විවස්ථාදායක සභාව පැහැරගෙන ජනතා අයිතිය පාගාදමන ලදී





03-06-2015 දින පාර්ලිමේන්තුව ව්යෙඅවස්ථා දායක සභාව පිහිටුවීම නොකරන ලඳී පැවතුන ආණ්ඩුව හොර, මැර, දූෂණ, අපරාධ පිරුන ආණ්ඩුවක් බව ජනතාවට පැහැදිලි කර දී ඒවා වග විභාග කර දඬුවම් දීමට බලය ඉල්ලූ විට, ජනතාව බලය දුන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් බලය රැක ගැනීමට  තිබුන ආණ්ඩුව වියදම් කරද්දී ඒවා ගරු නොකරමිනි. පහලම ප්‍රා. සභා මන්ත්‍රී, සභාපති, පලාත් සභා, පාර්ලිමේන්තු, මැති, ඇමති හා නිළධාරීන් කර ඇතැයි කී අපරාධ, දූෂණ, වංචා ඔප්පු කිරීමට උවමනාව තිබුනිනම් මාස 06ක් යෝජනා කර තිබියදීත් දින 100 වැඩ පිළිවෙලක් කර න්‍යාය පත්‍රානුකූලව ජනතාවට ලබාදීමද වංචාවකි. පැරණි ආණ්ඩුව සේ සරත් ෆොන්සේකා ඇදගෙන ගිය ආකාරයට, නොව නීත්‍යානුකූලව කටයුතු කිරීමට කාලය මදියයි දැන ගත්තේ නීති වේදීන් සිටින පක්ෂ බලය ලැබුනාට පසුදැයි ඇසීමට සිදුවේ. මේ සියල්ල බොරු බව හොඳ හැටි දැන් පැහැදිලිය. එහි ප්‍රථිඵලය අපරාධකරුවන්, වංචාකරුවන්, බුරුතු පිටින් ජනතා වීරයන් වී නැවත අවිඤානක ජනතාව රැවටීමට සිල් රෙදි පොරවාගෙන පැමිණීමය. ජනතාවගේ දේපල, මිල මුදල්, ආපසු ලබාගැනීම නොව ලොකු ලොක්කනට අපාරාධ වංචා කිරීමට නීත්‍යානුකූලව අයිතියන් අනාගතයටද පවරා දීමය.
           කෙසේ වුවද ධනපති, පුද්ගලික ප්‍රාග්ධනය බලය පත්වන, සියලුම ක්ෂේත්‍ර පාලනය කරන, මේ අවදියේ පාර්ලිමේන්තුවද ඔවුන්ගේ ක්‍රමය ආරක්ෂා කරන ආයතනයකි. ඒ ක්‍රමයේ දේපල හිමි පංතියේ හෝ නොවන පිරිස් දේපල හිමි පංතියේ ආධාර මත, පිහිටුවා ඇති ධනපති හා සුළු ධනපති, ප්‍රෝඩාකාර වාම පක්ෂ වලින් තම මුඛරිකම ඥාති, මිතුරු සබඳතා පාවිච්චි කර, මුදල්ද ගෙන ජනතාව රවටා මෙම ආයතනයට පැමිණෙති. කොටස් වෙළඳපල, ප්‍රධාන නිෂ්පාදන හා සේවා කොම්පැනි, ප්‍රවාහන හා මාධ්‍ය ආයතන, ඉදිකිරීම් හා කොන්ත්‍රාත් සමාගම් හි අයිතිකාර ධනපතීන් හා ඉඩම් හිමි වැවිලිකාර ධනපති, විදේශ ධනපතින් වෙනුවෙන් ඔවුන්ගේ දේපල ක්‍රමය රැකදී ජනතාවහෙන් බේරාදීමට මිලමුදලින්, තාන්න මාන්න සංචාර, දේපල, ලබන පාර්ලිමේන්තු පැමිණෙන නියෝජිතයන් ජනතාවට පැවසූ දේ නොව නොපැවසූ දේම හා ජනතාව බලාපොරොත්තු වන දේ නොව රට විරුද්ධ දේම කරන බව ඉතිහාසය මුලුල්ලේම අපි දකිමු. පසුගිය දින 100 ලඟ ලඟම සිදු වූ නිසා හොඳින්ම මතකය.ඈත අතීතයේත් හදෙන් හාල්, ඇට අට, රැකියා, මතක් වූ විට එසේමය.
