නාම යෝජනා අපට උගැන්වූ දේ


 

ජුලි 13 වනදා නාම යෝජනා අවසන් විය. මාස 5කට පෙර තිබූ දේශපාලන පෙරමුණු කැඩී ගිය අතර ඒ අයම වෙනත් නාමයික පෙරමුණකින් හංසයා වෙනුවට අලියා ලකුණෙන් පැමිණ ඇත. හංසයා වෙනමම සරත් ෆොන්සේකා භාරගෙන ඇත. දින 100 යහපාලන ආණ්ඩුව ගෙනයාමට ආසන 47ක එ.ඦාප. ආණ්ඩුවක් පිහිටුවා රනිල් අගමැති කිරීමේ පළමු පොරොන්දුව ඉටුකල ජනාධිපති තුමාම ඉතිරි පොරොන්දු ඉටු කිරීමට තමන්ට එරෙහිව කටයුතු කල සියළු හතුරුකම්, කටකතා හා භීෂණය ගෙනාඅ තම පැරණි මිතුරු ශ්‍රී.ලං.නි.ප. තුරුල් කර ගැනීමට සිදුවිනි.ඒ අතර දූෂණ භීෂණ, වංචා අකටයුතු ෆයිල් අල්ලස් කොමිසමට අපරාධ විමර්ශන ඒකකයට ගලා ආවේ පියාඹාගෙනය. වැඩිම ගණනක් ඉදිරිපත් කල ඦවි.පෙ. හා හෙල උරුමය බලාපොරොත්තු වූ වේගයෙන් මහින්ද රාජපක්ෂ පෙරාතු ජනපති මැතිවරණයේදී පරාජිත සරත් ෆොන්සේකා අතඩංගුවට ගත් ආකාරයෙන් කුදලාගෙන යාමක් වංචාකරුවනට දූෂකයනට සිදු නොවින. එම කටයුතුද යහපාලන පිලිවෙතින් දින 150ක් ඉක්මවූ දිනදීද මන්දගාමීව සියළු චූදිතයන් පෙරසේම කටමැත හා වහසි බස් දොඩවමින් නිදහසේ ජීවත් වීමට ඉඩ දුනි. එනිසාම සියළු දූෂණ වල පියා හා සියළු දරුවන් නැවත යහපාලන ආණ්ඩුවේ වැදගත්ම වුවමනාවන් වූ 19 ව්යෙඅවස්ථා සංශෝධනයට හා 20 න් ඉදිරිපත් වූ මැතිවරණ ක්‍රමයේ වෙනස සඳහා උදවු උපකාර කිරීම නොව කකුලෙන් ඇදීම ආරම්භ කලේය.
               ස්වාධීන කොමිසන් පිහිටුවීමට ව්යෙඅවස්ථා සභාව පිහිටුවීමට ඉඩ ලබා නොදුනි. අල්ලස් කොමිසම ක්‍රියා විරහිත කෙරුනි. විනිසුරු වරු ඉවත් විනි. නව ජනපති මගින් ඔක්සිජන් ලබාගත් පරාජිත ශ්‍රී.ලං.නි.ප. ජනපතිට පිරිනැමූ පක්ෂ සභාපති හා සංධාන සභාපති මගින් වක්‍ර උත්තේජනයක් ලබා ශක්තිමත් වී සියළු අකටයුතු නීතිය අතට ගැනීම් දූෂණ වංචා වසා දමමින් එ.