"ගෝඨා ගෝ ගම" ආදරයේ අරගලය පීඩිත පංති ජයකට මග පාදයිද?

 


මෙම "ගෝටා ගෝ හෝම් ' විරෝධතාව  ඇරඹී එය   නොනවතින  , දිවා ,රාත්‍රි ,  අරගලයක් බවට පත්වී  අදට  දින 48කි,  ජනාධිපති  බලයට පත් වී  විරෝධතා  සඳහා  වෙන්කල   භූමියේ , ජනාධිපති  ලේඛම් කාර්‍යාලය  අභියසම  ඇරඹි  මෙමගින්  ප්‍රධාන  දොරටුව  වසමින්  , අදවනවිට සටන්පාඨ, උද්ඝෝෂණ, සටන්පාඨ  පුවරු, කොඩි ආදියෙන් පමනක්  නොව   පුස්ථකාල, සැලෝන් ,දන්සැල්,  සංගීත, බන, සිනමා, නාට්‍ය, නැටුම් , උපවාස,  සැමරුම් ,ආදී ලෙස  විචිත්ත්‍රවත්   වී   ඇත්තේ  මෙතෙක් ලංකාවේ  නොතිබුනු  අරගලයක  අමුතුම මගක් ගනිමිනි.  මෙයට පෙර  තිබූ සෑම  අරගලයක්ම   ,විරෝධතාවයක්ම ,සටන්පාඨ  කියූ හෝ   කියමින් ගමන් කල  පෙලපාලියක් හෝ  රැස්වීමක් විය.  ඒවා අදද පැවැත්වේ .  විවිධ  වෘත්තිකයින් , සිසුන්, ගොවීන්,  දේශපාලන පිරිස්, පරිසරවේදීන්   කාන්තාවන්,ආදී ලෙස ඒ  ඒ අයට  බලපානා  ගැටලු  හඬගා  ,පලකරමින් පාලනයට  බලපෑම්   කිරීමට යොදාගත් සම්ප්‍රදායික ක්රමයට  වෙනස්ව  මේ අරගලය  කාටවත් හිරිහැර නොවන ලෙසයැයි කියා ඇරඹුවත් , මේ භූමියට  නොකඩවා  පෙලපාලි පැමිනේ.  කාටවුව සහභාගීවීමට හැකිනිසා   බොහෝ පිරිස්  පැමිනෙමින් ඇත. මොවුන් ඉල්ලන්නේ  මොවුන් මෙතැනට පැමිනීමට පෙර  මතුවූ ගුරු වැටුප්,  පොහොර ප්‍රශ්නය, බඩුමිල,  ආදී  මේ   ගෝඨාභය  හා මහින්ද ආන්ඩුව  විශාල චන්දයකින්  බලයට පැමින   ජනතාව  ප්‍රශ්න වල  ගිල්වා ඇති තත්වය තුල   ඔවුන් අසීමිතව පවරාගෙන ඇති බලය හැර පියා  ඉවත්වෙන ලෙසයි.

