අද මතු වී ඇති තත්වය තුල අපේ ස්ථාවරය විය යුත්තේ කුමක්ද?

 


අද   රට තුල ගොඩ නැගී  ඇති තත්වය  ඉතාමත්  අර්බූදකාරීය. අවුරුදු  74ක් පාර්ලිමේන්තු  චන්ද ක්‍රමයෙන්  තම ප්‍රශ්න විසඳාගැනීමට නියෝජිතයින් රාජ්‍ය මන්ත්‍රන සබාවට,පසුව පලාත්හා ප්‍රාදේශීය සබාවලටත්    නීයෝජිතයන් 1948 සිටම  තෝරා යැවූ අපේ පරම් පරාවන් තුනක් පමනම රැවටී  ඇත. මේ නියෝජිතයින්  බොහෝ දුරට  ඉංග්‍රීසි පාලනයෙන් නින්දගම්  බේරුනු වැඩවසම් රදලයන්ගේ දූ දරුවන් හා උපයෝගී සේවාවන් වලින් ධනය උපයාගත්  ධනපතීන්ගේ දූදරුවන් යුරෝපයේ හා ඇමරිකාවේ ඉගෙනීමට ගොස් පැමින සුද්දන් පැවරූ නව යටත්විජිත පාලනය ගෙනයාමේ සුහද හුවමාරුව මුලින්ම භාරගෙන  අද වනවිට උන්ගේ දූ දරු පරම්පරාවට රැකියාවක් ලෙසින් පීඩිත මිනිසුන් රවටා ලබාගැනීමට සලසා ඇති  උපාය මාර්ගයක් පමනි, මැතිවරණය. මේ අතරට  ඉගෙන හෝ නොඉගෙන එම පවුල්වල වන්දිබට්ට කම් කර විශ්වාසය දිනාගෙන මන්ත්‍රීන් නොව  ඇමතිවරු වූ කීප දෙනෙකුද සිටියත් එය සම්මතයක් ලෙස ගතනොහැකිය.

                                    ලංකාවේ පාරම්පරික  උත්තරාරෝපිත ධනපතීන් හා  පසුව විවිධ  මාර්ග වලින්  ධනය උපයාගත්තවුන්  හා  ඉගෙන උසස් රැකියා ගත්තවුන් හා මෑතකදීනම් , ඇල, දොල , කඳු, ගල් , හා ගස් දූෂිත ලෙස  කපා විකුනා පොහොසත් වූවන්ද සිටින බව දනිමු. මේ වන විට මේ ධනපතීන් ඤාති, මිත්ත්‍රයින් වී  ඔවුන්ට ඇවැසි ආන්ඩු හා රාජ්‍ය බලය  ගමේ පොලීසියේ සිට  මුදලින් හා ජනයා රවටා යවන මැති  ඇමතිවරුන් හරහ ලබාගනිමින්   සිටී. ඔවුන්  මැති  ඇමතින්ට  චන්දයකදී  ජනයා  රැවටිමට ඇවසි මුදල්  වැය කර ඉන්පසු රටේ මහජන  මුදල් අදනම්  ලක්ෂ,  නොව කෝටි,ප්‍රකෝටි  ගනනින් ගසා කමින් සිටී.  මෙනිසා කොහොමත් මේ පාර්ලිමේන්තු ක්‍රමය වංචාවක්  බව දන්නා  අපි කෙසේවත් මේ ක්‍රම්යේ  විශ්වාශය නැංවීමට උපකාර නොකල යුතුමය.  මේ ටික හෙලි කිරීමට මිස  ජනතා ප්‍රශ්න  විසඳිය හැකි ක්‍රමයක්   ලෙස  හඳුන්වා  දිය යුතුවත්   නැත.

