සමාජවාදය යල් පැන ගොස්ද?




      වචනයක් ලෙස යල් පැන ගියද, සමාජ ප්‍රගමනයේදී, ආර්ථික ක්‍රියාවලියේදී තවදුරටත් එම නම එක අඩවියක් කරා රැකෙනු ඇත. මිනිසාගේ ඉතිහාසීය ගමන් මගේදී, රුදුරු මර්ධනකාරී යුරෝපානු වැඩවසම්, රාජාණ්ඩු ක්‍රමය පීඩිත ප්‍රවේනි දාසන් දැඩි ලෙස පීඩාවට පත් කර ඇත. සිත මූලික කරගෙන විඥානවාදී ගුරුකුල බිහිවීම හා යථාර්ථය මූලික කරගත් ද්‍රව්යෙඅවාදී දර්ශන මිනිස් දැනුමට සාපේක්ෂව ඇතිවීම හා දියුණුවීම නොකඩවා සිදුවිය. මේ ඇති වුන දර්ශන තුලින් 18 වන සියවසේ ප්‍රංශයේ, ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ, විශේෂයෙන් බිහිවුන සමාජ අසාධාරනය දුටු,සාන්ත සයිමන,a චාල්ස් පූරියර්, රොබට් ඕවන්, ඕගට් බ්ලොන් වැනි චින්තකයන් දුටු මාවත වූවේ සූරාකන දේපල හිමි රදල හා ධනපති පංතියට ආයාචනා කර පංති සහයෝගීතාවෙන්, සාධාරන, පිවිතුරු සමාජයක් බිහිකිරීමේ ක්‍රමයකි. ඒ සඳහා ඔවුන් ක්‍රියාත්මක වී ඉදිරිපත් කල මතවාදය මනෝරාජික සමාජවාදය නම් වූ අතර ඔවුන් මනෝරාජික සමාජවාදීන් නම් විය.

           ඔවුන් දැරූ යම් යම් උත්සාහයන්, අසාර්ථක වීමම, යම් භෞතිකවාදී  දර්ශනයේ ඉදිරි දැක්මකට ඉගැන්වීමක් වීම සේම සමාජයේ ඉදිරි ගමන, සතුරු ප්‍රතිවිරෝධයන්ගේ ක්‍රියාවන් තවත් ප්‍රධාන කොන්දීසි රාශියක් මත තීන්දු වන්නා නියමයක් බව, හා එහි ප්‍ ප්‍රධානවම  පංති අරගලය, වැදගත් බවද ඔප්පුකර පෙන්වන ලඳී. සතුරු ප්‍රධාන පංතීන්ගේ අරගල වැඩිවීමෙන් තීව්‍ර අරගල කරා ගමන් කරන සමාජ විකාශනය ජාතික සීමාවන් තුල, තියුනු සමාජ පරිවර්ථන ඇතිකරන බව පැහැදිලි කර ඇත. මොවුන් ඉදිරිපත් කල පංති සහයෝගීතා මාවත අසාර්ථක වීමත්, ඒවා සියල්ල මර්ධනයෙන් අවසන් වීමත් උඩ ඔවුන් දැරූ සමාජවාදී නම යල්පැන හිය අතර, එනිසාම දියුණු වූ දර්ශනයේ ගමන් මග පංති ගැටුම තීරණාත්මක ජය තහවරු කරන බව ඉන් අනතුරුව මාක්ස්, එංගල්ස්, වැනි දාර්ශනිකයන් සිය පලමු ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයලියවිල්ලෙන් 1848 දී පෙන්වා ඇත. ඔවුන් කලින් පිලුනු වූ සමාජවාදීන් යන නම වෙනුවට කොමියුනිස්ට් වාදීන් යන නම යොදාගනුයේ එනිසාය.

           නමුත් ඒ මාවතේ නිවැරදිව ක්‍රියාකර ගොඩනැගෙන්නා වූ පීඩිත පංතියේ ජයග්‍රාහී නිර්ධන පංති ආඤාදායකත්වය ඇති රාජ්‍යයේ මුල් අවධිය සමාජවාදී ලෙස අප හඳුන්වමු. නමුත් එම අවධ්‍ය ගොඩ නගනුයේ කොමියුනිස්ට් වාදීන් මිස, සමාජවාදීන් නොවේ, එනම් පංති අරගලයේ දායක වූවන් හා වන්නන් මිස. පංති සහයෝගීතාවාදීන් නොවේ. එනම් සියලු ප්‍රගති ශීලී ඉදිරි සමාජ ගමනකට සමාජවාදීන් යන නම් යල්පිනූ, බව අප නැවතත් මතක් කරන්නෙමු.

           අද ලංකාවේ සේම ලෝකයේ බොහෝ රටවල ධනපති දේපල රකින, පීඩිත පංතිය මර්ධනය කරන, ප්‍රතිගාමී, ධනපති ආණ්ඩු, පංති සහයෝගීතාවාදී ධනපති සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, හා පංති සහයෝගීතාවාදීන් යොදාගනිමින් සිය ව්යෙඅවස්ථා සමාජවාදී යන නම යොදාගැනීමෙන්ම මෙම නම ප්‍රතිගාමීන් නියෝජනය කරන්නන් බව පැහැදිලි වනවා ඇත.
 
කොස්ගම විමල් සහෝදරයා
2015 - 05 - 15
 
Previous
Next Post »
Thanks for your comment