කුනු කන්ඳ අදට ප්රමූඛයි - නමුත් සැමදාම ඛේ දවාචකයකි.


සම්ප්‍රදායික  අප්ප්‍රේල්   අලුත්  aඅවුරුද්ද   සැමරීමට   නොලැබුනේ  මීතොටමුල්ල  කුනුකන්ද   නිසා විපතට   පත්වූවනට   පමනක් නොව,  ඇසූ   දුටු  සියලු  දෙනාටමය.   අවුරුදු  දිනයක්  නොවුනත්   , අරනායක,  මීරියබැද්ද,   නායයාම  , සුනාමිය, ශාලාව ,  හමුදා   කඳවුර  පිපිරීම,   ආදී සෑම   අවස්ථාවකම   සිදු වූ  විපත්  හා  මිනිස්  හා  දේපල  විනාශය  ,  දුක් ගැහැට ,වධවේධනා ,   ඔවුන්ගේ   අනාගතය   ගැන සිතනවිට   නිරතුරුව , නොකඩවා   මේ  සිදුවන   දේ වලින් රටේ  කනගාටු  දායක   තත්වය   අප වටහා   ගත යුතුය.                                                                                                                                  මෑත   මතක   ඉතිහාසයේ   සිදුවූ  විපත්  සඳහා  කිසිසේත්   ප්‍රමානවත්  නොවුවද   , වන්දි,  නිවාස,  ආදිය  තවම   අවසන්  කර  නොමැත.   මානසිකව, හා  පවුල්ලෙස   සිදු වී  ඇති කඩා වැටීම්  ,  අසරන  වීම්  අ හවර නැත.   සිටිනා හා  සිටි    පාලක  පිරිස්   එකිනෙකාට   චෝදනා  කරගනිමින්   බලය   රැක ගැනීමටත්  , බලයට  ඒමටත්   කරනා   විකාර  කථා   ජනතාවට   විහිලුවක්   වන්නේ  ,මේ සියලු  විපත් හා   1971, 1989, උතුරේ  තරුන   අරගල   ඔවුන්   පාවිච්චිකල   බවත්  විකුනා කෑ  බවත්  අමතක   නොවන  බැවිනි.  මීරියබැද්ද,  අරනායක,  සුනාමිය,  ආදිය   ස්වභාවික   විපත් ලෙස ගෙන සැලකුවද,     භූ ගෝලීය,  හා  පාරිසරික හා   දේශගුනික,  කාරනා   ලෙස සැලකුවද     ජනතාවට  ඛේ දවාචකයක්වූ විට   එය  සමාජයට   බරපතල  ලෙස දැනේ.                                                            ඈත    ඉතිහාසයේ   මිනිසුන්   වැව්බැන්දේ   තැනිතලා   භූමියේ   මිනිස් ජනාවාස  තුලය. පසුව  විදෙශ්   ආක්‍රමන   නිසාම  කඳුකරය  රාජධානිය  වී  ජනාවාස  මැද  කඳුකරයේ   ඉදිවී  වැව්බැදිරාජ්‍ය   වනගත වී  කඳුකරයේ   සතා  සීපාවා  වැව්බැදි   රාජ්ජයට  වැදුනි. ඉදිවී  වැව්බැදිරාජ්‍ය   වනගත වී  කඳුකරයේ   සතා  සීපාවා  වැව්බැදි   රාජ්ජයට  වැදුනි.  ඉන්පසු  මහා  වෘක්ෂ , ලඳු   කපා  වෙලඳ  වැවිලි  කල  යුරෝපීයයන්   ගිරි  දුර්ග,  දිය කඳුරු   වලට  කල හානිය  නොකිවමනාය.රට පුරා  කදුකර  ජලගබඩාවෙන්   වසර පුරා  නිරතුරුව   ගැලූ සිහිල්  දිය  දහරා  නැවතුනි..අඩුවුනි,  දුර්වර්නවුනි,  අපිරිසිදුවුනි,   මඩින්පිරුනි.  නමුත්  ඔවුන්ගෙන්  රට පවරා ගත්  ,ඊනියා නිදහස   දිනාගත්තායයි   කියන  එම බලහත්කාරී  වතු රාජ්ජයේ   අයිතිකාරී හෝ  හවුල්කාරී   පාලක   පක්ෂ  හා  නායකයන් රටේ  ආර්තිකයට  එම   වැවිලි  වන්දනාවම  තබාගැනීමත්  ,,තව තවත්   නුසුදුසු  ස්ථා න  වල  වැව් තැනීමත්  නිසා  කොපමන  භූ ගෝලීය   සාධක   වෙනස් වුනිද.                                                                                                                                      නව   සමාජයට   විදුලිය  අවශ්‍ය  බව   සැබෑය.  නමුත්  දැනට වී ඇ තිත් ඉදිරියට   ,  වීමට  ඇතිත්   හානි හා  සසඳ්න   විට  කඳුකරයේ  තැනූ  වැව්  ,එම අරමුනු ඉටුකරනවා  වෙනුවට හානිනම් කර ඇත. වතුවගාව  නිසා  ජලය  නැත. එනිසා  විදුලිය  නිරතුරුව හා වුවමනා පමනට   සැපයිය  නොහැක.  