මේ බොරුවෙන් ගැලවීමට මේ යන මාවතින් ඉවත් විය යුතුමය



ලාංකීය ජනතාවගේ ජීවත්වන්නා වූ විශාල අරගලයක යෙදී සිටින බහුතර පිරිසකගේ ගැලවුම් කරුවන් වී ඇති එ.ඦාපක්ෂය හා ශ්‍රී.ලං.නි.පක්ෂය ඔවුන්ගේ ඈත අතීතයේ සිටි මුල් පක්ෂ වල නායක මා පිය වරුන් කල කී දී මතක් කර, ඇස් පෑදවීම යුතුකමක් ලෙස සලකමු.සැමදාම තම ඉෂ්ඨ දේවතාවුන් ලෙස මොවුන්ට සලකන, කියන ඕනෑම බොරු බේගලයක්ම විශ්වාශ කරන අහිංසක, නිහතමානී එසේම එනිසාම නිවටවූ මේ පිරිස්වල අනාගත සුභසිද්ධිය ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුව මැතිවරණ වලින් ලබා ගන්නා මේ වංචනික හොර නඩ, හා ඔවුන්ගේ දරු පරම්පරා කෙසේ වන්දි ගෙවිය යුතුදැයි අනාගත ජනතා අධිකරණ තීන්දු කරනු ඇත.
     අතීතයේ හඳෙන් හරි හාල් ගෙනත් දෙන බව කී ශ්‍රී ලංකා නි.පක්ෂය, ජනතාව අවුරුදු 5 කට සූප්පු කර නිවාඩු යැවීමට එ.ඦාපක්ෂය පැරදවීමට ඡන්ද මංකොල්ල කෑ අයුරුත්, එම ශ්‍රී ලංකා නි.පක්ෂය ජනතාව එපා කර පසු එතන සිට විනාශ කිරීමට නැවතත් එ.ඦාප.ය ඇට අටක් ලබා දෙනබව කී අයුරුත් එතන ඇත.එසේම සාක්කුවේ පොල් බෑයි දමාගෙන ගොස් මේ බෑය ශත 35 ක් කී සැටිත්a, දෙපැත්ත පේන තනිපට නූල් රෙදි වලට කුනුහරප කී සැටිත්, ශත 35 පාන් ගෙඩිය මිල වැඩිය කියා කෝටුවේ ගසාගෙන පෙලපාලි ගිය සැටිත් මතක ඇත.මේ කීපයක් පමණි. වැසිකිලි පෝච්චි, ටකරං තහඩු, සිමෙන්ති, ආදී කුඩා පඬුරු පාත්කුඩම් ඡන්දය වෙනුවෙන් ලබා දෙන සැටිත් මතකය. තම බූදලයෙන් බෙදන ලෙස වැඩියෙන්ම සීනි, පිටි, පරිප්පු, පාන් කන බදු ගෙවන ජනතාවගේ වුවමනා සඳහා යන එන පාර කපා, පාසල් ගොඩනැගිලි සාදා, නම සටහන් කරගන්නා ලැජ්ජා නැති foaYmd,lhkao  දුටුවෙමු.එම මහජන මුදල් දේපල වාහන පහසුකම් තම පුද්ගලික ධනය සේ සලකා කටයුතු කල සැටිද දුටුවෙමු. කැලෑ කපා ගස් විකුණන් කන, ගංගා හරවා මැණික් ගරන, ගංජා, කුඩු, එතනෝල්, ගෙන්වන වවන, රජයේ හා පූජ්‍ය ස්ථාන ඉඩම් බලෙන් ඔප්පු සාදා භුක්ති විඳින, මහජන දේපල මැරයන් යොදා විනාශ කර පසුව පාඩු පෙන්වා විකුණා කන මේ දේශපාලන හා නිළධාරී ජනතා ද්‍රෝහී මාපියාව දැනට වසර 67 සිට පරම්පරා 02ක්ම දුප්පතුන් රවටා තවමත් වීරයන් ලෙස පෙනී සිටී.