මෙසේ  පාලකයිනට  වධයක් බවට පත්වන   මේ  අරගලය  නීතියෙන් හා වෙනයම් ක්‍රමවලින්  විසුරුවා   හැරීමට දැරූ  උත්සාහයන්  අසාර්ථක වූවිට , මේ අරගලය නිසා රාජපක්ෂ  පවුල නිසා රටේ  බරපතල  ගැටලු සියල්ලම  මතුවූ  බව ගම් මුලු පුරා පවා ප්‍රචලිත වන විට,  විද්යුත් නාලිකා ප්‍රවෘත්ති මුලු කාලයම  පවසන , පෙන්වන විට , බලය අත හැරීමේ  බලපෑම   අවතක්සේරුවෙන් සලකා ඔප්පු කිරීමට දැරූ උත්සාහයේදී මහින්ද රාජපක්ෂට ඔහු මැයි 9දා අරලිය ගහ මැදුරට   සෙනග ගෙන්වා    ගත් උත්සාහයෙන්  අපහසු විය.  අවසන  ඔවුන්  විසින්  ඔවුන්ගේ බලය පෙන්වීමට  ගෙනා ගෝල බාලයන්  පෙන්වූ චන්ඩිකම්වලින්  ගෝටාගෝගම   හා  එහිම  ශාඛාවක් වූ මයිනා ගෝගම   අසාධාරණයට , වැනසීමට පත්වූවිට ,  රට වැසි  මේ රජයන්  නිසාම  හාල්, පිටි, සීනි, පරිප්පු , එලවලු, ඉන්දන, ගෑස්, ප්‍රවාහන,කිරිපිටි,  ආදී සෑම , අංශයකින්ම  බඩට වැදීසිටි  සියලු ජනතාව  මේරජයේ මැති, ඇමති,  හිතවත්,  අනුගාමික  සියලු තම ගම්වල පිරිස්වලින්  කෝපය  පියවාගත්තේ  ඔවුන්ගේ වත්කම් වලට හානිකිරීමෙන්   හා  පහර  දීමෙන් බව දනිමු. කොලඹට පිරිස්  කැඳවා ගිය වාහන කාගේදැයි  විමසීමට එම කෝපයට  කාලය වුවමනා නොවීය. ඔවුන් සැලකුවේ  මේ සියල්ල පීඩිතයනගේ සතුරන් හා තව දුරටත් ඔවුන්  බඩගින්නේ තබනවුන්ගේ රැකවලුන් ලෙස පමනි. මේ ගැන විමසන්නවුන් වුව භෞතික  පාඩුව හානිය පමනක් නොව මේ තත්වයද විමසිය යුතුවාක්  මෙන්ම අසාධාරනයකදී  මෙසේ නැගිටීම මංකොල්ල, හා  ත්ර්ස්තවාදය  ලෙස   නින්දා නොකල යුතුය. ඔවුන් ආරක්ෂා කරමින්  නීති  හා අන් සියලු  සහායන්ද දිය යුතුය.  ඔවුන් වැනි  අසාධාරනය  නොඉවසනවුන්  බොරු  ගොනුකර  නීතියෙන් හෝ වෙන මගකින්  පාගා දැමීමට  පාලකයින් කැමතිවන්නේ මොවුන් වැනි අසාධාරනය  දැක නැගිටිනවුන්  මේ ක්‍රමයේ  සතුරන් බව දන්නා  බැවිනි.     එහිදී   මේ රජය   බලයට පත් කිරීමට  චන්දය   දුන් පිරිස් සොයා  විරුධ  පිල්වල පිරිස් නොගිය  අතර   චන්දය ගෙන  බලධාරීන් වී  ඔවුන් ගිය ආයතන වල සිට  වහසිබස් දෙඩූ,  චන්ඩිකම් කියූ ,  චන්ඬින් වී  ජනතාව අමතක කල , කොටින්ම  රාජපක්ෂ පවුල  රැක ගැනීම පමනක්ම කරමින්  කටයුතු  කල  සියලු  ලොකු ,කුඩා කා කෙරෙහිත්  ජීවත්වන්නට  බැරිව  සිටි  සියලූම  ජනයා දැඩි කෝපයෙන් සිටීමේ ප්‍රතිපලයකි . බොහෝපිරිස් ඇඳිවතට පමනක්  සීමා කිරීම.  නිශ්ශබ්දව සිටින  පීඩිත  ජනතාව  කෝපගැන්වූ විට  සිදුවන ප්‍රතිපලය බව  නොදත්තවුන්  සේ  අවතක්සේරු  කිරීමට,සංවිධාන කල්ලි,  වාම පක්ෂ, කන්ඩායම්   සොයමින් ඇඟිලි දිගුකිරීම    රටේ තත්වය තාමත් වටහා   නොගැනීමද? නැත . කපටිකමය. ජනතාව මොවුන්ගේ කපටිකම් ,හා ජනතාව  මැඩීමට  පොලිස් බලය යෙදවීම පිලි නොගනී.  බලය නැති දවසට  කුමක්  කිරීමටද?

