අද වන විට බොරුව හෙලිවී ඇත



අද වන විට [2015-06-18] රටේ අර්බුධ රාශියක් ගොඩනැගී ඇත. ව්යෙඅවස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු අස්වී ඇත. එහි කටයුතු ඉදිරියට පවත්වා යාමට නොහැකි වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත තවම ඉදිරිපත් කර නැත. විගනක පනතද එසේමය. ඖෂධ පනත අඩුපාඩු යටතේ හෝ සම්මත වුවද එය ක්‍රියාත්මක නැත. එසේම, මැතිවරණ, පොලිස්, අල්ලස් හා දූෂණ කොමිෂන් සඳහා නියෝජිතයන් පත් කිරීමට නොහැකි වී ඇත. පැමිණිලි සිය ගනනින් ඉදිරිපත් වුවද, භාරගත්තද, විමසීමට හා අධිකරනයට ඉදිරිපත් වූවේ සුළු ප්‍රමාණයකි. විශාල කෝටි ප්‍රකෝටි ගනන් වංචා, දූෂණ පෙන්වුවද ඉදිරිපත් වූවේ ඒවා නොව සුළු සුළු කීපයකි. ප්‍රධාන හා විශාල වංචා වැසංගී වැදගත් පුද්ගලයන් සුවසේ, නිරුපද්‍රිතව ජීවත් වෙති. ජනතාව සිතා සිටියේ හා නව චන්ද බලය යෙදුවේ, කයිවාරු ගැසූ හා පුරසාරම් දෙසූ ලෙස, සියලු දෝෂ දින 100 ඇතුලත අවසන් කර වැරදිකරුවන්ට, දඬුවම් ලබාදී  රට පිරිසිදු කරනු ඇති බවය. නමුත් සිදු වූවේ දින, දින පසු වූවා පමණි. සියලු දේ එසේම තිබියදී තව තව වැරදි හා අපරාධ ගොනු වී ඇත. වැරදි කරුවන් ලෙස නොව සැකකරුවන් ලෙස ගත් කීපදෙනාද, සාමාන්‍ය පංතියේ නීතියට අසුවන අයවලුන් ලෙස නොව ඉතාමත්ම, සුවසේ, සැපසේ ගෙවන වාට්ටුවල, හා පහසුකම් ඇතිව, විනිසුරුවරුන්, පරීක්ෂකයන් දෙපා ලඟට ගොස් කට උත්තර ගනිමින් ඔවුන්ට ජීවිතයේ සුපුරුදු ජීවිතයට අඩුපාඩුවක් නොකරනු පෙනුනි. එසේම ඔවුන්ගේ ධන බලය, පංති බලය හමුවේ කලු, සුදු කලහැකි නීතිවේදීන් ඔවුන්ගේ නඩු අසන දින නැවත නෑසෙන සේ ඇසුවත් දඬුවම් නොලැබෙන දින දක්වා කල් ලබා දී ඇත. මේ චෝදනා ඉදිරිපත් කල පුද්ගලයන්, චූදිතයන් රකිනුවේ මන්ද? ඔවුන් හා ඔවුන්ගේ අපරාධ ඉදිරියට වුවමනා නිසා විය හැක. එසේම මොවුන් කරන අපරාධ ඔවුන් ලවා මෙසේම යට ගසා, වැසැංගිය හැකිවීමට විය යුතුය.
                එසේ වීම යටතේම පීඩිත අති මහත් රැවටුන හා රැවටෙන ජනතාවට පැහැදිලි විය යුතු කරුනක් ඇත. ඉදිරිපත් වී ඇති මුදල් ඇමති, හා අගමැතිට විරුද්ධ විස්වාශ භංග යෝජනාව, ගිය රජයේ මෙන්ම දැනට සජිත් ප්‍රේමදාස, ජෝන් අමරතුංග, මහ බැංකු අධිපති ආදීන්ට විරුද්ධ යෝජනා, සියල්ල පෙරාතු රජයේ සිටි දූෂිතයනට ඉදිරිපත්වූ දේ සේම ජනතාව කුල්මත් කිරීමට පවසන දේ බවය. අප රට, වත්කම, සියල්ල විනාශ කරමින් ජනතාව අපා දුකට ඇද දැමීමද ඔවුනට එය විහිලුවක් පමනක් බවය. දැන් සියල්ලෝම එකම කුණු බක්කියට වැටී අහුලා කමින් සිටිති. මේ නිසා මේ දෙගොල්ලටම, ශ්‍රී ලංකා නි.පක්ෂ , එ.ඦාප. හෝ ඔවුනට වෙන වෙනම හවුල් සියලු දෙනාටම, නැවත දූෂිත මැතිවරණ, දූෂිත පොලීසි, දූෂිත අල්ලස් ගැනීම් හා වංචා ඇවැසි බව පෙන්වා ඇති බව පෙනේ.නැතිනම් පසු ගිය අවධීන්හීදී ඔවුන්ම පෙන්නූ හා ජනතාව මුහුන දුන් දුෂ්කරතා හමුවේ ඉදිරියේදීවත් මේ කොමිෂන් ක්‍රියාත්මක කිරීමට සාමූහික වගකීමක්, ක්‍රියාකාරීත්වයක් අනුගමනය කිරීමට නොහැකි මන්ද? අමාරුවෙන් 20 සංශෝධනය සම්මත වුවද, එයට ලැබුන ඡන්ද 215 යොදාගනිමින් ඉක්මනින් ඉතිරි න්‍යායන් කිරීමට අපහසු මන්ද? මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමාට, තමාට සහාය නොදුන්, තම පරාජය සඳහා විවිධ බොරු බේගල් ඇද බෑ, තක්කඩි, මැර හා සියලු ජරා වැඩ කල, මිල මුදල් වැය කල, රාජ්‍ය බලය යොදාගත් පිරිස පක්ෂයේ සභාපති ධුරයේ සලුව පොරවාගෙන ලංකර ගැනීමෙන් බලාපොරොත්තු වූ ජාතික රජයක මැති, ඇමති, තනතුරු දී, වරප්‍රසාද දී අරමුනු නම් ඉටු කර ගැනීමට අද බැරි වී ඇත.

