නීතිරීති, අධිකරණ හා සිරගෙවල් අපරාධ වැඩිකරනවාද?


           සත්ව සමාජයෙන් බොහෝ දුරට මිනිස් සමාජය වෙන්වන්නේ භාෂාවේ  බිහිවීමත් සමගයි කියා කියුවහොත් එය නිවැරදිය. මොන භාෂාවකින්, මොන රටේ මිනිස්සු අදහස් උදහස්, රුචි අරුචි, අතීත වර්ථමාන සිදුවීම්, අනාගත බිහිවීම්, නිර්මාණ, කලා,සෞන්දර්යාත්මක හැඟීම් පමණක් නොවෙයි ආරක්ෂාව, වගකීම් ආදී සියලු දෙයකම පොදු සම්මුතීන් එකඟතාවයන් ඇතිවූයේ ඇතිවන්නේ මේ භාෂාව හා භාෂා අතර වටහා ගැනීම නිසායි.මිනිසා ලොව පාලනය කිරීමට ස්වභාවය හැසිරවීමට තමන්ට රුචි අයුරින් පෙරලා සකස් කරගැනීමට හැකියාව ලබා ගත්තේ භාෂාව නිසයි. එයට පිටුවහලක් වුනේ ස්වභාවයේම නිමවූමක් ලෙස අත ඇවිදීමෙන් නිදහස් වී නිපදවීමට හා වැඩ සඳහා යෙදවීමට හැකිවීමකි. එනිසා භාෂාවේද සංවර්ධනයක් වූ බව මනසේ සංවර්ධනයක් වූ හා වන බවද දනිමු.
           මෙසේ මිනිසාගේ පොදු දියුණුව තම වර්ගයාම යටත් කරගනිමින්, සුවිශේෂීව ඔවුන් පාගා, ම්රිකා නැගී සිටිමින්, යම් පිරිසක් අසීමිත ධන තන්හාවෙන්, බල තන්හාවෙන් අයිතිය තහවුරු කිරීමක යෙදෙමින් තම වර්ගයාට පීඩිත පංතියක් බවට පත් කරමින්, සුළු පංතියක් සමාජය පාලනය කරන අවධීන් මතු වීමද මේ ස්වභාවික, සංවර්ධනය තුලම තවත් පසකින් ඇත. අතීතයේ වහල් වැඩවසම් සේම මේ ධනපති සමාජයේද යුක්තිය, සාධාරණය, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සුමිහිරි වචන යොදමින්, පාවිච්ච් කරමින්, අනීතිය, අයුක්තිය, බලහත්කාරය, පීඩනය, භීෂණය, යෙදෙන ඒවා සඳහා නීති රීති හා ආයතන ව්යෙඅQහගත කර ඇති ආකාරය. සමාජයේ අනිවාර්යය අංග හා තිබිය යුතුම කොටස් හැටියට යොදා තිබෙන සැටි අපි දකින්නෙමු. ඒවා අතර පාලන ව්යෙඅQහයේ පාර්ලිමේන්තු, පලාත් සභා, ප්‍රාදේශීය සභා
සමිති සමාගම්, ආගමික පූජ්‍යස්ථාන වැනි ජනතාවට කරදරයක් සිදු නොවන බලපෑම් කරන ආයතනද ඇත. නමුත් මෙවන් සමාජයන්හි විය යුතු පරිදි සේවාවක් නොකරන ආයතන ලෙසට ජනතාව නොපිහිටවූ, ජනතාවගේ ආයතන ලෙස පෙන්වන, ජනතාවගේ අයිතීන් සඳහා සේවය කරන, සමාජය හසුරවන, පාලනය කරන, මිරිකන, බලපෑම් කරන, අධිකරණ, සිරගෙවල්, නීති ආයතන, පොලීසි හා අන් රාජ්‍ය ආයතනද අපි දකින්නෙමු. මිනිසා තම ජීවිතයේ සාමූහික වගකීම හා ජීවිතය ගෙනයාමේදී, ජීවත් වන වටපිටාව, පරිසරය, ගහකොල, අවට