                                     මේ  ආදරයේ  අරගලය  කල බලපෑම සුලුපටු නොවේ.  මහින්ද  අගමැතිකම අත්හැරියේ  බලපෑම නිසාමය. රටම උද්ඝෝෂණ  වලින්  ඇලලුනි.  කට හැකර ඇමතිවරු  තනතුරු අත් හැරියේය.  නමුත් මූලික ඉල්ලීම වන  සියලු ප්‍රශ්න මතුකල  විධායකබලය  එහි වාහකයා  වන ගෝඨාභය සමග  රැඳීතිබෙන්නේ  විවිධ තුරුම්පු අත්හදා බලමිනි.  අද  ඔහු  ආරක්ෂා කරමින්  සිටින්නේ  කවදත් රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා වන රනිල්  අගමැති වී   රට බේරා ගැනීමට කියමින්  තව තවත්  රට ප්‍රපාතයට  තල්ලු කරන නය උගුලේ හා  විකිනීමේ හා මුදල්  අච්චු ගැසීමේ  සෙල්ලමේ යෙදෙමිනි.  පැය 48කින්  ප්‍රශ්න විසඳනවා   කී ඔහු අද   සැම දේම නොසිතූ ලෙස මිල වැඩි කරමින් , දෑස් පියා සිටින්නේ ජනතා  කෝපය , ඔහුට තිබෙනවාය කී රට ගෙනයාමේ අත්දැකීම්    වලට   වඩා  අඩුයැයි හා   රාජ්‍ය බලය  අතීතයේදී  මෙන්  ජනතාව පිට  හෙලීමට   ඇති පලපුරුද්ද   ගැන සලකාදැයි  නොදනිමි. නමුත්  ආදරයේ අරගලයේ  රැකවරනයට රුවන් විජේවර්දන යෙදීමත් , අධ්කරන  ඇමති  විජේදාස රාජපක්ෂ  එම අරගලයට  සහභාගීනොවන  නමුත්  අනුමත කරන්නෙකු, සාමාජිකයෙකු  බව පවසමින්  ගෝඨාභය  රැකීමේ   ආණ්ඩුවේ   ප්ර්ධානීන්   වීමත් උඩ අද  ගෝඨාභයද  මේ අරගලයේ   සාමාජිකයෙකු  වන්නේ  කිසිදා නොසිදුවන ලෙස  ප්‍රතිවාදියා  රහසිගත  මිතුරා වෙමිනි.  මෙය පහැදිලි කරන්නේ  එක්තරා  සත්‍යයකි.

