ජනතාව විප්ලවවාදී පක්ෂ හෝ සංවිධාණ පිලිනොගන්නේ මන් ද?


 

ලංකාව අද ඉතිහාසයේ නොවූ විරූ  අන්දමින් බරපතල  ආර්ථික හා   දේශපාලන   අර්බූදයකට  මුහුන දී ඇතිබව අපි කවුරුත්  පිලිගත යුතුය.  මීටපෙර  ආර්තික වශයෙන්  අර්බූද මතුවී  සලාක ක්‍රමයන්ට  හා  පෝලින් වල ලැගීමට හා  වීථි  බැසීම් වලට පවා එලඹ  ආන්ඩු පලවා හැරීමට  1953  දී  මෙනුත්  1977දී මෙන් ඊලඟ  චන්දයේදී ඉවසා සිට  දරුණු පරාජයක්  පාලක  ආණ්ඩු  පක්ෂයට උරුම කරදුන්  ඉතිහාසයක්  තිබූ බවත්  අපිට  මතකය. නමුත් ඒ සැම  අවස්ථාවකටම   වඩා අද   වෙනස්‍ය .  .බරපතලය . පැරණි අවස්ථා වලදී  රටේ මෙතරම් ජනගහනයක්  නොසිටි  අතර  ජනතාවගේ  එදිනෙදා   ජීවත්වීමේ  වුවමනාවන්   මෙපමන නොතිබුනි.  එදා  කෑම, බීම  , ඇදුම්  ,සෞඛ්‍යය  ආදී කුමන  ජීවත්වීමේ  මූලික වුවමනාවක් ගත්තත්   සරල විය.  සමූපකාරයෙන්  දෙන බොහෝ භාන්ඩ  හා  සතිපොලේ   සතියට හෝ දෙකට  ගන්නා බඩු වලින්  පවුලක වුවමනා සැපිරුනු  අතර  , ඒසැමකක්ම  අඩු මිලකට සපයා ගැනීමට  ක්‍රමවේදයක් හෝ  සලාක ක්‍රමයක් හෝ තිබිනි.  එසේම  බෙහෙත් හේත් පවා  රෝහලින් හෝ අඩු මිලකට  බාහිරව ලබා ගැනීමට   තිබූ  අතර  ඇඳුම් පැලඳුම්  පවා   ඉතාමත් සීමිතව   අවුරුදු කාලයට වුව    සමූපකාර කඩෙන් හෝ   ස්වල්පයක්  වැඩියෙන් සතිපොලෙන්   ලබා  ගැනීමට   හැකියාව තිබුනි.  

                                     අද ඒ තත්වය සපුරාම  වෙනස්  වී ඇත.  ජනගහනය  විශාල ලෙස  වැඩිවී  ඇති අතර  ගම්මානවල  තිබූ ,   සුහදතාව ,  නෑදෑකම,  අන්නෝන්‍යකම , ඈත් කරමින්,  නිහතමානීව  නැතිබැරිකම්   පවසමින්  අඩුපාඩු සපුරාගත්  ගම්   ඒවා  සඟවාගනිමින්  , කෙසේ හෝ මුදලට  හෝ නයට  ගැනීමට   යොමුවී , හුරුවී ඇත්තේ  මේ ගම් අද  පිනෑන්ස්  සංස්කෘතියක්  නිසා  ගම් වල    සැගවුනු  ජීවිත  රටාවකට , විවුර්ත   භාවය  නැතිකරගත් නාගරික  ජීවිත  මෙන්  තරඟකාරී  ස්වභාවයකට පත්වීම   නිසා විය හැක. එය එක් හේතුවකි. අනෙකනම්  සෑම කෙනෙකුටම  ,පවුලකටම, එදාමෙන්   නොව   වුවමනාවන්  සංකීර්ණ  වී ඇත. හොදින් නිමැවූ  ජල විදුලි  ඇති  නිවෙසක්, එයට වුවමනා ගෘහ භාන්ඩ,  අඩුම ගනනේ  එදාමෙන්   බෛසිකලයක්,කරත්තයක්   නොව , වාහනයක්,   කඩුල්ල පැනයන  මංකඩක්   නොව  හොදි;න් සැකසූ පාරක්,   වටිනා රූපවානියක්, ශීතකරණ,  රෙදිසෝදණ  යන්ත්‍ර,   වැනි  විදුලි  උපකරනත්  පිරුණු සුඛෝපභොගී  තත්වයක්  බොහෝඅයට  නය වී හෝ ලබා ගැනීමට  වුවමනාමය. එනිසා එදා මෙන් නොව,   සැමෙකා  ලඟම  ගමන් කථනයක්  සේම , තමන්ටම වූ වාහනයක් ඇතිනිසා  පෝන් කාඩ්,  ඉන්දන, ගරාජ්,  කොමියුනිකේෂන් . ලෙස ආහාර ලඟට කතාකරන  මූලික මාතෘකා  වෙනස් වී ඇත.  රැකියා වුව  ගම තුල    ගොවිතැන,  කිරිකැපීම , තේ දලු කැඩීම,  කුලී වැඩ,   වඩුවැඩ,  මේෂන්වැඩ ,  සඳහා  පිරිස අඩු වී නොව  නැතිම වී  කලාපයේ කම්හලේ  , විදේශයේ , නගරයේ වැඩසොයා ගිය   පිරිස් බහුල වී ඇත.  මෙනිසා රටේ  විශාල  වෙනසක් වී ඇත්තේ  මේ වකවානුවේ  බඩු හා සේවා මිලෙහිද  එදාට සාපේක්ෂව  දහස් ගුනයකින්   මිල වැඩි වී ඇති තත්වයක්  තුලය.  එදා ශත  ගනන් වලින් සපයාගත්  බොහෝ දෑ අද ගැනීමට රුපියල්  සියගනනින්  වුවමනා වී ඇත.

