අපිට බැරි ඇයි



ලංකාවේ නැත්තේ මොනවාද? කියන ප්‍රශ්ණයයි තියෙන්නෙ. මධ්‍ය කඳුකරයේ ඉඳන් එදා රට වටේටම අවුරුද්ද පුරා නිල්පාට ජලය ගලා ගිහිල්ලා තියනවා.හැමතැනම එහෙ මැණික් මතුවෙනවා. මන්නාරම් මුහුදෙ මුතු වගේම දැන් තෙල්, ගෑස් හමුවෙලා රත්‍රන් නිධි තියෙනවා. දන්නා ඉතිහාසයේ ක්‍රි.පූ. 03 ඉඳන්ම ලංකාවෙ යකඩ නිපදවල තියනවා. ක්‍රි.ව. 06 සියවසේ හොඳම යකඩ හදල ලෝකෙට විකුණල තියනවා. ඒකට සාක්ෂි උදුන් පිදුරන්ගල, බලංගොඩ කඳු මුදුන් වල තියනවා. දෑල, කහවත්ත වගේ සබරගමු පලාතේ යකඩ නිධි තියෙනවා. පොස්පේට් නිධියක් අවුරුදු ගණනාවකට සෑහෙන්න තියනවා.ඛනිජ වැලි නිධි ලංකාවේ උතුරු, ඊසාන නොවෙයි නිරිත දිග බ්ඹ(.හුදෙත් තියනවා. තේ, රබර්, පොල්, කොකෝවා, ගම්මිරිස්, පුවක්, තුනපහ වර්ග හොඳට වැවෙනවා. ලංකාවටම කන්න දීල ඉතිරි වෙන්න වවන්න කුබ්ඹ(.රු තියනවා. මේ විධියට බැලුවම හැම අතින්ම පොහොසත් රටක් ලංකාව. නිරක්ෂීය ආසන්න නිසා දිවා, රෑ අවුරුද්ද පුරා තියනවා.ශීත උස්ණ කාල දැනෙන්නෙවත් නෑ. අපි මිනිස්සු කරපු අපරාධ නැතිනම් පරිසරය වියරුවෙලා භෝග හානි කරන්නෙ නැති බව තේරෙනවා. නායයෑම් සියල්ල අපි කරපු දේවල ප්‍රතිඵල, දිග මූදු තීරයක්, වෙරලක්, සැතපුම් 200  මුහුදක් තියනවා. උස් කඳු, දිය ඇලි, මිදෙන්නෙ නැති ජල ධාරා තියනවා. ගිනිකඳු අපට එකක්වත් නැහැ. භූමිකම්පා නැහැ. මේ තියන තත්වය තුල කාටද කියන්න පුළුවන් හිඟන ජාතියක් මේ රටේ ඉන්නවා කියලා. ඒ වුනාට අවු. 100 ක ඉඳන්ම ඉන්නවා, ඉඳලා තියනවා, ඉදිරියටත් ඉන්න තියනවා.මේ රටේ මිනිසුන් කම්මැලි නැති නිර්මාණශීලී ජාතියක්. ලාංකිකයො ආගන්තුක ලැදි සිනාමුසු ජාතියක්.

