සර් ව පාක්ෂික ආණ්ඩුවක් හෝ පාලනයක් ජනතා ප්රශ්න විසඳයිද?




අද  රට  පෙරාතු  සියලු පාලකයින්   පත්කර   ඇති   දුක්ඛිත  තත්වයෙන් ගලවා ගැනීමටනම් ඩොලර්   බිලියන  පනහක පමනවත්  මුදලක් ඇවැසි බව  කියනු  ඇසේ .  තාවකාලිකව  හෝ එදිනෙදා  මතුවී ඇති  තෙල් , ගෑස්,  කිරිපිටි, සහල් , එලවලු, ඉන්දන   පමනක් නොව  අත්තෙයාවශ්‍ය  සෑම  පාරිභෝජන  ද්ර්වයක්ම හා සේවාවක්ම  අඩු හා  හිගයකින් තොරව ලබාදී සාමාන්‍ය ජන ජිවිතය පෝලින් වලින් තොරව බෙහෙත් හිගයකින් හා  ගිනිගානකින්  තොරව  ලබාගනිමින්, ප්‍රවාහන  වියදම් වල දැරිය නොහැකි   මිලෙන් ගැලවී උපයන  වැටුප , බඩු හා සේවා මිලට අනූරූපව වැඩි නොවූ නිසා ගෙවා දමා සොච්චමක් හෝ ඉතිරි  කර  ගැනීමටවත්  හැකි පරිසරයක්  නැවත  උදා කර ගැනීමටනම්  ජනතාවට  පිලිගැනීමට   හැකි විසදුමක්   පාලකයින්  ඉදිරිපත් කල යුතුය. ඒසඳහා  අදට  ඩොලර් බිලියන දෙකක්වත් ඇවැසිලු. පසුගිය අවුරුදු 74 ක මොවුන්ගේ  මාරුවෙන්   මාරුවට  කල  ඤාති  , මිත්‍ර  පාලනයන්  කල   දරුණු  වංචාවෙන් පිරි හා  කලමනාකාරිත්වයකින් තොර පාලනයන්  නිසා  රට මේසා  විශාල අගාදයකට  අද වැටී ඇතිබව රටේ ලොකු පොඩි කවුරු වුව  පිලිගන්නා ඇත්තකි . කීපවරක්  රට  පාලනය කල  එම පාලකයින්ම  නැවත වෙනත් නමකින්  පාලනය  කර අද රට ගොඩදැමීම  කතාකිරීම විහිලුවක් වන්නේ  එදා නොමැති මොලයක් අද පහලවූවේ  කෙසේදැයි සිතාගත නොහැකි බැවිනි.

මෑත ඉතිහාසයේ  මේ  අගාදයෙන්  රට බේරාගැනීමට  රටේ ජනතාව ගත්   තීන්දු තීරන  ඊට  ප්‍රතිචාර ලෙස  පාලකයින්  පාර්ලිමේන්තුවේ  සිට ගත්  තීරනත් අප සලකා බැලිය යුත්තෙමු.   පාලකයින්ගේ  ජනතාව රැවටීමේ   පිලිවෙතට   තිත නොව  කොමාවක් තබමින්  ආදරයේ අරගලය   ඉටුකල සේවය   අද  පාලකයින් ද   තම  ඉත්තන් මාරු කිරීමට  යොදාගත්  අවස්තාවක් කරගෙන ඇතිබව පෙනේ.  ආදරයේ අරගලය  එතෙක් දුරට  ඇදීමට ඉඩ ලැබුනේත් , පාලකයින්  ඉඩලබාදුන්නේත් , එය ඔවුන්ගේ සැබෑ පංති පාලනයට  අබමල් රේනුවකින්වත්  අගතියක් නොකරන බව ඔවුනට   සහතික වී තිබූ බැවිනි.   ඔවුන්ගේ නියෝජිතයින්ගේ  සහභාගීත්වය ,  අනුග්‍රාහීත්වය ,  පමනක් නොව කට වචනයෙන් හෝ  ආශීර්වාදය  පවා ලබමින්   මාස ගනනක් වැඩෙමින්  ඒ අතර තුර  ඔවුන්ගේ  දඬුවම් වලින් (පහර දීම් )  රූලෙන් පිටපැනීම්  වලින් වලකා ගනිමින්  ගෙනගියද  අවසානයේ  සාමාන්‍ය රටවැසි  ජනතාවගේ  ජුලි 9  නැගිටීමෙන්  පාලනයේ  හැරයාම මගහරිමින් සිටි ගෝඨාභයට   හැරයාමට වීමෙන් කරුනු දෙකක්  අද සනාථ  කර ඇත.