නව පරම්පරාව ඇඳුමින් , පැලඳුමින්  පමනක්  නොව ආකල්පමය වශයෙන්ද වෙනස් වී  ඇත්තේ  ලංකාවේ  ඈත පිටිසර පවා මේ රැල්ලට  එක්කරගනිමින්  බව පෙනේ . එනිසා එදා  ඉන්දන , ගෑස් හිඟයක්  ඈත පිටිසරට  දිගු පෝලින් ඇතිකරමින්  බලපෑමක් නොකලත්  අද එසේ නොවී  ,විරෝධතා  , හා දැඩි බලපෑම්  ඇතිකරනුයේ  දර තිබුනද  ඔවුනුත් නගරයේ   ලෑලි,පැල්පත්, නිවාස සංකීර්ණ,  වල නිවැසින්  දර නැතිව ගෑස් වලට හුරු වී  ඇති සේ  සැපපහසු, ලෙහෙසි  ජීවිතයකට  පොදුවේ හුරු වී ඇති බව පෙන්වමිනි.  මිල කොපමන වැඩි වුවත්  මිල දී ගැනීමට දැන් මොවුන් හුරු වී  ඇතුවාක් මෙන්ම  ආණ්ඩුද එක දිනයක් තුල දෙගමනක්  පවා මිල වැඩිකරමින්  මිනිසුන් තලා පෙලා දමමින් සිටී.  වක්‍ර බදු  සැම  වැසියාගෙන්ම අයකරමින් කෑම, බීම, බෙහෙත් ආදී සැම දෙයකින්ම   උදුරා ගන්නා අතර සීමිත  , වැඩිපුර උපයන්නන්ගෙන්   ඍජු   බදු ගනිමින් ඔවුන්   ගේ නිෂ්පාදන , හා  සේවා මිල වැඩිකරමින්  පොඩි මිනිසුන් නැවතත් මංකොල්ලයකට  ලක්කරමින්  ජීවත් වීම  අද   කරදරයක් බවට පත්කර ඇත.  නමුත් රාජ්‍ය  අනුග්‍රහය ලබාදී , වියදම් කර , නීතිපනවා  හීලෑකර ,සිත   මූලිකකරගත්  ආගම්  ප්‍රචලිත කරමින්  මේ  අපහසුවට , කරදරයට  පත් ජනතාවගෙන්   බහුතරයක්  ස්ත්‍රීන්,  හා ඔවුන් හරහා  ලමා ලපටීන් ,හා පාසැල්  මගින්  සිසු සිසුවියන් භෞතික ගැටලුවලින්  ඈත් කරවමින්  ඊලඟ ආත්මයක  ආශ්වාදයකින් රවටමින්  පාලකයින්  පූජකයින්   හා අත්වැල්   බැඳ සිටිති.