ඦාප. දුර්වලකම් වූ මහබැංකු වංචාව පෙරට දමමින් අළු ගසා දමා නැගිටීමට උත්සාහ දරම්න් 18 ව්යෙඅවස්ථාවෙන් පිහිටුවා තිබූ නිළ නොවන රදල රාජාඅණ්ඩුව නැවත පිහිටුවීමට කුමන්ත්‍රණය කලෝය. සැබවින්ම තම පංති ඵලප්‍රොයෝජන සඳහා පංති සගයන් හා එකතුව ලාංකීය ධනපති ක්‍රමයේ දරුණු දේශපාලන අර්බුදයක් මතුවීමට ඉඩ නොදී එසේ වේවිද ආණ්ඩුව විසුරුවා හරීවිදැයි සැක සංකා සහිත වූ ජනතාවට ඉස්පාසුවක් දෙමින් ජනපති ආණ්ඩුව විසුරුවා දැමීය. අද එම ආණ්ඩුවේ අරමුණු ඉටු කිරීමට හා පැරණි ආණ්ඩුවේ සියලු දුෂ්චරිත නැවත සංවර්ධනයේ මුවාවෙන් ගෙනෑමට කියමින් හා ජනතාවගේ හෘඋද සාක්ෂිය බව පවසමින් එ.ඦාප. පෙරමුණ ශ්‍රී.ලං.නි.ප. පෙරමුණ ඦවි.පෙ. හා තවත් විශාල පක්ෂ හා කණ්ඩායම් ලංකාව පුරා මැතිවරණයට ඉදිරිපත් වී ඇත. ද්‍රවිඩ හා මුස්ලිම් සංවිධාන තනි තනිව හා සිංහල පක්ෂ හා පෙරමුණු ලෙසද ස්වාධීන හා වාම පෙරටුගාමී වැනි පක්ෂ හා L.T.T.E පිරිස් පුනුරුත්තාපනය වී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උතුරටද තරඟ කිරීම කැපී පෙනෙන දෙයක් වී ඇත. කෙසේ කොහොම වුවද සාමාන්‍ය ජනතාව රැවටූ රවටන පිරිස් නැවත නැවත විවිධ පක්ෂ පාට නමින් ජනතාවගේ ඡන්දය කොල්ලකා යහපත් ජීවිතයක් සුඛෝපභෝගි පැවැත්මක් සඳහා ජනතාව රැවටීමට ඉදිරියව පැමිණ ඇත. ඔවුන් ගෙවූ සැපවත් ජීවිතය ජනතාවට පොදුවේ ලැබුණේනම් ලබාදෙන්නට හැකිනම් ඔවුන් කල දේශපාලනය ජයග්‍රාහීය. නමුත් ධනපති අධ්‍යාපනය වත් හරි හැටි මූලික මට්ටමිල් ලබා නැති දූෂිත සල්ලි යොදවා දිස්ත්‍රික් මනාප ඡන්ද මගින් දේපල පිපාසයෙන්ම පැමිණි පිරිස් වලට කුමන ජාතික ආර්ථික නිෂ්පාදන වැඩසටහන්ද? ඒ සඳහා කුමන දැක්මක්ද? අනික මේ ක්‍රමය තුල පුද්ගලික දේපල මත සියළු දෙයින් සපිරි ලංකාවේ පොදු වැඩ පිලිවෙලකට කුමන ඉඩක්ද? ජනතාවට මේ සියල්ල කල්පනා කිරීමට අගෝස්තු 17 දක්වා ඉඩක් ඇත. දෑස් වසා බොරු නොබලා දෙකන් වසා බොරු නොවසා සිදුවූ අතීතය විමසා තීන්දු තීරණ ගන්නා ලෙස අපි ආයාචනා කරන්නෙමු. මේ ක්‍රමයේ ප්‍රශ්ණ විසඳීමට නොදත් හා විසඳීමට හැකි බව පවසන කවුරුහෝ සිටීනම් හුදෙක් වංචනිකයන් බව අපි ප්‍රකාශකරන්නෙමු.