පිරිස් ආරක්ෂා කරගැනීමේ ස්වයන් දැනුමක්, හුරුවක් හා ස්වයන් වගකීමක් සේම, එසේ නොමැතිවිට හා නොමැතිවූන්ට බලපෑම් කිරීමට මෙම සියලු ආයතන, සංවිධාන සමාජ යහ පැවැත්මේ සමතුලිතතාවය ආරක්ෂා කිරීමට යොදා ගැනීම දැකිය හැක. පොදු සමාජයේ සතුරන් හා සතුරු ක්‍රියා පැරදවීමට මේවා කටයුතු කරන බව පෙන්වා දී ඇත. කලින් කලට ජනතාවගේ මනාපයෙන් කැමැත්ත, අකමැත්ත පිට ඔවුන් රටට යම් ඉපයීමක්, ගොවිතැනින්, කම්හලින්, හෝ වෙනයම් ශ්‍රමය වැගිරීමකින් කරන විට ඔවුන් සඳහා කටයුතු කිරීමට, පාලනය සඳහා තෝරා යවන විට ඔවුන් රැකෙන හා ඔවුන්ව රකින රාජ්‍ය පාලන ආයතන රට ගොඩ දමන ජනතාව කෙරෙහි කෙසේ බලපාන්නේදැයි සෙවිය යුතුය.
     අධිකරණයේ, පාසලේ, රෝහලේ, පොලීසියේ, බණ්ධනාගාරයේ, ආදී සෑම තැනම ජනතාව සමඟ ගැටෙන සියලු ජනතාව උපයන මුදලින් ආදායමින් යැපෙන නිළධාරීන් කටයුතු කරන ආකාරය සොයා බැලිය යුතුය. ඔවුන්ගේ ආකල්ප හා ක්‍රියාවන් වැරදි නිවැරදි කතා කල යුත්තෙමු. සිවිල් සමාජය ව්යෙආකූල වූ අවස්ථාවකදී හැර ජනතාව හා නොගැටෙන හමුදා සෙබලා හා නිළදාරියා හැර පොලිස්, රෝහල්, කාර්යාලීය නිළදාරින් අද සිවිල් සමාජය හා යම් හික්මීමකින් හා විනයකින් තම පැරණි ජනතාව පීඩනයට පත්කරන, ජනතාවගේ බලධාරි වී කටයුතු කරන ස්වරූපයෙන් ඉවත්වී හිතවත්ව කටයුතු කිරීමක් දැකගත හැක.


           නමුත් ජනතාව හා කිසිසේත් නොපෑහෙන, සමාජ විරෝධී යයි කියන ක්‍රියාවක යෙදුන පසු සමාජයෙන් වෙන් කරන මිනිසුන් හා කටයුතු කරන ඔවුන් හා කථා කරන, අමුතුම චරිත බවට පත්වී ඇති බන්ධනාගාර හා එහි සේවය කරන්නන් ගැනනම් කථා නොකරම බැරිය. දේශපාලනයෙන්, අධිකරනය ස්වාධීන බවක්, ඇඟිලි නොගසන බවක් පැවසුවද අධිකරනයේ කාර්යය වන සමාජය, එහි සමතුලිතතාව ආරක්ෂා කරන ව්යෙඅවස්ථා, නීතිරීති සලකා බලා තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්‍රියාවට නැගීමට බන්ධනාගාරයට පැවරීම හා ඔවුන්ට අපහසු වූ විට පොලීසිය හා හමුදාවල උපකාර ඉල්ලීම හා ලබාගැනීම බවද අපි දනිමු. එසේම මෙම පීඩිත පංතියත් පීඩාවට පත්වී ඇති සමාජයක, පීඩක පංතියේ දේශපාලන වුවමනාවන් ආරක්ෂා කර ඔවුන්ගේ පැවැත්මේ ආයතන ව්යෙඅQහය ආරක්ෂා කිරීමේ කටයුතු කරන අධිකරණය ඔවුන් රටේ සියලු ව්යෙඅවස්ථා හා නීතිරීති පැනවීම පෙන්වා, පැහැදිලි