                                     මේ අතර අද රටේ විවිධ  උද්ඝෝෂණ  හරහා  මතුවූ   ජීවත්වීමේ   බැරිඅමාරුකම් ,නැවතී   රැඳී  ඇත්තේ   ස්ථිර උද්ඝෝෂණ   භූමියක හා ඒ වටා ගොනුවූ  තවත්  බිම් මතය. ඒ ගෝල්පේස් බිමය.  මෙය නව අහිංසක, ආදර,   විරෝධයක් ලෙසද ,ඉදිරිපත් කරනුයේ  ජීවත් වීමේ බැරි අමාරුකමමය. එසේම ඒ තත්වය රටට උදාකල පාලකයින්   ඉවත්වන  ලෙසය.  නව පාලනයක්   ඇතිකරන ලෙසය.   මෙයට  පිලිතුරු  ලෙස  මැර ප්‍රහාර,  ඊට එරෙහි වූ  පීඩිත ජනයාගේ කෝපය  ඔවුන්  වටහාගෙන සිටි  පාලකයින් පිට යැවූ  පිලිවෙලත්,  ඒ සමගම අද  ඒ නඩු ඇසෙන  විෂමාකාර අකාරයත්   අනුව  පාලකයින්  පාලනයෙන්  අයින් වීමට   කිසිසේත්  අකමැති බවත් ඒ සඳහා  විවිධ සට කපටකම්  කරමින් සිටින බවත් පෙනේ.

                        මෙවැනි අරගලයක  බොහෝවිට නියෝජනය වන්නේ  සමාජයේ පහලම  පීඩිත පංතියේ  ජීවත්වීමේ ඉල්ලීම්  සමගම ,  අදවනතුරු  නොවිසඳුනු  මැදි පංතියේ පහල ස්ථර  වල ඉල්ලීම් බව පෙනේ.  ඔවුන් තාමත්   චිරාගත  ආගමික, සංස්කෘතික  බැඳීම් වල  පීඩනයෙන් මිරිකී සිටී.  පහලම පීඩිත පංතියට  මෙන්  කෑම  බීමවත්   නැති අන්ත  අසරණ  තත්වයක්  මොවුනට  නැතත්,  රැකියාවේ , ජීවත්වීමේ අවිනිශ්චිතතාවක්  පැවතීම   ස්වභාවිකය. මොවුහු , බොහෝවිට  ඉගෙනුම  උපාධියකින්  හෝ  උසස් අධ්‍යාපනයකින්  අවසන් කල  යහපත් රැකියාවක නියුතු    වෘතීයවේදියෙකු   හෝ නිපුනයෙකු විය හැක.  ඔහුට  හෝ  ඇයට  කියවීමෙන් , ඇසීමෙන් හා  ලිවීමෙන් , බැලීමෙන් , ඇසුරු කිරීමෙන් ,ලෝකය ගැන  යම් අවබෝධයක් තිබිය හැක.  එමගින් ඔවුන්  පෘතිවියේ  එක පසක  මිනිසුන් විඳින පහසුකම්,  ජීවිතයේ සුන්දරත්වය , ගැන  දුක්වමින්,  ඒමත  හෙලා ඇති  පැරණි  වැඩවසම්  මති  මතිමතාන්තර , වත්පිලිවෙත් , හා චාරිත්‍ර , ඇදහීම් , පිලිගැනුම්  වලින් වෙහෙසට පත්ව  අතෘප්තිකර මනසකින්  යුතුවූවෝම වෙති.