     නමුත් මෙවර බටලන්ද, කොලඹ විශ්ව විද්‍යාලය, හමුදා කඳවුරු, පුද්ගලික ගෙවල් පාවිච්චි කර ගනිමින් විශාල මිනිස් සංහාරයෙන් කල, මහා මාර්හයේ, ඇල දොල ගංගා වල මල මිනී පා කල, කුරිරු තිරිසන්, අධම වධ දී මරා දැමීම කල එ.ඦාප. ආණ්ඩුව පැරණි කුනු වසාගෙන රාජපක්ෂ ආණ්ඩුව ඉවත්a කලේ ඔවුන් ඒ සියල්ල අමතක වූ ජනතාවට පසුගිය ආණ්ඩුවේ දූෂණ, වංචා ඊට වඩා ප්‍රභල බව පෙන්වීමෙනි. ලඟ ලඟ දුටු අත්දැකීම් අනුව ජනතාව කොපමණ මිලක් ගෙවා වුව නැවතත් මොවුන් බලයට යැවුවේ වැරදි කලවුනට දඬුවම් දීමටය. ඒ සියල්ල නිෂ්ඵල දේ විය. අද වන විට ඉතා පැහැදිලිව පෙනෙනුයේ, මොවුන් කරනුයේ බොරුව බවය. ඉතා පැහැදිලිව වංචාව බවය. අනුන්ගේ බලල් අතකින්, නැතිනම් නූල් සූත්‍රයකින් පාලනය වන බවය. සමාජවාදය ගැන කථා කල, එවන් පක්ෂ වලින් තරඟ කර ජයගෙන, පසුව එම මන්ත්‍රී  වරප්‍රසාදය යටතේම ඊට පටහැනි ජාතිවාදී, ආගම් වාදී වුවමනා නියෝජනය කිරීමට හැකිද? ජනතාව බලය දී ඇතිද? ජනතාවට වුවමනා නිදහස, ස්වරීභාවය, ආර්ථික, කියවීමේ, ලිවීමේ, ඉදිරිපත් කිරීමේ නිදහස, පැහැරගෙන ඇති රටක, නිවැරදිව සිතන, කියන අය පැහැරගන්නා, මරාදමන රටක, ඒ අයිතිය ස්ථාපිත කිරීමේ අනපත් ගෙන ඒමට කවුරුත් හෝa උත්සාහ දරන විට ඒවා වලක්වනවානම්, හරහට සිටිනවානම්, වෙනත් මාතෘකා ගෙනවුන් ව්යෙආකූල කරනවානම් ඔවුන් ජනතාවගේ විශ්වාසය, කඩකර ජනතාව පාවාදෙන බව පැහැදිලිය.