     අද ඇති වී තිබෙන, තත්වය තුල වඩ වඩාත් උද්දීපනය වී පෙනෙන, බොරුව, වංචාව, ප්‍රෝඩාව, කථා කිරීම ඇස් ඉදිරිපිටම ඔප්පු කර පෙන්වීමට පුළුවන් වීමකි. බොරුව, වංචාව, දූෂණය, මුලාව නීතිගත කර ඇති ධනපති රජයේ, වරින් වර දෙපස පෙන්වන, එකතුකරන, මතුකරන පැත්ත අවුරුදු 05 ක් 07 ක් රවටන පාලනය ගෙනයන එ.ඦාප. හා  ශ්‍රී ලංකා නි.පක්ෂ එකම කාසියේ, වෙනමාම් කිසිඳු වෙනසක් බාහිරව අද නොපෙන්වති. එසේ සිටි
කියාගත් කොමියුනිස්ට්, සමසමාජ, ඦවි.පෙ. හෝ වෙනයම් පක්ෂයන් හෝ පතුරක්a සිටීනම් ඔවුනද, තාන්න, මාන්න, තනතුරු, වරප්‍රසාද සඳහා මේ කාසියේ දෙපැත්තට එකතුවී සිට්ති. එකතු වීම් වරින් වර කර මග හරිති. තවත් පිරිස් වෙන්වම සිට වැරදි පෙන්වමින් ඔවුන් ගිය මාවතේම යාමට ජනතාවට කතා කරති. මෑත කාලීන සිදුවීම් කීපයක් ගෙන බැලුවහොත් මොවුන්ගේ වංචාවේ, රැවටිල්ලේ සැබෑ නිරුවත ජනතාවට පැහැදිලිව දැකිය හැක.
     පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව, මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඉදිරිපත් කල කෝටි ප්‍රකෝටි ගණන් මුදල්, දේපල, වංචා හා දූෂණ ඉක්මනින් සොයා බලා දඬුවම් වැරදිකරුවනට ලබාදීමට ජනතාව ඉල්ලා සිටියහ. සිය සහය පලකර ඡන්දය ලබා දුන්හ. නමුත් තමන් බලය ඉල්ලීමට, පොරොන්දු වූ දින 100 ප්‍රශ්න, සෙවීමට, දඬුවම් දීමට තිබූ කාලය අවසන් වූවත් කිසිවකු දඬුවම් වින්දේ නැත. කුඩු, එතනෝල්, රජවරු, දේශපාලකයන් අසුවූයේ නැත. සැකපිට එකකු දෙන්නකු රිමාන්ඩ් සිට, වීරවරයන් ලෙස නිදහස් වෙති. ජනතාව පපුවට එකඟව වැරදිකරුවන් දනී. පෙන්වාදුන් පරිදි, සියළු දූෂණ කලවුන් දනී. නමුත් ඔවුන් අදවන විට අභියෝග ඊදිරිපත් කරන සුචරිතවාදී, නිවැරදිකරුවන් වී සිටිති. මේ අනුව පෙරාතු පසුගිය ආණ්ඩුසේම බලය ලබා ගැනීමට යෙදූ උප්පරවැට්ටියට ජනතාව රැවටී ඇත. අද වංචාකරුවන්, දූෂිතයන් නැත. එම විනාශ කල, ජනතා දේපල හා ධනයට වගකිය යුත්තන්ද නැත. ඝාතන, මිනී මැරුම් සාධාරණී කරණය වනු ඇත.
     ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාවේ 18 වැනි සංශෝධනයෙන් පෙරකී ආණ්ඩුව පවරාගත් අනිසි බලතල අහිමිකර 17 බලතල යලි ගෙන එමින් කොමිෂන් ක්‍රියාවන් ඇරඹිම, දූෂණ විරෝධී කොමිසම බලගන්වන කිරීම, තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම, ඖෂධ ඒකාධිකාරය නැතිකර ඖෂධ පනත ගෙන ඒම, වැනි විශාල යෝජනා ගෙනැවිත් ජනතාව බලාපොරොත්තු ගැන්වුවද ඒ කිසිවක් සම්පූර්ණ කර නැත. 19 අත්සන් කරගැනීම දක්වා මන්ත්‍රී වරු කෑ ගසමින් කල කාලගෝට්ටිය අපි දුටුවෙමු. නව ජනාධිපති වරයා පැරදවීමට කටයුතු කල ශ්‍රී ලංකා නි.පක්ෂය ඔහු තම පක්ෂයේ සභාපති කරගනිමින්, ඇමතිකම් භාරගෙන ඔහු දෙමුහුන්, පුද්ගලයකු බවට පත් කලේය. ඒ අනුව වැරදි වලට දඬුවම් දීමට පැමිණි ඔහුව වැරදිකරුවන් ආරක්ෂා කිරීමටත්, වැරදිකරුවන් සෙවීමට බලාසිට්න ජනතාව නැලවීමටත් සිදුවිය. ඒ නිසාම ජනතාව ඡන්දයෙන් පත්කර යැවූ මන්ත්‍රීවරු, ගියාට පසු පැතියෙන ජනතා විරෝධී, අපරාධ හා දූෂණ, වංචා කලවුන් ආරක්ෂා කරමින්, තම නිරුවත පෙන්වීමට කදිමට දැන ගැනීමට හැකිවිය. දෙගොල්ලම එකම රංගහයේ නළුවන් බව ජනතාවට පැහැදිලි විය. මොවුන් ආ විගස කල වැරදි ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට ආරක්ෂාව දිය යුතුව තිබින. දෙගොල්ලටම වුවමනා මේ තම පංතිය බෙදී පක්ෂ අටවා ගෙන ජනතාව මුලා කිරීම වසංගා ගෙන, ආරාක්ෂාකාරීව, හැකි පමණ බොරුවෙන් ආණ්ඩුව ගෙනයාම බව දැන් සාධක සහිතව ඔප්පුවී හමාරය.

                හිටපු මහින්ද රාජපක්ෂ මොන වැරදි කලද, අධිකරණයට ගෙන ඒමට බලයක් නැතිවීම ඔහුට බලය පවරා දුන්, ආණ්ඩු ක්‍රම ව්යෙඅවස්ථාව අනුමත කල ජනතා ඡන්දයෙන් බලයට් ගිය මන්ත්‍රීවරු වගකිව යුතුය. එනිසා පෙරාතු ජනාධිපතිවරුන්ගෙන්  අයථා බලය, මැරකම්, ජනතා දේපල විනාශකිරීම්, මිනී මැරුම් කල ඍගප්‍රේමදාස ජනාධිපතිතුමාට නොදෙවෙනි වෙමින් විශාල දූෂිතයකු බවට හිටපු ජනපති හා නඩය ජයග්‍රාහී විය.  ඔහුගේ පවුලේ බිරිඳ, දරුවන්, සහෝදරවරුන්ට මොවුන් ඉදිරිපත් කල චෝදනා සත්‍යනම් මෙලහකට සිටිය යුත්තේ පවුල් පිටින් සිරගෙවල් තුල හා පෝරක ඉදිරියේය. ඔවුන් විභාග සමත් වූ හැටි, හැඳුනුම්පත් වෙනස් කර ජනතා මුදල්, ණය ආධාර, පරිත්‍යාග තමගිණුම් හා බිරින්දෑ වරුන්ගේ ගිණුම් වල දමා පාවිච්චි කල සැටි, ජනතා දේපල, වාහන, අහස් යානා, අව බාවිත භාවිතා කල සැටි, ස්ත්‍රීන් අපහරනය කල හැටි ආදිය ඇසූ විට ඔවුන්ගේ පංතියේම අනික් පැත්ත වන එ.ඦාප. යට ඔප්පු කිරීමට බයක් ඇති වූ බව පෙනේ. එසේ වූවන් එයම ඔවුන්ටද වන බව දන්නා නිසාය.පෙරාතු නයකයන්, ආණ්ඩු කල කී දේ  හා අයුරු ඔවුනුන්, මොවුන්ට හෝ මොවුන්ගේ නෑදෑයන්, අම්මා, අප්පලා නිසා ජනතාව වන අපට නම් දැනෙනුයේ, ඊජිප්තුවේ, පකිස්ථානයේ, අප්ප්‍රිකාවේ, පිලිපීනයේ දෙන, දුන් දඬුවම් මොවුනට කිසිසේත් ප්‍රමාණවත් මදි බවය.එනම් එල්ලුම් ගසද ප්‍රමාණවත් නැති බවයි.
