අරගල කළමුත් නිවැරදිව අරගලය ඉදිරියට ගෙනගොස් නැත. නමුත් මේ මරණය අපිව කතාකරවනු ඇත



 
පසුගිය 26 ඉරිදා ලංකාදීප පත්‍රයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා ලියා තිබූ ධනේෂ්වරයට එරෙහි අරගලයට ජීවිතය කැප කළ නායකයකු නික්ම යාමයන ලිපිය කාලීනව ඉතා වැදගත්වන හා සාකච්ඡාවකට ප්‍රවිශ්ඨ වීමට සැපයූ හොඳ ඉඩ කඩක් බව පළමුව පෙන්වමි. පැරණි ඦවි.පෙ. පූර්ණ කාලීනයකුව සිට විශාල ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කර කිසිදු පිළිතුරක් නොලබා එළියට බට දස දහස් ගණන් පිරිස අතර එකෙකු වන මම අන් සැම සේම සියලුදෙය කැප කර අද එනිසාම පවුල් පිටින් වන්දි ගෙවන්නෙකු බව ද කිවයුත්තෙමි. මෙම ලියුම්කරුගේ ලිපියේ හරය තුළ ඦවි.පෙ 89 මර්දනයෙන් පසු නැවත ගොඩනැගීමට අමරසිංහ සහෝදරයා කළ කැපවීමත්, ඔහුගේ සාටෝප නොවූ ජීවීතයත්, එසේම නායකත්වය, හිතුවක්කාරී හා ඒකාධිකාරී ස්වරූපයකින් න්‍යායික හා ප්‍රායෝගික තීන්දු තීරණ ගැනීමත් එනිසාම ඔවුන්ට ද 2011 දී  වෙන් වන්නට සිදු වූ අයුරුත් පැහැදිලි කරයි.

ඔහුගේ ලිපිය අර්ථවත් හා සම්පූර්ණ වීමට නම් ඌණ පූරණයක් සැපයියයුතු යැයි මම සිතුවෙමි. ඒ හා සමගම ඔහු තවදුරටත් සිටින ඦවි.ප

වැරදි හා ඉවත් වී පිහිටුවාගෙන ඇති පෙරටුගාමී පක්ෂය කෙරෙහි එදා ඦවි.පෙ මෙන් තබා ඇති විශ්වාසය ද පැරණි රෝහණ සහෝදරයාගේ නිවැරදිභාවය පිළිබඳව තවදුරටත් කල්පනා කර බැලීම වටී. වයස අනුව රාජ්‍ය හමුදාවේ සේවයේ නියුතුව විප්ලවවාදී  යැයි කියාගන්නා සංවිධානයක රහසිගතව වැඩකිරීම ජීවිතය පරදුවට තබන දෙයක් බව පිළිගනිමු. එසේවුව දිවිදුන් 1971 සේවයේ නියුතු සොල්දාදුවන් ද විය. සිරබත් කෑ හා වධවින්ද පිරිස් ද විය. සිවිල් සමාජයේ හෝ හමුදාවන්ගේ හෝ රාජ්‍ය යන්ත්‍රය හෝ පිරිමි හෝ ගැහැණු හෝ වයසක හෝ නැති හෝ කිසිම ගැටලුවකින් තොරව රාජ්‍යයේ කුරිරු මර්දනය ක්‍රියාවට නැගුනු ආකාරය අපි කොතෙකුත් අසා ඇත්තෙමු. අත්වි ඇත්තෙමු. එය අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ හෝ වෙනයම් රටක වේවා මෙම බෞද්ධ, ශිෂ්ට යැයි කියා ගන්නා ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ම්ලේච්ඡ ආකාරයෙන් සිදුකළ අයුරු දන්නෙමු. එය ධනපති රාජ්‍ය මර්දනයේ ස්වභාවයයි. කුරිරුකමයි.
 