           ඒ උනාට අපිට පෙන්නල දෙන්න මාවතක් තියන්වා, ඒකෙන් ගැලවෙන්න. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා කියල දෙන්න ඕනෑ. දැන් ලක්ෂ 200ක් විතර ලංකාවේ ජීවත් වුනාට, කැලේ සතුන්ටවත් ඉන්න නොදී කැ=ලේ කොට කොටා ඒවා විනාශ කලාට, එදා සුළු පිරිසක් ඉඳල තියෙන විට කැලේ විශාල ලෙස රැකිලා තියෙනවා. විශේෂයෙන් මධ්‍ය කඳුකරය කැලෑ සේරම ඉතිරි වෙලා තියනවා. මුල් රාජධානි උතුරු මැද පිහිටි නිසා, ඒවා බටහිරින් මධ්‍යම කඳුකරයට යනතුරු මිනිස්සු මැද කඳුකරයේ කැලෑවල සතුන්ට කරදර නැතිව ඉන්න දීලා තියනවා.උස වනාන්තරය, ලන්ද පොලව මත කොල තට්ටුව හින්ද වැටෙන වැහි බින්දු ගස් දිගේ සූරාවිත් පොලවට උරාගෙන දිය කඳුරු දිගේ ගලාගෙන විත් ඔයවල්, ගංගා පුරවල, නිල්පාටට, පස හෝදා නොගෙන රට වටේට පොලව තෙත් කරමින් අවුරුද්ද පුරා ගලාගොස් රටම සරුසාරවත් කරල තියනවා, වැව් පුරවලා තියනවා, කෙත් වතු අස්වද්දන්න උපකාර කරල තියනවා. අද කැලෑ නැත, ලන්ද නැත, කොලකවිටු නැත, අවුරුදු 165කට කලින් සුද්දෝ අපි, අපේ රට ගැන නොසිතා, හැම කඳු මුදුනක්ම එලි කරල, බෑවුම් එලි කරල කරපු විනාසෙ, තේ, රබර්, විකුණා කන්න පුරුදුකරල, සෝදාපාලුව, නියඟ, නායයෑම්, මූදු කෑම, ආදී විශාල ව්යෙඅසන ලෙස ඉතිරි කරල තියෙනවා. වන සත්තු ඉන්න තැන් නැති නිසා මිනිස් වාස භූමි ආක්‍රමණය කරනවා.

                මේවා දැකල අහල, නොවෙයි වරින් වර විනාශ වලට මූණ දීල, හානි ඉදිරියේ තව වැඩි වෙන බව තව දැක දැක මුනිවත රකින්වා. තව තව හිඟනකම ඉල්ලන් ලැජ්ජා නැතිව ජීවත් වෙනවා. ගතවුන අවුරුදු 671948 ඉඳලා මේ කාලය ඇති තමනුත්, රටත්ග ගලවගෙන හොඳ අනාගතයක් තමන්ගෙ දරුවනට උදාකරන්න. ඒ වුනාට පාලනය කරපු, රට කාපු සුද්දන්ට දෙවැනි නැහැ. එතැන ඉඳන් රට බාරගත්තු කලු සුද්දො ටික, අශ්වයො මාරු කලා විතරයි.අශ්ව කරත්තෙ පරණ විsධියටම ඇදගෙන යනවා. ඒ උන් පුරුදු කරපු උන්ගෙ යටත් විජිත ආර්ථිකය යන කරත්තෙ උන්ට වාසි වෙන්න, මේ අයත් කටු සූප්පු කරමින් තිබුනට වැඩිය හොඳට සූරාකන්න උපකාරකරනවා. දුක් විඳින මිනිස්සු තමයි කබලෙන් ලිපට වැටිල, පිච්ච් පිච්චි පනිsන්න හදන්නෙ. මේ කලු සුද්දන්ට ඒ ගොල්ලගෙ සුදු හාම්පුත්තු දීපු රන් පවුම් කෝටි ගානක, දෙවැනි ලෝක යුද්දෙදි ලංකාව පාවිච්චි කිරීම සඳහා ගෙවපු හා 1952 කොරියානු යුද්දෙ නිසා රබර් මිල වැඩි වීම නිසා ගෙවිය යුතුව තිබුන ගෙවුම් ශේෂය ඊනියා නිදහස බන්දේසියක තියල භාරදීල තියනවා. ඒවා විද්‍යාත්මක පදනමක් නැතිව වියදම් කරල තමයි 1953 වනවිට ජනතාවට බදු බර පටවල මිනිස්සු පාරට බැස්සම පැනල දුවන්නෙ.ඒ වන විට ආසියාවේ හොඳම විනිමය වටිනාකම, මුදල් අගයන් තිබුනෙ මේ වන්දි හා උන්ගේ තේ හා රබර් නිෂ්පාදන නිසා. නමුත් ඒ සේරම අද විනාශයි.මේ වගාවල් උරුම කරල තියෙන ගංගාවල් ගොඩ වෙලා, පොඩි වතුරටත් ගංවතුර පිට බිඳින, කඳු නාය යන, ඉඩෝර, වැස්ස කලට නොලැබෙන තත්වය වෙනස් කරල, දැන්නම් රට රැකගන්න වෙන්නෙ බොහොම කාලයක් නඩත්තු කරල මහන්සි වෙලා.