                        මොවුන් වැඩි  හැල හැප්පීමකදීම පංතියක්  ලෙස  මධ්‍යම  පංතියේ වුව   ආදායම්,වත්කම්, නිපැයුම් මාර්ග  අයිතිය අනුව   එම පංතියේ පහල විවිධ ස්ථර වල සිටීමත්  , කඩාවැටීමේ , ඇද හැලීමේ  ප්‍රවනතාව  වැඩිබවත්   මෙවන් අවධියක  හමනා  දැඩි ආර්ථික කුනාටුවලින්  වටහා ගෙන සිටිති.  අල්ලා ගෙන ,   මිරිකාගෙන,සිටීම  අපහසු  වුවොත්  ඇද වැටෙන්නේ  පහල පීඩිත පංතියට බව  ඔවුන් හොඳින්ම දනී. නමුත්  ඔවුන්ගෙන් සුලු පිරිසක්  හැර  බොහෝ පිරිස්  උත්සාහ දරන්නේ  තමන්ට ප්‍රශ්නන්  නැති ,  යහපත්, ප්‍රජාතන්ත්‍රවාදී , නිදහස්  වටාපිටාවක  මෙවැනිම පාලනයක් උදාකරගැනීමටය.  දැන් සිටින පාලකයිනුත්, පෙර  සිටි පාලකයිනුත්  වැරදිබවත්,  එසේ නොවන   පාලකයින්  පිරිසක්  මේසමාජයේ උගතුන් අතරින්  තෝරා ගෙන  පාලනය  බාර දීමෙන්  එය ඉටුකරගත   හැකි  බවත්  ඔවුන් සිතා සිටී.  එය මැතිවරණයකින් , හෝ පාලනයේ   මාරුවීමකින් කරගත හැකියැයි   ඔවුන් සිතා සිටියත්   දේපල ක්‍රමයේ  විපර්‍යාසයකින්  තොරව,  තමන්ට  පහල  පීඩිත  පංතියේ  වඩාත්  අමාරුවෙන් යුතුව , මිතුරන් ලෙස කටයුතුකරන  පිරිස් වලටත්   ස්ථිරසාරව  ලබාදෙන  උත්තරයක් ගැන කතා  නොකරති. සුලු පිරිසක් හෝ මේගැන  දැනුවත්ව සිටියත්  ඔවුන්ද  තම සංවිධානවල  දැරිය යුතු  ප්‍රතිපත්ති  තීරන  ලිහිල් කරමින්  ලෙහෙසි , පහසු ක්‍රම  සොයමින්  ක්‍රම වෙනසේ  හරය  පුද්ගල හෝ  පක්ෂ   මාරුවකට  ලඝු  කරමින්, නිශ්ශබ්දව   සිටිති.

                         මෙනිසා  අද ලංකාවේ  පලල්ව  මුවග රැඳෙන  ගෝල්පේස්  අරගලය   රැකගෙන සිටීමට  මෙතැන නොසිටින,  නමුත්  පාලකයින් වී සිටින  මැති,  ඇමති වරුන්ටත් වුවමනා වී ඇති නිසා  ඔවුන් ආරක්ෂකයින් ද වී සිටිති.  ඔවුන්  මේ අරගලය සුරැකිය යුතුව ඇත්තේ  මොවුන්ගෙන් ගිලිහී  පහලම පීඩිත පංතිය  අතට  ධජය  යාමෙන් වලකා  ගැනීමටය. එසේ මාරු වුවොත්  ලංකාවේ සැබෑම  පෙරලියක් වනු නොඅනුමාන බව ඔවුන් දනී. පීඩිත පංතියේ  විමුක්තිය  බාරව  , අද කොන්ත්රාත්  ගෙන ඇති   වාම  පක්ෂ හා  කන්ඩායම්ද, අනුබද්ධ  සංවිධානද මේ මධ්යම පංතියේ වුවමනාවන්ඒ අයුරින්ම  ආදරයේඅරගලයකින් , වසාසිටින  අරගලයේ  සිරකර සිටින්නේ ඔවුන්ටද මෑතක් වන තුරු  ලෙහෙසි පහසු බලය ලබාගැනීමේ මාවත  චන්දය පමනක්  බවම පෙන්වා  හා දැනී  ඇති බැවිනි.  මොවුහු මාක්ස්  හා එන්ගල්ස්ගේ  කොමියුනිස්ට්  ප්‍රකාශනයත්,රාජ්‍ය හා විප්ලවයත්  පමනක්වත් කියවා ඇතිනම් හා   රුසියන් බෝල්ෂෙවික්වරු  සාර් ඩූමාව දුන් විට  එයට සියලු මෙන්ෂෙවිකයින් රිංගද්දී  සෝවියට් සබා  ඇතිකර පීඩිතයනට  වේදිකාවක් ඇතිකලේත්  ඇයිදැයි නැවත විමසිය යුතුය.  එසේම   දශක  තුනහමාරක් පමන  ලොව ප්‍රභලම  ජාතීන් දෙකක් වන  ප්‍රංශය හා ඇමරිකාව සමග   භියකරු    යුධයක  පැටලී , විශාල ජීවිත  හා දේපල හානි ලබා  පසුව ජය ලබා   අපි මෙන් අවුරුදු 74ක්  විනාශයේ   මාවතට නොව අවුරුදු 48කින්  පමන  ආසියාවේ   දියුණුම රටක් ලෙස    සංවර්ධණයේ  මාවතට ගෙනගිය  දකුනු ආසියාවේ    වියට්නාමය හා කම්පුචියාව  වැනි රටවල්   , එම තත්වය  ලැබීම  බංගලා දේශය,  නේපාලය,මියන්මාරය වැනි රටවල දියුනුවට  සමානව  ධනපති විචාරකයිනට  වැරදියට  පෙන්වීමට ඉඩ දී  බලා සිටින  එම සාකච්චාවේම  සිටින  වාම නායකයින්ද  අවස්ථාවාදීව  පීඩිතයින්  මේ  මැද ධනපති  පංති අරගල වල  සිරවී සිටිනු දැකීමට   කැමැති  ඇතැයි සිතේ.

