රජයට එරෙහි විරෝධයන්ට කුමක් වේද? කුමක් විය යුතුද ?

 


පලමුවෙන් කොලඹ ගෝල්ෆේස්  පිටියෙන්  ඇරඹි  ආන්ඩු විරෝධී නොනවතින අරගලයට  අදට  දින  118 ක්  සැපිරෙද්දී   එවැනිම අරගල ගාල්ල,  මහනුවර,හා යාපනයේදීද  සහායට ඇරඹි බව  දුටුවෙමු. මේ හැරත් දිවා  රෑ වෙනසක් නොසලකා  නගර , නොව හන්දි, හා පැට්‍රල්  ෂෙඩ්  ඉදිරිපිටද  රට පුරා  සැමවිට අරගල නිමාවකින් තොරව සිදු වේ. ගුරුවරුන්  වැටුප් විෂමතා  ඉල්ලමින්  දිගටම කල අරගලය  ජය ගත් බව දුටුවෙමු , ඊටපසු සෞඛ්‍යය  සේවකයින්  වරින් වර අරගල  කල බව දුටුවෙමු.  සරසවි සිසුන්  කොතලාවල   වි: විද්‍යාල පනත අහෝසිකරගැනීමට ,  හැරුනු විට අනෙක්  ක්ෂෙත්‍රයන්හි    අරගලවලට සහාය දීමට  කල අරගල මතකය. බොරු චෝදනා  නගමින් ඔවුන් දින 100කට  ආසන්නව  සිරගත කල බවද  මතකය. මේහැර  මහ කන්නයේ වී වගාවට  ඊසාන දිග මෝසම හා අශ්නි වැස්ස  බලාපොරොත්තුව විශේෂයෙන්  වියලි කලාපයේ   ගොවීන්  කුඹුරු සූදානම් කරන විටම  පාලකයින්   ගත්  මෝඩ තීන්දුවක්  උඩ  රසායන පොහොර , වල්නාශක, දිලීර නාශක  තහනම් කර ,  කාබනික පොහොර  ක්ෂණිකව  ආදේශ  කිරීම  ගොවීන් නොව මුලු රටම අසරණකරන  තීන්දුවක් විය.  එදිනෙදා ඇවැසි  ආහාර ද්‍රව්‍ය  ඇතුලු අත්තෙයාවශ්‍ය  සැමදේම  රජයේ  සොයා බැලීමකින් , මැදිහත් වීමකින්  තොරව   දෙගුන තුන් ගුනයකින්  වැඩි වූ ඉතිහාසයක් ලංකාවේ නොවුනි.  මේ ගැන සොයා බැලීමට හා  හොඳ  , දක්ෂ  පාලනයක් බලාපොරොත්තුව   රජයේ ආයතන වල මූලික  සබාපතිවරු , සාමාන්‍යාධ්කාරීවරු  ලෙස පත් කල විශ්‍රාමික   හමුදා නිලධාරීන්  කල  කෙන් ගෙඩියක් නොවුනත්   ඔවුන් වැටුප් ගනිමින් සිටී.   දරා ගැනීමට  නොහැකි ලෙස  රුපියල් සිය ගනනින්  ඉන්දන වැඩි කිරීම   රතුපස්වලින් පසු  රඹුක්කනදී  19 දා බිල්ලක් ගත්තේ  තිස් දෙනකුට පමන තුවාලද සිදු කරමිනි.  සැම මොහොතකම රට උනුෂුම් වෙමින් තිබේ.  

