රටේ අධ්යාපනයේ ගැටලුව ගැන

 


අද   රැකියා හා  අධ්‍යාපනය  සම්බන්දව   සමාජ  ගැටලුවක් පවතී.  මේ සම්බන්ඳව  සුලු පිරිසකගේ  මතය වන්නේ  අද මිනිසුන් අතර පවතින  අධික  පුද්ගලිකත්වය , දැඩි  ආත්මාර්ථකාමීත්වය,ප්‍රචන්ඩත්වයට  නැඹුරුවීම ,පරිසරය කෙරෙහි කිසිම ආදරයක්  නොමැතිව   විනාශකාරීව ක්‍රියාකිරීම, මිනිසත්කමින් හා  සංවේදීතාවයකින්  තොරව  හා විචාර බුද්ධියකින්   තොරව  යාන්ත්‍රිකව රොබෝලා සේ වැඩ කිරීමේ  අස්වාභාවික   හැසිරීම   වැනි  අද මේ සමාජයේ  පවතින සමාජ  විෂමතාවන්ට   හේතුව වී  ඇත්තේ  පවතින   වැරදි අධ්‍යාපන ක්‍රමය බවයි. එසේම ඔවුන් පවසන්නේ  අධ්‍යාපනයේ  ගැඹුරු අර්ථය මූලිකව  මිනිසා හා ස්වභාවධර්මය  අතර  බැඳීම හා සම්බන්ඳතාවය  ශක්තිමත්ක් කර එමගින්   මිනිසත් භාවය හා සදාචාර හැඟීම  වැඩි දියුනු කරමින්  මිනිසාගේ  අධ්‍යාත්මික ජීවිතය  උසස් කිරීම බවත්  ඒ සඳහා ශාස්ත්‍රීය  හා විද්‍යා විෂයයන් අනීවාර්‍යයෙන්  අනෙකුත් විෂයන්ට වඩා ප්‍රමූඛතාවය  ලබාදෙමින්  ඉගැන්විය යුතු බවත්‍ය ..  එහෙත් එය නොසලකා  ආර්ථිකය  මුල් කරගෙන  රැකියා වෙලඳපොලේ  ඉල්ලීම් වලට ගැලපෙන  වානිජ විෂයයන්ට මුල් තැන දීමේ  මෙය අනිටු  ප්‍රථිඵලය බවයි.

                                                එහෙත් මේ  සම්බන්ධව   වැඩි පිරිසකගේ  මතය වන්නේ  අප රට  ආර්ථික වශයෙන්  ඉතා   පහලමට්ටමක පවතින බැවින්    ආර්ථිකයේ   කැපී පෙනෙන වර්ධනයක් ඇතිකර ගෙන  නවීන ලෝකයට ගැලපෙන සමාජ දියුනුවක්  කරගැනීමටනම්  රටේ කායික හා බුද්ධි ශ්‍රමිකයින්  දේශීය හා විදේශීය  රැකියා වෙලඳ පොලේදී  තරඟකාරීව   වැඩි ආදායමක්  ලැබෙන රැකියා  ලබාගැනීමටනම්  නවීන දියුනු  තාක්ෂණ  හා ඉංග්‍රීසි  භාෂා  දැනීමක්  හා වෙයාපාර කටයුතු  පිලිබඳ දැනීමක්   මනාව ප්‍රවර්ධනය  කරගැනීම අත්තෙයාවශ්‍ය     සාධකයක් වී ඇති බැවින්  අද  අධ්‍යාපනය  වානිජ හා තාක්ෂණ විෂයයන්ට  ප්‍රමූඛතාවයක්   දිය යුතු බවයි. එනිසා අද  රජයේ හා පුද්ගලික පාසැල්වල  අධ්‍යාපන පාඨ මාලාවන් සකස් කර තිබෙන්නේ තාක්ෂණ හා  වානිජ පාඨමාලාවන්ට  වැඩි සැලකිල්ලක්  හා  ප්‍රමූඛත්වයක් දීමෙනි.   මේ සඳහා ධනපති පාලකයින්ගේ  අනුමැතියට   අමතරව  සියලු වෙවසායකයින්  , සමහර පුද්ගලික අද්‍යාපන ආයතන හිමියන්, අද්‍යාපන ව්ශේෂඤයින් ,වෙවසායකයින්, ශ්‍රමිකයින් සපයන  ශ්‍රම බලකා ඒජන්තයින්,, අධ්‍යාපනය  නමින්  වෙයාජ අධ්‍යාපන ආයතන   පිහිටුවාගෙන  මුදල් හම්බ කර ධනවතුන් වන  ජාවාරම් කරුවන්  ආදී බොහෝ පිරිස්  මේ මතය පිලිගන්නෝ වෙති.