අපේ ප්‍රශ්නය යොමුවනුයේ මේ ලිපිය දැකීමට පෙරදී  පවා ඇයි? දැඩි මර්දනයකට ලක්කළ ඦවි.පෙ ට හා එය ගොඩනැගූ අමරසිංහට මෙපමණ රාජ්‍ය ඇගයීමක්, සෝක ප්‍රකාශ කිරීමත් ලැබුනුයේ යන්නයි. ශ්‍රී ලංකා නි.ප. හෝ එ.ඦාප රජයන් දෙකටම පොදුවේ ලංකාවේ ධනපති ක්‍රමය ඔසවා තබාගෙන සිටින ප්‍රධාන ධනපති පිල් දෙකම ප්‍රහාරයට පත් කළ ඦවි.පෙ නායකයාට ගොඩනැගූ නායකයාට අන්කිසිදු රෝහණ විජේවීර හෝ ගමනායක හෝ වෙනත් කිසිවෙකුට නොලද ගරුසරුවක් පුදකළේ යන්නයි. ලියුම්කරු ලියන ලෙසටම විප්ලවීය මාවත මගහැර පාර්ලිමේන්තු මාවතට ඔහු ප්‍රවිශ්ට වීමත් උතුරේ ගැටුමේ දී වැරදි ලෙස ලෙනින් වාදී න්‍යාය යොදාගනිමින් එක්සත් ක්‍රියාකාරීත්වයන් පෙන්වමින් සභාග දේශපාලනය පිළිගැන්වීමත්, රාජ්‍ය හමුදා හා රාජ්‍ය ශක්තිමත් කර පීඩිත අරගලයන් සුණු විසුණු කිරමට සහය දීමටත්, අනුහස් සහිත නායකත්වයක් හා සුරුවම් වන්දනාවටත් පක්ෂය යටකර තිබූ නිසා බැවින් බවත්‍ය.

නමුත් සත්‍ය එය නොවේ. රජයට, ලාංකීය ධනපති රාජ්‍ය යන්ත්‍රයට ඦවි.පෙ ගැන සහතිකයක් ලැබුණේ 1971 §මය. රෝහණ විජේවීරයන්ගෙන්මය. ඒ අන්කිසිවක් නොව අලාභහානි, අරගල හා කුමන ප්‍රශ්න ඇති කළ ද සමාජ විපර්යාසයක් කිසිදා සාර්ථකව නොකරන බවය. ලියුම්කරුට 1971 ට පෙර හා 1980 දක්වා පමණ ඉතිහාසයක් නොමැති විය හැක. අද ඔහු අමරසිංහ සහෝදරයාට කෙසේ සුභ ගමන් පතමුද? යන ප්‍රශ්නය සාමකාමී ලෙස මෙලෙස සිතා ලියා ඇසිය හැකි වුව ද, ඇසීමට බැරි වූ අන් සියලු කුරිරු ලෙස මර්දනය වූ නායකයන්ගෙන් ද කළේ මර්දනය වැළගැනීමක් නොවේද? කියා ඇeසිය යුතු යැයි කියමු. එයට හේතුව නම් මොවුන්ට ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය, හැසිරුණු ආකාරය, කටයුතු කළ ආකාරය පිළිබව අමරසිංහ ගැන ලියා ඇති දේ එදා 1968 සිට අපි ඉවත් වන 1979 වන තුරු අපට නොව, අපට ඉහළ ක්‍රියාකළ බොහෝ අවංක, දක්ෂ, කැපවූ, නමුත් කළකිරීමෙන් ඉවත් වූ බොහෝ පිරිස්වලට රෝහණ විජේවීරයන් ද කටයුතු කළ අයුරු සමාන විමය. එය නායකත්වයේ හා පක්ෂයේ උප්පත්ති වැරැද්දකි.