           17 වන ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාවේ ජනතාවට හිතකර යෝජනා අහෝසි කරමින් 18 වැනි සංශෝධනය ගෙනවුත් එක් පුද්ගලයකු, ඔහුගේ පවුල හා පිරිවර රැකගෙන කටු ලෙව කෑමට කිසිම විරෝධත්වක් ඉදිරිපත් නොකල මේ මන්ත්‍රී වරු ලැජ්ජා විරහිතව,අද 19 වන ව්යෙඅවස්ථා සංශෝධනයට සියලු බාධක යොදා, කරදර කර, නොකරනා තහංචි දමා කල් අද්දවා එය අමාරුවෙන් කෑලි අඩුකර, වෙනස්කර, ඔවුනට වාසිවන ලෙස සංශෝධනය කර සම්මත වූ විට ඉතිරිය කරගැනීමටද අද ඉඩ නොදෙමින් ඇත්තේය.එ.ඦාප ආණ්ඩුවේ සුළු සංඛ්‍යාවද ඊට හිතවත්ව ඔවුන්ගේ යම් හෝ නිවැරදි වුවමනාවන් සඳහා සහය දෙන සුළු සුළු  ඦාවි.පෙ, හෙල උරුමය වැනි පක්ෂද හැර පාර්ලිමේන්තුවේ නොවන සියලුම එ.ඦානි. සංධානයේ ශ්‍රී ලංකා නි.පක්ෂය හා සිටින ඦානි.පෙ හා වාම නාමධාරී සමසමාජ, කොමියුනිස්ට, වාම ප්‍රජාතන්ත්‍රවාදී, ම.එ.පෙ විකල්ප කණ්ඩායම්ද
ජනතාවගේ බහුතරයකටද අතීතයේ සියලු කුරිරු ක්‍රියා කල මේ සියලු පක්ෂ වලින් වුවමනා සැබෑ සාමය, යුක්තිය, නිදහස හා ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.
     ජතාවගේ උවමනාව හා ජනතා නියෝජනය යයි කියමින් සියලු ජනතා වුවමනාවන් ඉටු කිරීමට ඉඩ නොදෙන, ආපසු අදින, පාර්ලිමේන්තුවේ බහුතර බලය දඩමීමා කරගනිමින් අන්ත ප්‍රතිගාමී වුවමනාවන් හා ජාතිවාදී මත ඉදිරිපත් කරන ශ්‍රී.ලං.නි.පක්ෂ, ම.එ.පෙ. ඦානි.පෙ, වා,ප්‍රා ඦාපක්ෂය වැනි පක්ෂ නියෝජිතයන් ඔවුනට ජනතාව බලය පැවරුවේ මේ අශික්ෂිත, ජනතා ද්‍රෝහී පිලිවෙත් ගෙනයාමට නොව ජනතා වාදී වැඩ කටයුතු එදා තීබූ   

එ.ඦාප. ආණ්ඩු පාලනයට එරෙහිව ගෙනයාමට බව අමතක නොකල යුතුය. නමුත් ඔවුන් අද අන්තවාදී, ජාතිවාදී හා ආත්මාර්ථකාමී වුවමනාවන් පැහැදිලිවම නියෝජනය කරන බව පෙනේ. ව්යෙඅවස්ථා දායක සභාවේ සාමාජිකයන් පත්කිරීමට වඩා විශ්වාසභංගය පලමු කලේ ජනතාවගේ වුවමනාවන් නොහඳුනා ගෙනය. නැතිනම් නොසලකාය. රට බංකොලොත් කර, ණයකල,හොරාකෑ පසුගිය රජයට එරෙහිව වචනයකුදු නොදෙඩූ මොවුන් හට රට ගැන අමුතු ආදරයක් කෙසේ ඇතිවන්නද?
