ආ ගමික හා ජාතික උන්මත්තක වාදී වැඩ සමාජ සංවර්ධනයේදී කරන්නාවූ අහිතකර බලපෑම

නව  ආන්ඩු ක්‍රම  වෙවස්තාවක් ගෙන ඒම  හා තිබූ  1978  වෙවස්තාවේ  විධායක ජනපති බලතල  අහෝසි කිරීම ප්‍රධාන  මැතිවරන පොරොන්දුවක් විය.ඒ යටතේ සිදුවූ  අපරාධ, භීෂන, දූෂණ ,හා වං චා වසන් කිරීමට හා  සිදු කිරීමට  තිබූ සහයෝගය අපි දුටු වෙමු. ජේ. ආර්. ජයවර්දන ආන්ඩුවේ සිට දකුනේ තරුන  ඝාතනය, උතුරේ ඝාතනයන්,  මාද්‍ය වේදීනට  කල පහර දීම් , මරාදැමීම්, අතුරුදන් කිරීම්,  හා වංචා, දූෂණ,, ඉන්පසු එම වෙවස්තාවට  එරෙහිව  පෙලපාලි ගිය , හා වෙනස් කිරීමට  බලය ලබාගත්  මහින්ද රාජපක්ෂ  ආන්ඩුවද  නෑදෑ , මිතුරන් සමග ඉතාමත් දූෂිත  ලෙස පාවිච්චිකලේ අනපනත් පවා ලජ්ජා විරහිතව  වෙනස් කරමිනි, සම්මත කරගනිමිනි.    

                                          2015 ජන: 08 දා  බලයට පැමිනි යහපාලනය  යැයි  කියාගන්නා  වත්මන් පාලනයේ  නියුතු  එ: ජා:ප: ය හා   ශ්‍රි: ලං: නි: ප: යේ යම් කොටසක්  අතීත සියලු  අපරාධ, දූෂණ, වංචා, හා මැර සියලු දේ සදහා  උපකාර කල , සිදුකල හා  නිශ්සබ්දතාවය  රකිමින්  උදව් කල පිරිස් වෙති.  ඔවුහු අද මැති, ඇමති වරු  සේම විවිධ  උසස් නිලතල ද රනා , එකම පැලැංතියේ නෑ, දෑ,  මිතුරු, මිතුරියෝ වෙති. ජනතාව සුපුරුදු ලෙස  තමන්ට  ලබා දී ඇති ඊනියා  ප්‍රජාතන්ත්‍රවාදී චංන්දය  පාවිච්චි කරමින්   මේ  දූ ෂිතයන්  වියපත් වී මැරෙන  තුරුත්  ඉන්පසු  ඔවුන්ගේ  දූ, දරු,  මුනුපුරු, මිනිපිරියන් සිටින තුරුත්  චන්දදායකයින් සිහින දකිමින්  බලයට  පත්කරති.  

                                                                   මේසෙල්ලම  1948 සිට අද වන තුරා සිදුවන  විගඩම් කාරි නාටකයකි. ජනතාව දැනුවත්  මේ විගඩම වෙනස් කිරීමට බිහි වූ අතීත හා මෑත  සියලු වාම පක්ෂද   කන්ඩායම්ද ,මෙම  පුද්ගලික දේපල ක්‍රමය මත  ධණය, බලය, කේන්ද්‍ර , කරගනිමින් බිහිවූ  ප්‍රභූ පවුල්  දේශපාලනය  රකිමින් , ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදය  ගැන පුරසාරම් දොඩවමින්  පීඩිතයන්  තලන, පෙලන, මේ ධණ පති  දේපල ක්‍රමය සුරකිමින්  ප්‍රතිගාමී  අතීත වහල් ,වැඩවසම්   සමුර්ධිය  ගැන  කටමැත දොඩවන  සමාජ ප්‍රගමනය නොදකින  ආගමික ආයතන  හෙලිනොකරමින්  ජනතාව නොදැනුවත් කමේ ගිල්වාතැබීමට උදව්  කරමින් සිටිති.            