                                     රටක  සමාජය  ධනපති, මධ්‍යම,  නිර්ධන  ලෙස මූලිකව වර්ගීකරණය  කරමින්  ඉහල සිට පහලට  දේපල , වත්කම්  අයත්කරගෙන  ඇති  හා  ඒ සඳහා චලනය  විය හැකි ආකාරය  අනුව  කොටස්තුනකට   බෙදා ඇත.  මින් පහලම  නිර්ධන පංතියේ පිරිස  විකිනීමට එදිනෙදා  ශ්ර්මය පමනක් ඇති කිසි වත්කමකට  හිමි කම්  නැති  , එදිනෙදා වැඩ කරමින් ජීවත් වන්නවුන් වන අතර  මින්  වඩාත්   සාමූහික, දැනුවත්,  අරගලකාරී, පාලක පීඩනයට එරෙහි  අරගල  අත්දැකීම්   ඇති, නායකත්වය  ගතහැකි,පිරිස වන්නේ  කම්හල් කම්කරුවන් වෙති.  මොවුහු බොහොවිට  සංවිධානය  වන්නේ  ඔවුන්ට අනාගතය  පිලිබඳව  පෙන්වා ඇති  වාම  මාක්ස්වාදී  පක්ෂ හෝ වෘතීය සමිතිවල පමනි.  නමුත්    ලංකාවේ  කම්හල්  ඇරඹුනේ  බහුලවම   ගම්වලින් නිසාත්, අද ඇත්තේත්  එසේ නිසාත් , සුලු කොටසක් පමන නාගරිකව පිහිටීමත් උඩ  විශාල කම්කරු පිරිසක්  වැඩ කරන විට  කම්හලේ  කම්කරුවෙකු වුවද  නිවසේදී  රබර් කට්ටියක්, කුඹුරු කෑල්ලක්, කුකුල් පට්ටියක් වැනි  අමතර ආදායම්  මාර්ගයක්  හිමිකරුවෝ වෙති.  නැතිනම්  ලමයිනට  අමාරුවෙන් උගන්වමින් මායාකාරී  අනාගතයකට  දැපනය වැටුනවුන්  වෙති.   එනිසා ඔවුහු  සැබැවින්ම  නැතිවන්නට  කිසිම දෙයක් නැති  විකිනීමට ශ්‍රමය පමනක්  ඇති  කම්කරුවන් හඳුනාගැනීමට ඇති  තර්තකතනයට  අහුනොවන ඊට ඉහල මැදි පංතියේ  පහල මට්ටම් වල සිටින්නෝ වෙති.  මේ එක් එක්  එම පංති  ස්ථරයේ සිටින්නෝ බොහෝ විට  ගමේ චන්දය දෙන ධනපති පංතියේ   එ:ජා:පේ : වැනි පක්ෂවල  සාමාජිකයන්   සේම කම්හලේදීද  එමපක්ෂවල  වෘතීය සමිතිවල  සාමාජිකයන් වෙති . එනිසා ඔවුහු  කම්කරු පංතියේ ඊ ලඟ සමාජයීය වගකීම , නායකත්වය පිලිබඳ  , කම්කරු   නායකත්ව   හැඟීම පුබුදන අධ්යාපනය  නොලබති.  එනිසා මොවුහු චන්දයෙන් තමන්ගේ   කම්කරු පංතියේ  අපේක්ශකයා පරදවමින්  ධනපති පිලේ අපේක්ෂකයා   දිනවති,  එසේම එදා ගෝල්පේස්  අරගලයට පහර දීමට කැඳවාගියා  සේ  ඕනැම  ධනපති  කුණු වැඩකට සහභාගීද වෙති. .ලංකාව  වැනි  පසුගාමී  ධනේශ්වර සංවර්ධ්ත  බොහෝ රටවල  මේ තත්වය පවතී.  මේ පිරිස් බොහෝ විට මධ්‍යම  පංතියේ පහල සිට ඉහලට  තම වත්කම් අනුව  ස්ථර කීපයක්  නියෝජනය කලද  දෙමාපිය උරුමයෙන්,  ඉගෙනීමෙන්, වෘතීය පුහුණුවෙන්,  රැකියාවෙන්, දක්ෂතාවෙන්,විදේශ රැකියාවලින් , ආදී ලෙස මෙම පංතියේ  වත්කම්  අනුව   වඩාත් ඉහල ස්ථර නියෝජනය  කරන   පිරිස්ද බහුලව සමාජයේ  සිටිති. ඔවුහු සියල්ලෝම  සමාජයේ   සන්සුන්,  සීතල වෙනස් කම්,  ආගමානුකූලව , ප්‍රජාතන්ත්‍රවාදීව,  මනස හා ශරීරයට  හානි නොකරගනිමින්  සමාජ වෙනසක් සොයනුයේ ඔවුන්ටද  සිටින ස්තානයේ රැඳී සිටීමට  මේ උග්‍ර ආර්තික අහේනිය , සමාජ අර්බූදය   නිසා අමාරු බැවිනි. බැරි වුවොත් ඔවුන්  සමාජයේ පහල ස්ථර වෙත කඩාවැටෙන   බවදන්නා  බැවිනි.                           