                පසුගිය වකවානුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ සලුපිලි ගලවා දමා නිරුවත් වූ ස්වරූපයනම් ජනතාවට දැකගැනීමට පුලුවන් විය. විශාල බහු ජනතාවට තම වුවමනා එපාකම් නීත්‍ය, සාධාරණය, යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අනපනත් සාදා සම්මත කර ගැනීමට නියෝජිතයන් ලෙස ව්යෙඅවස්ථාදායකයට පත් කර යවන පුද්ගලයන්ගේ සැබෑම තත්වය මනාව පැහැදිලි විය. ඉතිහාසයේ සැමදාමත් වූයේ මෙයම වුවත් ඉතාමත් නින්ධිත විදියට ලැජ්ජාවත් විලිබියත් නොමැති ලෙස ජනතාව ඉදිරියේ ඉදිරිපත් කල කී දේ කණ්ඩායම් සියල්ල පාවාදී ප්‍රතිපත්ති පාවාදී තම පුද්ගලික වුවමනා එපාකම් හා ධනය රැස් කිරීම සඳහාත් කටයුතුකල එනිසාම ජනතා වුවමනාවන් නොසලකා ඔවුන්ගේ නියෝජිතයන් නැතිනම් සේවකයන් ලෙස නොව ස්වාමිවරු ලෙස හැසිරුනු අයුරු දුටුවෙමු. සෑම මන්ත්‍රී වරයෙකුම දිනූ පසු බලය හා උපයන ධනය හමුවේ සැමදා ස්වාමිවරු වූ බව ජනතාව අමතක කල යුතු නැත. ජාතිවාදය ආගම්වාදය ප්‍රතිකේෂ්ප කල වාමාංශිකයන් ලෙස පොදු දේපලක් සඳහා සමාජවාදය සඳහා බලය ඉල්ලා දිනූ පිරිස් අන්ත ජාතිවාදී හා ආගම් වාදීන් ලෙස ජනතාව විනාශ කිරීමට රජයට උපකාර කල දරුණු හා පැසිස්ට් ස්වරූප දුටුවෙමු. සැමදෙනම පාහේ ජනතා දේපල මංකොල්ල කෑ හැටි ජනතා ආයතන විනාශ කල හැටි සදාචාරය ගැන දොඩමින් බාර් මුදලාලිලා වූ හැටි කොන්ත්‍රාත් සඳහා කොමිස් ගැසූ හැටි අපි දුටුවෙමු.
                හිරිකිතයකින් තොරව මේ සියල්ල කෙරූ මොවුන් සියල්ලෝම ඕනෑම විටක ජනතාව ඉදිරියේ එ.ඦාප. විරෝධී, අධිරාජ්‍ය විරෝධී ප්‍රතිගාමී විරෝධීන් ලෙස හඬ තැලුවද ලාභ ප්‍රයෝජන හා බලය ඉදිරියේ එකම පිලේ රැහේ එවුන් බව මනාව පෙන්වීය. ජනතාවට ලබාදීමට ඇති සියලු වරප්‍රසාද ලබාදීමට හැකි සියලු අවස්ථා මගහැර පාවාදී තම මඩිය හා පවුලේ මඩියම ගැන සිතන රටේ පළවැනිම අවස්ථාවාදී පිරිස බව ඔප්පු කලේය.