                         මේ රජය බලයට පැමිනියේ  පෙරාතු යහපාලන රජය  මහබැංකුව  කොල්ල  කෑ බව කියමින් , ඔවුන්  ආපසු නොගෙනා සල්ලි  ගැනිමට  විත්තිකරුවන් කනෙන් ඇද එන බවත්,  කියමින් අනෙක් වංචාවන්ද  නඩු දමා මුදල්අය කර ගන්නවා විනා  ,ඒමුදලින් රට ගෙනයනවා විනා  මහජනයාට බදුබර නොපටවන බව  පවසමිනි.නමුත් යහපාලන රජයට පෙර තිබූ මහින්ද රාජපක්ෂගේ  රජයේ  දූෂණ, වංචා  මෛත්‍රීපාල  ප්‍රමූඛව අයකර ගන්නා බව කීවද  ඔවුන්  යහ පාලන රජයෙන් ආරක්ෂා කලබව , සමහර කට උත්තර   ගැනීම් වලින් හා නඩු  දැමීමෙදී නඩු බොහොමයක් ගොනුකිරීම   වැරදියැයි කියමින් විසි කිරීම් වලදී අපිට පැහැදිලිව පෙනේ. අතීත ආණ්ඩු මෙන් නොව  මෑත ආණ්ඩු  යාලු මිත්‍රයින් හා  ඤාතීන්  සමග    රුපියල්  සිය , දාස් , ලක්ෂ නොව  මිලියන , බිලියන , ට්‍රිලියන   වලින් රටේ ක්ෂාරය මංකොල්ල කෑමට පටන් ගත් බවත් , හෙලිකල පුද්ගලයින්  වදහිංසා වලට ලක්වීම හෝ  මරනයට පත්වීම  වුනු  බවද දනිමු.  මේ රජය  බලයට පත්කල ජනතාවට  අමතක වූවේ ඔහු පරාජය කිරීමට මෛත්‍රීපාල  පිටපැන සියලු ජනතාබලවේග  එකතුවූ බවය, එසේ පරාජය කරන්නේ   රටේ පාලනයේ වරදින්  ආයුද අතට ගෙන  සාධාරනය   සෙවූ උතුරේ තරුන තරුනියන්  මරාදමමින් මහින්ද  ජාතික වීරයෙක්  වී   සිටිබව අමතක වීමෙන්ද?  රට ඇතුලේ යුදයක් 30 අවුරුද්දක් ඇදෙන්නේ හෝ මරාදැමීමෙන් තොරව විසඳා ගැනීමක් නොගැනීමෙන් ඔවුන්  විදේශරටක හමුදාවක්  ජයගැනීමකට සමානව පාලනයේ  වරදින් ආයුදගත්  මේ රටේම තරුන පිරිසක්  ත්ර්ස්ත වාදීන් ලෙස හංවඩු ගසා  , මුලු ලොවින්ම ආධාර ගෙන මර්ධනය  කර ජාතික වීරයින් වී ඊට පසු  රටේ සම්පත් මංකොල්ල  කෑම නිසාම  ජනතාවට  එපා වීම  1919 දී ඔහුගේ පරාජය කිරීමෙන්  පෙන්නුම් කෙරේ.

                                    උගන්ඩා ගමන්බිමන්, අහස් යානාමගින් ගෙනගිය මුදල් නෝට්ටු,   අධික මිල ගෙවමින් උගන්ඩාවෙන් ජෙට් යානා ගෙන්වමින්  තිරුපති වැඳීමට යාම,  පැන්ඩෝරා පේපර්ස්,  විදේශ රටවල තිබෙනවායැයි  කියන ගිනුම්  අද  ඉස්සර මෙන් වැසැංගිය නොහැක්කේ  සන්නිවේදන  තාක්ෂනයේ  දියුනුව  නිසා  මොහොතින් හෙලිදරව් වන බැවිනි. රටේ ජනතාවට  බෙහෙත්  වර්ග 200ක් පමන හිඟව තිබියදී,  තෙල් නැව් බා ගැනීමට  මුදල්  නැතුව  පමා ගාස්තු මිලියන ගනනින් ගෙවද්දී , ලමයින්ට කිරිපිටි ගැනීමටත් පෝලින් වල  දින ගනන්  රස්තියාදු වද්දී , සමහරු  මැරී වැටෙද්දී, පාන්ගෙඩිය , කිරි තේ එක රුපියල් සීය පනහ  ඉක්මවද්දී,  ජනතාව  තම ඉවසීමේ සීමා ඉක්මවමින් පාරට  බැසීම කල යුතුමය.  මේ පාරට බැසීම   සජිත්ලාගේ හා අනුරලාගේ  නායකත්වයෙන්  ආන්ඩු මාරුවකට  උද් ඝෝෂන  හා රැස්වීම්, පෙලපාලි  වලට  සීමා  නොවී  තරුන පරපුර   ලෝකයටම හෙන ගැහැව්වත්  , දෑස් හැර නොබලා  පෝනයටම එබී ගෙනම සිටීමෙන්  වැලකී ඇහැරී  අවට බලා  මෙතෙක් මැතිසබයේ සිටි සියලුම පක්ෂ  දේශපාලකයින්  පිලිනොගනිමින් නිර්පාක්ෂික  විරෝධතාවක්  ගාලුමුව දොර අරඹමින්  අදට දින 11ක්  අඛන්ඩව  වැසි,  අව්, දිවා, රෑ, නොබලා  සියලූම ජන කොටස් ඇහැරවමින්  පුබුදුවමින්  ගෙනයාම ප්‍රශංශා කට යුතුය.