                                    මේ හේතුව නිසාම  සිසුන් බහුතරයක්ම  අද තෝරාගන්නේ  තාක්ෂණය හා  වානිජ  පාඨමාලාවලට   අදාල    විෂයයන්‍ය . වෙයාපාර කලමනාකරනය , වෙයාපාරික පරිපාලනය, අලෙවි  කලමනාකරනය,, උසස් කලමනා කරනය, පරිඝනක  තාක්ෂනය, විඝනනය , වැනි  විෂයයන්‍ය . වෛද්‍ය , හා ඉන්ජිනේරු වෘත්තියේ   නිරතවන්න සිටින  සුලු සිසුන් පමනක්  ජීව විද්‍යාව හා  භෞතික  විද්‍යාව  හා වෙවහාරික ගනිතයන්  හදාරති.  එහෙත් එම විෂයන් වුව විශ්වවිද්‍යාල  පුහුනුවට පමනක් සීමාවූ  ප්‍රාමානික දැනුමක් පමනකි   ලබා දෙනුයේ . මෙනිසා විද්‍යාව හදාරන සිසුනට වුව  විශ්වයේ විෂය මූල  යතාර්ථය  වන ස්වභාව ධර්මය   ගැන ගැඹුරු  හා පුලුල් දැනුමක්  තුලින් ස්වභාවධර්මය  හා ජීවිතය සම්බන්ධව   සාකල්‍යමය ලෙස  බැලීමට   හැකියාවක්  ලැබෙන්නේ නැත. මෙනිසා බොහෝ   අවස්ථාවලදී   ජීවිතයේදී   ඇතිවන ප්‍රශ්න ගැන  වැරදි අර්ථ දැක්වීම් හා  ප්‍රායෝගික ක්‍රියාවලදී  බරපතල වැරදි සිදුවිය   හැක.

                                     මේ ගැටලුවට මූලිකම හේතුව  ධනවාදී සමාජ ආර්ථික ක්රමයයි.  පුද්ගලික අයිතිය හා ලාභය මුල්කරගෙන නිෂ්පාදනය හා    බෙදාහැරීම සිදුකිරීමේ ප්‍රතිඵලය වන තරඟය තුල සම්පත්  ලබාගැනීමේ   හා තරඟකාරී  වෙලඳපොලේදී තම නිෂ්පාදනයනට  කෙසේ හෝ ලාභයක් ඩැහැ  ගැනීම සඳහා   දරන උත්සාහයේ  එක් පියවරක් ලෙස නිෂ්පාදනය  සඳහා වැයවන පිරිවැය අඩුකර ගැනීම  පිණිස  නිෂ්පාදනය කරන ශ්ර්මිකයා   හෝ කම්කරුවා ඒ සඳහා   වැයකරන ශ්‍රම ශක්තියේ  වටිනාකම්  බාල්දුකර  සලකා  ඒවටිනාකමට  අඩු වැටුප් ගෙවා   කම්කරුවන් සූරාකෑම කරති.  මෙසේ ලැබෙන සුලු වැටුපින් ශ්‍රමිකයා  තම ජීවිත අවශ්‍යතාවන් ,තමා හා  තම බිරිඳ  හා දරුවනට ආහාර, සෞඛ්‍යය,  නිවාස,හා දරුවන්ගේ අධ්‍යාපන   හා  අනිකුත් විටින් විට  ඇතිවන අවශ්‍යතාවන්  නිසිලෙස  සපුරාගැනීමට නොහැකිව නිරන්තරව අවිනිශ්චිතතාවයෙන් අසහනකාරී  ජීවිත ගතකරමින්   කාලය ගත කරයි. කම්කරුවන් වැටුප් වැඩිකරන  ලෙස ඉල්ලීම්  කලත් වෙවසායකයින්   හෝ  නිශ්පාදන  මාර්ග  හා  සේවා අයතන  හිමියන්  නොසලකා හැරීම නිසා