     ඒ කොහොමද එහෙම කරන්නෙයි, ඒ වගාව නැතිව අපි කොහොමද ජීවත් වෙන්නෙයි, කියල දෙන්නයි දැන් හදන්නෙ. රබර් අවුරුද්දෙ මාස 12න් මාසයයි කපන්නෙ. වැස්ස අක්‍රමවත් භූගෝල පොතේ විතරයි නිරිත දිග මෝසම, අස්නි වැස්ස තියෙන්නෙ .තේත් එහෙමයි. මේව කලාට අද විකුණන්නත් බැහැ.විකුණුවත් ජීවන වියදමට හෙට්ටු කරන්නවත් බැහැ.නියමිත කාලයට වැස්ස නැතිව, ගංගා ජලය නැතිව, වැව් වේලිලා, කුබ්ඹ(.රුත් විශාල ලෙස අක්කර ලක්ෂ ගණන් පුරං වෙනවා. ගොවීන්ගෙ දරුවො කුබ්ඹ(.රු දිහා බලන්නෙවත් නැතිව නගරෙ රජයේ, පුද්ගලික, මුදලාලිලගෙ ටේලර් සාප්පුවෙ මහන්න යනවා. ඒත් නම්බු කාරයිලු. තේaනම් නැවත නිෂ්පාදනයකට නොයන හින්ද නියම මිලට අපනයනයේදී ලැබෙනව කියල හිතමු. ඒ වුනාට රබර්, යකඩ, ඛනිජවැලි, පොස්පේට්, අමු තෙල්, පොල් නිෂ්පාදන, මේ ආදී බොහෝ සංකීරණ කර්මාන්ත බිහිකර රටේ ජනතාවට රැකියා දී සුරපුරක් කරන්න පුලුවන් රටට අමුද්‍රව්යෙඅ සපයා, නිෂ්පාදන වැඩි මිලට ගෙන්නා ණයවන ජාතියක් කරල තියෙන්නෙ මොන වුවමනාවටද කියල හිතන්න අමාරුයි.

     අපි රටේ පොඩි ගමක්, අරං කතා කරමු. සියළුම වැට මායිම්, නීති රීති, නිලදාරී තියා ගම්වැසි සියලු ඇඟිලි ගැසීම් අයින් කරල්ල අලුත්ම නිර්මානයක් කරන්න බාරදුන්නොත් අපි ඉස්සෙල්ලම රට හැටියට අපිට වැරදිලා, තියෙන වැරදි තමයි ඉස්සෙල්ලාම මේ ගමේ හදන්න තියෙන්නෙ. පලමුව උස් කඳු, බෑවුම්, ප්‍රපාත, දිය ධාර දෙපස ප්‍රමාණවත් දුරකට, විද්‍යාත්මක සොයාබැලීම් වලින් පසුව කැලෑ වැවීම ඇරැඹිය යුතුය. පලමුව පතන ශීලී ශාක ඉක්මනින් වැවෙන ඒවාට යටි රෝපණ ලෙස වැවෙන්න හැරිය යුතුය. විශාල කාලයක් තිබෙන කොස්, මිල්ල, දෙල්, කෑල වැනි ගස්, බට වැනි පඳුරු ශාක වවා කැලෑව තනා මැකී ගිය ජලධාරා හා උල්පත් පෝෂණය කල යුතුයි. වවා තිබුණ තේ, රබර් ඉවත් කර හානියක් නැති සෝදා පාළුව නැති ප්‍රදේශයට පමණක් ඒවා සීමා කල යුතුයි. සෝදා පාළුව මුළුමනින් නැවැත්වීමට, ජලධාරා අපවිත්‍ර කිරීම වැළැක්වීමට, ඒවා වඩාත්a පලල් හා දියුණු වීමට මිනිස් වාසය පෝෂණ කලාපයෙන් ඉවත් කල යුතුයි. ඉන්පසු නොවැවූ කෙත්වතු සියල්ල සොයා බලා, පැරණි ඉඩම් අයිතිය නැති නිසා, වැවිය හැකි, ඉඩම් නැති පිරිසට වහා බෙදා දී වී වගාවට ඉඩ ලබාදී අවැසි ජලය හා කාබනික පොහොර, දේශීය බීජ ලබා දිය යුතුයි.ඔවුනටම එළවළු ආදිය වැවීමට ඉඩදිය යුතුය.