කර, අනුමත කරමින් ජනතාව පිට පැටවීමද කරති. මේ ආයතන වල සේවය කරන බොහෝ පුද්ගලයන් සාමාන්‍ය පංතියේ දරුවන් ඉගෙනීමෙන් ඉහලට ගොස් සිටියද දැනුමට අනුව නොව වැටුප සඳහා කරනුයේ තම පංතියට එරෙහි ක්‍රියා බව නොදනිති. එය යුතුකමක් ලෙස හා වගකීමක් ලෙස උඩඟුවෙන් හා ආඩම්බරයෙන් කටයුතු කිරීමද දකිමු. තමන් දවසේ කාලය කා දැමුවද, සේවයක් කල ලෙස සැලකුවද, තමන් ඇත්තටම කලේ තමන්ට වැටුප උපයා දුන්, රටේ නිෂ්පාදනයට අත දුන් පීඩිත පංති පුද්ගලයා, තනිකර, සිරකර පීඩාවට පත්කර, නින්දාවට පත්කර,ගැරහීමට පත්කර අවමානයක් කිරීම බව මොවුහු නොදනිති. ඔවුන්ගේ ආකල්පය වනුයේ ඔවුන්ට උගන්වා ඇත්තේ මොවුහු අපරාධකරුවන්, වැරදිකරුවන් බවය.සමාජ විරෝධීන් බවය.එය වැරදි බව පෙන්වීමට මෙම ලිපියේ අරමුණ බව පෙන්වමු.
යම් ඕනෑම පුද්ගලයකුගේ පෙරාතු අතීත පිය මුතු මීමුතු අවම පරම්පරා තුනක විස්තර අසා දැන සොයාගත හැකිය. ඔවුන්ගේ කවුරුහෝ වෘත්තීයමයව කල විවෘත රැකියාවට අමතරව ආවෘතව යම් අකටයුතු දෙයකින් මුදල් ඉපයීමක් කර තිබුණානම් හා එය නැවත නැවත ඒවා සෙවීමට සිටින නිළදාරීන්ට හා ආයතන වලට වියදම් කරමින් ඉපයීම පලල් කරානම් හැර එම පුද්ගලයාගේ වර්ථමාන පරම්පරාවට උරුමවන දේපලක් නොමැති බව පෙනේ. සෑම සාධාරණ ඉපයීමක අවසානය එක පරම්පරාවකින්ම ඔවුන් අන්ත පීඩිත හා අහිංසකම තත්වයට ඇද වැටීම බව අද පැහැදිලි තත්වයකි. එනිසාම සෑම පුද්ගලයාම තම ප්‍රධාන රැකියාවට අමතරව ආවෘතව යටින් වෙනත් රහසිගත ඉපයීමක යෙදීමට උත්සහ ගැනීම අද පොදු ලක්ෂණයක් බාව පෙනේ. ගිනි පොලියට  සල්ලි දීම ඒ සඳහා නීති විරෝධී ලෙස මුදල් වුවමනා වූ පුද්ගලයාගේ අසරණ භාවය පාවිච්චි කරමින් අසාධාරණ කොන්දේසි ලෙස පදිංචි ඉඩම හා ගෙය පවා නීතිවේදීන් හිතවතුන් ලෙස මුදලට ගෙන සින්න කර ලියා ගැනීම, බඩුමුට්ටු පවරා ගැනීම, බලපෑම් කර තර්ජනය කර එලියට දැමීම නැවත කිසිලෙසකින් හෝ ලියාදීම පැහැර හැරීම සියලු ආරක්ෂාකාරී නීති තම වාසියට මුදල් යොදා පාවිච්චි කිරීම අද දැකිය හැකි පැහැදිලි දේය. මත් වතුර මත් ද්‍රව්යෙඅ වෙළඳාම, කැලෑ හොරෙන් කැපීම, රජයේ ඉඩම් ඇල දොල කොටා අයිති කර වවා විකිණීම ගිනි පොලියට උගසට ගැනීම, අඩු පඩියට අයිතිවාසිකම් නොදී වැඩ ගැනීම, ඉල්ලූ විට පලවාහැරීම, ආදිය අද සුලබ හා සාමාන්‍ය දේ වී ඇත.