ඔවුන් වැඩවර්ජන හා  උද්ඝෝෂණවලට යොමුවීමේ හේතුවෙන් රටේ  ආර්තිකයට  ඇතිවන අහිතකර බලපෑම් නිසා සමස්ථ සමාජයේම පොදු මහාජනතාව, කම්කරුවන් , අනිකුත් සෙසු ශ්‍රමිකයින්,ගොවීන්ගේ   හා පහල මධ්‍යම පංතිකයින්ගේ  ආදායම් පහල වැටී  ඔවුන්ගේ බඩු මිලදී   ගැනීමේ  ශක්තිය අඩුවීම   නිසා  දේශීය වෙලඳපොලේදී   වෙවසායකයින්ට  තම නිෂ්පාදනයන් සඳහා හොඳ මිලක් ලබා ගැනීමට අපහසු වීම නිසා ලාභලබාගැනීමට දුෂ්කර වෙනු ඇත .එසේම විදේශීය වෙලඳපොලේ   පවතින තියුනු තරඟකාරී ස්වභාවය  තුල  ලාභයක් ලබාගැනීමට නම් ඉහල ප්‍රමිතියකින්  යුතු භාන්ඩ  නිෂ්පාදනය කල යුතුව ඇත.  එනිසා ඔවුන්ගේ නිෂ්පාදනයන්  ප්‍රමිතියෙන් වැඩිදියුනු කිරීම සඳහා  වැඩි වියදම් දරන්න වන තත්වය තුල  තම ලාභය රැක ගැනීමටනම් නිෂ්පාදන  පිරිවැය  අනීවාර්‍යයෙන්ම   අඩුකරන්නට  සිදුවේ. .                                 

පවතින තත්වයන් යටතේ  අනීවාර්‍යයෙන්  ඔවුන්  නිෂ්පාදනය   සිදුකරන ශ්‍රමිකයින්ගේ   සංඛෙයාව  අඩු කරනවා  ඇත.  එසේම කම්කරුවන්ගේ  වැඩකරන කාලය  වැටුපේ වැඩිවීමක් නොමැතිව  දීර්ඝ කරනවා ඇත. මෙනිසා රට තුල  විරැකියාව  පැතිරෙනු ඇත.  මේ අතර මේ ධනපතීන් හෝ වෙවසායකයින් විසින් සම්පත් සඳහා පවතින තියුනු තරඟය තුල තම අවශ්‍යතාවන්  කෙසේ හෝ ලබාගැනීම සඳහා දරන උත්සාහයේදී ඔවුන් පරිසරය ඉතා අවිධිමත් හා කෑදර ලෙස පරිහරනය  කිරීමෙන් පරිසරයට සිදුවන විනාශය නිසා ඇතිවන පාරිසරික සමතුලිතතාව බිඳවැටීමේ   හේතුවෙන්  නිර්මානය වන කාලගුණ  හා    දේශගුණ  විපර්‍යාසයන් නිසා ගොවිභූමි විනාශ වීමත් එසේම බහුජාතික සමාගම් විසින් ගොවි  භූමි මංකොල්ල කෑමත් හේතුවෙන් තම ගොවි බිම් අහිමි වී තම ජීවත් වීමේ මාර්ගයන් නොමැතිව දරිද්‍රතාවයට පත්වී සිටින  විශාල ගොවිජන පිරිස්  රැකියා සොයා නගරයට  පැමිනෙමින් මෙම රැකියා ප්‍රශ්නය  තව දුරටත්  උග්‍ර  කරමින්   මෙය විෂම චක්‍රයක් බවට පත්කරනු ඇත. මෙම තත්වය එක් අතකින්  වෙවසායකයින්ට  වාසි  දායක තත්වයක් වෙයි.  දරිද්‍රතාවයෙන්   පීඩාවට පත්ව සිටින  මිනිසුන් කොන්දේශි විරහිත අඩු පඩියකට  හෝ  වැඩකරන්න කැමතිකරවා   ගැනීමට ඔවුන්ට   හැකිවනවා ඇත.