           අනෙක ඒ සියලු අපරාධ, අපරාධකරුවන් තම නායකයන් බවද, තමන්ද ඒ සියල්ලට හවුල් බවද දන්නා මොවුහු ඒ සියල්ල වසා දමා, ඒවා හා පුද්ගලයන් නිදොස්කර නැවත පාලනයට ගෙන ඒමට වලිකන්නේ, ජනතාව රවටන්නේ, රටේ ඉතිරි ටිකද විනාශ කර, සූප්පුකර දැමීමට දැයි සිතේ. රටේ ආර්ථිකය වැනසූ, රට වැනසූ නයකයන්, ආගම් වාදී, ජාති වාදී පිරුවට වලින් ඔතා,ජනතාව මුලා කිරීමට සමහර රතු ගාගත් වාම නායකයනට ,

,eÊcd නැතිදැයි සිතේ. බහුතර රටේ ජනතාවගේ සතුරන් මොවුන් සියල්ල නියෝජනය කරන ධනපති දේපල ක්‍රමය බව අපි කියමු. ඒ දේපල ක්‍රමය නියෝජනය කරන ආගම, සාහිත්‍ය, කලාව, ජාතිවාදය, ඕනෑ පරිදි පාවිච්චි කරමින් අවිඤාන මිනිසුන් රවටා පාවිච්චි කලහැක.ඡන්දය දිනිය හැක.කලබල ඇති කල හැක, පෙලපාලි ගිය හැක, රැස්වීම් උත්ගෝශන කල හැක. නමුත් මේ සියල්ල නොදැනුවත්ව කරන මිනිසුන් ආපසු ඒ කල සියල්ලට තම ජීවිත, දරුවන්ගේ ජීවිත, මුනුපුරු මිනිපිරියන්ගේ ජීවිතවලින්, මේ හොරු වෙනුවෙන් වංදි ගෙවිය යුතු බව පසුගිය භීෂණ සැමටම මතක් කරනවා ඇත.
           පීඩිත පංතියට මොවුන් දෙන සියලු වරප්‍රසාද ව්යෙආජ බව පැහැදිලිය. නමුත් ව්යෙඅවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඊයේ දිනයේ ඔවුන්ගේම සංශෝධන පරිදි සිදුවූවානම්,අක්‍රීය වී ඇති අනෙකුත් කොමිෂන් සභා පනගැන්වෙනු ඇත. ඒවායේ සාමාජිකයන් පත්කිරීමේ බලය ලැබෙන ව්යෙඅවස්ථාදායක සභාවේ, බහුතරයක බලය සාමාන්‍ය මන්ත්‍රීවරු නොවන විද්වතුන්ගෙන් සමන්විත විය යුතුය. අගමැති, විපක්ෂ නායක, කථා නායක, පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා, ඉතිරි 07ම ජනතාවට ලබාදිය යුතුව තිබුණි. අද වන විට ජනතාව සිටින වාස්ථවික තත්වය දන්නේ ඔවුන් පමණි. මන්ත්‍රීවරු සිටිනුයේ ඔවුන්ගේම වූ පටු ජනතා විරෝsධී ආකල්ප වල බව හොඳින්ම පැහැදිලි වේ. නමුත් එම ජනතාවට සිටි 07 දෙනාද 03 දෙනකු දක්වා සීමා කලේ ජනතාව වෙනුවෙන් කෑගැසූ පියකුගේ පුතකු හා තවත් එවන් රතු පෙරවාගත් පුද්ගලයකු වීම , ,eÊcd නමුත් එම ජනතාවගේ 03 දෙනාද නම්කර තිබියදී, විවිs, අනවශහ් ප්‍රශ්න මතු කරමින් අවහිර කලේ ජනතාවට ලැබෙන, ස්වාධීන, පොලිස්, මැතිවරණ, අල්ලස් හා දූෂණ, වැනි කොමිෂන් වල අනුග්‍රහය අහෝසි කර, ජනතාව වහලුන් ලෙස අන්ධකර හා යටත් කර පාලනය කල පැරණි ක්‍රමයම ඔවුනට වාසි දායක නිසා විය යුතුය. මෙම කොමිෂන් ක්‍රියාත්මක වී පැරණි ඔවුන්ගේ නායකයන් හා ඔවුන් විත්තිකරුවන් වීම හා දඬුවම් විඳීමට සිරගෙට නියම වීම වැලැක්වීමේ උපක්‍රමයේ පියවරක් ලෙස එදා ජනතාව පවරාදුන් බලය මොවුහු අද ජනතාවට එරෙහිව පාවිච්චි කලහ.