එය බහුතර ඡන්ද බලය තිබෙන විට 20වන ව්යෙඅවස්ථා සංශෝධනය තොරතුරු හා විගණක පනත ගෙනෑම වැලැක්වීමත් සම්මතවූ 19 සංශෝධනය බලගැන්වීමට බාධා කිරීමත් මොවුන් ජනතා සතුරන්දැයි දැඩි සැකයක් මතුවීම සාධාරණය. එසේම ඒ සියල්ල කර අවසානයේ අදජනතාවත් අතරට පැමිණ පිල් නැවත නැවත බෙදෙමින් අටවාගන්නා සංධාන හා පෙරමුණු හරහා ජනතාව අන්දමන්ද හා විපිරිසර කර බලය ඉල්ලා පරණ සෙල්ලම කිරීමට යාමට අවසර ඉල්ලීම විහිලුවකි. නව ජනපතිගේ හා මැතිවරණ කොමසාරිස්ගේ යම් හෝ නීතිමය බලපෑමක් යටතේ මහජන දේපල මුදල් මොවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් වියදමට ඉඩ නොලැබුනද පසුගිය අවදියේ ඉපයූ කොපමණවත් දූෂිත මුදල් ඒ සඳහා ඉතිරිව ඇතිවා නිසැකය. එක ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 47000ක් වැයකල ඒ අනුව කෝටි ගණනක මැතිවරණ වියදමක් කල පසුගිය ජනාධිපති එම මහජන මුදල් නොගෙවාම විවෘතව අහිංසකයකු ලෙස හා මහජන ආරක්ෂකයකු ලෙස මාස 05කින් ඉදිරියට ඒම කොපමණ අමතක කිරීමක්ද? එසේ කල ඔහු හා ඔහුගේ ගෝල බාලයන් පවුල් ආරක්ෂා කරමින් කල සියළුදේ වසමින් නිවැරදි කරන විමල්, දිනේෂ්, වාසු, තිස්ස විතාරණ වැනි පිරිස් මොනවා දොඩවන්නේදැයි ජනතාව පිලිකුලෙන් බලාසිටින බව ඔවුන් නොදන්නෙද? තත්වය මෙසේ තිබියදී මෙම පාර්ලිමේන්තු ආයතනයත් එයට යවන කොයි කවුරු නියෝජිතයනුත් දක්ෂිණාංශික, වාමාංශික, ගැහැණු, පිරිමි, පූජක කුමන ජාතික පක්ෂ පාට කෙසේ වුවත් ජනතා විරෝධී අවස්ථාවාදීන් වන බව ඉතිහාසය අපට උගන්වා ඇත. අද 1977 න් පසු උදාවූ විවෘත ආර්ථිකය තුලින් ධනය රැස් කිරීමේ හා එම ධනය කුමන ලෙස හෝ රටට ජනතාවට වින කරන ලෙස වැයකිරීමේත් මාර්ග විවෘවී ඇති නිසා රට තුල බැරිනම් විදේශ වල පවා ආයෝජනය කරමින් ධනවතුන් වීමේ අභිලාෂය මේ තරඟයෙන් දිනීමේ නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීමේ, මහන්සියේ, වියදමේ කුලල්කා ගැනීමේ වුවමනාවෙන්ම පෙනේ.1978ට පෙරද මේ තත්වය මෙතරම් මතුපිටට නොපෙනුනද තිබුණි. 1970 රජයේ පිලිප් වැනි වාම නායකයන් පැරදවූ ධනවතෙකු නොවූ සාමාන්‍ය ගුරුවරයකු වූ බොනී ජයසූරිය වැන්නන් විනාශවූ අයුරුද තුන් කෝරලයේ සියලුම සම සමාජ මන්ත්‍රී වරු අවස්ථාවාදී පාවාදෙන්නන් වූ අයුරුද උදාහරණ ලෙස පෙන්විය හැක. යටියන්තොට වාම නායක හා බුද්ධිමතෙකු වු ඇන්.