                         මෙයයි ධනේශ්වර  සමාජ ආර්ථික ක්‍රමයේ  ස්වභාවය.විද්‍යාවේ   හා  තාක්ෂණයේ  දියුණුව  නිසා අද  පුහුනු  හෝ උසස්    අද්‍යාපනයක්  හා ඉංග්‍රීසි දැනුමක්  ඇති ශ්‍රමිකයිනට පමනයි  මේ විරැකියාවෙන්  නිර්මානය වන තරඟය තුල  රැකියාවක් ලබාගැනීමට   හැකි වනුයේ. මේ නිසයි  රැකියා වෙලඳපොලට ගැලපෙන   අධ්‍යාපනයක්  සඳහා අද්‍යාපන ක්‍රමය සකස්විය යුතු බව මෙම ධනපති පාලකයින්   හා වෙවසායකයින් ප්‍රකාශ  කරනුයේ. මෙයයි  තම රැකියා සහ අධ්යාපනය  අතර  පවතින ගැටලුව.  මේ   ධනේශ්වර  සමාජ ආර්තික ක්‍රමයේ ස්වභාවයෙන්ම නිර්මානය  වෙමින්  අනීර්වාර්‍යයෙන්ම  මෙවැනි සමාජ ක්‍රමවල  ඇතිවන අර්බූදයන්   නිසා  ඇතිවන  තත්වයකි  මෙවන් ස්වභාවයන්.මෙම තත්වයේ මේ ස්ව භාවය තුල ධනපතීන්, මහා වෙවසායකයින්,  මහා වියාපාරිකයින්, පවතින තරඟකාරී වාතාවරනය  තුල  තම නිෂ්පාදනයන්   හා සේවාවන්  මගින් ලබාගන්නා ලාභය රැකගැනීම  පිනිස කම්කරුවන්ගේ  හා අනිකුත් ශ්‍රමිකයින්ගේ  රැකියා කප්පාදුවට පෙලඹී  සිය දහස් ගනනින්  රැකියා ස්ථාන වලින්  පිටමන් කිරීම කරති.  බොහෝවිට  කිසිම වන්දියක්  නොගෙවා  මේ ක්‍රියාවන්   හේතුවෙන්  ධනේශ්වර  සමාජයන් වල   නිරන්තරයෙන් පවතින   විරැකියාව  නිසා දස දහස් ගනන් මිනිසුන්  ජීවත් වීමට ආදායමක් නොමැතිව  දුක් විඳින බව දන්නෙමු. වෙවසායකයින් විසින්ම සිදුකරන  විරැකියා තත්වය  නිසා ඇතිවන  සීමිත රැකියා  අවස්ථාවන්  වලදී පවතින  ඉතා තියුනු  තරඟකාරී  තත්වය තුල  රැකියාවක් ලබාගැනීමටනම්  ඉහල තාක්ෂණ  දැනීමක්  , උසස් අධ්‍යාපනයක්, හා ඉංග්‍රීසි  දැනීම  ඇති  අයට පමනක්  රැකියාවක් ලබා ගැනීමට  හැකිවීමයි  ගැටලුවට  හේතුවී ඇත්තේ.  අධ්‍යාපනය   රැකියා වෙලඳපලට ගැලපෙන ආකාරයට  සකස්විය යුතුය යන මතයට  හේතුව  මෙයයි.

                                     එහෙත් අර්තයෙන්ම  අද්‍යාපනයේ මූලික අරමුන  ස්ථිර ලෙසම රැකියා ලබාගැනීම  නොවන  බව දනිමු.  අධ්‍යාපනයෙන්  අදහස් කෙරෙන්නේ ජනතාවගේ  සාක්ෂරතාව  වැඩි දියුනු කරමින්  මූලිකව ,  භාෂාව, ගනිතය, ලෙස දැනීම ගොඩ නගා ශාස්ත්‍රීය  විෂයයන් , සාහිත්‍යය, සමාජ  ඉතිහාසය, භූගෝල  විද්‍යාව,  භෞතික හා  ජීව විද්‍යාව, කලාව වැනි විෂයන්  මගින්  පුද්ගලයාගේ  දැනීම වර්ධනය    කිරීමෙන්  යහපත් බුද්ධ්මත් සමාජයකට  වැඩදායක පුද්ගලයින්  බිහිකර  යහපත් සමාජයක්  ගොඩ  නැගීමය. ශාස්ත්‍රිය  විෂයන්  මගින්   මනුෂත්වය , සංවේදී