                                                       
මේ තත්වය  අද භිහිසුනු  හාසමාජ ප්‍රගමනය  ආපසු හරවන  හා විරුද්ධකාරී  තත්වයකින් ඉදිරියට  පැමින ඇත.18 වන සියවස වනවිට , නවීන විද්ද්‍යාවේ  බොහෝ  ජයග්‍රහන, මත , හා භෞතිකවාදී  දර්ශනයේ  ජයග්‍රහන මත  , විශ්වයේ,  ජීවයේ, උපත හා විකාශනය  සේම ,බිහිවීමේ හා සංවර්ධණයේ   නියාමයන්දසොයා ගෙන සහතික කරන ලදී.ඒ යටතේම  ,සමාජ සංවර්ධනයේ  අවධි, හා අනාගත සංවර්ධනයද   පැහැදිලි කරන ලදී. සෑම සියලු සංසිද්දියකදීම  වැඩියෙන්ම බලපාන්නා   වූ   ප්‍රතිවිරෝධය   ගැනද  පැහැදිලි කරන ලදී, සමාජ සංවර්ධනයේදී   පංති අරගලය  කරන්නාවූ  මෙහෙයද පැහැදි ලි කරන ලදී. මෙහිදී  එමානුවෙල්  කාන්ට්, චාල්ස් ඩාවින්, මාර්ක්ස් , එංගල්ස්, මෙන්ම වෙනත්   භවුතිකවාදී  දාර්ශනිකයන්  ලොවටකලේ අපමන වූ මෙහෙයකි.                                                                                           නමුත් අද මිනිසා , අලුත් සත්වයා  බුක්ති  විදින ,සියලු සැප සම්පත් .සේවා. හා නිශ්පාදන.මේ භවුතිකවාදී  දර්ශනයේ  ජයග්‍රහන  බවනම්  නොදනිති. එසේම අනාගත නිමැවුම් , හා සැලසුම්ද, එහිම කොටස්  වේ.සමාජ සංවර්ධනයෙ ක්‍රමික හා විප්ලවීය  සංවර්ධනයන් නොදන්න හා  නොඉගෙනගන්නාවූ  බොහෝ  පිරිස් නවීන විද්දයා  නොසලකා  නොපිලිගනිමින්  පැරනි ආගමික හෝ  විද්වතුන්ගේ හිතලු  තව දුරටත් විශ්වාශ  කරනුයේ  බලාත්කාරයෙන්    පාසැලේදී, පල්ලියේදී, කෝවිලේදී, විභාගය සමත් වීමට  ආගම සමත් වීම ඉල්ලන බැවිනි. එවිට  පාසැලේදී උගත් විද්‍යාවේ ,ගනිතයේ ,තර්කය යොදවා ගැනීමට නොහැකි  පිරිසක් බිහිවී පාලකයනට  පාලනය  ගෙනයාමට පහසු  සම්ප්‍රදායික  මතයට යට වූ  පිරිස් බිහිවීම අනීවාර්‍ය වී ඇත.                                                                                                              ක්‍රි:පූ: හා  ක්‍රි:පසු   අවධීන්හිදී  අද ලොවේ  සමාජ ප්‍රගමනයට  දඩිසේ අකුල් හෙලන   විඤ්ඤානවාදී  දාශනිකයන්ගෙ  ඉගැන්වීම්   වැරදි  නිදොස් කර ගැනීමට  මිනිසුනට බොහෝ ඉවහල් වූවා සේම පාලක  වහල් හිමියන්ද  ඉරනමට, කරුමයට, යටත්  කල දර්ශනය  ඔවුන්ගේ පාලනයට  සේවය කලනිසා  විරුද්ද  නොවුනි.