                ඒ වෙනුවට අද සිදුවී ඇත්තේ ඔහුට ලබා දුන් ජන වරම, දූෂිත, වංචනික හා අපරාධකාරී මිනිසුන් රැකීමට ආපසු ඇදගෙන යාමක් බව පෙනේ. එ.ඦාප.යටද, 20 සම්මත කර ගැනීමට තම 225 සීමාව වෙනස්කර 237 හෝ 225ට ගොස් මැතිවරණ ක්‍රමයේ දැනට ඉතාමත් දරුණු අපරාධකාරී මනාප ක්‍රමයි වෙනස් කර සාපේක්ෂව විනාශය අඩු කේවල සමානුපාත ක්‍රමය ගෙනෑමේ වුවමනාවන් නැති බව පෙනේ.නැතිනම් අකමැති බව පෙනේ. මේ සියල්ලෙ
අද කැඳ හැලියක වැටී කෑ කෝ ගසන එකම පිරිසක්, කලබලයක්a, කාලගෝට්ටියක්a නගන මිනිස් රැල්ලක් බ්වට පත්වී ඇති බව පෙනේ. මේ ප්‍රධාන කරුනු විසඳීමට උනන්දු වී ක්‍රියා කලානම්, තව කොපමණ අමතර ප්‍රශ්න හා දූෂණ, වංචා ඉදිරිපත් වූවාද? මිනිසුන් කොපමණ බලාපොරොත්තු තැබුවාද? සිරගෙදර ඝාතනය, බැංකු හා ආයතන දූෂණ, පුද්ගාල අපරාධ තව කොපමණ තිබේද? මේ කිසිවක් නොවිසඳෙන බව පෙනේ. දැන් සියල්ලෙන්ම කිසිවක් නොකෙරෙන බව කියමින් එකිනෙකාට චෝදනා කරමින් මහ මැතිවරණයක්ම ඉල්ලා සිටින බව පෙනේ. මේ තත්වය යටතේ පවත්වන මහ ඡන්දය, ඉතිහාසයේ කිසිඳු කලක නොවූ විරූ අපරාධකාරී, දූෂිත, මැතිවරණයක් වනු නොඅනුමානය. කිසිවක් කිරීමට අඩුම ගනයේ ස්වාධීන කොමිෂන් ක්‍රියාත්මක කිරීමට බැරි වූ,ව්යෙඅවස්ථා සම්පාදන මණ්ඩලය පිහිටුවීමට සිවිල් සාමාජිකයන් පත් කිරීමට නොව ඔවුන්ට වැඩි ඡන්ද බලයක් ලබා දීමට එරෙහි වූ මේ මහජන ඡන්දයේ පැමිනි, ඊනියා ජනතා නියෝජිතයන් තවත් ජනතාව අතරට පැමිණ ඉල්ලන බලය කුමක්ද?