භාවය,  සාමූහික ජීවන ක්‍රමයක  කරුණාව ආදී ගුනාංග  වර්ධනය  වන අතර  විද්‍යා විෂයන් මගින් මෙම මුලු මහත් විශ්වයේ  විශයමූල යථාර්තය වන සොභාදහමේ  ක්‍රියා දමයේ  සම්බන්ධ  විශ්ව සත්‍යයන්  හෝ   ධර්මතාවයන්  හෝ මූල ධර්මයන්  හෝ සිද්ධාන්ත  මතවාදයක් ලබා දී  ජීවිත යතාර්ථයේ ද්ර්ව්‍යමය  හෝ  භෞතිකමය  ස්වභාවය විෂයමූලව  අවබෝධකරගෙන  ලෝකය හා ප්‍රශ්න   දෙස  නිවැරදිව  විෂය මූලිකව බලන්න හැකියාව  ඇති විචාර බුද්ධියෙන් යුත්  මිත්‍යා  මතයන්ගෙන්   තොර  යහපත් පුද්ගලයන්  බිහිකර යහපත් සමාජයක්  ගොඩ නැගීමය. එසේ නොමැතිව  රැකියා වෙලඳපොල  ඇවැසියාවන්  සපුරාලීමට නොව  ධනේශ්වර සමාජයන් තුල  අනීවාර්‍යයෙන්ම නිරන්තරව පවතින  විරැකියා  තත්වයන්ගෙන් අයුතු  ප්‍රයෝජනය ගෙන  ධනපති හෝ  වෙවසායකයින්   හා ඔවුන් වටා සිටින  විවිධ  ජාවාරම් කරුවන්  මෙම අද්‍යාපන ක්‍රමය  රැකියා වෙලඳපොල  සඳහා  ගැලපෙන ලෙස සැකසිය යුතුයැයි  ප්‍රකාශ කරන බව වටහා ගනිමු. ඔවුන් මේ සඳහා පුද්ගලික  අධ්‍යාපන ආයතන  පිහිටුවාගෙන විශාල වශයෙන්  මුදල්හම්බ කරගනිමින් සිටී.  එහෙත් මනුෂත්වයෙන්  යුක්ත  සූරාකෑමෙන් තොරව සමානතාවයෙන්  ,සාධාරනාත්මක, සදාචාරාත්මක   හා  යුක්තිගරුක  සාමූහික ජීවන ක්‍රමයක්  පවතින ශිෂ්ඨ  මිනිස් සමාජයක මෙවන් ප්‍රශ්න ඇතිවීමට   ඉඩක් නැත.  මෙවැනි සමාජයක් තුල  මෙලොවට බිහිවන  සෑම පුද්ගලයෙකුටම  ඔවුන්ට නොසලකා  හැර  හුදකලාව  ජීවත්වීමට , ජීවිතය   හා මරනය  අතර   අරගලයක යෙදෙන්නට  ඉඩ නොතබා සමාජය විසින්   තම ජීවත් වීමේ  මූලික අයිතිය  අනුව තම ජීවිතය   සවිකරගෙන තමන් හා  තම යැපෙන්නන්ගේ  ජීවිත  සුරක්ෂිතව  පවත්වා ගෙනයාමට  ඇවැසි දේ හා පහසුකම්  ආහාර, සෞඛ්‍ය, නිවාස,අධ්‍යාපනය , ආදී   අවශ්‍යතාවන්   සපයාගනිමින්  යහපත් මිනිසෙක් ලෙස ජීවත්වීමට  ඇවැසි පහසුකම්  සමාජ යුතුකමක්  හා  වගකීමක්   ලෙස සලකා  ලබා  දෙන අතර පුද්ගලයෙකු ඊට ප්‍රතිචාර දක්වමින්  සමාජ  යහපත සඳහා  තමාගේ වගකීම හා යුතුකම  තමාගේ  හැකියාවන්   හා  කුසලතාවන්  අනුව ස්වේච්චාවෙන්  සමාජ මෙහෙවරක   යොදවන්නේය..  මෙමගින් සමාජයේ  දියුනුවට ඔහු දායක වන අතර  සමාජ දියුනුවේ   හා වර්ධනයේ ප්‍රතිලාභයන් ඔවුන්ට  ලැබෙනවා ඇත.ඔවුන් ඒ සිදුකෙරෙන  වෘත්තීය  කාර්‍යක්ෂමව  සිදුකිරීමට  වැඩිපුර  දැනුමක්  හා තාක්ෂණ   දැනීම  ඇවැසිවන  අවස්ථාවලදී  එය පහසුවෙන්  ලබාගැනීමට  හැකිවන පරිදි  අදාල අධ්‍යාපන ආයතනයන් පිහිටුවනු  ඇත.

