අසරණකම

 


අපි  දන්නා තරමින් පුද්ගලයෙකු අසරන වන්නේ ඔහු විවාහ වී නැතිනම් ඔහු ජීවත්කරවන, ඔහුව බලා හදා ගත්,  හය හතර උගන්වා සමාජයට දැමූ දෙමාපියනුත්, ඔහුගෙන් පිලිසරන ඉල්ලන කුඩා සොයුරු සොයුරියනුත්  සිටීනම් හා ඔවුන්  ඔහුගෙන්  පිහිටක් බලාපොරොත්තු වන්නෙනම්‍ හා ඔහුට වන වෙයසනයකදීය. . එසේම විවාහකයෙකුනම් මේ කී දෙමාපිය , සොහොයුරු වගකීම මෙන්ම  බිරිඳ , දරුවන් හා නෑදෑ වූ  බිරිඳගේ පාර්ශවයද සිටිය හැක.  මේ නිවසේ ඇති වගකීම් තුල  කෑම බීම, ඇඳුම්, ලෙඩදුකට බෙහෙත්,  ඉගෙනුමට වුවමනා  දේඇතුලුව  නිවසේ  රූපවාහිනියේ  සිට  දාන, මගුල්, මරන , උත්සව,  ආදී කොතෙකුත් කි නොකී  මාතෘකා  පිලිවෙලකට ලිවිය හැක,

                        මෙසේ මුලු රටේම  සැමකෙකුම , ලිංඟ ජාති, කුලමල, වයස් භේදයකින් තොරව  මේ ගැටලුවට මුහුන දී ඇත්තේ  අපේරටේ   ප්‍රදේශ, ජාති ,  රැකියා අනුව බරපතල වෙනස්කම් ඇතිව මේ ගැටලුවට  කනගාටු දායක   ලෙස  ජනතාව මුහුන දෙන බව පෙනෙන බැවිනි.  උදාහරනයක් ලෙස කීවොත් ,  වතුකරයේ  ලයින් කාමර වල ජීවත් වන පිරිස්,  ඈත ගොවි හා ධීවර ගම්මාන වල සිටිනා පිරිස් හා  නගරයේ මුඩුක්කු  හා  ලෑලි ගෙවල   ඉතාමත් අසරනව ජීවත්වන පිරිස්  මිනිස්කමට ලැබිය යුතු කිසිදු පහසුකමක්,අයිතියක්  නැතිව දිවිය අඩු වයසින්   අවසන්  කරන බව පෙනේ. කොපමන නීති සකසා තිබුනත්  ඉතාමත් දරුනු  පීඩාවකින් දිවි ගෙවන මේපවුල්වල  අතුසෙවිලිකල කුඩා නිවෙස් හෝ තනි කාමරය හා  කුස්සිය   ඇති  වතු නිවාසවල  කුඩා කුස්සියේ  උයා පිහා විවාහක  දුව ,පුතා  හා පොඩිවුන්  හා  වැඩිහිටිඅම්මා තාත්තා  එකම කාමරයේ  මුලු හතරේ නිදන  තත්වය තුල උසස්  සංස්කෘතික  පරිසරයක් නොවන මේ ජීවත් වීම  කුඩාවියේම  විවාහ ජිවිතවලට  ඇතුලත් වෙමින් , දුක් විඳිමින්, දරුමල්ලන්  හදා ගනිමින් , උනුත් ඒ අපා ජීවිතයටම ඇද  දමමින් , වයසින් භාගයක් යන්නට පෙරම   විවාහ කීපයක් පසුකර ඒ සැමටම උරුම දරුවන්ද ඇතිව  මහ ගෙදර  කාමරයටම පැමිනෙන බොහෝ පිරිස්  මත්පැන් බීමෙන්හා බුලත්විට  හැපීමෙන්ම , පිලිකා, ක්ෂය රෝග,   හෝ නියුමෝනියා   රෝගීන් වී    හරියට කෑමක් , බේතක් ඇතිව මිය පරලොව යන බව දනිමු.  මේ අපේ රටේ  දහඩිය හෙලා  රට ගොඩනැගීමට උරදෙන ජනතාවයි.