                දැන් 20 සංශෝධනයට මුවා වී, ආසන අඩු වැඩි කිරීමට ජනතා අවධානය යොමුකර ගනිමින් පැරදුන ශ්‍රී.ලං.නි.පක්ෂය හා මහින්ද රාජපක්ෂ හා සුළු සුළු අනාථ පක්ෂ අලු ගසා දමා, පිරුවට ඇදීමට සූදානම් වෙති. එසේ ඔවුන් කරනවානම් නැවත ශ්‍රී.ලං.නි.පක්ෂ ආණ්ඩුවකින් ජනතවට පැරණි දූෂිත,වංචනික,මිනීමරු ආණ්ඩුවක වුවමනාවක් නම් නැති බව පැහැදිලි විය යුතුය. මේ සියළු මන්ත්‍රීවරු අඩුවක් නැතිව ඒ සියළු අපරාධ වලට සහාය දී උපකාර කලවුන් බවත්, ඡන්දයෙන් නොව බලෙන් එලියට ඇද දැමිය යුතු බවත්, දැන් ඔවුන් පවසන කටමැත ජනතාව බලාසිටිනුයේ, අසා සිටිනුයේ, කෝපයෙන් හා වෛරයෙන් බවත්,කල හැකි දෙයක් නොමැති නිසා නිෂ්ශබ්ද බවත් දැනගත යුතුමය. එසේම ඔවුනට නිසි දඬුවම් නොදී මග හරින මේ ආණ්ඩුවේ සියළු දෙනාටද දිය යුතු පණිවුඩය එයම බව අමතක නොකල යුතුය.
     එය නිවැරදිව දැනගත් විට හා එවිට ඔවුන්ට වැටහිය යුතු හා ආ යුතු නියම ජනතාව මර්ධනය කිරීමේ, ජනතාව සත්‍ය සඳහා පෙරට පැමිණීම වැලැකීමේ සහයෝගී අනපනත් ගෙන ඒම හා මර්ධනය එකතු වී කල හැකිය. කලේත් එයමය.
           නාමල්ට, යෝෂිතට, ශිරාන්ති රාජපක්ෂට උසාවි නැත, බැසිල්ට රිමාන්ඩ් යනු රජ සැපය, ගෝඨාභයට පාර්ලිමේන්තුව විසිරෙන තුරු, අතඩංගුවට ගැනීමටත් බැරිය, විනිසුරුවරයකු ඉවත්වී ඉහලම උසාවිය ඔවුන්ගේ පංති යුතුකම ඉටුකර ඇත. ෆයිල් නඩු ගොඩ ගැසුන, අපරාධ වලට නඩු දමා සිරගෙවල් වලට ගාල් කල යුතු පිරිස් රැක ගැනීමට දූෂණ සෙවීමේ කොමිසම අක්‍රීය කිරීමට කොමසාරිස් වරයකු ඉල්ලා අස්වී ඇත.විශාල බරපතල චෝදනා විසිවී පුංච් පුංචි චෝදනා සඳහා වග උත්තර විමසා නෑ මිතුරු කම ආරක්ෂාකරගනිමින්, ඇප පිට නිදහස ලබති. නඩුවකින් බේරීමට දුප්පතකු පවා හොර මෙඩිකල් ඉදිරිපත් කිරීමේ කලාව දන්නා රටක ඉහත කී සියල්ල පාලකයන් දැනුවත්ව උසාවිය, නිළදාරීන් සිය පාලන යන්ත්‍රය, ක්‍රමය, පංතිය රැකගැනීමට කරනා  උපක්‍රම, උප්පරවැට්ටි බව සියළු ජනතාව දන්නා බව නොදන්නේද? පොඩි එකෙකුගේ බැරිකමටම, ගමන් නයට සිරගෙදරට දක්වන උසාවි තිබෙන,නඩුකාරයන් සිටින, නඩුදමන පොලිසි සිටින රටක විශාල අපරාධ, දූෂණ වලට සමාව ලැබෙන බව පෙන්වනුයේ සුපිරි පැලැන්තියට ඒවාට ලයිසන් ඇති බව පෙන්වමිනි. මේවා සියල්ල වසා, අකාමකා දමා, සුචරිතවාදී හුනු ගෑවම සිටින කලාකරුවන්, ප්‍රවීනයන්, අනුගාමිකයන් ඉඳුල් කමින් කරන රට හා ජනතාව අඳුරේ හෙලන මෙම පාප කර්මයට අනාගතයේදී ජනතා අධිකරන ඉදිරියේ වන්දි ගෙවිය යුතු බව මතක් කරමි.