                                    සාමූහික  ජීවන ක්‍රමයක් පවතින  සමාජයක නිශ්පාදනය  හා අනිකුත්  සමාජ  ක්‍රියාකාරකම්  පවත්වාගැනීම  සඳහා  ඇවැසි සම්පත් , ආහාර  හා අනිකුත් මිනිස් අවශ්‍යතාවන්  සියල්ල සපුරාගැනීමට  ඇවැසි සම්පත්    ලබාගැනීම  විද්‍යාත්මක  ගවේෂන, සමීක්ෂණ ,පරීක්ෂන , හා අධ්යනයන්  මගින් පරිසරයේ  විවිධ පැතිකඩ වල  පවතින තත්වයන්    ගැන අවබෝධයන්   ලබාගනිමින්  ඇතිකරගන්නා නිගමනයන්ට  අනුව සකස්කරන  විධිමත්  සැලසුම් වලට  අනුව මනා  කලමනාකාරීත්වයකින්  හා සීමාමායිම් වලින් යුක්තව  පරිසරයට සිදුවියහැකි හානිය  අවම කරගෙන  පමනක් සිදුකෙරෙනු  ඇත.  මෙසේ පරිසර හානිය  අවම කිරීමෙන්  පරිසර විපර්‍යාස  සීමාකරගැනීමට හැකිවීම නිසා   වනාන්තර  ආරක්ෂාවීම  ජල පෝෂණ  ප්ර්දේශ  ආරක්ෂාවීම , සෝදාපාලුව  අඩුවී  ගොවිබිම්  ආරක්ෂාවීම  ආදී යහපත් තත්වයන්  උදාවීමත් සමග  ආපදා සීමාවී   රටේ ධනය  වැඩිකර ගැනීමට  හැකිවනවා ඇත. එසේම සාමූහික ජීවන ක්‍රමය  නිසා  පොදුමහාජනයාට  උඩින් සිටින  ධනපති  පාලකයින්  සුලු පිරිසක් විසින්  රට පාලනය  කෙරෙන  ධනේශ්වර  පාර්ලිමේන්තු  ප්‍රජාතන්ත්‍රවාදී  වන ප්‍රෝඩාව අහෝසිකර   රටේ  මුලුමහත් පොදු ජනතාව විසින් හා සාමූහිකව සමාජ ක්‍රියාකාරකයන්  සියල්ලක්ම  ඍජුව  සම්බන්ධවී දායකවීමෙන්  වචනයේ   අර්ථයෙන්ම    රැකියා කිරීම   හා විරැකියාව තේරුමක්  නොමැති වචනයක්   බවට පෙරලනු    ඇත. රට තුල පොදු මහජනයා විසින්ම මහජන ස්වයංපාලනය ඇතිකරගැනීම රටේ සෑම ක්‍රියාකාරකමක්ම  කාර්‍යක්ෂමව  සිදුකිරීමට  ඉවහල්වනු  ඇත. .මේ මහ පොලවේ පයගසා  ජීවත්වන වැඩකරන ජනතාව,  සමාජ ක්‍රියාකාරකයින්, රටේ සෑම තැනක් පිලිබඳව  ලබා ඇති පුලුල් අත්දැකීම් අනුව   රටේ සිදුවූ  වැරදි, අඩුපාඩු,  අනවශ්‍ය සංවර්ධනීය ක්‍රියාවන් ,ගැන අව්බෝදයෙන් ඒවා නිසියාකාරව  ජනතාවට ඕනෑ  වුවමනාවන්ට  අනුව  සිදුකිරීමෙන්  නාස්තිය  වලකාගෙන, රටේ ධනය  කිසිවෙකුට   සොරකමට   හෝ  ජනතාව රවටා කොල්ල කෑමට  මිනිස්  ශ්‍රමය සූරාකෑමට  වැනි වංචාවන්  හා සමාජ අසාධාරනයන් වැනි සමාජ විරෝධී ක්‍රියාවන්හි  යෙදෙන්නට ඉඩක් නොලැබෙන නිසා ජනතාව විසින්  සිදුකරන ස්වයංපාලනය  කාර්‍යක්ෂමව   සිදුකිරීමට හැකිවන්නේය .  