උස් දිය දහරා කඩා වැටෙන ස්ථාන,සමෝච්ච රේඛා අනුව බලා එම ගමට අවැසි විදුලිය නිපදවීමට, සුළු විදුලි බලාගාරයක් සැලසුම් කල යුතුයි. භූමිය විනාශ වන ලෙස පිහිටුවා ඇති නිවාස ව්යෙආප්පෘති, හා සුළු ඉඩම් අයිතිය අහෝසිකර, භූමිය කම්හල්, සමූපකාර, පුද්ගල, සමූහ ගොවිපල සඳහා රැකගැනීමට මහල් නිවාස ව්යෙආප්පෘති සැලසුම් කල යුතුයි. මුළුමනින් මෙම ගැටළුව විසඳෙන තුරු, තාවකාලික ඉඩම් ලබාදීම නවතා, ක්‍රමානුකූලව මහල් නිවාස පහසුකම් සමානව හා ප්‍රමාණවත් ලෙස සාදා සැපයීම ඇරැඹිය යුතුයි.ඉන්පසු නිදහස් වුනු විශාල භූමියේ ප්‍රදේශයේ ඇති ස්වභාවික සම්පත්, අමුද්‍රව්යෙඅ ලෙස යොදාගෙන සුළු හා මහා පරිමාණ කම්හල් ඇරැඹිමට කටයුතු කල යුතුයි.අරාජිත නොවන ලෙස අමුද්‍රව්යෙඅ හා නිෂ්පාදිතයන් ඇවැසි ප්‍රමාණය ගණනය කර ඒ සියල්ල ආරක්ෂා කරගනිමින්, ප්‍රදේශයේ නොනිපදවිය හැකි, නමුත් ජනතාවට වුවමනා දේ සඳහා හුවමාරු හෝ මිලට ගැනීමට මුදලට විකිණීමට නිෂ්පාදන සැලසුම් කලයුතුයි. මේ සියලු කටයුතු ගමේ පාසැල්,රෝහල්, වෙළඳසැල්, පුස්තකාල, තැපැල් ආදී සියල්ල මේ සියලු දේ කරන්න වූ ස්වාධීන සංවිධානය සැලසුම් කර, ගම් වැසි සියලු දෙනාම මහල් නිවසේ සිට පැය ගනන් වැඩට යාමට හා ආපසු ඒමට කාලය හා ධනය විනාශ කරන ප්‍රවාහනය නැවතීමට වැඩබිම්, කම්හල, ඉතා ලඟින් හිස් ඉඩම් වල අමුද්‍රව්යෙඅ ලබා ගැනීමටද ලඟ දුර බලා සැලසුම් කල යුතුය. සංවිධානයේ පිරිසට වැඩි ආදායමක් නොලැබෙන ලෙස සමාන ආදායම් සහිතව ගමේ උපයන, නිපදවන, සැමට ජීවත් වීමට අවැසි සියලු දේ ලබාදීමට වෙළඳ සැල්, රෝහල් ඇතිකලා  සේ ඒවා නියමිත අඩුම මිලට, ලාභය පදනම් නොකරගෙන යා යුතුය. මේ ද්‍රව්යෙඅ හිඟ නොවී ලබා ගැනීමට ගමේ නිෂ්පාදනය, විදුලිය අඩු මිලට විකිණීම, ගමේ කිරිපට්ටිය, හා නිsෂ්පාදන, ගොවිබිම හා නිෂ්පාදන, සහල්, ආයුධ  කම්හල ආධියෙන් ලබාදී අඩුම පිරිවැයන් හා ජීවන වියදමකින්, තෘප්තිමත් පවුලක්, මිනිසෙකු තැනිය හැකිය, ඔවුන්ට ප්‍රශ්න විසඳා ගැනීමට ඊලග භවයට යාමට, සිඟමින් දන් දීමට, පිං රැස් කිරීමට වුවමනා නොවනු ඇත.ඇත්ත යථාර්තය ඉදිරියේ නියම මොලයට, දැනුමට එකඟ මිනිසා බිහිවී නව ආර්ථිකය වැඩි දියුණු කිරීමට දිරිදී, අවට ගම්ද ඒ තත්වයට ගනු ඇත. ස්වභාවය තමන් ජයගෙන දිවිය තවත් සරුසාර කරගැනීමට තමන්ගේ ශ්‍රමය, එහි නියම ඵල වෙන අයකු සූරා නොකන විට තමන්ටම බෙදෙන ලාභය, සාහිත්‍ය, කලාව, නැටුම් ගැයුම් සඳහා ස්ථාන තනා ගනු ඇත. වයසට යන මහල්ලා, ඉපදෙන දරුවා, විවාහ වන තරුණ තරුණිය, කිසිවකු කිසිවකු කාටත් බටක් නොවී ඔවුන් රැක ගැනීමට දාරකාගාර, නේවාසිකාගාර, විවේකාගාර