තම මතය බලෙන් පැටවීම, අනදහස් ගරුනොකිරීම, කතාවට පමණක් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත වාදය කතා කිරීම, නායක වන්දනාව, සුරුවම් තත්වයයට ඔවුන් පත් කර අනුහස් සහිත ගාම්භීර නායකත්වයක් මතු කිරීම ආ§ ලක්ෂණ එදා සිට තිබුණි. 1971 කැරැල්ලෙන් පසු ඇතුලේ තිබූ අසමගිය හා එළියේ විවිධ කණ්ඩායම් නැවත සංවිධානය වීමට දැරූ උත්සාහයන් අපි දනිමු. ඒවා සියල්ල සමගි කර නැවත ශක්තිමත්ව මතුකරනවා වෙනුවට ඪ්ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මඩ ප්‍රහාර දෙමින් පාවාදෙන්නන් බිහිකරමින් තමන්ට හිතවත් කණ්ඩායමක් ගොඩනගන විට සිරගෙවල හා පිටත ඦවි.පෙ ද්‍රොහීන් ලෙස හැඳින්වුණු අවංක පිරිස් වෙන වෙන සංවිධාන පිහිටුවාගත් බවත්, ධනපති හෝ සුළු ධනපති වාම පක්ෂවලට රිංගා ගත් බවත් අපි දනිමු. දිගු කලක් අවුරුදු 6ක් 7ක් අරමුණ සහාම කැළයේ සටන් කළ ගරුසිංහ සහෝදරයා වැනි කණ්ඩාම්  ද අරගලයේ ඉදිරියට යවනවාට වඩා සතුරන් හා යනැනමන් නැත්තන් බවට පත් කළබවත් දනිමු. 1971 වෙනුවුණු සටන් බිමේ සිටි කෑගල්ල ප්‍රමුඛව, ප්‍රධානව හා ප්‍රබලම ජනතා සංගමය යන කණ්ඩායම ද කැරැල්ලේ අඩුපාඩු සකසා ගැනීමට තැත්කළ විට ඔවුන් ද ද්‍රෝහීන් ලෙස නම්කර අතරමංකර දැමීය. එකම පිළිගත් මාරසිංහ කණ්ඩායම ද පසුව විනාශ කර අවසානයේ දී අතරමංකර මරා දැමීය. 


 ඉතිහාසය පුරා කැප්ටන්, මදරේ, රොබට් කණ්ඩායම ධර්මසේකර කණ්ඩායම ආදී  ලොකු කුඩා විවිධ කණ්ඩායම් දක්ෂයන් ඉවත් කළේ මෙය නිහතමානී පීඩිත පන්ති උවමනාව ඉටුකිරීමට අවංකව කැප වූ ඒ සහා පෙනී සිටින සංවිධානයක් නොවූ බැවිනි. කැප වූ, ලේ හැලූ, දිවිපිදූ, වධවිදි සොයුරු සොයුරියන්ගේ පීඩිත ලොව වෙනස් කිරීමට තිබූ උවමනාව හා ලොව එසේ කළ හා කරන්නා වූ රාජ්‍යන්ගේ ආශ්වාදය, සමාජවාදයේ මිහිරි සුව හා ලිඛිත පොත්පත්වල විස්තර හා ඦවි.පෙ ඒ අනුසාරයෙන් දැක්වූ අදහස් හා සංවිධානය කිරීම, හරහා ගොඩනැගුණු අතීතය මත වර්තමානය අදට අවුරුදු 48කි. මේ වකවානුවේ

සියලු විප්ලවීය ගුණාංග හලා දමා වාග් පාඨ පමණක් දෙසන සංවිධානයක් බවට පත්විය. පාර්ලිමේන්තු මාවතම සහා පංති අරගලය පාවා දී අවසානය. පහළ ග්‍රාමීය සමාජයේ මේ ධනපති පීඩනය විසඳීමට වෙනත් සංවිධානයක් මතුවීමට මොවුන් ඉඩ නොදී සිටින නිසාත් ඔවුන් නොකරමින් වහසි බස් දොඩන නිසාත් ගොඩෑමට තතනන සියලු සංවිධාන හෙළිකරන හෝ පාවාදීම හෝ රාජ්‍ය ලවා මර්දනය කරවන නිසාත් අද අන්ත ප්‍රතිගාමී සංවිධානයක් බව හා විප්ලව විරෝධී සංවිධානයක් බව නොකියාම බැරිය.