           සාමාන්‍ය අසරණ මිනිසා රැකෙන බොහෝ නීති අද කපටි කයිරාටික, වංචනික, දූෂිත බියකරු මිනිසුන් මුදල් රැස් කරන සමාජයේ ඉදිරිපෙලට වැදගත් මිනිසුන් ලෙස මුදලින් ගෙනැන නීති බවට පත්වී ඇත. තමන් උපයා ඇති අසාධාරණ මුදල් නීතියේ පළමු, පොලිස්, වන නිළදාරී, සුරාබදු, අල්ලස්, අධිකරණ හා නීතිවේදීන්ට හැකිපමණ වැඩිපුර වියදම් කර ගැලවීමට් හා ස්ථාවර වීමටත් අසරණ පීඩාවට පත්වූ පිරිස් වැරදිකරුවන් කර පාරට දැමීම හෝ තවදුරටත් පලි ගැනීමට බන්ධනාගාර ගත කිරීමද අද අපට දැකිය හැක. මෙසේ බන්ධනාගාර ගතවූ පිරිස් සාකච්ඡා කිරීමේදී නීතිය කොටු කරගෙන ඇත්තේ අසරණ අහිංසක නිවැරදිකරුවන් බව පෙනේ. නීතියේ හා නීතියේ පිරිස්වල ගැලවීමට කවුරු හෝ අල්ලා දිය යුතු නිසා අසරණයන් මාස නොව අවුරුදු ගණන් දුක් විඳින සිරගත වී සිටින අවස්ථා ඒ තුල දැකිය හැක. ණය ගෙන පලාගිය ණයකරු වෙනුවට අහිංසක ඇපකරුවන් සිරගත කරන රැඳී බලා සිටි පුද්ගලයා අමාරුවේ දමා සොරුන් පලා ගිය විට ඔවුන්ව සිරගත වන මිනීමරුවන් තම වුවමනාව ඉටුකරගෙන වෙනකෙකුගේ දෙයක් එහි තබා ගිය විට එම පුද්ගලයන් සිරගත කල අවස්ථා කොතෙකුත් ඇත. නීතිය ඉටුවී ඇත. නිළදාරීන් වැඩ කර ඇත. නමුත් වැරදිකරු නැත. අහිංසකයන් සිරගෙය තුල වද විඳිමින් සිටිති. අධිකරණ විනිසුරුවන් යම් පුද්ගලයකු කලායැයි ඉදිරිපත් කරන වරදකදී එය සිදුවූ කාලය තුල ඔහු විsශ්වාස කල ආදායම රටේ ආර්ථිකයේ කඩා වැටීම නිසා අන් පිරිස් වල සේම දියවී ගියානම් ඔහු යෙදූ මුදල් දේශපාලන හෝ ස්වභාවික හානියක් මත ආපසු උපයා ගැනීමට අපහසු වී ව්යෙආපාර බංකොලොත් වීනම් එම පුද්ගලයා නොව ඔහුට එම තත්වය ගෙනාඅ ඔහුව අසාර්ථක කල දේශපාලනයට, රටේ පැවැත්මට හෝ ස්වභාවික විපතට සැලකිල්ල දැක්විය යුතුය. නැතිනම් වනු ඇත්තේ අවංක පුද්ගලයකු සැබෑවටම නැවත නැවත සමාජයට සේවයක් කල හැකි තැනැත්තෙකු සමාජ සතුරෙකු ලෙස සිරගත කර විනාශ කිරීමය. වරද මිස වරදට හේතුව එසේ වීමට් පසුබිම සොයා නොබලන නීති හා නීති නිළදාරීන් සිටින විට අහිංසකයන් වන්දිගෙවීමට සිදුවී ඇති බව පැහැදිලිය. එසේම