                        එසේම ඉතිහාසයේ  මෙපමන රට සිඟමනට පත්වූ වකවානුවක්  නොතිබුනා   සේම  , පාලකයිනුත් සිට නැත.  මෛත්‍රීපාලලාගේ රනිල්ලාගේ යහපාලන ආන්ඩුවට රට බාර ගැනීමට මහින්දගේ ආන්ඩුව පෙරලීමට හැකිවූවේ   එම ආන්ඩුව කාලේ කර තිබූ  මැරකම්, ,දූෂන ,වංචා  අදට සාපේක්ෂව  කුඩා වුවත් ජනතාව ප්‍රතික්ෂප කල  නිසාය. නමුත්  අද රජය බලයට  ගේන විට  එකම පවුලේ  හය දෙනෙකු  පැමින  මොනවා කරයිදැයි  ,  සැක කිරීමටවත්  සැක මුසු ඉතිහාසයක් මොවුන් ගැන  ජනතාවට තිබිනි.  අද  රට අන්ත ප්‍රපාතයට හෙලා ඇත්තේ  මොවුන් නැවතත්  රට වැසියනටනම් මුහුන දීමට  නොපැමිනෙන්නටදෝයි  සැක සිතේ ,  වෙනත් රටවල  ජීවත්වීමට ඔවුන්ට   චෝදනා කරන පරිදි  මිල , මුදල්, හා සම්පත්  රට වනසා  හම්බකර  හමාර කර ඇතැයි සිතා ගත හැක.  මේසමගම ඔවුන් සමග සිටින සියලූම මැති  ඇමති වරුන් පමනක්   නොව  විරුධ  පිලේ  මංත්‍රී වරුද  ප්‍රතික්ෂප  කිරීම එක අතකින් හරි වනුයේ මේ  දෙපැත්ත  මාරුවෙමින් කල  සෙල්ලම දැන් හොඳින් වැටහී ඇති බැවිනි. අපිට වැටහී තිබුනත් අදවැනි  කාලයක  ආන්ඩු විරෝධී  පිලේ  ප්‍රභල  භූමිකාවක් හා  බලාපොරොත්තුවක්  නියෝජනයක්  කරන  ගාලුමුවදොර  සිටින  තරුන ප්‍රජාව  වටහා ගත යුතු වැදගත්  දෙයක්ද ඇත.