නමුත්  සිත මූලික  බොහෝ ඉගැන්වීම්  17 වැනි සියවසින් පසු  අවලංගු වනුයේ  නවසොයා ගැනීම් ඉදිරියේය.  අද දනපති යුගයේ  මුදලේ බලපරාක්‍රමය   සියල්ලට ඉහලින් පවතිනනිසා  සියලු ආගමික තහංචි  ගිහියනට තබා පූජකයනටවත් රැකීමට නොහැකිවී ඇති බව  සියලු දෙනාම  හිතට එකගව පිලිගන්නවා නොඅනුමානය. නමුත් වැදගත්ම  ප්‍රශ්නය වනුයේ  එම තත්වය එසේමනම් හා සියලු දෙනම පිලිගන්නවානම්  බැරි දෙයක් කිරීමට  හා කරවීමට  වෙවස්තාවට  ආගම  අතුලු කර  නීතිගත කර  සිතීමේ, කතාකිරීමේ,  නිදහස ,නැති කරනුයේ ඇයිද යන්නයි. ජනතාවට  නිමැවුම් කරුවන් වීමටත්  රට මේ වලෙන් ගොඩ ගැනීමටත්  සැබවින්ම  ආගමික  බලපෑම්, තර්ජන, අනපනත්, නීතිරීති  වලට බලපෑමේ  හුදෙක් චන්දය තකා සෑම දේ ම ආගමික කුලකයකට , ඔවුන්ගේ කැමැත්තට යටත් කිරීමෙන්නම්  වහාම වෙනස්.  කල යුතුය. නැතිනම් පූජක පලැංතියට  රාජ්‍ය  පාලනය  තිබුනාසේ දී යා යුතුය.සුලු ජාතික ආගමික ගැටලු සැමදාමත් මතු වූවේ මේ බවුද්ද  අනිසි ඇගිලි ගැසීම නිසා බව නොකියා බැරිය.  ලාංකිකයා බුද්ධාගම රැකීමටත්, එනිසා  බුද්ධාගමේ නා මයෙන් රට රැකගත යුතු බවත් තව දුරටත්  අද දැනීම ඉදිරියේ වලංගු වන්නේ නැත.මේ අනිසි අයිතිය  යොදා ගනිමින්  පාලකයනට     ,සමාජ බුද්ධිමතුනට  නින්දා,අපහාස, බලපෑම්, තර්ජන , කිරීමේ කිසිදු බලයක් ඔවුනට විසෙෂයෙන් ඇ තැයි නොසිතමු..පාලකයන්ද මේතත්වය හමුවේ යටත් වී හා නිරුත්තරව සිටියොත්  ඉදිරියෙදි  අන්‍ආගමික   නොව  බවුද්ධම  පිරිස් නැගිටිනු ඇත.                                                                           

අද අවධියේ  සියලු ආගමික මතවාද, සමස්ථ  දැනුවත්  ලෝකය  ලෙස ප්‍රතික්ෂප කර ඉදිරියට යද්දී  ඒ සදහා යුරෝපය ප්‍රමූක රටවල් ගනනාවක්  විශාල, ආගමික, තාඩන,පීඩන, හා තහංචි හා දිවිකැපකිරීම්  ,වධ, වේදනා,හරහා වසර සිය ගනනකට පෙර ආගම හා  භෞතික  දේසපාලනය  රාජ්‍ය පාලනයෙන් වෙන් කලද , ආසියාවේ බොහෝ රට වලට ඉන් මිදීමට බැරිවිය.ඊට හේතු වූයේසමාජ සංවර්ධනයේ  වහල් හා වැඩවසම්,  සමාජක්‍රම හා එම සමාජ ක්‍රමයේ  උපරි ව්වුහයේ  පවතින සියලු  මතවාද,සංස්කෘතින්, හා සිරිත්විරිත්,හා ගති පැවතුම්,පවාබොහොසේ  ආර්තිකයේ වෙන්වීම් සමගම  වෙන්විය යුතු වුවද  යුරෝපීයයන්ගේ පැමිනීම  නිසා  එසේ සිදු නොවීමෙන්‍ය.   