මේ පන්තිවල  බොහෝපිරිස්    අවංකවම   නිහතමානී  නොවන්නේ  එම පංතියේ  ලක්ෂණයක් වන  බොරු සාටෝපයෙන්  හා සැඟවුනු   මාන්නයකින් , හිස බර කරගෙන  ඊනියා පෞද්ගලත්වයකින්   පෙලෙන බැවිනි.  මේ අතරතුර    සැබෑ  අවංක මිනිසුන්  කීප දෙනකුද සිටිය හැක. මේ පිරිස් වල තවත් ලක්ෂණයක් වන්නේ  අනුන් කියන හරි දේ වුව පිලිගැනීමට  ඇති ආඩම්බරකාරී  නොකමැත්තය.  සුලු හෝ  දේපලක් ඇතත් නැතත්   එදිනෙදා  ජීවත්වන්නට  ඇති තරමට  වැඩියෙන්  කීයක් හෝ  මොන කපටිකම හෝ කර උපයන  පිරිස්ද  කුලී ගෙවල  දිවි  ගෙවමින්   වුවඅද  මුදලේ බල ප්‍රාක්‍රමය නිසා  මේ පංතියේ ස්ථානගත   වී  සිටිනු  දැකිය  හැක. සිසුන්  හා පූජකයින්  බොහෝවිට නියෝජනය කරනුයේ  මේ කියන  සමාජ ස්ථරය යයි. මධ්‍යම  පංතියේ  ඉහලම  කොටසේ සුලු පිරිසකට  පමනක්   ධනපති පංතියට නැග ගැනීමට   හැකි වුවත්  , බලාපොරොත්තු මිස  නැග ගැනීමට නොහැකි වීමෙන්  තරඟයෙන් පැරදී  අන්  බොහෝ ස්ථර  පහලින් පහලට  ඇද වැටී  බැරිම වූවිට  නිර්ධන පංතියට  ඇද වැටීම  නැවැත්විය  නොහැකිවනු   ඇත. මේ එම පංතියේ  වැටීම  වලක්වාගැනීම  වෙ නුවෙන් කරනා   අරගලයකි. අඳෝනාවකි. එයට පීඩිතයනට  සහාය පිදිය හැක. පිදිය යුතුය.

පහලම  නිර්ධන පංතියට , ඔවුන්ගේ ප්‍රබුද්ධම කොටසට ,  ඔවුන්ගේ පක්ෂයේ , ඉගැන්වීම ,  මගපෙන්වීම අනුව සමාජ පරිනාමයේ   ඊලඟ   පොදු දේපල සමාජ ක්‍රමය ගැනත් , එහි ඇති ඵල ප්‍රයෝජන ,  අදට වඩා ඇති  වෙනස්කම්,  සහෝදරත්වය, සාමූහිකත්වය  මිස  බොරුව , වංචාව නොමැතිකම  , සමාජ සාධාරණත්වය  ආදිය  ගැන වැටහීමක් ඇති    කරන බැවින්   එය  යතාර්ථමය  ලෙස ඇති  වන්නේ  පොදු  දේපල ක්‍රමය  තුල පමනක්ම  බව  දන්නා නිසා , දුෂ්කර වුවද  ඒසඳහා  ගමන් කලයුතු මාවත ගැන   කටයුතු  කැපවීමෙන්   කලයුතු බව  දනී.  ආදරයේ  අරගලයෙන් යම් හෝ  මේ  ධනපති ක්‍රමය   තුල  ලැබිය යුතු  සමාජමය  අයිතියක් , ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පැහැරගෙන ඇතිනම්  උද්ඝෝෂණයෙන් පමණක්  හා  විරෝධය  පෑමෙන් පමනක් , පැහැරගත්තවුන්  අමනාප  නොකර ගනිමින් ,ඔවුන් විරුධව බලය යොදවන හමුදාවන්හි  සිත් දිනා ගනිමින්  පමනක් කල හැකිනම් ඒ අවසාන සීමාව දක්වා කරගැනීම වැරදි නැත.  නමුත්  මේ කරනා අරගල තුලින්  නිශ්චිතවම  පීඩිතයනට , පොදු දේපල ක්‍රමයකට  නොගොස් අතරමැදි , හෝ  අවසාන ජයක්  ලැබේයැයි විශ්වාසයක් ඇති කිරීමනම්  වැරදිය. මේ ඉල්ලන්නේ  ධනේශ්වර  ප්‍රජාතන්ත්‍රවාදය  බවත්   සමාජවාදය නොවන බවත්  වටහා දිය  යුතුමය. ඒ සඳහා  අරගලය  මෙසේත්  හා මීට වඩා සංකීර්ණවත්  විහිදිය යුතු බව පෙන්විය යුතුවාක්  මෙන්ම  මේ  තාවකාලික අරගලයක් බවත්  මින් ජයක් ලැබුනත්  පහලම පංතියේ පීඩිත ජය වනපොදුදේපල ක්‍රමයක් වෙනුවෙන්  පෙරට යායුතු  බවත් පෙන්විය යුතුය.

                        කොස්ගම විමල්  2022/05/20

Previous
Next Post »
Thanks for your comment