                        මිනිසා යනු ස්වභාව ධර්මයේ   එක් අග්ර ඵලයකි.  මෙතෙක් මිනිසා ලබාගෙන ඇති  සියලූම  ජයග්‍රහන  මිනිස් යහපතට හෝ අයහපතට යෙදවීමට හැකිවූයේ  හා  වන්නේ  මේ ස්වභාව ධර්මයේ  ඇති මූලික සම්පත් , මිනිසා  තම මානසික  හා  කායික ශ්‍රමය යොදා   සකස්කර ගැනීමෙනි . එසේ සකස් කර ගැනීමටද  ස්වභාව විද්‍යාවන්ට  සිද්දාන්ත,හා දර්ශනය සපයන්නේ   ද්විඝඨනාත්මක  භෞතිකවාදයේ  දර්ශනයයි. මේ දර්ශනය මතම  ගොඩනැගුනු , සොයාබැලුනු  විශ්ව, , ජීව, හා මිනිස් ඉතිහාසයේ  පසුගිය ගමන් මග  මතින් අනාගත මග සලකුනු කර   ඇත්තේ  සාක්ශි , සටහන් හා  පෝශීල මගින් ඔප්පුකරමිනි. මෙමගින් අනාගත ලෝකය  සූරාකෑම් නැති, විනාශයන්  නැති, සහෝදර ගම්මානයක් වනු ඇති බව  නියායිකව  ඔප්පු අර  ඇත.  ඒ ගමනේ  පලමුවෙන්  අවතීර්න වුනු රුසියාව,චීනය ,කියුබාව වැනි රටවල්  ඔවුන් සිටි සිඟමන් තත්වයෙන් ගැලවී ලොව ප්‍රබල  ,කාටවත් අතපෙවිය නොහැකි, සිඟමනේ  නොයන රටවල් බවට පත්කලේ මේ දර්ශනය අනුගමනය කරන පක්ෂ මගිනි.  අද ඒරටවල් මග නැවතී සිටියද ලොව ස්වභාවධර්මයේ   නීති  තවතවත්  ප්‍රයෝජනයට ගනිමින්  තාක්ෂනයෙන්,විද්‍යාවෙන්, නිෂ්පාදනයෙන්  ,ඉදිරියට යමින්  සමාජමය ප්‍රගමනයෙන්ද  ඉදිරියට යමින් තිබෙන්නේ  එම දර්ශනයේ ආර්තික විද්‍යා  මූලදර්මද  උපයෝගී  කරගනිමිනි. එම මූලධර්ම තුල  ප්‍රාග්ධනය, භූමිය,වෙවසාය, සදහා ධනපතීන්ට අයිතිවන  පොලී, බදු, කොම්ෂ්   සියල්ල පොදු දේපල  ක්‍රමය  යටතේ   ශ්‍රමය, ශ්‍රම  උපකරන, ශ්‍රම විෂය, යටතේ  පොදුමහජනයාට අයිති නිසා  කම්කරුවා සූරා කෑමට   ලක් නොවී හොඳ  ජීවන තත්වයක් උරුම කර ගනී.  මේ ආර්තික විද්‍යාවේ හා දර්ශනයේ  වැරද්දකින්  හෝ පැරනිකමකින්  නොවේ සමාජවාදීරටවල් මග නතර වී ඇත්තේ එමරට වල පක්ෂ යාන්ත්‍රනයේ වැරැද්දක්    හා ධනපති  පච ප්‍රචාර  හා  කඩාකප්පල්  ක්‍රියා නිසා බව කිව යුතූය.  ධනේශ්වර විෂය  උගතුන්  නොදැන කියන  කතා නිසා   නොරැවටී  භෞතිකවාදී දර්ශනයේ .  මූලධර්ම හා සිද්ධාන්ත  මිස පැරනි ඇඩම්ස් ස්මිත්ලාගේ ආර්තික විද්‍යා මූලධර්ම  තුලම හිරවීම  හා  ලාභ සංකල්පය  නොහැදෑරීම  අද සමාජ ප්‍රගමනයට   බාධාවක් මිස වාසියක් නොකරන බව කිව යුතුය.  එසේම රාජ්‍ය පාලන මූලධර්මද   ආගම්වාදී  නොවී , ජාතිවාදි  නොවී , රට ප්‍රගතිය කරා වේගයෙන් ගෙන යාමටනම්  මෙම මූලධර්ම මිස අද ලොව ඉදිරියේ වෙනත් මූලධර්ම  නැතිබවත් තිබෙන සියලු අන් දේවල්  මේ  සූරාකන,දූෂිත, වංචනික  ක්‍රමය ආරක්ෂාකරන , අද ලංකාවේ  මෙන් කීප දෙනෙකු  ජීවත් කරන  මාර්ග සකසන ඒවා බවත්  කියන්නෙමු.

                        ස්වාධීන  ,නිර්පාක්ෂික,  සාමකාමී අරගල මගින් දූෂිත  පාලකයින් එලවූ  රටවල් කීපයක් අපිට මතක ඇත,  තිබුනු  හිතුවක්කාරී පාලනයන් පෙරලා   තරමක් හෝ සුභවාදී  පාලනයන් ගෙනගිය ඉරාකයේ  සදාම් හුසේන් හා ලිබියාවේ ගඩාපි  යම් හෝ තරමකින්  ලොව ප්‍රගතිශීලී   කඳවුරට  උපකාර  කල හමුදා කුමන්ත්‍රන  වලින් බලය  ගත් නායකයින්‍ය, නමුත් ඔවුන් පරමාදර්ශීය  විප්ලවීය  පක්ෂ, නායකයින්  නොවූ නිසාම,   ඔවුන්ගේ පවුල් හා කල  වංචා දූෂන නිසාම , පමනක්  නොව  ඇමරිකාවේ  වුවමනාවට  උවමනා  පාලනයන්  ඇතිකර  ගැනීමට  කල උපක්‍රම වලට  ජනතාව රැවටී  මතුකල විරෝධතා නිසා  මරා දමා   පිහිටුවාගත් නව   පාලනයන් අද එදා තිබුනාට වඩා  අගාධයට  රට  ගෙනගොස්  ඇත.  යුධ කලබල  හා ජීවත්වන්නට  නොහැකිව පිටරටට පලායන්නවුන් එදා නොසිටි  අතර රට  සමුර්ධිමත්ව  තිබූ බව  මතකය. ඉරානයේද  ජනතාව  ෂා රජුට  එරෙහිව අරගල  කර  ඔහු පලායන විට  අරගලවලට  මුල පිරූ  පෙඩායින් ගරිල්ලා සංවිධානය  හා තූඩේ කොමියුනිස්ට් පක්ෂය  හෙම්බත්වී  එංගලන්තයට අකුලාගෙනගොස්  තිබුනි.  ජනතාවට පාලනය බාර දීමට පූර්ව සූදානමක් නොතිබුනු නිසා  හා සිතාවත් නොතිබුනු නිසා හා  හැකියාවකුත් නොතිබුනු  නිසා ස්ලාම්  මූලධර්ම  වාදී අයතොල්ලා  කුමේනිලාට බාර දුනි.   පිලිපීනයේ මාකෝස්, හා ඉන්දුනීසියාවේ සුහර්තෝ  එලවා දැමීමේදීද  ජනතාවන් කල අරගල වලින් මල පීදී මේ දූෂිත  දේපල ක්‍රමය තුල තව හොරෙක්, වංචනියෙකුට  බලයට ඒමට පාර කැපීමක්  පමනක් සිදු වුනි. . සිටින දූෂිත  පාලකයා එලවීමට දරන   මෙවන්  උත්සාහයන් නව  වඩාත් හොඳ   ස්ථිර  සාර පාලනයකට  අඩිතාලම  දැමීමක් නොවුනොත්  තව අවුරුදු කීපයකින් .  මෙවැනිම අරගලයක්   කිරීමට සිදුවනු  නොඅනුමාන  බව  දැනගත යුතුය. .  2010 දී  තායිලංතයේ වංචනික තක්ෂින්  සිනවාත්‍රා නැවත  ගෙන ඒමට රතු කමිස කන්ඩායම්  ගෙනගිය  අරගලයද  පල  රහිත වූවේ ගෙනා ඔහුගේ නංගීද  පසුව  වංචාවන්ට කොටු වූ  බැවිනි.

