ලංකාවට ලැබුනු නිදහස
හෙවත් නවයටත් විජිතයක් බවට පත්වීම 1948 දී
වුනුපසු අද වන තුරු අත්කරගෙන
ඇති විනාශය ලැබිය
හැකිව තිබූ ජයග්‍රණයන් ගැන සිතන විට කණගාටු
දායකවන්නේ අපිවැනි තත්වයෙන්ම නිදහස ලැබූ රටවල් අද සිටිනා තත්වයන් සැලකූ විටය. 1948 න් පසු
පලමු අගමැති වූ ඩී. ඇස්. සේනානායකයන්
ජනපද ඇතිකර නැගෙනහිර අස්වැද්දීමට දිවයිනේ විවිධ පෙදෙස් වලින් මිනිසුන් ගෙනගොස් පදිංචිකර
ඉඩම් ලබාදී , වගාවට ජලය ලබාදීමට කටයුතු කරමින්
එම පෙඩෙස් සංවර්ධණය කිරීමට දැරූ තැත
අගය කලයුතුය. අද එහි මහඟු ඵල බුක්තිවිඳීමට හැකිවී ඇත්තේ රටේ කුසගිනි නිවන සහල් නිපදවීමට
එම ජනපද ඇරඹීම අද උපකාරී වන බැවිනි. එදා සේනානායක
සමුද්‍රය වැනි තනා අම්පාර, කල්මුනේ , සම්න්තුරේ, මඩකලපුව වැනි වල් බිහිවූපලාත් ගොවිබිම් බවට පත් නොකලානම් උතුරු මැද
වැව් ප්‍රතිසංස්කරනය නොකලානම්
අද ලංකාව සිටිය යුතු තැන සිතාගැනීමටවත් හැකිය.
නමුත් ඔහුට
එසේ කිරීමට හැකිවූවේ ඉංග්‍රීසීන් ඔවුන්ට රට
පවරා දී යන විට ඔවුන් අවුරුදු
68 ක් පමන කරගෙනගිය වෙලඳවැවිලි අලින්
ලැබූ ආදායමින් යම් පාලම් ,පාරවල්, වැනි භෞතික
සංවර්ධනයටත් වැය කර ඉතිරි කල මුදලක්
බාරදී ගිය නිසා බව පැහැදිලිය. ඔවුහු බාරදුන් මුදල එදා වටිනාකමට
විශාල මුදලක් බව පෙනෙනුයේ රන්පවුම්
ලක්ෂ ගනනක් බව
කියනා බැවිනි. නැතිනම් මෙවන් විශාල ජනපද වෙයාපාර ඇරඹීමට කිසිසේත් නොහැකිවන බව පැහැදිලිය .නමුත් සේනානායක සමුද්‍රයෙන් ගොවිතැනට
ජලය සැපයීමට අමතරව විදුලිය ලබාදීමට සැලසුම් කල සැලසුම අසාර්ථක වූවේ ටර්බයින් යන්ත්‍ර විශේෂඤ්ඤයින්ගේ උපදෙස් නොතකා
සවිකිරීමෙන් බව පැහැදිලි කරනුයේ අපේ
රටේ පාලකයින් මුල සිටම හිතුවක්කාරී වී ඇති බවය.එය මනාව පැහැදිලි කරන්නේ 1948 සිට 1953 වනවිට ලැබුනු මුදල්
ආරක්ෂිතව වැයනොකර හා සංවර්ධන වෙයාපාර
අසාර්තකව මෙහෙයවා සහල් හා
අත්තෙයාවශ්‍ය ද්ර්ව්‍ය මිල ඉහල දැමීමට තැත්කිරීමෙන් මතුවුන ජනතා
නැගිටීම නිසා 1953 දී රාජ්‍ය නායකත්වයේ මාරුවීමක් පවා සිදු
වූබවය.ආරම්භයම එසේය. ඉන්පසු පත්වූ බන්ඩාරණායක රජය 1959 ඔහුගේ ඝාතණයෙන් පසුකල සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන්
යුතු සභාග රජය 1964 බිඳවටීමෙන් පසු
1965 පිහිටවූ හත්හවුල් ඩඩ්ලි සේනානායක අගමැතිවූ රජයේ රටේ විශාල වැඩ කොටසක් පිලිප් ගුණවර්ධන කර්මාන්ත
ඇමති එස කල බව මතකය . ඔහු 1956 රජයේද
ආහාර හා කෘෂිකර්ම ඇමති ලෙස කුඹුරු පණත
වැනි අඳ ගොවි ජනතාව ආරක්ෂා කරන පනත් ගෙනා බව කිව යුතුය.