බන්ධනාගාර, උසාවි නිළදාරීන්, සිරගත වූවන් හා වන්නන් පිළිකුල් කිරීම, දැඩිලෙස හෙලා දැකීම, ඔවුන් සමාජයේ ලාදුරු රෝගින් ලෙස සලකා කටයුතු කිරීම හා ඔවුන්ගේ ජලය, වැසිකිලි වාතාශ්‍රය, ආහාර ආදී කිසිවක් විමසීම නොකිරීමද සැලකිය යුතුය. දැඩි උනුසුම් පෙදෙශි ඇති සිරගෙවල උසට බැඳි තාප්ප මැද ඇස්බැස්ටස් තහඩු යොදා වාසිදුරු රහිතව උස් බිත්ති බැඳ දොර ජනෙල් යොදා වසා ඇති කුඩා කාමර වල දිවා රෑ පොදි පිටින් අසුරා ඇති සිරකරුවන් විඳින දුක දැකීමට දැනීමට මේ දඬුවම් නියම කරන, ක්‍රියාවේ යොදන වුන් ඒවායේ ගාල් කර බලා ගැනීමට යෙදිය යුතුමය. කෑමට බැරි ආහාර නිතර ගණන් කිරීමට සිටගැනීම, කුණුහරුප ඇසීම, සෙවනක් නැති කට්ට අව්වේ පැය කීපයක් එලියට දැමීම රෑ තිස්සේ නින්ද නැතිව දහඩිය පෙරමින් වාඩිවී හෝ සිටගෙන සිටීම දවාලටත් එසේම වීම මැසි මදුරු, මකුණු ප්‍රහාර ආදී වද වේදනා විඳින සිරකරුවන් සැමවිටම තවදුරටත් සමාජ විරෝධීන් වීමනම් නොවැලැක්විය හැකිය. නිළදාරීන්ගේ උද්දච්ච අහංකාර හැසිරීමනම් ඔවුන්ට වැටුප සලසන මේ වැරදි පාලනය, නීතිරීති එනිසාම වැරදියට නීතිරීති යෙදීම නිසාම සිරගත වන රටට කුමන හෝ දෙයක් උපයන අහිංසකයන් තවත් ඇද වැට්ටවීමකි. පාර දිගේ හරකුන් සේ දම්වැල් යොදා ගැටගසා දක්කාගෙන ගොස් ගාල්කර ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත දෙයකි. සිරගෙවල පරිපාලනයේ බිහිසුණු ප්‍රකාශ, තර්ජන, ගර්ජන, බියවැද්දීම් පාවිච්චි කර අපරාධකරුවන් යොදාගනිමින් මර්ධනය කරමින් බොරු වැරදි ගෙන පහරදීම් කොතෙකුත් දැකිය හැක. අද සිරගෙවල් උසාවි මේ තත්වයෙන් මිදී නොගතහොත් රටේ පාලනයේ වැරදි නිසාම නීතිරීති වල වැරදි නිසාම ඒවායේ අභ්යෙඅන්තර හරය නිසාම දේපල රැකීමේ වුවමනාව පැහැදිලි වන නිසාම සමාජ අපරාධකරුවන් බවට පත්වන අහිංසක රටවැසියන් ජීවත් වීමට කරන ගණුදෙනු ක්‍රියාවන් හා කටයුතු පමණක් වැරදි ලෙස පෙනවා වැරදිකරුවන් වීමම සමාජයේ බරපතල කඩාවැටීමක් බව පැහැදිලි කරමු. මේවා ප්‍රති සංවිධානය වීමට, නිවැරදි වීමට මුල සිටම හා සහමුලින්ම කනපිට හැරවීමක්ම කලයුතු බව පෙනේ.