            එනිසා  අද  දූෂිතයැයි   සියලූම මැතිසබේ සිටින  පක්ෂ පිලි නොගනිමින් කරන නිර්පාක්ෂිකයැයි කියා කරන   අරගලයට  මෙතරම්  විවිධ තලවල  ජන කොටස් සහභාගී  වන්නේ ඔවුන් සැමටම  මෙතෙක් මේ සියලු පාලනයන්  කල බොරුව  වැටහී තිබුනත්  වේදනාවන්  පිට කිරීමට  මෙතෙක්තැනක් නොතිබුනු  නිසා බව  දනිමු.  ඔවුන් මේ පක්ෂ කල බොරුව දන්නා නිසා  කිසිවෙකු පිලිනොගෙන සිටීමද  සාධාරනය,එසේම   නායකත්වයක්  නැතැයි කීවත් ඇති සරල  නායකකත්වය  හෝ මේ කරුනු සිතා බැලිය යුතුය.  අනෙක් වැරදි මතයනම්  නිර්පාක්ෂිකයැයි   කීමය.  අද පවතින  මේ පක්ෂ දේශපාලනයෙන් නම්  කාට වුව  චන්දය නොදී ,  උපකාර නොකර  නිර්පාක්ෂික විය හැක,  නමුත් සැබෑවටම  අප උපතේ සිට  වැලලෙන තුරුත්,  උදේ සිට පසුදා වනතුරුත් සැම මොහොතක්ම ,  සැම සිදුවීමක්ම,කරන කියන සෑම දෙයක්ම,  ඇති  නැති , හැකි නොහැකි, ලෙස  බෙදී  සිදුකරන බව වැටහෙනු ඇත. දේපල ඇති  සල්ලි  ඇති හා මේ කිසිවක් නැති හෝ අඩු  පිරිස් ජීවිතයේ සෑම දෙයක්ම   වෙනසකින් කරන බව පෙනෙනු ඇත. මිනීපෙට්ටිය වටිනාකමේ  වෙනස  , කෑමපිඟානේ වෙනස  ආදිය       පංති වෙනසයි. මේ අවධියේ සැබෑ දේශපාලනය  පංති දේශපාලනය  විය යුතුයි. මේ බොහෝ පක්ෂ , අපිට එපා වූ පක්ෂ  ඇති ,හැකිවුන්ගේ වුවමනා ඉටුකරන  ධනපති පංති පක්ෂයි. අපිට අපේ පංතියේ එකක් නැතිනම්  අපේ වුවමනා ඉටුකිරීමට අපි   ගොඩ නැගිය හෝ යුතුයි. මේ නිර්පාක්ෂික අරගල   නායකත්වයක් නැතිව ජයකින්  කෙලවර වීම   මේ සිටින , එලවිය යුත්තන්ගේම සම්ප්‍රාප්තියකට  මග  පාදන්නක් නොවී   ඔවුන් එලඹීම නැවතීමට සිතිය යුතුය.  පරාජයක් නොවීමටද සැලසුම්   කර දැන් නායකත්වක් බිහිකර කල යුතුයි.

            කොස්ගම විමල්, `712628098  

Previous
Next Post »
Thanks for your comment