ඇම් පෙරේරා පැරදවූ විල්සන් පෙරේරා ගස්කපන්නකු වූ අයුරුද කැස්බෑව කඩුවෙල සේ අන් සෑම තැනකද නියෝජිතයන් කල කී දෑ නියෝජිතයන්ගේ පොදු ඉතිහාසයේ හා කැරැට්ටුවේ නාමයෙන් පෙන්විය හැක.  කරුණු ඉදිරිපත් කරන අප මෙම ආයතනයට වගකීම ඉටුකල නොහැකිබව පැහැදිලිව දිගටම පවසන්නෙමු. එහි ඉතිහාසය ඒ වගකීම ඉන් උදුරා ඉවත දමා ඇත. පුද්ගලික දේපල රකින එම දේපල රකින නීතිය සාදන දියුණු කරන අනුමත කර දෙන මෙම ධනපති ආයතනය පීඩිත පංතිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ කෙසේද? එක අර්ථයකින් පමණි. එනම් සූරාකෑම රකින ක්‍රමය රකින ඒ සඳහා නීති සාදන ඔලු පලන මිනී මරණ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් පමණි. සූරාකැම වලකන පොදු දේපල ගොඩනගන නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථයෙන් මෙම වචනය බොරුවකි. පලල් බහුතර 95% පමණ පීඩිතයන් මෙම වචනය හා එය මත ගොඩනගන මැතිවරණ හා ආයතන ප්‍රතික්ෂේප කල යුතුය. ඒ තමන් රැවටූ අවුරුදු 67ක් පමණ ඉතිහාසයේ අත්දැකීම පමණක් නොව ජාත්‍යන්තර තත්වය හා දැනුමද පාවිච්චි කර බලා අනාගත රට හා ළමා ලපටීන් ගැනද සලකා බලාය. දූෂිතයන් වංචනිකයන් ඉවත්කර සාධාරණ මිනිසුන් මැතිවරණයට ගෙනැනවායැයි කීම විහිලුවකි. ඒ පුද්ගලයන් වෙනුවට ඔවුන් ඉපයූ දූෂිත සල්ලි කෑ හා බිවු බිරින්දෑවරු, දරුවන් හෝ සොහොයුරන් පැමිණ ඇත.

                ධනපති පංතියේ දූෂිතයෝ වංචනිකයෝ මිනීමරුවෝ යනු එම පංතිමය යුතුකම ඉටුකරන්නන් බව අප ඉඳුරාම දැනගත යුතුය. එසේ කල වුන් ඔවුන්ගේ ගැලවුම් කරුවෝය. දැන් නිවැරදිකරුවන් ලෙස අනුන්ට ඇඟිලි දිගු කරන සියලු දෙනා අතීතයේ දූෂිතයෝ මිනිමරුවෝය වංචනිකයෝය. හෘඋද සාක්ෂියට තට්ටු කල විට 1953, 1957, 1971, 1983, 1980, 1989 සිට 2009 දක්වා උතුරේ දකුණේ ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මරාදැමූ සියලු තරුණ කැරලි ජනතා නැගිටීම් වැඩ වර්ජන ඔවුන්ට දැනහත හැකිය. එකෙකු වෙනුවට සියගණනින් මෙම ජනතාව පාවාදීමේ තැන ගැනීමට ඔවුන්ගේ පවුල්වල පිරිත් තව් සිටිනු ඇත. ජනතාව රවටා ඇති ඔවුන්ට වාසි ලෙස තැනූ නිවට අවිඤානක ඊනියා සර්වජන ඡන්දය අහිංසක පීඩිතයන් රවටා කොල්ලකා ධනය හා බලය මංකොල්ලා කෑමට ඉදිරියේදීත් ඔවුන් ලොකු මහත් වෙමින් පැමිණෙනු