                පාලකයනට රටට විනිමය උපදවන මහ බැර කම්හල බිහිනොකර, ගැහැණු මිනිසුන් රට පටවන, සම්ප්‍රදායික වෙළඳ වැවිලි හා ටේලර් ශොප් ආර්ථිකය පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි විය යුතුය. නමුත් බොරු පොරොන්දු වපුරා පාලනය ගත් පසු අයවැය පරතරය පියවීමට බදු හා දඩ වලින් කෝටි ප්‍රකෝටි ගණන් ඉපයීමට විනිසුරු වරුන් ෆැක්ටරි හිමියන් හා පාලකයන් නොකර ගත යුතුය.ඔවුන් ලවා රටේ පාලනයේ අදක්ෂ කම  නිසාම උපයන සොච්චම ප්‍රමාණවත් නොවීම නිසාම ජීවත්වීමට හා ජීවිත අවශහ්තාවට මොනවා හෝ සුළු වැරැද්දක් යයි සිතන නමුත් ලොකු ලොක්කන් කරන මහා පරිමාණ වැරදි හා සසඳන කල අබැටක් හා වන දෙයකට මිරිකා, පීඩාවට ලක්කර රීරි මාංශ උරා දීම නොකල යුතුය. කෝටි ප්‍රකෝටි ගණනින් කුඩු හා මත්පැන් නීති විරෝධීව ගෙන්වන රටක කෝටි ගණන් බදු වංචා කරන මහා පරිමානව මහජන මුදල් ගසාකන, ඔවුන් දේශපාලකයන් හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් වන රටක, ඔවුන්ට දඬුවම් නැති රටක, චෝදනා නැගුවද එලිපිට සිටිනා සිරගත කලද රෝහල් ගතවන පසුව චෝදනා රහිතව නිදහස් වන රටක රටේ රීරි උරා බොනවා මිස, සතයකුදු රටට උපයා නොදෙන රටක මේ මිනිසුන්ව, රටේ ජනතාවට ප්‍රශ්ණ උපදවා ඇති විට රටට බත සපයන, රටට විනිමය සතයකින් හෝ උපයන පීඩිතයන් මිරිකා අයවැය පියවාදීමට සිගරට්ටුවක් බීමට, අරක්කු ටිකක් බීමට, පොඩි බැංකු ණයකට, ණය මුදලකට, නැතිනම් විවාහයන් කරගැනීමට අවස්ථාව නැතිව වයසට යනවිට පමණක් ගැහැනියක හෝ පිරිමියකු ඇසුරු කිරීමට වැනි මහා වරදක් යැයි කියමින් මුදල් උපයා දීමට දඩ ගසමින්, රිමාන්ඩ් හා සිරගත කරමින් අවීචි මහා අපායයන් බඳු වද දීමනම් අනාගත සුභ ලකුණක් නොවන බව සිහි කර ගත යුතුය. වද දීම හා ලොකුකම් ප්‍රදර්ශනය කරන, ජනතාවගේ ස්වාමිවරුන්‍යඑයි සිතන, ඔවුන් නිසාම වැටුප් ලබා, පහසුකම් ලබන නිළදාරීන් පාලකයන් සියළු දෙනා සිහිකර ගත යුතුයි. අතීත ජ්‍යාත්‍යන්තර හා ජාතික උදාරහරණ පෙන්වනුයේ පීඩිත පංතියේ වධකාගාර බදු සිරගෙවල් සමාජ විපර්යාස වලදී පාසැල්, විශ්වවිද්‍යාල හා පළමු වෙඩිමුර වූ බවය.