මද්‍ය ම   කඳුකරය  තුල  ජල ගබඩා  තනා අනතුරුදායක  තත්වයකට   නායයෑම්,   භූ  පැලීම් , හාසෝදාපාලු  වැනි  විනාශ  හරහා ගමන් කරවා ඇත.  එනිසාම   මෑතදී  භූ  විද්වතුන්  බෙරගල  ප්‍රදේශය   උඩවලවේ  තැන්නට  කඩා වැටෙන   බව පෙන්වාදීම  මතක් කරමි.  අද  බන්ඩාරවෙල  , බදුල්ල, ඉතාමත් අනතුරුදායක  තත්වයක  ඇතිබව  එම පෙදෙශ්හි  ප්‍රාදේශීය   ලේකම් වරු  මෑතදී   පැහැදිලි කරන ලදී.  රට  විනාශ  වුවද  ඉගිලයාමට  පාලකයනට වෙනත්   රටවල  පුරවැසිකම්   ඇත. පොදුජනතාව  ඔවුන්ට  රට රැකීමට බාරදීම  උන්හිටි තැන්  නැතිකර  ගැනීමක්  බව  තේරුම් ගතයුතුය.                                                                                            එසේම  පාලකයන්  විසින්  ඇටවූ  කාල බෝම්බ  වූ  ශාලාව පිපිරීම ,  හාකශල  කඳු , සැබවින්ම  ජනතාව පදිංචි  තම නිවහන වෙත  අනතු රු   කැඳවා දීමකි.  පාලක මෙම  දෙපිරිසම  මෙම ප්‍රශ්න   විසඳීම  වෙනුවට  දැන්  කර හා කරනා  දෑ  බොහෝ  දුරට  හෙලිවෙමින්  පවතී. මරනයකට   ලක්ෂයක්  හා දේපල  වන්දියට  ලක්ෂ  25  කිසිදු  වටිනාකමක්  නැති  රුපියල්  වලින් දී  ජනතාව  රැකීමටත්, සැනසීමටත්  නොහැක. එය  රැවටීමක්, හා මගහැරීමක්,  හා  nනොසලකා හැරීමක් ,හා  විපතට   හෙලා  ඉවත  බලාගැනීමක්  පමනි.
                                                                                                                 1978 ආන්ඩු   ක්‍රම වවස්ථාව  සැදූ  ,රටේ  සිටින, ශක්තිමත්ම, බුද්ධි මත්ම ,   හා ඕනෑම   දෙයක්  කල හැකියයි  සිතූ    ජේ:ආර්: වැනියවුනට  හයෙන්  පහක  බලයක්  ද  දී රට ගොඩ ගැනීම  වෙනුවට  තව  තවත්  ප්‍රපාතයට  හෙලූ බව අද   පැහැදිලිය.එම පාලනය නිසාම   රට  තවතවත්  , තරුන  කැරලි. හා  ආර්තික විනාශ. හා   මහා   පරිමාන   දූශන  වංචා , වලට  මං  විවර කර  රට අන්තිම අගාධයට  ඇද හෙලා ඇත.රටේ   අද  එම අන්තිම  තුරුම්පුවත් ධනපතීන්  ගසා  ප්‍රතිපලය  හිස් බව  දැක  ඇතත් ,  ප්‍රේමදාස,චන්ද්‍රිකා,  විජේතුංග.   මහිංද ,  මෛත්‍රිපාල,  වැන්නවුන්ද   ජනාධිපති කලේ  හා  නැවතත්  ඔවුන්ගේම  හෝ  පංතියේම  එකෙකු  පත් කරනුයේ  අත්දැකීම්   නොලබන  ජාතිය ක්   බව  ලාංකිකයන් ලොවට  ඔප්පු  කරමිනි.                                                               වැඩි  බලතල  ඇති  පාලකයෙකු     සිංගප්පූරුව, මැලේසියාව, වැනිරටවල සේ  ගොඩනගා   රට  තැනීමේ  සිහිනයද   දැන්  බිද වැටීඇත.   විශේෂයෙන්   ලංකාවේ   කෙලින්,  විවුර්තව , මේ ක්‍රමය  තුල  කිසිවකුට වැඩ කල  නොහැකිය. ඒ  සර්වජන  චන්දය  හිමි නොදැනුවත් විශාල  ජනතාවක්   තව  දුරටත්  ආගමික ,  ජාතික,    ප්‍රතිගාමී  චිංතනයෙන්    හා ගතිපැවතුම්වල    හිරවී  ඇති  නිසා  ඔවුන් රැක ගැනීමට  අවු:  05කට   වරක්  ලොකුවෙනසක්   පෙන්වා  ඊලග  මැතිවරනයට  යා නොහැකි බැවිනි.   පොදු  ජනතාවද  තම තත්වය තුලම   මේ චක්කරයේම   සිරවී  සිටිති.   එනිසා  ඕනෑම  පාලකයකු   තම  අභිප්‍රාය   කෙසේවුවද    ටික කලකින්  කනපිට  පෙරලී   ඊලග  මැතිවරන   ජය පතා  ව්ංචා  හා  විගඩම්   කරමින්   ,කලයුතු  දේ පැහැර  හැරීම   සිරිතක් වීඇත.  එනිසාම   ආගම  හා  ජාතිය    රාජ්‍යය   පාලනයෙන්  ඉවත්කිරීම , බුද්ධ්iමත්, රටේ,ප්‍රගතිය    දිගු  හා  කෙටි  කාලීනව   දැකිය  හැකි   පිරිසකට   චංදබලය  lහිමිකිරීම   වැනි  කාර්‍යයන්   කිරීමෙන්    වැලකී   ඇත.                                                                                    