ඉතිහාසය පුරා ආරම්භයේ සිට අතරමං කළ, ඉවත් කළ, නිවැරදි වීමට උත්සාහ කළ, ප්‍රශ්න නැගූ සංහෝදරවරු කොපමණද? ඔවුන් ලක්ෂ ගණනකි. ඔවුන් කළ වරද සමාජවාදය සහා පක්ෂය නිවැරදි කිරීමට නායක වන්දනාව, නැතිනම් සුරුවම්වීම නවතා ප්‍රශ්න නැගීමය. උත්තරය ද්‍රෝහීන් වීමය. මේ කැපීම් කෙටීම් සහා පෙර නායකත්වයට උපකාර කළ විවිධ පිරිස් සිටියහ. ඔවුන් ද අවසානයේ ඉවත් විය, සමහරු නිෂ්ශබ්ද විය, රට හැර ගියහ. නැතිනම් පුද්ගල ජීවිත සකස් කරගත්හ. තවත් සමහරු අද ද දුක්විඳිමින් සිරගෙවල තපිමින් සියලු දේ කැපකරමින් වැඩ කරන අතර තවත් සමහරු ධනපති රජයේ සුරතලුන් වී ප්‍රධාන පාවාදෙන්නන් වී සිටිති. අමරසිංහ පවා දැනුවත් පක්ෂයේ මූලික කේඩර සාමාජිකයන් එම රුදුරු තත්වයට පත් වී සැහැසි විනාශයක් සිදුකළ බව නොරහසකි. ඔවුන් නායකයන්ගේ ළමිතුරන්‍ය.

විප්ලවාදී මාක්ස් ලෙනින්වාදී සංවිධානයකට මෙපමණ වැරදිමට නොහැකිය. කළින් කී ප්‍රධාන නායකත්ව හා සංවිධාන දුර්වලතා නිසා වැරදි නිවැරදි නොවන්නේය. තව තවත් වැරදි සිදුවන්නේය.ඉවත් වන පිරිස් ද කණ්ඩායම් ද නිශ්ශබ්ද වීම හෝ පසුව අකර්මන්‍ය වීම සුපුරුදු දෙයකි. එයට ප්‍රධාන හේතුව නම් ඦවි.පෙ. නායකත්වයේ හා දර්ශනයේ ද ඇති දුගී භාවයයි. රට තුළ වෙනයම් ව්යෙආපාරයක අවශහ්තාවය දැඩිව අද දැනෙනුයේ තවදුරටත් මේ වංචනික පක්ෂ, පාට හා මැතිවරණ ප්‍රෝඩාව ජනතාවට තිත්ත වී ඇති බව සිරස නාලිකා සංචාරයේ දී සාකච්ඡාවලදීත් පෙන්වන බැවිනි. නමුත් එම හිඩස පිරවීමට ඦවි.පෙ ට අපහසුය. ධනපති දේපල ක්‍රමය තුළ මේ මාර්ගයෙන් ඔවුනට බලය කවුරුවත් පවරා දෙන්නේ නැත. වැරදි උපාය මාර්ග හා උපක්‍රම නිසා තම සංවිධානයේ වැරදි උඩ ලැබූ අභාවාචක අත්දැකීම් සාදා ගන්නවා වෙනුවට නාසය කපා ගැනීම වැරදිය. ඒ වෙනුවට ඔවුන් යනුයේ සියලුදෙනා පාවාදෙන පංති සහයෝගීතාවාදී මාක්ස් ලෙනින් විරෝධි මාවතකය. අමරසිංහ, විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැනි මෑත කාලීන ඦවි.පෙ නායකයනට සුලු මොහොතින්, දවසින් ප්‍රතිගාමී පිළේ සිටගැනීමට, ඔවුන් වෙනුවෙන් පෙනිසිටීමට පුලුවන් වුණා නම් රාජ්‍ය විරෝධි අරගල මැඩලීමට උපකාර කිරීමට ශක්තිය ලැබුණා නම් එහි තේරුම න්‍යායේ හා සංවිධානයේ වැරැද්දය. විප්ලවවාදී විඥ්ඥානයේ ගොඩනැගීමේ දුර්වලතාය. නැතිනම් කිසිසේත් ගොඩනොනැගුණු බවය. එයයි සත්‍ය. එනිසාමය විජේවීර ළ`ගම සිටි අන් අවංකවූවනට වල කැපූ සමහර නායකයන් ධනපති මර්දනයේ දී අලුගෝසු කාර්යයන් ඉටුකළේ. එය අමත නොකරන්න. ඦවි.පෙ උපතේ සිටම නායකත්වය හා සංවිධානය වැරදිය. ජාතිවාදීය. ආගම්වාදිය. එනිසාම උද්දච්ඡය. නිහතමානී නැත. ස්වයං ස්ථිරතාවය දැඩිය. එය අමරසිංහයන්ගෙන් ඇරඹුනා නොවේ.
 