ඇත. මේ සියල්ලටම වඩා සැලකිලිමත් විය යුත්තේ රටේ මැතිවරණ හමුවේ වාමාංශිකයන් හැසියෙන වංචනික ආකාරය අනුවය. ධනපති පංතියේ ඔවුන්ගේ නියෝජිතයන් ම්ලේඡ්ච කපටි වංචනිකයන් ලෙස පෙලගැස්සුවද වාමාංශිකයනට විශේෂයෙන් මාක්ස්වාදී පක්ෂ නියෝජිතයනට මෙලෙස හැසිරිය හැකිද? ඔවුන් කරන වංචාව ප්‍රෝඩාව දැන දැන කරන නිසා පලමු කී පිරිසට වඩා බරපතලය.ජනතා විරෝධීය. පාර්ලිමේන්තුව හොර ගුහාවක් ඌරු කොටුවක් බව ලෙනින් පැහැදිලි කරදී තිබියදී එයින් ගතහැකි එකම ප්‍රයෝජනය එකෙකු හෝ කීපදෙනුකු සහභාගිවී ක්‍රමයේ වංචාව පෙන්වා ජනතා ඇස් අරවා සමාජවාදී දේපල විපර්යාස සඳහා රාජ්‍ය බලය සඳහා ගොනු කිරීම බව පැහැදිලි කරදී තිබියදීත් පාර්ලිමේන්තුව එකම ගැලවීමේ මාර්ගය හා නිවැරදි මාර්ගය බව කියමින් ජනතාව වංචා කිරීමය. එයින් ගලවා ගැනීම වෙනුවට මුළු රටටම තරඟ කරමින් ධනපති පක්ෂ මුල් අද්දවා ඇති මතයන් තව දුරටත් මුල් ඇද්දවීමය. මේ ප්‍රෝඩාවේ ගිල්ලවීමය. ආණ්ඩු මාරුවේ පිල් මාරුවේ පිල් මාරුවේ පුද්ගල මාරුවේ අසුකර විනාශ කිරීමය. රාජ්‍ය බලය සඳහා ක්‍රමයේ මාරුවකට කටයුතු නොකිරීමය. දැන දැනම ජනතාව වංචා කිරීම මොවුනට සමාව දිය නොහැකිය. ඦවි.පෙ. වැනි  පක්ෂද එයින් පතුරු ගැලවී පුද්ගල, සිද්ධි සාධක මත වෙන්වන පෙරටුගාමී හා විමල් වීරවංශයේ ඦනි.පෙ. වැනි පක්ෂද අද ලාංකීය දේශපාලනය සැබෑ සමාජවාදී මාවතට ජනතාව පැමිණීම අහුරන ව්යෙආජ ඉච්චා බස් වහසි බස් සුරංගනා කතා දොඩවන වැඩ පිළිවෙලක් උපායමාර්ගයක් නොමැති නිර්මාක්ස් වාදී සුළු ධනපති දේශපාලනය කරපින්නූ පක්ෂ බව ඔප්පු කර ඇත. මෙවන් මැතිවරණ මාවත් අනුගමනය කරණ ඔවුන්ට බලය ලැබුණද ඔවුන්ද රකිනුයේ සමාජවාදය නිෂ්පාදන ආර්ථියක පොදු දේපල නොව වංචාව දූෂනය පිරි පුද්ගලික දේපල හා රජය බව ඉතිහාසය අනුව අපි කියන්නෙමු. එසේ නොවී ආණ්ඩු බලය ගෙන රාජ්‍ය බලය සඳහා කැසකැවුවහොත් අනුගාමිකයන් විශාල පිරිසක් සමහ දරුණු භීෂණයකට මුහුණදෙන බවද ඉතිහාසය අනුව කියන්නෙමු. දූෂණ, භිsෂණ හා වංචා ගැන අද නිදොස්ව විවේචනය නකලද බලය ලැබුන විට සමාජවාදයේ හා ප්‍රගතිශීලීත්වයේ නාමයෙන් දරුණු භීෂණයන්ද මොවුන් ගොඩනගනු ඇතැයිද සැක සිතිය හැක.