                                                                                                  මෙනිසාම ලංකාවේද බුද්ධාගම ප්‍රමූක  අන් ආගම්ද  යුරෝපයට  සංවර්ධ නයට බාධා කල  , පසුව, පැවැත්ම සදහා   වරින් වර වෙනස් කල කතෝලික  ආගම්ද, , මුස්ලිම්  ආගමද, අද  මහ පොලොවේ එක අර්ධ යක   ජනතාවක්  දියුනුව කරා  පිය නගන විට  අප අතීත   ශ්‍රී  විභූතිය  තලු  මරමින් කා දමන  එක තැන පල්වන ජාතියක් බවට පත් කිරීමය..සමාජ සංවර්ධනයේ  නියාමයන් වටහා ගත්  දාර්ශනිකයන්ගේ   දේශපාලනයට  ගතයුතු සහායට වඩා , ඔවුන්ට එල්ල කරන ආගමික තර්ජන    අපහාස ඉස්මතුවී ඇ ති බව පෙනේ.   ප්‍රතිගාමී, වංචනික,පරාජිත, සෑම දේශ පාලකයකුටම ,පක්ෂ යකටම ,   ජාතිවාදය,ආගම්වාදය,  අවුලමින්  නොදැනුවත් ජනතාව කුපිතකරමින්  භීෂණ , ඇතිකරමින්  බලයට  ඒමට තරම් ආගමික  ස්ංස්ථාව ප්‍රභලය.ජනතාවට  පොරොන්දු වී  දිනූ ජයග්‍රහනයේ ,වැද ගත්ම දේවන  ආන්ඩු ක්‍රම වෙවස්ථාව  වෙනස් කිරීමට , ආගමික නායකයන් තර්ජනය කරනුයේ  ජනතාවගේ අභිමතයටද  අභියෝග කරමිනි.ඔවුන් ජී වත්වන ලෝකයේ  සියලු දේ ලැබී ඇත්තේ , ඔවුන්ගේ අගමික නායකයන් සිටි  අතීතයේ  සමාජ හා තාක්ෂණ  ජය ග්‍රහන  නිසා නොව හා  දේශපාලන ජයග්‍රහන නිසානොව  හා ආගමික මග පෙන්වීම් නිසා   නොව හා ඔවුන්ගේ මග පෙන්වීම නිසා නොව  බව පහැදිලි කර ගැනීම වැදගත්‍ය.   

                                                                                  නව විද්දයාවේ  හා තාක්ෂණයේ  ජයග්‍රහන මත  බවත්  , ඒවාසියල්ල  ආගමික සියලු  මතවාද වලට  එරෙහි බවත් ඔවුන් පිලිගත යුතුය. එසේම එම ජයග්‍රහන   හා සමාන්තරව යා හැකි රදල, හා වහල් නොව ධණවාදී ,  හා සමාජවාදී සමාජඅ  වධීන්හිදී  ජනතාවට  විශාල සමාජයීය  ජයග්‍රහන  ලබා ගැනීමට ඇතිබවත්  ඔවුන් දත යුතුය. අතීත  ශ්‍රී  විභූතිය ,ජාතිකත්වය, ජාතිවාදය , ආගම්වාදී  මත වාදයන්  කිසිසේත් ඒසදහා  උපකාරී නොවන බවත්  එරෙහි වන බව පමනක් පිලිගත යුතුය.                                                                                   සිංහල  ජාතිය හා රට නැති වුනොත්  බුද්ධ  ශාසනයේ  පැ වත්මක් නැතැයි පවසමින්  රට තුල ජාතිවාදය , හා ආගම්වාදය අවුස්සම්න්  ,රටේ ඉදිරිගමන   දේශපාලනමයව  ගෙනයාමට  අවහිර කරන , තර්ජනය කරන ආගමික මැ දිහත් වීමට   ඇති  පිලිගැනීම වහාම අවසන් කලයුතුය . රට  දියුනු කලයුතු නම්  මොන ජාතියේ වුව  දෙවැනි  නොවී  සමානව  පුරවැසි හැගීම   ඇති කලයුතුය.ඉංග්‍රීසින්ගේ  ගිවිසුමේ   තිබෙනා  වගන්ති  ඉදිරියට  ගෙනයාමට  අද පාලකයිනුත්  උත්සාහ දරනවානම්  එය  අපමන  මෝඩ ක්‍රියාවකි. එදා  යුගය නොවෙයි  අද.අනෙක්  කරුනනම්  එදාත්  ආගම  ප්‍රමූකව  1818 කැරැල්ල  මතු වූ විට  සමූලඝාතනය , හා දේපල ගිනිතබා විනාශ  කිරීමට  ලොව බලවත්ම ජාතියක් වූ නිසා  අපහසු නො විනි. නමුත් අද  ලෝකය  වෙනස්‍ය. එකක් අප දුප්පත් ජාතියකි, 30 අවුරුදු යුද්දය  තවම විදවමු. අනෙක  ලෝකයේ දෑස්  වසා  එදා මෙන් අපට  සිතුමතේ එක් ජාතියක් , ආගමක් විනාස   කල නොහැකිය. අනැක එසේ  කල යුතුද නැත.            