රැකියා ස්ථාන නිරතුරුව විවෘතව තබනු ඇත. කිසිවෙකුට ඔප්පු තිරප්පු, අයිතීන්, තහවරු කරගෙන සිටීමට වුවමනාවක් නැත. අමාරු ජීවිතයක් ඉදිරියට නොවන බව දුටු විට ඔවුහු සැබෑ ජීවිතය, ගෞරවනීය ලෙස, වැඩකර භුක්ති විඳ, බරක් නොවී මියයනු ඇත. එවිට ඔහුට සංවිධානය සැපයූ සියලු ගෙය දොර, වාහන හා අනෙකුත් පහසුකම් වෙනකෙකුට සපයනු ඇත. වැඩි වශයෙන්ම පුද්ගලිකත්වය විනාශ වී යනු ඇත. සමාන පහසුකම්, ලැබෙන නිසා එම පහසුකම් ජීවිතයේ උපරිම දේ නිසාත්, අද ලැබෙන හා ලබාගන්නා දේට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඇති නිසාත් ජීවිතය සැබෑ ජීවිතය වනු ඇත. ඉපදෙන දරුවන් උපත හා නම පමණක් සඳහන්  වාර්ථා මිස, දේපල උරුමයක් විය හෝ මව් පාර්ශවයෙන් නොමැති නිසා මා,පිය සඳහනක් පවා වුවමනා නැත.උප්පැන්න සහතිකය දික් නොවනු ඇත.

           මේ පිළිබඳව තව ලිවිය හැක. ඉතිරිය ඔබට සිතා ගැනීමට හා ඉදිරියේ සාකච්ඡා කිරීමට ඉඩ තබා, මෙවන් වෙනසක් කිරීමට එක ගමකට වත්, මේ රුදුරු ධනපති පාලකයන් ඉඩ නොදෙන බව පවසමු. එංගලන්තයේ රොබට් ඕවන් සමූපකාර පේෂකර්මාන්ත ගම් පිහිටුවීමට ගොස් වූ විනාශය නැවත සිහි කරන්නෙමු. මේ කටයුතු සිදු කලද, ධනපති පාලන මර්ධනයෙන් ගැලවීමට, ආරක්ෂා වීමට තමන්ගේම වූ ආරක්ෂක වැඩ පිළිවෙලක් හ කණ්ඩායම්, නීති රීති, ආයතන, ගණුදෙනු මාධ්‍යය, ආදිය ගොඩනගාගත යුතුය. මෙසේ ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පලාතෙන් පලාතට , නගරයෙන් නගරයට ලෙස මුළු ලෙස නොව ක්‍රමානුකූලව, ඉදිරියට යා යුතුය. කතා කරනවා වෙනුවට ප්‍රායෝගිකව පෙන්වමින් කටයුතු කල යුතුයි. විනාශ කිරීමේ ඉඩ ඇහිරිය යුතුය. රට ලෙස කටයුතු කරන මට්ටමට පැමිණි විට රටටම එකක්, දෙකක් ලෙස, වානේ, ටයර්, ඛනිජ වැලි, පොහොර, තුනී ලෑලි ආදී විශාල කම්හල් සේම සැමන්, වාහන, දුම්රිය, අහස් යානා, නැව් ආදී විශාල බැර කම්හල් ඉදිකර අපේ අමුද්‍රව්යෙඅ, අපේ භූමිය, අපේ ශ්‍රම උපකරණ, මාධ්‍ය අපේ ශ්‍රමය යොදා අපිටම බෙදෙන, සූරා නොකන ජනතාවාදී ආර්ථිකයකින් රට ගොඩනගා, ලොව ප්‍රධාන රටක් බවට පත්කල හැකිය. මේ හිඟන බවින් මිදීමට, ප්‍රබුද්ධ සුළු පිරිසක් උරදෙන්නේනම්, ඔවුන් අවංකව, කැපවන්නේනම් එතරම් දුර නොගොස් නොමඟ ගිය විශාල බහුතර ජනතාව, දැනුවත් කර මහජන අරගලයකට ගෙනයා හැකි බව පෙන්වමි. නොමිලේ විදුලිය, නොමිලේ වාහන, ඉන්ධන, ජලය, අධ්‍යාපනය, සෞක්යය, ප්‍රවාහනය, නිවාස ලබාදෙන මිනිස් දෙව්ලොව අපි තනා දෙන්නෙමු.