                     1989 මෙන් ඔවුන්ගේ මතවාදයන්ට විරුද්ධ අවංක වාමාංශිකයන් මරා දැමියද හැක. ධනපති උපාධිදාරීන් උගතුන් තම අපේක්ෂකයන් බව පුන පුනා කියන අපේක්ෂකයන් ආගම් අදහන පළමුව පූජකයන් හා ආගම්ක ස්ථාන කරා වන්දනාවට යන මොවුහූ ධනපති නායකයනට කෙසේ වෙනස්වේද? මෙවන් මැතිවරණ අවධියක වේදිකා හා ප්‍රචාරක යන්ත්‍රනය සැමවිට ජනතාවගේ අවිඤානය ආගම් හා ජාතික ප්‍රතිගාමී අදහස් ඇදහිල,s වත්පිලිවෙත් වලට එරෙහිව ප්‍රායෝගිකව හා විවේචනාත්මකව ඉගැන්විය යුතුව තිබියදී එම දේශපාලන නායකයන් භෞතිකවාදීන්, මාක්ස්වාදීන් නොව විඤානවාදීන් බව මෑතදී බිමල් රත්නායක වැන්නන්ගෙන් ඔප්පු කරන ලඳී අන් අයද එසේමය. එවන් පිරිස් කෙසේ පොදු දේපල ක්‍රමයක් ගොඩනගන මාක්ස්වාදී චින්තනය ගරුකරනවායැයි සිතන්නද? පැරණි වාම නායකයන්ට සිදුවූ තමන් තමන් නිවැරදි වීමේ ගුණාංගයවත් නොමැතිබව පෙනවා ඇත. පැරණි වාම පක්ෂ වල දිගුවක් මිස නව විප්ලවීය වාම ව්යෙආපාරයක් ඦවි.පෙ. න් හා බිඳෙන කිසිඳු පතුරකින් මතු නොවන බව අද පැහැදිලි වී ඇත. මොවුහු හා මොවුහු වැන්නන් (විප්ලවීය කියාගන්නා නායකයන්)  හැසිරිය යුත්තේ වැරදි හා ප්‍රතිගාමී සමාජ චින්තනයන්ට ඇදහීම් වලට ප්‍රසිද්දියේ පහරදෙන්නන් හා විවේචකයන් ලෙසය. ප්‍රායෝගිකව කටයුතු කරන්නන් ලෙසය. එවිට එම නිර්භීතකම හමුවේ විවාදාත්මක හා තර්කානුකූල අදහස් ජනතාව තුල ජනිතවීම අනිවාර්යය. නමුත් ඡන්දය නැමති අවස්ථාවාදී බලු පොරයේදී මේ යුතුකම ඉටුකිරීම වෙනුවට ඡන්දය ලොකුවීම හා පළමුවීම සිදුවනු ඇත. අභ්යෙඅන්තර විවේචන හා ස්වයන් විවේචන නොවීමද මෙවන් යාන්ත්‍රන ඇතිවීමට එක හේතුවකි.
           මෙනිසා ඉගෙනගතයුතු බොහෝදෑ මේ මැතිවරණය අපිට ඉක්මණින් හා මෑතදී උගන්වමින් ඇත. ගැලවීමට සියළු ජනතාවට නොහැකිය. ප්‍රබුද්ධ බුද්ධිමත් කලාකරුවන්, චින්තකයන්, දාර්sශනිකයන්, සිසුන්, කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, සෙබලුන් හා සාමාන්‍ය ජනයා තමන් ගැන තමන්ම අවබෝධ කරගනිමින්ඡන්දය කිසිවකුට දීමට සුදුසු නැති බව වටහා ගත යුතුය. වඩවඩාත් කවුරු වුව තමන් අමාරුවේ දමන බව වටහා ගත යුතුය. හීල්ලීමට වුවමනා නැත. මේ මාවතෙන් ජනතාවට ගැලවුමක් නොමැති බව පවසන මතවාදයට පිවිසෙන්න කුමන පක්ෂයෙන් පතුරු ගැලවී කවුරු ආවද පිලි නොගන්න. දේපල ක්‍රමයේ නව වෙනසකට මේ වංචාවෙන් ගැලවී සංවිධානය වෙමු. එකම ගැලවීමේ මාර්ගය එයයි. නිවැරදි විප්ලවීය මාක්ස් - ලෙනින් වාදී අවංක සංවිධානයකට එකතු වෙමු. ජාති ආගම් කුල ගෝත්‍ර නොව ඊනියා උගත්කම බොරු සීමා නැති පීඩිත පංති දැනුමෙන් පෝෂිත ප්‍රායෝගික සංවිධානයකට ගොනුවෙමු. සුළු ධනපති මායාකාරී පක්ෂ පරාජය කරමු.
කොස්ගම විමල් සහෝදරයා
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 07 - 15
          
Previous
Next Post »
Thanks for your comment