දැමූ වසර 25ක පමණ ජනතා අරගලයෙන් පසු අවිඤානක සාමාන්‍ය ජනතාවට ඡන්ද බලය පැවරූ නිසා ඔවුන් අරගලයේ වටිනාකම තේරුම් නොගෙන කැපවීම නොදැන පලාගිය ප්‍රතිගාමී පාලක පිරිස් නැවත තේරූ අයුරු අප දුටුවෙමු. කොමියුනිස්ට් වාදීන් වන අපි ධනපති පංතියේ වාසීන් සඳහා ලබාදී ඇති සර්වජන ඡන්ද බලය පොදු දේපල ක්‍රමයක් බිහි කිරීමට උපයෝගී කරගැනීමට සිතන්නේනම් අන්ත මුග්ධ පිරිසක් වන්නෙමු.

                ලංකාවේද සාමාන්‍යයෙන් අවුරුදු 18 ඉක්මවූ සියලු බහුතර අවිඤානක හා දැනුවත් සුළු සියලු දෙනා ඡන්ද බලය පාවිච්චි කරන විට ලාභ අපේක්ෂා අවස්ථාවාදී ඵලප්‍රයෝජන හා නොදැනුවත්කම පාවිච්චි කර රවටා සැමදාම ප්‍රතිගාමීනට බලයේ සිටීමට පුලුවන් අවී ඇත. නිවට නියාලු බියගුලුකමේ ගිල්වා ඇති පීඩිත ජනයා බලය පාවාදී ඇත්තේ එය තම සතුරු ප්‍රතිගාමීන්ගේ සදා උරුමයක් ලෙස වැරදියට වටහාගෙනය. එනිසා මොවුන්ගේ ඡන්දයෙන් බලය බලා සිටීම කිසිදා බලය පිහිටුවීමට හේතුසාධක විය නොහැකිබව වටහාගත හැකිවිය යුතුය.මේ තත්වය තුල උඩු යටිකුරු පාලන වෙනසකට බලයේ සැබෑ මාරුවකට මේ ඡන්ද උගුල කිසිසේත් පලමු නොකල යුතු බව ඦවි.පෙ. වැනි පක්ෂ වටහා ගත යුතුය. තමනට දාර්ශනිකව සැබෑ බල මාරුවකට නිවැරදි මාවතක් තිබියදී පාර්ලිමේන්තුව හඬ අවදි කිරීමට හා ජනතාව ඇමතීමට උපකරණයක් පමණක් ලෙස පාවිච්චි කරන්නේනම් නිවැරදිය. නමුත් ඦවි.පෙ. අද අනුගමනය කරනුයේ 1871 පැරි කොමියුනය, චිලියේ ඓයන්ඩේ රජය කල ආකාරයේ පාඩම් ඉගැන්වූ වැරදි මාවතක් බව පෙනේ. එසේම සදාකාලිකව එසේ නැතිනම් ලාංකීය ජනතාව රවටනතවදුරටත්  නිවැරදි පීඩිත පංති පාලනයක් බ්හිකිරීමේ උත්සාහයක් නොමැති කාලය කාදැමීමේ හා වෙනත් කාට වුව අවස්ථාව අහිමි කරන වෑයමක බව අවසාන ලෙස පෙන්වා දෙමු.

                මාස 05කට පෙර කල සියලු ජඩකම්, ද්‍රෝහිකම්, දූෂණ, වංචා හා නීතිය අතට ගැනීම් අමතක කර ඒවා සියල්ල නිවැරදි හෝ නොකල බව කියන හා ඒවා සියල්ල පෙන්වා ජනතාව වේදනාවට හා කුපිත කිරීමට පත්කර බලය ලබාගත් දෙපිරිසටම අද අමතක වූවාසේ කරන ප්‍රකාශ හා කරන වැඩ ජනතාව මෝඩයන් හා හරකුන් ලෙස සලකා කරනබව පෙනේ. ජනතාව මේ සුළු කාලය තුල ඉගෙන ගතයුතුදේත් එයයි. ඔවුන් සදා මෝඩයන් ලෙස සලකන පීඩිතයන් දියහැකි හොඳම අතුල් පහරනම් ඡන්දය නොදී අපේ බලය පෙන්වීමයි. දුන්නද අපට අප ගසා ගැනීමක් බව ඔබව අවැටහෙනවා ඇත. නැවතත් ගිලිහෙන මහජන බලය ධනපති අට්ටාලයේ ගැට ගැසීමට වලිකන ඊනියා වාම පක්ෂ වල විකල්ප කණ්ඩායම් වලින්ද ඔවුන්ගේ බොරු ඉච්චා බස් වලින්ද නොරැවටෙන ලෙස ජනතාවට අපි ආයාචනා කරමු. අපේ නිවැරදි බලවේග නිවැරදි පංති සංවිධාන අප ගොනුකල යුතුය. නිවැරදි ලෙස සටන් කරමින් ජනතා රජයකට මාවත හෙලි කරගත යුතුය. 

කොස්ගම විමල් සහෝදරයා
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 07 - 05
 
          

Previous
Next Post »
Thanks for your comment