                                    මේවනවිට  රට පුරා විරෝධතා මතුවී  කිසිකලක නොදුටු ලෙසින් රාජපක්ෂ  පවුලට  හා මැති සබයටම  එල්ල කරන නොනවතින විරෝධතාවන්  සෑම දෙයකම මිල ආන්ඩුවේ පාලනයකින් තොරව  කීප ගුනයකින්   මාසයකට කීපවරක් ඉහල නගිමින්, මාසයකට  උද්ධමනය  52%  කින් පමන ඉහල  නැගීමට එරෙහිව එල්ල වන්නේ  එල්ල වන්නේ  බඩු මිල ඉහල නගින්නේ රටේ වටිනාකම් , විදෙස් සංචිත සියල්ල  පාලකයින්  සොරා කා ගිනුම් වල පිටරට තැන්පත් කර ඇතැයි  ජනයා  විශ්වාශ කරන බැවිනි.  රටේ ජනයාට  මේ විරෝධය  සුපුරුදු ලෙසම  ඊලග පාලනය මීටත් වඩා මොනවා කීවත් පැමින රිදවන විට මේ එලවන පාලකයින්  හොඳ  වී ගෙන්වීම  වුවහොත් අරුමයක්   නොවිය යුතුය.  නමුත්  මේවනවිට සජිත් ප්‍රේමදාස   නෑඹුල්  දේශපාලකයෙකු ලෙස බලය ඉල්ලීම නම් සැක සහිතවන්නේ   ඔහු  යහපාලන රජයේ  ස්ංස්කෘතික  ඇමතිවරයා ලෙස සිටිමින්  ආගමික ස්ථාන වලට මිලියන ගනනින්  චන්දය වෙනුවෙන් මහජන මුදල්  විනාශ කිරීමත්  ඔහුගේ පියාද මෙලෙසම  දශ  අතේ වඳිමින් පැමින ආඤ්ඤාදායක මිනීමරුවෙකු ලෙස හැසුරුනු ,වැඩවර්ජන  නායකයින් පැහැරගැනීමෙන්  මර්ධනය  කල  ඉතිහාසය මතක් කිරීමට ත්  අපහසු  බැවිනි . එසේම  දැන් සිටම  ජනතාව අතර පදනමක් ඇතිකරගනිමින් සිටින ජවිපෙය  විවේචනයෙන්  හා  වංචා හා දූෂණයෙන්  තොරවීමේ පැවැත්මෙන්  මහජනමතයක් ඇතිකරගෙන සිටීම වැදගත්‍ය . බොහෝ මිනිසුන් අනිත් පාලනයට හවුල් වූවන් සිටින  පක්ෂ හා සංසංඳනය කරමින්  වැඩි චන්ද ප්‍රමානයක්  ඔවුන්ට  අද  ඇතිවීඇති විනාශය බලා කලකිරීමෙන් දිය හැක.  නමුත් තනි පාලනයක්  පිහිටුවීමක් ච්න්දයකින් ඔවුන් ආගම් හා ජාතිවාදී මත තිබෙනතුරු  බලාපොරොත්තු  වන්නේනම් හිතලුවක් වනු ඇත.  ජවිපෙය  එදා ආරම්බයේදීම අද නායකයින්  ඉපදී නොසිටියද , 1971 දී   ආන්ඩුව නොව රජය  දිනීමේ වෙයාපාරයක් ලෙස   කටයුතුකර ලබාගත්  ඛේදනීය අත්දැකීම්  අදවුව ගෞරවයක් ලෙස  පාවිච්චිකරමින් එම සිම්බල්ම යොදාගනිමින් කටයුතුකරනු  පෙනේ.  එදා සිට ඒ මාවතේම   නිවැරදිවඋපායමාර්ග හා උපක්‍රම  වෙනස්කර ගමන්කලේනම්  අදවන විට  ඉවත්වූවන් රඳවාගෙනම  දිනුම් කනුව පසුකර වසර ගනනක් ගතවී  මේ රට දියුනු රටක් වීඅවසන්‍ය. නමුත්  විජේවීරම එම මාවත වෙනස්කිරීම  කැරැල්ලෙන්පසු  1977දී කිරීම නිසා අද වුව   සූදුවක යෙදීමට සිදුවී ඇතිබව කිව යුතුය.  