මේ මාවතම අනුගමනය කරමින් අමරසිංගේ වැරදි පමණක් දකින එම වැරදිම කළ පැරණි ඦවි.පෙ නායකයින් හා න්‍යාය වැරදි ප්‍රතිකේෂ්ප නොකර සිද්ධි හා සාධකවල පමණක් වැරදි දකින ඒවා කිරීමට මගපෙන් වූ න්‍යායික වැරදි නොදකින පෙරටුගාමී වැනි පක්ෂ ද තවත් ඦවි.පෙ පතුරකි. එය අනාගතයේ දී දුර්වල ඦවි.පෙ වෙනුවට අනාගත ලාංකීය අරගලයට එරෙහිව එදා උතුරේ අරලගයේ දී මෙන් රාජ්‍ය ශක්තිමත් කරනු නොඅනුමානය. උතුරේ හා දකුණේ විප්ලවාවාදීන් විනාශ කරනු නොඅනුමානය.  තවදුරටත් ලෝකයේ අරගලය නිවැරදි මාවතක ගමන් කළ ද ලාංකීය අරගලය දුරස් කරනු නොඅනුමානය. අරගලයේ කිසිදු ඉදිරියට යාමක් නැත. බිහිවූ සංවිධිත කොමියුනිස්ට් පක්ෂයක් ද නැත. කොමියුනිස්ට් වාදීන් ද නැත. අතරමන් වූවන් පමණක් ඇත. තත්වය ඒ තරමටම කණගාටුදායකය.

ඒනිසා ඦවි.පෙන් කැඩීමට නම් ඦවි.පෙ න්‍යායේ කැඩුම් ලක්ෂය පැහැදිලිකර ගත යුතුය. ඦවි.පෙ න්‍යායික වැරැද්ද වටහාගත යුතුය. එවිට මෙතෙක් ලාංකීය පීඩිත අරගලයට කළ සියලු ද්‍රෝහිකම් අවංකව නව දෘශ්ඨියකින් ස්වයං විවේචනය කරනු  ඇත. මතුවන හා විනාශ වන පීඩිත ජාතික අරගලපීඩිත විමුක්ති අරගල ඒකාබද්ද කිරීමට හැකිවනු ඇත. ලාංකීය අරගලය නව මාවතක සැබෑ සටන්කාමී මාවතක නිවැරදි උපාය මාර්ගික මාවතක ගමන් කරමින් නිරතුරුව සොයුරන් කණ්ඩායම් මගනොහෙලනු ඇත. සංවිධානය සැමදාම පොහොසත් කරනු ඇත. තර කරනු ඇත. නිවැරදි නිහතමානී අවංක නායකත්වයන් ප්‍රජාතන්ත්‍රවා§ව ඉදිරියට එනු ඇත. පක්ෂ සංවිධාන නායක උවමනාවට නොව ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත වාදී ලෙස ගොඩනැගෙනු ඇත.
 