                මොවුන් සියල්ලටම ලැජාවක් නැති බව පෙනේ. මොවුන් මේ දින වල නැටූ නැටුම් වල ප්‍රතිඵලය ඔවුන්ගේ සැබෑ නිරුවත, ජනතා විරෝධී නියම ස්වරූපය, පංතිමය එකඟතාවය, ව්යෙආජ ආරවුල් ඇති කරමින් ඔවුන්ගේ ධනපති පංති සමගිය රැකීමේ සූක්ෂම වැඩ පිළිවෙල, ජනතාව දුටු බවය, වටහා ගත් බවය. කෙරිය නොහැකි තොවිලයට කෝඳුරු තෙල් හත්පට්ටයක් වුවමනය කීවා සේ, මේ ධනපති ක්‍රමය ගෙනයන, පීඩිත අතිමහත් ජනතාව සූරා කන පුද්ගලික දේපල ක්‍රමය රකින, සොඳුරු සුරංගනා ලොවක් මවා පෙන්වන මේ ජනතාව ජාති, ආගම්, කුල, ගෝත්‍ර නොව අවසානයේ පාට, පක්ෂ වශයෙන් බෙදා පාලනය කිරීමට බැරිනම්, තලා පෙලා, සුන්නද් දූලි කිරීමට ඇවැසි ප්‍රජාතන්ත්‍රවාදී භාවයේ සලු පිලි පෙරවූ  මිනීමරු රාජ්‍ය යන්ත්‍රයක් හදා වඩා පෝෂණය කරන ධනපති පංති බොරුකාරයන්ට වුවමනා නැති බව ජනතාව දරුවන්ගේ, මුනුපුරු මිනිපිරියන්ගේ, රටේ, නාමයෙන් වටහාගත යුතුය. නැවතත් බලයි ලබාගෙන මේ සියලු දේ විසඳෙන බව කියන, අන්ත දූෂිත, තත්වයන් වටහාගෙන, සහයදුන්, අවුරුදු 10ක් බලය තිබියදීත් නොකල ශ්‍රී ලංකා නි.පක්ෂයට ලැජාවක්, නැති බව පෙනේ. නැතිනම් ජනතාව අන්ත මෝඩයන් ලෙස සිතනවා විය හැක. එසේම සියලු වංචා, දූෂණ හෙලිකල අපරාධ පෙන්වූ, තම ඉතිහාසය අමතක කල එ.ඦාප. යටද, කිසිඳු දෙයක් කල නොහැකි බව හා වුවමනාවක් නැති බව ඔප්පු කර ඇත. නැවතත් රට විනාශ කිරීමට බලයි ඉල්ලා, වංචනිකයන්,දූෂිතයන්, දේශප්‍රේමීන්, මානව ප්‍රේමීන් කිරීමට ජනතාව ඔලුව නරක්වී නැති බව මොවුන් වටහා ගත යුතුය. එසේම මේ සෙල්ලමටම ජනතාව යොමුකරන, ජනතාවට මේ පාර්ලිමේන්තු විප්ජා පමනක්ම පෙන්වන, කොන්ද නැතිඑසේම, පංති සහයෝගීතාවාදී, ජනතා ද්‍රෝහී සියලු පැරණි නව වමේ පක්ෂද ජනතාව රැවටීමට අපහසු බව වටහාගත යුතුය. තවදුරටත්, වේගවත් කථා, වංචා, දූෂණ පෙන්වා කරන රසවත් කථා ජනතාවට ඇවැසි නැති බව දැනගත යුතුය. ඒවා විසඳීමට ඔවුන් බැරි බව දැන දැනම එම මගම පෙන්වීමට ජනතාව කී වෙනි වරට රතු
නාමයෙන් කල වංචාවන්ද?