                                     මේ අනුව එදා සිට අදවන තුරු රටේ  සමාජ පරිවර්ථනයක් පතන  බොහෝ දෙනාට  කා හෝ කුමන කන්ඩායම් පසුපස ගොස් අතරමංව නිශ්ශබ්ද වීමට සිදුවී ඇත්තේ විශාල කැපකිරීම්කර අනතුරුවය.නමුත් ඔවුන්  නිවැරදියැයි  නොකියමින්  අපි කියනුයේමේ අවස්ථාවේ මේ උත්සන්න වී ඇති අර්බූදය  නව  සන්නිවේදන සබඳතා  හා  ලෙහෙසි පහසු, අහිංසක, පාලකයිනට  ඇහෙන නමුත් ඇස් කන් පියා සිටිය  හැකි මට්ටමක  තැබෙන, සියලූම  දැඩි කැපකිරීම් අකමැති  ක්ලීන් සූට් පිරිස් සහභාගිවන, කරදර  නැති  විරෝධ තාවන්  මේ අයුරින් හෝ මතුවීම  නිදා සිටි  යෝදයෙකු ඇහැරවීමක් බඳුය. නමුත් ඒ යෝදයාගේ දෑස් පිස  කලයුතු දේ කියා දී  කැටුවයාමට  සමාජය දේශපාලනිකව අසම්පූර්නය. ඒ කටයුතු කරනවුන් නිර්දේශපාලනික ලෙස හැඳින්වීමෙන්ම මෙතෙක් දේශපාලනව කටයුතුකරන පක්ෂ, සංවිධානවිශ්වාසනැතිබව හා  ඔවුන් විවෘතව  සබඳතාපැවැත්වුවහොත් මේ අයුරින්වත්  ඉදිරියට යාමට නොහැකිවන  බව  දැකීම  ඇත්තකි. අද පුද්ගලයින් ලෙස , වෘතීය හා ආගමික, හා සිවිල් සංවිධාන ලෙස මේ දේශපාලන මත දරන පිරිස්  වෙනම  සහබාගීවීම  විසඳිය හැකි , එම ජුගුප්සාජනක තත්වය මගහරවා කෙලින් වැඩකලහැකි , තේරුම්කල හැකි පරිසරයක් බිහිකලහැකි සංවිධානයක  ඇවැසියාව  දැඩිව මතුවී  ඇත.  එය රාජ්‍ය  බලය අරමුනු කල තම  මද්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ සාමාජිකයන්ගේ චන්දය  ආන්ඩුබලය  අරමුනු කල  පක්ෂයේ මහජන  චන්දයට  දෙවැනි නොකර කටයුතුකරන මට්ටමකට ගොඩනැගුනු පක්ෂයක් අනාගතයේ මෙවැනින් නොව මීට වඩා කීපගුනයකින් ගොඩ නැගෙන විරෝධතාවයන්ට  නායකත්වය  දෙනු ඇත.  අනීවාර්‍යයෙන්ම මේ තත්වය උදාවීමට හොඳටම  උඩගෙඩි දී  දැන් විරුධ  පිලට මගහැරි විමල් වීරවංශලාගේ හා ,ගංමංපිලලා කියන අන්තර්කාලීන ආන්ඩුවක් හෝ  සජිත්ලාගේ අනුරලාගේ සියලු දෙයින් සම්පූරන සභාග හෝ තනි ආන්ඩුවක්  හෝ ගෝඨාභයලාගේ  මේ ආන්ඩුවම  ජනතාවගේ ප්‍රශ්න  වැඩි කරනු නොඅනුමාන වන්නේ  ධනපති ක්රමය තවත්  ඉදිරියට වැහැරෙන බව දන්නා බැවිනි . එනිසා කෙසේ හෝ මේ බලය ඉල්ලන ,  බලයේ සිටින කාටවුව අපි කියනුයේ ජනතා ගැටලු ඔවුන් දන්නා සියලු උපක්‍රම IMF හෝ ලෝකංබැංකු ගොස් හෝ, රටේ පයගසා ගැනීමට ඉඩ තියා, නොවිකුනා, ලෝකය ඉදිරියේ ලජ්ජා නොවී, විසඳීමට උත්සාහකරන ලෙසයි. බැරිවූවිට , ජනතාව නොමරා මරමින්  බලයේ නොසිටින ලෙසයි.  ඒකාලය තුල නිවැරදි වැඩපිලිවෙලක් සහිත සංවිධානයක් මතුවනු  ඇත.  ඒ සඳහා  වැඩකරනු ඇත.

 

                        විමල්  2022/04/20

Previous
Next Post »
Thanks for your comment