           සැමදාම ජනතාව රැවටීමට නොහැක.සැමදාම මෙවන් දූෂණ, වංචා කර සුපිරි පැලැන්තියේ ඉපදී කටයුතු කිරීමට පෙරපින් අවැසි බව කියා ජනතාව, කරුමයට යටකරන, ඉදිරියට ඒම වලකන,මේ දූෂිත ක්‍රමය රැකීමට මතවාදීමය උපකාර කරන ආගම් නියාමකයන්ද ජනතා මතයට, නිවැරදි මතවාදයකට ගරුකිරීමට තම මතයන් වෙනස් කල යුතුය. උතුරේ, දකුණේ, වංශයේ, කුලයේ, ජාතියේ, ආගමේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්ණ මත සිසු, භික්ෂු, කම්කරු, සේවක ආදී පීඩිත කොටස් හා පොලිස්, හමුදා ප්‍රතිවිරෝධ අවුස්සා බෙදා පාලනය කිරීමේ පාපකර්මයටද වන්දි ගෙවීමට සිදුවන බවද අවබෝධ කල යුතුය. නීතියේ, යුක්තියේ, ධනපති පංති ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත තත්වය, කුමක්දැයි සැම තැනම සිදුවන දේ තුලින් ජනතාව දැනගෙන හමාරය. ගමේ පාසලේ ශිෂ්‍යත්ව සමත් සිසුවාගේ නගරයේ පාසලට යෑමේ අයිතිය, ජනාධිපති ආර්යාව ඇයගේ ප්‍රාථමික පාසලේ දරුවනට උදුරා දුන්, ඒ සඳහා රජයේ සියලු සහය ගත් ඉතිහාසය පෙන්වන සැබෑ පාලනයේ සැබෑ ස්වරූපය ජනතාවගෙන් කීප දෙනෙකුට හෝa වැටහී නිවැරදි පීඩිත පංති අරගාල මාවතකට පැමිණෙන්නේනම් මේ වීඳි රැවටිල්ලේ මහඟු ප්‍රතිඵලයක් වනු ඇත.
           මේ මාවතේ යනබව පෙන්වමින්, මිත්‍යා අන්ධකාරයෙන් පීඩිත පංතිය විනාශ කරන, වංචා දූෂණ පෙන්වන නමුත් ඒවාට විසඳුම් මේ සියලු දේ බිහිවන, රැකෙන, ධනපති ප්‍රාග්ධනය බව අමතක කරන ජ්ඪඡ වැනි කොටස් හා එවැනි සමාන කණ්ඩායම් වලටද ජනතාව ඉදිරියේදී ඉඩ නොදෙනු ඇත. ප්‍රාග්ධනයේ, මුදලේ, පුද්ගල අයිතියේ ආනුභාව වන මේ සියලු බොරුව, වංචාව හා දූෂනය, සැම තැනම ජයගෙන ඇති බව පැහැදිලි කර  ජනතාව පංති සටන් මාවතේ ඉදිරියට ගෙනයාම වෙනුවට, නිවැරදි  සංවිධාන මතුවීම නවතන, පාවාදෙන, වාමනාමධාරී සංවිධාන මේ සමාජ ව්යෙඅQහයව, ආයතනව රැකීමට දරණ උත්සාහය, ධනපති ක්‍රමයට කරන හොඳම මුක්කු බවත්a, ඔවුන් එම ක්‍රමයේ නිල නොවන ඒජන්තයින් බවද අපි නැවත මතක් කරමු. ඔවුන්ගෙන්ද, පීඩිත පංති විරෝධී ධනපති මැරයන්ගෙන් ගැලවීමට සිතන පීඩිත පංතියේ සියලුම කොටස් වලට එකතු වීමට ආරාධනා කරමින් සියලු අසන, දකින, පෙනෙන, ප්‍රශ්න, ආගමික, ජාතික, වාර්ගික, දෘෂ්ඨියෙන් නොව තම පීඩිත පංති දෘෂ්ඨියෙන් අසන, දකින, පෙනෙන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලමු. තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලමු. ධනපති, සුළු ධනපති සුන්දර සිහින වලින්,වෙන්වීa මිදෙන ලෙස ඉල්ලමු.
 
කොස්ගම විමල් සහෝදරයා
2015 - 05 - 31
Previous
Next Post »
Thanks for your comment