                         ඒනම් මෙතෙක් කල්  කුමන හෝ  පක්ෂ   නියෝජනය කරමින්  ජනතාව  චන්දය දෙමින්  තම , හා රටේ පොදු ගැටලු  විසඳා  ගැනීමට දැරූ  උත්සාහයන්  රැවටිලි බව  පිලිගෙන ඇති බවය.  ඒමග හැර  අරගල  මග  නිවැරදි, හා   ප්‍රාණවත්, හා  ඉක්මන් බවය.  එසේම  එම මග වුව  එම මගේ  නායකත්වයන්  පෙන්වූ   නිර්පාක්ෂික , ජාතික, අහිංසක  අරගල නොවිය යුතු  බවය.  අද  තමන් පත්කර යවා සිටි  පාර්ලිමේන්තු  නියෝජිතයන් ජනතාව, ජනතාවගේ දේපල,  නීතිය ,සාමය  වෙනුවෙන් කියා සම්මත කරගෙන ඇති  වෙවස්ථා , අණ පනත්,  නීති රීති හා ආයතන  සියල්ල  , එ තුල ඔබා ඇති  වගන්ති වලින්  ඔවුන්ගේ පමණක්  පැවැත්මේ  ආරක්ෂක මෙවලම් බවය. එය පලාගිසමහරවිට නෑදෑ , සහෝදරවරුන්ගේ  වැරදි වලට  වන්දි ගෙවීමට වූ , හබබකට අසුකර නිදහසේ  ජීවත්වීමට  තිබූ ඉඩකට  නැතිකරදැමූ , වඩාත්ම  රාජපක්ෂ පවුලේ  සටකපට  නොවූ,  රාජ්‍ය තාන්ත්‍රික  කපටිකම් ප්‍රගුන නොකල  ගෝඨාභය රාජපක්ෂගේ දේපල ක්‍රමයේ ජීවිතය නොව ගෞරවයේ  බිලිගැනීමක් විය යුතුය. ආදරබර ලේ නෑකම් පවා සූරාකන ක්‍රමයන්වල  ආරක්ෂාවට   දෙවැනි  බව ඉතිහාසය අපට උගන්වා ඇත.  එසේම   අසංවිධිත, නයකත්වයේ  දැඩි පාලනයක්  නැති , ලිහිල්.   සංවිධානයක්  මේසා විශාල දෙයක් කලේ  රටේ බහුතර ජනතාවකට දැරිය නොහැකිව  තිබූ  පීඩාව  මෙවැනි සංවිධානයක  ලිහිල්  නායකත්වයකින්, ඉල්ලීමකින් , කුලුගැන්වීමට , පෙලඹවීමට  හැකිවූ නිසා බව පිලිගත  යුතුය.  එසේම ඊට පෙර  අරගලයට පහර දුන් විට  ජනතාව ක්ෂණික  ප්‍රතිචාර   දැඩි හා  කෝපාන්විතව පෙන්වූවේ  කලින් ලක ලෑස්තිවී නොසිට  අරගලයට දැක්වූ  ආදරය නිසා බවද කිව යුතුය. එදාත්, ඉන්පසුත්, එසේ හා  ආයතන අත්පත්කරගනිමින් කල දේ සැහැසිකම් ලෙස පෙන්වමින් පලිගැනීමට පෙලඹී සිටින්නේ  කුමන ජනතා ආරක්ෂාවටදැයි පොදු ජනතාව  වටහාගනු   ඇත.  ඒ ආරක්ෂාව  පොදු ජනතා පස මිතුරු  දේපල හිමි පංතියේ හා ඔවුන්ගේ  අනුගාමික  ආරක්ෂක නියෝජිතයන්ගේ   බව වටහා ගනු ඇත. එසේම  එම ජනතාව එදාත් , ඊටපෙරත් ,  අදවනවිට  සිදුවූ හා  සිදුවන දේත්  දකිමින්  තව තවත්  අත් දැකීම් ලබමින්  පාර්ලිමේන්තුවාදී හොර ගුහා  නඩ ප්‍රතික්ෂප කිරීමත් ,  අරාජික , අදේශපාලනික කියාගන්නා,  විවිධ මතිමතාන්තර  කරපින්නාගෙන , විවිධ අරමුණු කරපින්නා ගත් නායකයින්  පසුපස යාමෙන්  ඔවුන්ද  ඇටුවන් බැසි , පුද්ගලික දේපල ක්‍රමයේ ගිලටීනය හමුවේ  අසරන වන බව  හා නායකයින්ද  එම ක්‍රමයේම ආයතන  වැඳ  සමාව  ගැනීම දැකීමෙන්  හා මේච්චල් කරගැනීම්  දැකීමෙන් පාඩම් ඉගෙන ගනු ඇත.