                                                       ආගමේ  රජයට  බලපෑම් කිරීමේ හැකියාවේ  හානිය  හා  වෙවස්තානුකූල  නීතිමය බලය  මොන   පක්ෂයක්  වුව චන්දයකදී  ඉදිරිපත් වූවිට  ජනතාවට පැහැදිලි කර  දිනාගත යුතුය. නැතිනම් ආගමේ  පැවැත්ම කෙසේ වෙතත්  සිං හලයා කෙසේ වෙතත්  ලාංකිකයා හා  ,ලංකාව  ඉක්මනින් වැනසී යනු ඇත . වහසි බස්   දොඩනවුන්  එදාටසොයා ගැනීමට බැරිවනු ඇත.ලොව ඉදිරියට යද්දී  අපි අතීතය  සූප්පු කරමින්  හාමතේ මියයනු ඇත. අන්  ලොව අප ඉදිරියේ  වේගයෙන් දියුනුවට  පියනගනු  ඇත.                                                                                                         දේශපාලකයන්ද  තම තමන්ගේ  බලයට පැමිනීමේ  ප්‍රෝඩාවන් සදහා    ජනතාව දැනුවත් කිරීම නවතා දමා තිබීම  නැවතිය යුතුය,  යම් විශාල කැපකිරීමක්  කර , එරුජු   නායකත්වයක්  ,හා පක්ෂයක් ධනපති වුව  ,ඔවුන්ගේ පංති යුතුකමේ   ප්‍රගතිශීලී  කාර්‍යයන් තව දුරටත්    ලාංකීය සමාජයට  ඉටුකිරීමට  ඉතිරිව ඇති බව සිතා   දැනගනිමින්  ,අද්‍යාපනයෙන් , හා  දේශපාලනයෙන්  ආගම වහාම ඉවත් කල යුතුය. එවිට අවුරුදු  05 කින්  හෝ නව පරම්පරාව   නව ඉදිරි  ප්‍රගතිශීලී දැක්මකින්  ලාංකීය සමාජය ඉදිරියට ගෙනයනු ඇත.  සමාජයේ ප්‍රගතියට බාධා  කරන  අවහිරකරන,  ජනතාව නොමග යවන , හානිකර තත්වයන්ට  පොලොඹවන , භීෂනයට  පාර කපන  ආගම් සියල්ල සිය වාසස්ථානවලට  සීමාවී  පැවැත්ම සහතික  කිරීමට අහිංසක වනු ඇත.රටේ , ජනතාවගෙ  ඉදිරි ගමන නොව  තම  පවැත්ම සදහාම  කරන  අවස්තාවාදී තර් ජන නවතනු ඇත.  

                                                       ජා ත්තයන්තරවත්  , ජාතිකවත්  දරුනු  වෙවසනයකට  ගොදුරුවී   ,ජාතික, ආගමික,  ප්‍රචන්ඩකාරී   ස්වරූපයකින්  මිනිස් නිදහස වැරදි ලෙස ඉල්ලන  වකවානුවක   වෙනමම , නවතම,  සමාජ ක්‍රමයක  ආර්තිකයක ,උපත ඉල්ලා සිටින අවදියක   තව දුරටත් මොන උප්පර වැට්ටිය දමාවත්  අගලක්වත්  රට  ඉදිරියට   යාමට අපහසු බව  පෙන්වන ,  දරන සෑම උත්සාහයම ,  පාලනයකින්,විනයකින්,  සංවිධිත භාවයකින්    තොර නිසා , අපරාධ , දූෂන , වංචා,,භීෂ න , වැපිරෙන, හිතූමතේ , ජාතික ධ නනිධාන    මන්කොල්ල කන අවධියක,  සමාජ  විෂය  උගතුන් යම් යම් කාලීන ප්‍රශ්න හමුවේ   එක් වන අයුරුත්  වෙනත් විෂේෂ  , ප්‍රශ්න   හමුවේ වෙන්වී  ඇන කොටා ගන්න අයුරුත් මෑතදී දුටුවෙමු. මොවුන් සියල්ලෝම  සමස්ත සමාජය  ගැඹු රින් වෙනස් කිරීමට නොසිතන , මේ ජරා වලේම  ලැගීමට සිතනා ,පතනා පිරිස් බව හා ඒ සදහා   දර්ශනයකින් පිරිපුන්  බුද්දිමතුන් නොව  විෂය උගතුන්  බව අප දැන ගත යුතුය.