                        කෙසේ වුවත් මෙවන්  අරගල   පාලක සහායෙන් හෝ ඔවුන්ගේ  මිතුරු  ප්‍රතිවිරෝධ  හරහා කවුරුඅතින් හෝ රැකී හෝ   දිය වී යාමට හැර හෝ  යම්   ප්‍රතිපලයක්  ලැබුවා හෝ  පහල පීඩිත පංතියට ලැබෙන්නේ  අල්ප වූ ලාභයක් පමනි.  ඔවුන්ගේ අරගලය  පංති අරගලයකි. එයින් තොර විමුක්තියක් ඔවුනට නැත.  මෙවන්  මෙවැනි  මද්ධ්‍යම  පංතියේ  පංති  අතර  ඇති  ප්‍රතිවිරෝධතාවන්  අද රට  පත් වී ඇති  තත්වය හා  පත්කර  ඇති තත්වය   මත  එක  පිලකින්  තව පිලකට  මාරුකර ධනපති  පාලනය තව දුරටත්  ගෙන යාමට කරන මේ උත්සාහය  රැවටිල්ලක් නොවිය යුත්තේ පීඩිත   පංතියටය. ඔවුන් නැවතත්  නව මාදිලියකින් රැවටීමට පත්  විය යුතු නැත. මේ අරගලය තුල මැදි පංතියේ වුවමනාවන්   විසඳෙන විට ඒවා රටේ අද  සිරකරගෙන ඇති ප්‍රගතිශීලී  වුවමනාවන් බවත්  ඒවා  රටේම වුවමනාවන් බවත් කියමින්  පීඩිත අරගලය  සටන්කාමී  මාවත්     හරහා දේපල  විපර්‍යාසයකටම    යොමුවීමෙන් තොරව  අවසාන ජයක් නොලැබෙන බව පවසමු.එසේම  පීඩිත පංතියේ  විමුක්තියේ  ධර්මය වූ  මාක්ස්-ලෙනින්  වාදය  එම පංතිය  වෙත ගෙනගොස් ඇත්තේ හා  නිර්මානය කර ඇත්තේ සංවර්ධනය කර ඇත්තේ   මාක්ස්, එංගල්ස් ,ලෙනින්,  මාවෝ,  හෝචිංමිං,  චේ,  වැනි  මධ්‍යම පංතික නියායාචාර්‍යවරුන්   හා  ගුරුවරුන් වුව ඔවුන් තම පංතිය වෙනුවෙන් පීඩිත පංතිය  පාවා නොදී ඔවුන්  ජයග්‍රහණය  කරා ගෙනගිය බව දනිමු.  එය එසේම ලංකාවේද අවංක වූවන් අතින් වෙනු ඇත. මේ  තත්වය තෝරා බේරා  පැහැදිලිව කියා  දෙන තුරු  , සංවිධානය  කරන තුරු  ලංකාවටත්   මේ කූඨ  සොරුන්ගෙන්  ස්ථිරසාර ගැලවුමක් නොලැබෙන බව   ඒකාන්තය.  පීඩිත ජනතාවද  නිවැරදිව  කියාදී ගලවාගන්නා තුරු  ඔවුන්ද අයාලේ  එක් එක් පංති  වුවමනාවන් වෙනුවෙන්  රැවටී  කටයුතුකරනු    ඇත.

                        විමල්, 2022/0529

Previous
Next Post »
Thanks for your comment