           තව දුරටත ජනතාව රැවටීමට නැවතත් බලය ලබා ගැනීමට නැවත් බලය ලබා ගැනීමට උතුරේ කොටි අවතාර, හා ජාතිවාදී නැතිවීම් මවා පෙන්වමින්, බලය ඉල්ලනුයේ මේ ටික දිනට ලැබුන අයිතියද, නිදහසේ ඔත්තු නොබලා සිටීමේ අයිතිය, පැහැරගැනීමෙන් තොරව සිටීමේ අයිතිය, උදුරාගෙන ජනතාවට ජීවත් වීම එපා වී ඇතියයි ඔලුව කුරුවල් වී සිතන නිසාවෙන් දැයි සිතේ. නැවතත් මෙසේ ඉතිහාසයේ මෙවට ජනාධිපති වරයා යටතේ ඔහුට එරෙහි වූ එ.ඦනි.සන්ධානය හා ප්‍රධාන එ.ඦාප එකතු වී දිනා දිය හැකිව තිබූ ජනතාවගේ විශාල අයිතීන් ප්‍රමාණයක්, තමන්ට රිසිසේ ඡන්දය දීමට, එය මංකොල්ලයෙන් නැවතීමට, අල්ලස්, දූෂන පිරි රටේ එයින් ගැලවීමට, පොලිස් සේවයේ අක්‍රමිකතා වැලක්වීමට, විගණනයේ දූෂණ නැවතීමට තිබූ අවස්ථාව උදුරාගෙන කිසිදු සිදු නොවන තත්වයකට පත් කල බව පෙනේ, අවු+ 10ක් රජකම් කල මැති ඇමතිවරු ඊලඟ ඔවුන්ගේ ආණ්ඩුවෙන් දෙනවැය කියනුයේ ඔවුන් කල දූෂිත ක්‍රියා මේ දින 150ටම ජනතාව අමතත කර ඇතිදැයි සිතාද? නොවටහේ. අවු.10 ක් රජකම් කල නායකයාව තවත් නිලයකින් ජන්තා ප්‍රශ්ණ විසඳිය හැකිනම් ජනතාව සිතායයි සිතාද?
         එය නොවේ මේ සියල්ල සැලකූවිට අපිව සපයන විහිලු වේ. සාකච්චා කල ප්‍රධාන ප්‍රශ්නය වනුයේ මොවුන් සියල්ලන්ම කථා වී මේ ප්‍රශ්න අවුල් කරන බවය. සාකච්ඡා කර සුහදව, මේ ක්‍රමය ආරක්ෂා කිරීමට, ප්‍රාග්ධනය, දේපල රැකදීමට, ඔවුන්ගේ වරප්‍රසාධ රැකගැනීමට, ජනතාව මුලා කරමින් බොරුවට තර්ක කරමින්, අවස්ථාව නැති කරන බවය.ජනතාව වෙනුවෙන් බව පවසමින් ඔවුන්ගේ වරප්‍රසාද පැහැරගන්නා බවය. ඒ නිසා මොවුන් සියල්ලෝම ප්‍රතිකේෂ්ප කර ජනතාව මොවුන්ගේ ඊනියා ජනතාවාදී වදන් ප්‍රතිකේෂ්ප කල යුතුමය. ඡන්දය නොදී සිටිය යුතු බවය. නිවැරදි ජනතාවාදී මතයකට අනුව, දේපල ක්‍රමය රකින ඊනියා පාර්ලිමේන්තුවාදී වංචාකාරී ප්‍රෝඩාව අතහැර සැබෑ මාවතකට පිවිසිය යුතු බවය. බහුතරය කෙසේ වෙතත්, බුද්ධිමත් සියලු දෙනා නිවැරදි තීන්දුවකට පක්ෂ,
ඊනියා ව්යෙආජ දේශපාලනයෙන් මිදිය යුතු බවය. 

කොස්ගම විමල් සහෝදරයා
2015 - 06 - 02


Previous
Next Post »
Thanks for your comment