                         රටට බත, මාලු, හා විදෙස් විනිමය උපයාදෙන  තේ , රබර්   නිපදවා දෙන වතුකරේ පිරිස්   සමග සැම පීඩිත  ජනතාවන්ගේ දරුවනට  ඉහලට ඉගෙනීමට පහසුව , ටියුෂන්පංති ,විභාග , හොඳ , පහසු නිවාස,   ලස්සන වටිනා ඇඳුම් ,රැකියා, වාහන   ඈත එපිට  දකින සොඳුරු  සිහිනයන් පමනකි..  එනිසාම ඔවුහු අඩු වයසින් අඬුපඬු  දිග් වූ ගමන්  ජීවිතයට එබීබලන්නේ ,තමන්ට ගැලවීමට  හැකිවෙතැයි සිතමින් කා හෝ සමග පිටමංවන්නේ බාල ,කුඩා මල්ලිලාට හා නංගිලා රොත්තට හා දෙමාපියන්ට සහනයක් දීමට වුවත්  ඒ කෙසේවත් සිදු නොවී සියල්ලෝම  තවත් ගැඹුරට වැටී දිවි නසා ගැනීම් දක්වා යනබව , යාම් සුලබ බව අපි දනිමු .අපේ රටේ  ජනතාවගෙන් 80% ජනතාව  ජාතික ආදායමින් 20%  ක්  බුක්ති විඳින  අතර , 20% ඇති හැකිවුන්  ජාතික ආදායමින් 80% ක් බුක්ති විදිමින්  හොදින් දිවිගෙවන අතර . තවත් පිරිසක් මේ අප කලින් කතාකල පිරිස් වෙමින්  දවසේ ආදායම  ඩොලර් දෙකක් පමනක් එනම්අද   දවසේ හැටියට රුපියල් 640ක් ලබන බව සංඛෙයා ලේඛන   ඔප්පු කර ඇත.  සීනි කිලෝව , හාල් කිලෝව  රු: 250  හා  අවම බස් ගාස්තු රු:33 ක් ,බෙහෙත් අසනීපයක් වුනොත් දහස්ගනනින් මෙහා  සිතා ගත  නොහැකි වී ඇති රටක  මේ මිනිසුන් ඔවුන්ගේ දරුවන් කෙඳිරියක්වත් නොනගා  ඍජු මරනයන් , සියදිවි නසාගැනීම් වලින් හා වක්‍ර ලෙස කලින්  විවාහ වලට යාමෙන් ,  නීති තිබුනත් , වෙන කල හැකි දෙයක්  නැතිනිසා  ජීවිත  නසා ගන්නා බව පෙන්විය යුත්තෙමු.  මේ අපේ රටේ ජීව  නාලියයි.

                         දැඩි අසරන කමට  ,බඩගින්නට, පාන් කෑල්ලක්,  හාල් හුන්ඩුවක් , කහට උගුරක්  ඉල්ලා අල්ලපු නිවසට යන  අසරනයින්, බෙහෙත් නොගෙන , මරනය වැලඳගන්නා  සේම නොඉගෙන නූගත්කමද  රැකගෙන සල්ලිකාරයින්ගේ කුලීකාරයින් ලෙසම ජීවිත ගමන අවසන් කරති. මොවුහු හැමදාම කොටසකගේ  චන්ද  ගොඩ ලොකු කරන්නන් වී උන් සැප  ගන්නට යැවීම අවසන් කරමින්  පීඩිත දේශපාලනයෙන් පිබිදවිය යුතුය. ගොවි,  කම්කරු,ධීවර පීඩිතයින් සමග අත්වැල්  අල්ලා  ගැනීමට උදව් කල යුතුය.   අද රටේ පාලකයින්  අසරන වී, දුප්පත් වී,  ජනතාවට කන්න සොයා දීමට  ලජ්ජා විරහිතව ,  සිඟමනේ  ලොව පුරා ඇවිදිනවිට  දැනෙන වේදනාවක්  නැතිනම්  මොනවා කියන්නද? , මේවායිනුත් ලාභයක් නැතිනම්   කිසිවක් නොකර සිටීයයි   සිතෙන්නේ ඔවුන්ට බඩගින්නේ වේදනාව නොදැනෙන බැවිනි.

Previous
Next Post »
Thanks for your comment