                                   එම    ප්‍රධානම   හාඅබ්භයන්තරයටම   දැනෙන   , භියෙන්  , සැකයෙන්  තොරව   බරපතල සමාජ , ආර්තික, දේශපාලන,  විපර්‍යාශයකට   අත ගැසිය  හැකි  තත්වයකට  පාලකයකු  පත් වීමට  මේ  දේපල ක්‍රමය   රකින  දේශපාලනයට  නොහැකිය එදිනෙදා    මොන  බොරු  කීවද   කවුරු  කීවද  ඇත්ත  එයයි, එවැනි     එවැනි තත්වයක්  තුල  අරමුනුසහගත  දේශපාලන වියාපාරයක්   කරා දිගු,හා  කෙටි  කාලීන  සැලසුම් ඇතුව   රට,    මහපොලොව,  පරිසරය,   කාලගුනය,  ජනතාව,   රැකෙන වැඩ පිලිවෙලකට  යමින්  රජයෙන්   අත  හැරියයුතු   ප්‍රතිගාමී  අංග  ඉවත්කරන    ,නොදැනුවත්  විශාල  පිරිසකට  නිවැරදි  දේශපාලන දැනුමක්  ලබාදී,  පාලනයට  සහබාගීවීමට   චංද බලය  හිමිවන ක්‍රමයකට   අප ලගා විය යුතුය.   එතෙක්  කවුරු වුව  මේ   ක්‍රමයේ   පාලනයෙන් හා  පාලකයන්ගෙන්   ලැබෙන  ආපදා,   විපත්,  අනතුරු,   ඛේදවාචක,  දුක් වධ වේදනා,    අනීවාර්‍යමය.   2017\04\11  දින  අද  පුවත්පත  පවසන  පරිදි       සවුදි  රෝහල්  මෝචරියේ   පහර කා  මැරුම්  කෑ  අහිංශක   lලාංකික කතුන්ගේ   මලසිරුරු  12ක් ඇත. රටේ  jජාතික ආර්තිකයට    මුදල් සොයන  මොවුන්  දූsහනය  වී  ,වධ  විද  ,  මැරුම් කමින්    එවන  සල්ලි  වංචා  කරන  , කෝටි ගනනින්  ගසාකන,  කෝටිගනන්  wවැයකර වාහන ගෙන්වන,   පාලකයනුත්,,ඔවුන්ටම   නැවත  බලය  දෙන  මිනිසුන්  වැන්නනුත්  වෙන   රටවලත්  සිටීදැයි  නොදනිමි.                                                                                                                     මේ  අනුව  ලංකාව    සැමදාම   වේදනාවකි. දුකකි. සෑම ,දිනයක්ම,  පැයක්ම,  ඛේ දවාචකයකි.  තව  තවත්  ප්‍රපාතයට   ඇද හැලෙන   බවට  අනතුරු   හැගවෙන   රටකි.  ජනතාව  මොන පක්ෂයේ , වෘත්තියේ, වුව  ගොවි, කම්කරු,  ධීවර,  සෙබල, සිසු,  සිතා  බැලිය  යුතු  සැබෑ   විසදුමකට  යායුතු   කාලයකි  මෙය,   මගහරිනා   ,  නොසලකනා ,   රැවටීසිටිනා  , සාම  මොහොතම   අප  එරෙහිවන්නේ   අපේ   රටට,  හා  අනාගත         දූ   දරුවනට  බව  සිහිපත්කරමි. අපේ  අත්දැකීම්   අපට  මගපෙන්වනු   ඇත.                                                                                                                                                                          කොස්ගම  විමල්   සහෝදරයා,                                                                                              නව  ජනතා පෙරමුන,        
        2017\04\  17                                                                                                      
Previous
Next Post »
Thanks for your comment