මොවුන්  විශ්වාශ  කිරීම  කාලය කාදැමීමක්  බව තේරුම් යනු ඇත.මොවුන්ගේම ගපෙන්වීම   තාවකාලික සමාජ අර්බූදයකට  උත්තර සපයන මුත්  ස්තිරසාර උත් තර නොවේ.නමුත් ඔවුන්ට  නින්දිතව,තර්ජනාත්මකව , අපහාසාත්මකව,ගරහන පූජක පිරිස්   හා එවිට තව තවත්  වැද වැටෙනා පාලකයනුත්  සමාජ  සංවර්ධනය තඹ යකට   නොදැන,හෝ නොතකා හෝ  බහුතර නොදැනුවත් ජනතාවගේ   ආගමික අන්ධ භක්තිය  පාවිච්චි කරමින්  රජයට අභියොග කරනුයේ  ඉදිරියට  සුලුවෙන්  හෝ  යාමට  ඉඩ අහුරමිනි. මැර ,ප්‍රචන්ඩ වදන්,  හා අසම්මත භීෂණයක  උපත සනිටුහන් අරමිනි. කොපමන නෑ  කිවුවද  සෑම භීෂනයකම  මොවුහු ඇ විලවීමට පෙරමුනේම  සිටියෝය. ආගම හා පූජකපිරිස් ඉදිරියේ  නිවටව, නගුට හකුලාගැනීම හා  වීරයන් වීම රටේ විනශයට උඩ ගෙඩි දීමක් බව   දැනගත යුතුය.  පාසැලේ ප්‍රාතමික  සිසුවාට  ලබාදෙන  සමාජ පරිනාමීය දැනුම  අවුරුදු දහස් ගනනක  අතීත සම්ප්‍රදායික  දැ නුමට  බාල්දු කර  ලංකාව  බඩ ගොස්තරය  සදහා  ගෝත්ත්‍රික   අවදියකට තල්ලු කරන්නේදැයි අසමු .                                                                         ආන්ඩුක්‍රම වෙවස්ථාව  සුලු හෝ  ඉදිරි දියුනුවකට  සුලු හෝ නිදහසකට ,ප්‍රජාතන්ත්‍රවාදී තව අයිතියකට   ඉඩ සපයයිනම්  යටත් වීම් නොමැතිව   ආගම් වලට  දී ඇති  විශේෂ  සහන , පිලි ගැනීම් ඉවත් කල යුතුය  එවිට ජනවාර්ගික  ගැටලුවද  ඉබේම විසදෙනු ඇත. සමාජය  වසාගත්  ආගමික බලවේ ගයක්  ගැන පෙන්නීමේදී  ජනතාවගේ පරමාධි පත්තයද   ඉක්මවා කටයුතු කි රීමට  හා  ජනතාව බලයට ගෙනා  නායකයන්  සැහැල්ලුවට ගෙන   අවමානයට ලක් කිරීමද  අනාගත  පාලනය කල නොහැකි  මූලධ ර්මවාදී  ප්‍රවනතාවයක  අන තුරක්   බොදු බලවේගය   වැනි  සංවිධාන හරහා  මතු වනු ඇත. සමාජයේ  දේශ පාලන කථි කාවට  ඉහලින්  ආගමික සෙනේට්  සභාවක් නිලනොවන ආකාරයෙන් නොතිබිය යුතුයි. ආගමික නායක මත  සමාජ නියාමනයේදී   තීරනාත්මක  සාධකයක්   නොකල යුතුයි.   පැරනි හා නව පාර්ලිමේන්තුවාදී වාම පක්ෂ  චන්ද වාසි නොබලා   ආගමික,හා ජාතික  ගැටලුවේදී   ජා ත්තයන්තරවාදීව   හා  එරුජුව   සිටගත  යුතුය.                                                                                                                                කොස්ගම විමල්                                            
 2017/0707 , නව ජනතා පෙරමුණ  .







Previous
Next Post »
Thanks for your comment