මේ හේතුවෙන් රටේ වැඩකරන  ජනතාව විසින් උපදවන  ධනය කිසිම පුද්ගලයෙකුගේ  පුද්ගල අයිතියට  පත් නොවී  පොදු මහජනතාවගේ පොදු අයිතියට  පත්වන නිසා  රටේ පොදු  යහපත සඳහා  සිදුකෙරෙන  සංවර්ධනයන්  ඇතිකරගැනීමට  හැකිවන අතර පුද්ගලයාට තම ජීවිතය සවිකර ගැනීමට  , තම අඹුදරුවන් රැකගෙන  මිනිසුන්  ලෙස  යහපත් ජීවිතයකට    ඇවැසිවන  ආහාර, සෞඛ්‍යය,  අධ්‍යාපනය, නිවාස , සංකෘතික   හා  අධ්‍යාත්මික  දියුනුව සඳහා  වුවමනා,සපුරාගැනීමට සියලු පහසුකම්  සැපයීම සමාජට පැවරෙන  වගකීම   හා  යුතුකම  බව සලකනු ඇත. .  මෙනිසා ධනවාදී සමාජයන් වල මෙන් පුද්ගලයා හුදකලාවී , අසරන වී ජිවත්වීමට හා තම යැපෙන්නන් රැකගැනීමට වෙනත් කිසිම  ක්‍රමයක්  සකසා ගැනීමට  හැකියාවක් නැතුව,ජීවත්වන්නට වෙනත් මිනිසෙකුට තම ශ්‍රමය අඩු  මිලට විකුනා  ඔහුගේ ප්‍රාග්ධනයේ   කොටසක් වීමෙන්  ඔහුට යටත් වී  ඔහුගේ සූරා කෑමට ගොදුරු වීම වැනි තත්වයන්  ඇතිවීමට කිසිදු  හේතුවක් ඇති නොවනු ඇත.

                        අද පවතින වැරදි සමාජ , ආර්තික  , දේශපාලන ක්‍රමය පවත්වාගෙන  යාමට ඇවැසි  විෂය  උගතුන්  බිහිකරන  අධ්‍යාපන ක්‍රමය , බිහිකරඇති කිසිම උගතෙකු  සමාජමය බුද්ධිමතෙකු  නොවන නිසා ඔහු  මොන හෝ ගැටලුවට උත්තර සැපයුවද   ඒවා   නිවැරදි  හා  පරිපූර්න  නොවේ . ඊට හේතුවනම්  ඔහු   ලබා ඇති  පාර්ශ්වික   දැනුම අනුව   මොනවා , මොන විෂය වුව රටේ  අද්‍යාපනය දෙන මූලික තැන මිනිසා  ස්වභාවයේ කොටසක් හා එහි  අග්‍රඵලයක් බව  උගැන්වීමට  හා එම මිනිසාද  ස්වභාවයේ  ක්‍රියාත්මක භෞතික නීතීන්  අනුව  බිහිවී හැඩගැසෙමින්  සංවර්ධනයවන  ජීවී කොටසක් බව  පලමු පාඩම්  ලෙස සිද්ධාන්තානුකූලව   නොඉගැන්වීමයි. අපි එසේ කීවත් මේ ආකාරයේ පාලනයන් එසේ සැබෑ දැනුමක් දීමට බිය වේ.  එසේ දුනහොත් එම භෞතික  පොදු   නීතීන් දේශපාලනයටද  ජනතාව යොදාගෙන මේ ආකාරයෙන්  රැවටීමට  ඉඩක් නොතබන බව දන්නා  බැවිනි.  මේ ගමන මදකට අද්‍යාපනයේදී පසුබා ඇති  රුසියාව , චීනය වුව වේගවත් පිමි පැන්නේ මේ වෙනස එදා  එමරටවල  විප්ලවීය ආණ්ඩු  අද්‍යාපනයේදී  ක්ෂණිකව  වෙනස් කල බැවිනි. කපටි , අනාගතයක් නැති  උගතුන්, දේශපාලුවන් , ආගමික  චින්තකයින් එමරටවල් වැටී ඇති බවත්  , එම   භෞතිකවාදී දැක්ම  පැරනි , යල්පැනගිය බවත් කියනුයේ  ඇත්තෙන්ම   නොදැනුවත්කමය, නැතිනම් පංඩිතකමය, හා ඒසමගම ජනයා රවටා  දිවි රැකගැනීමේ කපටි කමටය.   (තේෂව,)

Previous
Next Post »
Thanks for your comment