1965 රජයේ ඔහු කර්මාන්ත ඇමති ලෙස හා ඉන්පසු
1970
සිරිමා මැතිනිණිය ප්‍රමූඛව පිහිටවූ
සභාග රජයේ කර්මාන්ත ඇමති ලෙස ටී:බී: සුභසිංහ වාම හවුල්
සභාගයන් නිසා සෝවියට් දේශයෙන් හා චීනයෙන්
කම්හල් විශාල ගනණක් පරිතෙයාග ලෙස ලැබුනු බව දනිමු. කොස්ගම හා
ගිංතොට තුනීලෑලි, ඔරුවල වානේ, පිලියන්දල පිඟන්, මීපේ ගිනි ගඩොල්, යක්කල ලෝහභාන්ඩ, කැලණිය ටයර්, පූගොඩ, තුල්හිරිය, මින්නේරිය, වේයන්ගොඩ, මත්තේගොඩ
ආදී පේෂකර්ම කම්හල් රට නව ජීවයකින්
පුබුදුවාලූ බව දනිමු. ගැමි පෙදෙස් වල ඇරඹුණු මේකම්හල වල නිපැයුම් දේශීය වෙලදපොල
සැපුරුවා පමනක් නොව සමහර නිෂ්පාදන විදේශයන්හි වෙලඳපොලද
ජය ගනිමින් තිබුනි. එම කම්හල්වල වැඩකල පිරිස්වල ජීවිත ඉතා හොඳ තත්වයකින් තිබුනේ එම කම්හල් රටට වුවමනා
දේ නිපදවමින් තිබූ නිසා බව පෙනේ. ඔවුන් ලබාගන්නා
වැටුප්වලින් ගම්වල ආර්ථිකය බොහෝදුරට තෘප්තවමින්
හ තිබුනි. මේසා විශාල කම්හල් තොගයක් සමාජවාදී රටවලින් නොමිලේ ලැබී තිබියදීත් ඒ අතින්ම දියුනු ආර්තික පදනමක් දමා ගැනීමට ඉඩ තිබියදීත් 1965 රජයේ සිටම කලේ , එම කම්හල්
වලට වුවමනා සේවකයින් නොව ,නූවමනා
තමන්ගේ මැතිවරන ජයගැනීමට තක්කඩිකම්,
මැරකම් කල ගම්වල මැරවරයින්, ඉහල තනතුරුවලටත් , නිකම් කාලය ගතකර වැටුප්ලබාගැනීමට ගමේ පසුපස ගෑටූවන්ගෙනුත් වරින් වර
පුරවා සොරකම් කිරීමට, බලෙන් රැගෙන යාමට, නිකම්සිට වැටුප් ගැනීමට සලසා 1977 මැතිවරනය වනවිට ඒකම්හල් බංකොලොත්, පාඩු ලබන
කම්හල් බවට පත් කිරීමය. ඉන්පසු ගලවා කෑලි කෑලිකර හෙන්චෛයන්ට
විකුනා ගැනීමට සැකසීමය . ලංගම, විදුලිබල මංඩලය, ජල සම්පත්මංඩලය , බලශක්ති,දුම්රිය මේ ආදී කොයි ආයතනය වුව පාඩු ලබන තත්වයට පත්කලේ
මේ අවස්ථාවාදී , මෝඩ,
තකතීරු,වරින්වරබලයට පැමිනි පක්ෂ දේශපාලකයින් බව කිව යුතුය. ඉතාමත්ම
බිහිසුණු අයුරින් මේ තත්වය උදාකරගනිමින් රටේ සම්පත් මංකොල්ල කෑ 1977 න් පසු පාලනයේ මැති ඇමතීන් හා සහචරයින්
අදද අහිංසකයින් ලෙස කටයුතු කරනු දැකගත හැක. කොස්ගමතුනී
ලෑලි හා පිලියන්දල පිඟන් කම්හල්
විනාශ කර අවසන කෑලි
කෑලි කර විකුනමින් කල විනාශය දුටු රටට ආදරයැති කිසිවෙකු ඔවුනට අනුකම්පා නොකරනුයේ රටේ අන් පෙදෙස් වල තිබූ
කම්හල්වලටද මේ ඉරනමම අත් කරන්නට එම පෙදෙස් වල කාලකන්නි
දේශපාලුවන් හා ඇම්බැට්ටයින්
කට යුතු කර ඇතැයි වටහා ගනිමින් ඔවුන්ට මේ කල අපරාධවලට දඬුවම් කවදා හෝ නිවැරදි, නීතිගරුක
රජයකින් ලබා දෙනු ඇතැයි දැඩි විශ්වාසයකිනි .