                ජනතාවනි! දැන් අවදි විය යුතුය. අවුරුදු 67 නොව රාජ්‍ය මන්ත්‍රන සභා යුගයේදීත් අපේ පෙරාතු පරම්පරාත් මොවුන් සියල්ලෝම විසින් රවටා ඇත. අද අප අන්ත අසරණ, තත්වයට පත් වී ඇත්තෙමු. විවෘතව හඬ නගා කීවොත්, මතුපිට ඇහෙන තත්වයට වඩා පපුවේ ඇවිලෙන ගින්දර අපිව දවාලමින් පවතී. දූ දරු, මා පිය, සොහොයුරු, ගේ දොර, ආහාර පාන, ණය තුරුස්, පොළී මුදල්, සෞක්යය, අධ්‍යාපන, ප්‍රශ්න වලින් එරී ඇති අපි සියල්ලෝම ගහමරා ගනිමින්, කුලක් කා ගනිමින්, විසඳා ගැනීම නැවතිය යුතුය. සියලු දෙනා සමගිව අප ලඟට එන මේ මිතුරු වෙස්ගත් අපේ සතුරු ධනපති නියෝජිතායතන රකින, ඔවුන් රැකෙන පිරිස් පලවා හැරිය යුතුය. ඡන්දය, තමන් වටහා ගෙනම, අනුන් කියන නිසාම නොව, අවබෝධයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුය.

           ඒ සඳහා විකල්ප ජනතාවාදී නව පාලන ක්‍රමයකට අපි මාරු විය යුත්තෙමු. ජනතාව අතරම, අප අපේ පහලම පාලන ඒකක අපේ ඒ ඒ ප්‍රදේශ, සම්පත් හා වුවමනා අනුව පීඩිත පංතියේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එම සංවිධාන ව්යෙඅQහය තුලින් ගොඩනගාගෙන ඉහලින්, ඉහලට, ජාතික සංවිධාන ජාලයක් සාදා ගනිමු. ඒ තුල ජාතික මට්ටමේ, ආර්ථික, සමාජයීය, හා දේශපාලන හා තම නිර්ධනීය සංස්කෘතියන් පමණක් නොව නිවැරදි උපරිව්යෙඅQහයක අඩුපාඩුද සකසා ගැනීමට කටයුතු කරමු. මේ සඳහා ජයවර්ධනපුර, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට යා යුතු නැත. ජනතා ජීවිත තුල, මහ පොළවේ සැබෑ පාලනයක් ගොඩනැගියි හැකිය. එයට එරෙහි වන සියල්ලන් ජනතා සතුරන් ලෙස අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. ඔවුන් අප හා අපේ ආයතන ඔවුන්ගේ නාමයෙන් විනාශ කිරීමට ජනතා විරෝධී බලය යොදවනවානම් අපිද බලය යොදා රැක ගත යුත්තෙමු. මෙය පමණයි අපේ පංතියේ විමුක්ති මාර්ගය.අපි පංති අරගල මාවත පිලිගත යුත්තෙමු. නව ලොවක දොරටු විවර වනුයේ එමගින් පමණි. පිලුනු වූ, කුණු වූ මේ ජරා අපාගත ධනපති ක්‍රමය පිටු දකිමු. 

කොස්ගම විමල් සහෝදරයා
2015 - 06 - 18
 

Previous
Next Post »
Thanks for your comment