1971 මර්දනයෙන් පසු නැවත ගොඩනැගීමට ද අදට නොව එදාට සාපේක්ෂව දැඩි අරගලයක් දැඩි කැපවීමක් කිරීමට අපට හා එදා කැපවූවන්ට සිදුවිය. පළමු ලාංකීය සමාජයේ සිදුවීම නිසා ජනතාව තුෂ්නිම්භූතව විසුවා සේමදැඩි ලෙස බියවැදී ද සිටියහ. ආරක්ෂාවට නිවෙසකුදු නොවීය. නමුත් සිරගත නායකත්වය වසරකට පසු එළියේ ප්‍රශ්නවලට පිළිතුරු එවන විට බොහෝ පිරිස් නිශ්ශබ්දව සිටියහ. අනෙක එසේ එවූ පිළිතුරු එළියේ සමගිය ද ඇතුලේ මෙන්ම අහවර කර සතුරු පිල් බිහි කළේය. එදා සිට විනාශවුණු නිශ්ශබ්දවුණු පිරිස් එසේ කිරීමට ඊනියා, ව්යෙආජ, වංක පිරිසක් එදා නායකත්වයෙට් හිතවතුන් වුව ව්යෙආජ විප්ලවවාදීන්ව ප්‍රමුඛව වැඩ කළේය. ඔවුන් අවසානයේ දේශපාලන මණ්ඩල, මධ්‍යමකාරන සභික හා දිසා ලේකම්වරුන් වූයේ නායක වන්දනාව නිසාය. උවමනා එපාකම් පිරිමසාලීම නිසාය. එසේම ඔවුනගේ විනාශ කාරී ක්‍රියා ඇතැම් සංවිධාන විසින් පෙන්වා නම් කළ විට නායකත්වය පෙන්වූවන් ම ඉවත් කර දැමුවේ වැදි  කරුවන් ආරක්ෂා කරමිනි. ඒ පෙන්වූ ප්‍රශ්නවලට අද ද පිළිතුරු නැත. අමරසිංහ සහෝදරයා ද ඔහුගේ ගතිගුණ ද මේ විනාශයන්ට බලපා ඇත.


1979 දී අපි එළියට බහින විට අපේ සියලු දේ අහවර වී තිබුණි. මෙම ලියුම්කරුගේ සේ අපේ කැපවීම් ද අවසන් කළේ එලෙසිනි. නායකයින් රැකගත් හිතවතුන් 1989 දී රජයේ හිතවතුන් වී සියලුම දේ නායකයන් සමගම සුන්නද් දූලි කළේ මිලේච්ඡයන් ලෙසිනි. එසේ වීමට නිවැරදි නායකත්වයක මගපෙන්වීම නොලැබීම ප්‍රශ්න කළ යුතුය. තමන් පමණක් විප්ලවයේ උරුමකරුවන් ලෙස සිතීමත් කටයුතු කිරීමත් අන් වාම නිවැදි  සංවිධානවල කැපවන්නන් හා ඦවි.පෙ වැදි  නිසා ඉවත් වන කැපවූවන් සියලු දෙනා වෛරකරුවන් එදිරිකරුවන් ලෙස සැළකීමත්, ඦවි.පෙ උප්පත්ති රෝගයක් බව නම් නොකියාම බැරිය. එසේම අතීතයේ තිබූ කැපවූවනට ගෞරවය අද මන්ත්‍රිවරුන්ට හිමිවීම ද පක්ෂය ධනපතිකරණය වීමේ හොම ලක්ෂණයකි. මේ සියල්ල අමරසිංහ සහෝදරයාගේ නායකත්වය ඇතුව හෝ නැතුව සිදුවූ සුදුසු දේ නම් නොවේ. එනිසාම මෙම ලියුම්කරුගේ ලිපිය නව මාවතක සාකච්ඡාව ගෙනයාමට ඇරඹුමක් ලෙස උත්සාහදරනුයේ විවිධ වෑයම් තුළ 1968 සිට කිහිපවර සිරබත් කෑ සමාජවාදය සහා සියලුදේ කැප කළ සොහොයුරන් වෙනුවෙන් කෙනෙකු ලෙසය. අඩ වශයෙන් හෝ කොටස් වශයෙන් නොව සමස්ථය ලෙස අපි ප්‍රශ්නය සාකච්ඡා කරමු.

 

කොස්ගම විමල්

0712628098
 
 

Previous
Next Post »
Thanks for your comment