     රටට උපයන සොච්චමවත් නැතිකරමින්, සමාජයට වෛරකරුවන් කරමින්, අපරාධ ලෝකයේ පලමු අධ්‍යාපනය ලබාදීමට, හඳුනාදීමට ඉඩ ලබාදෙමින්, සියලු මහ පරිමාණ
කරුවන්ගේ කුඩා ගෝලයන් කරන අහිංසක මිනිසුන් භියකරු පලිගන්නන්ගෙ මානසිකත්වයට පත්කරන සිරගත කිරීම් නොකිරීමට අවබෝධ කරගත යුතුයි.

           පෘථිවි වාසීන් මොහොතකින් දකින කියන සන්නිවේදනයේ ඉහල තැනට ලොව දියුණුව පවතින විට, බන්ධනාගාර උසාවි ඉහල පහසුකම් රැඳවියන් හා චෝදිතයන්ට ලබාදෙනවා මිස  ඔවුන් මිනිසුන් මිස සතුන් සිව්පාවුන් ලෙස නොසලකිය යුතුයි. තනිව උසාවියට යාමට සිදුවන අහිංසකයකු වෙනුවෙන් නිතිවේදීන් පෙනී නොසිටන විට, මගහරින විට, ඔවුන් දක්ෂ නොවී හෝ කරුනු නොපෙන්නන විට, සිරගෙට නියම වූ විට නිවෙස් දැනුවත් කිරීමට, වැඩපිළිවෙලක් නොමැත. සිරගෙවල් සුබසාධනය ලිපි මගින් දක්වනවිට ඒවා ලැබී විසිට් පැමිණෙන විට දත් නොමැද, පිඟන් කෝප්ප නැතිව නොකා නොබී, ඇඳසිටි ඇඳුමින් දින ගානක් සිටිය යුතුය. දාඩිය පෙරාගෙන බිම ලැගිය යුතුය. අද දියුණු ලොව සිරගෙවල් සඳහා දුරකථන පහසුකම් ලබාදී ඇත.ලංකාවේ නැත. අපරාධ මැඩීමට අහිංසකයෝ සතු දුරකථන පවරාගෙන අපහසුය. එය කිරීමට බාහිර අපරාධ මැඩීමේ යාන්ත්‍රනය ශක්තිමත් හා අවංකව විය යුතුය. අපරාධ කරන සංවිධානයක පිරිස් සිරගෙවල් සැමදා පණිවිඩ හුවමාරුව සඳහා සැලසුම් සකසාගනී. එහි වන්දිය සෑම අයකුගේම ගන්න වන්දියක් නොවිය යුතුය. පාලක දුර්වලතාවයන්ටද, පීඩිත මිනිසුන් වන්දි ගෙවීම නතර කලයුතුය. අපරාධකරුවන් නිළධාරීන්ගේ සුහද මිතුරන් නිසා ඔවුන්ට නිවාස වල සිටින තත්වයක් හා පහසුවක් හා තනිකමක් නොමැති මානසිකත්වයක් සිරගෙවල බිහිවී ඇත.කාලය කා දමන සූරාකන් දේපල ක්‍රමය රකින ධනපති ක්‍රමයේ උපරි ව්යෙඅQහයේ නීතිය හා සිරගෙය පීඩිත් ජනතාවට වදයක් හා පීඩනයක් වුවද පීඩිත පංති රාජ්‍යයක උපරි ව්යෙඅQහයේ පොදු දේපල රකින නීතිය හා ඊට සම්බන්ධ ආයතන කාලය කා නොදමන දඩ මුදල් නොගිලන දෙතිස් වද නොදෙන මිනිසුන් පුරවා නොගත් ආයතන වනවා ඇත. ඒ තුල සිටිනවා ඇත්තේ පැරණි සූරාකන දේපල නැවත ගෙනෑමට වලිකන ධනපති කුමන්ත්‍රණකරුවන් හා කිසිසේත් රැකගත නොහැකි ත්‍රස්තවාදීන් හා මිනීමරුවන් පමණක් වනවා ඇත. 

කොස්ගම විමල්   
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 09 - 01                  
Previous
Next Post »
Thanks for your comment