           මෙලෙස නගා ගන්න ලොව ක්‍රමානුකූලව මිස, එක් දිනකින් නොකල හැකිබව වැටහෙනු ඇත. භාවිතයෙන් දැකීමෙන් භුක්ති විඳීමෙන් දකින සාමාන්‍ය ජනතාව දක්වන සහාය එසේම මෙම ගොඩනැගීමට එරෙහිව වැරදි ප්‍රචාර වැරදි අදහස් වැපිරීම නැවතීඅම්ට තීර්ව දැවැන්ත මතවාදී අරගලයක්ද කලයුතුබව වැටහෙනු ඇත. එසේම වැටුපට වැඩ කර, ජීවත් වීම අපහසුවෙන් ගෙවන, විශ්‍රාම ගිය විට අපා දුක් ගෙවන, පඩියට ඔලු පලන, පහරදෙන, වෙඩි තබන, මිනී මරන, හමුදා පොලිස් සාමාන්‍ය සෙබල ජනයාද මේ බව අවබෝධ කරගත යුතුය. මෙහි සැබෑ තත්වය පසක් කරගත යුතුය. මෙවන් අවධියක් විනාශ කිරීමට යන ඔවුහු දෙවනුව හිතට එකඟව, නොයනු ඇත. එම භූමිය තමාගේද ක්ශේම භූමිය බව වැටහෙනු ඇත. නොකරනු ඇත. මෙවන් නිර්මාණයක් කිරීමට, කැපවුනු, අවංක, දිරිමත්, නිර්මාණශීලී, පරිත්‍යාගූ+ස්ලී, නියමුවන් අවශහ්ය. ඒ ගොඩනැගෙනුයේ දිගුකාලීන මහජන අරගල, මහජන එකතුවීම් තුල පමණි. එසේ වන්නේ කොමියුනිස්ට් වාදීන් හා කොමියුනිස්ට් සංවිධාන තුලින් පමණි. මේ අදහස් සුන්දර සිහිනයක් කියල බොහෝ අය කියාවි. ඒ වුනාට ඒ අය දැනගන්න ඕනෑ අද මේ දකින කියන හැමදේම, අහස් යානය, රොකටය, ඒ සේරම විතරක් නොවේ පොඩි පොඩි දේ පවා සිහින වගේ දැකල ඇත්ත දේ බව. අපි දකින සිහිනයක් ඇත්ත වේවි.
                     ජාතික මට්ටමේ කොමියුනිස්ට් පක්ෂය, නිවැරදිව බිහිවූදාට නිවැරදිව වැඩ පටන්ගත් දාට මේ සැබෑ ජීවමාන සත්‍යය අත්දකිනු ඇත. රතු,සශ්‍රීක, සමෘධිමත්, ලංකාවක උරුමය සඳහා පෙරට යමු. ජත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය මුළු ලොව මෙය කර ජයගනු ඇත.
 
කොස්ගම විමල් සහෝදරයා
නව ජනතා පෙරමුණ වෙනුවෙන්
2015 - 05 - 22

Previous
Next Post »
Thanks for your comment