මේ කම්හල් වලට වුන
දේ දුටු විට සමස්ථ රාජ්‍ය විවුහයේම විනාශය
මේ අඳ බාල දේශපාලකයින්ගේ අදූරදර්ශී ,කාලකන්නි දේශපාලනයේ ප්රතිවිපාකබව පෙනේ . අද වනවිට රට පත්වී
ඇති, ලජ්ජා සහගත, සිඟන, බංකොලොත් නයගැති භාවය මොවුන්
සියල්ලගේ හා ඉහල මේවාට උපකාර කල
නිලධාරීන්ගේ ස ොරකම,වංචාව, වැරදි ,කලමනාකරනය,ලොකුකම, උද්දච්චකම
වැනි වරදින් වූ බව නිසැකව කිව හැක්කේ සැම සම්පතිකින්ම සැපිරි
මේරටට මෙවන් විපතක් වීම කෙසේවත් විශ්වාස
කල නොහැකි බැවිනි. අද ඔවුන්ම පාලනයේ හිඳිමින් රට ගොඩගැනීමට කතාකිරීම හෝ මාරුවෙමින්
ඉල්ලීම පුදුම සහගතවන්නේ ජනතාව , දිනගනන් පෝලිම් වල නිරාහාරව
හිදිමින්,කෑම, බීම, බෙහෙත්, ඉන්දන,
සෑම දේම ගිනිගානට ගැනීමට අපහසුව මරනය වැලඳගනිමින් සිටියදී , බලය අත් නොහැර සිටීමය.බලය
ඉල්ලීමය.රටේ ජනතාවගේ වකුගඩු අසනීප හා සෞඛ්‍යය
ගැන පෙන්වමින් රට ස්වයන් පෝෂිතව තිබූ සහල්
පිලිබදව අනවැසි ප්‍රශ්නයක් මතුකලේ කාබනික පොහොර සංකල්පයක් මතුකරමින් රසායන පොහොර හා වල් හා
කෲමි නාශක නොගෙන්වමිනි. එහි ප්‍රතිපලය අද ජනතාව භුක්ති විඳිනුයේ මොවුන් සඟවා කටයුතුකල විදේශ විනිමය සංචිත විනාශකිරීම පොහොර ගෙන්වීම නැවැත්වීමෙන් අඩුකර ගැනීමට
කටයුතු කර සහල්, කිරිපිටි, බෙහෙත්,
ඉන්දන, ගෑස්, පොහොර , එලවලු, පාන්පිටි හා ඒ
ආශ්‍රිත නිෂ්පාදන සියල්ල අහස උසට මිල
කීපවාරයකින් වැඩිවී දින ගනන් පෝලින්
වල රස්තියාදු වී ලබා ගැනීමට වීමෙනි. විනිමය ඉපයූ
තේ කර්මාන්තය විනාශ කිරීමෙනි. එලවලු, පලතුරු,ධීවර, කිරිගොවි, බිත්තර, කර්මාන්තය මුලුමනින්ම කඩාවට්ටමින් මුලුරටම
විනාශමුඛයට ඇද දමමිනි. දැන් රට
බෙහෙත් නැතිව, ඉන්ධන නැතිව රෝහලට යාමට නොහැකිව,, කන්න නැතිව මැරෙන ආසියාවේ පලවැනි රට වීමට ආසන්නව නොව ,වැටී
ඇති රට බව පෙන්විය හැක. ඇත්තෙන්ම කලින් කීලෙස
රටට වුවමනා විනිමය කර්මාන්ත අංශයෙන් ගොඩනගා ගැනීමට සමාජවාදී
රටවලින් ලැබුනු සහායද විනාශකර , ඒවනවිට සහලින් ස්වයංපෝෂිත වීතිබූ රට අද
ලෝකයේ වැඩියෙන් රසායන පොහොර භාවිතා කර සහල් නිපදවන රටවලින් වැඩිමිලට රටට ගෙන්වා
කීපගුනයකින් මිල ඉහල නංවා විකුනනුයේ රැකියා , වත්කම්, සියලු ඉපයුම් මාර්ග මොවුන් රටට නැතිකර ඇති පරිසරය තුලය. වකුගඩු අසනීප ගැන දැන් කතා කලවුන්ද , කයිවාරු ගැසූවන්ද නැත. මොවුහු සියල්ල කවදා හෝ ජනතාවාදී රජයකින් රට ගෙන ආ
මෙවැනි තත්වයට දඬුවම් ලැබිය යුතුමය.
විමල් , 27/05/2022 ,
ConversionConversion EmoticonEmoticon