                         ස්වභාවයේ   , චින්තනයේ සියලු භෞතිකමයරහස්  සුලුවෙන් හෝ   අවභෝදකරගනිමින්  මෙතෙක් මිනිසා ලැබූ   සියලු ජයග්‍රහන  ලබාගෙන  ඇත.  සෑම තත්පරයම තව තවත්  සොයමින්ද සිටින බව දනිමු.  එම සිද්ධාන්තම  යොදාගනිමින්  මිනිස් සමාජය විග්ග්‍රහ  කර පන්ති සමාජයේ   සූරාකෑම, පීඩනය  පැහැදිලිව පෙන්වමින් ගැලවීමේ  නිවැරදි අරගලයේ  මාවත  විප්ලවය බව හා සෑම දෙයටම පොදු  සිද්ධාන්තයක් බව පෙන්වමින් පහැදිලිකර  ඇත. ඒ තුලම  සෑම මිනිසෙකුම  අදේශපාලනික  ප්‍රානියෙකු  නොව  දේපල  හා වත්කම්  අයිතිය හා නැතිකම මත  දේශපාලනිකයෙකු බව ඔප්පු කර ඇත. එය මගහැර යාමට උත්සාහ දරන්නෝ  තමනුත් අනුනුත්  අනතුරේ හෙලන්නන්  බව පෙන්විය යුතුය. අද  සුලුවෙන් හෝ මේ අරගලයද  උගන්වා ඇත. එනිසාම   දැන දැන  මේ මග  තව දුරටත්  ලෙහෙසියට අනුගමනය කරන්නන්   කපටින්  මෙන්ම  පීඩිතයින්ගේ අලුගෝසුවන් බවද  අවධාරණය  කරන්නෙමු.මේ තත්වය  පැහැදිලිව පෙන්නුම් කරනුයේ  මේ දේපල ක්‍රමය රකින  මොන පාලකයින් වේවා , මොන ආයතන වේවා, මොන නීතිරීති  වේවා , මොන නමින් හැඳුන්නූවා වේවා පොදු ජනතාවට උරුම වෙන්නේ   දුකම බවයි,  නිදහසක්,නැති,  එක තැන කීප දෙනකුට එකතු වී කතාකල නොහැකි.  වාමාංශික පොතක් , අදහසක්   දැරිය නොහැකි, එය  සිරගත විය හැකි  වරදක් වන , නමුත්,  අනුන්ගේ ප්‍රාග් ධනයෙන් ගොඩනැගුන  බිල්ඩින්, හා දියුනුව ඇති  සිංගප්පූරුවක්, මැලේසියාවක් නොව , පොදු ජනතාවට වුවමනා  ගොරවන, තර්ජනය කරන විට   භියෙන් හැකිලී  සැඟවෙන්නට  නයබර වී ඇති  චීනයට හා  ඉන්දියාවට , නොව ඇමරිකාව අභිමුව  වුව ඍජුව  සිටගත  හැකි  අදීන , නිවහල්, ස්වයංපෝෂිත  මව් බිමක්  අපේ හැකියාවෙන් ගොඩනගා ගැනීම බව පෙන්වමු. අපේ රටේ ජනතාවගේ  හැකියාවන්, නිපුනතාවන් , හා රටේ සම්පත්  අපි දන්නෙමු,  අපිට එම සම්පත් යොදවා  අද රටින් ගෙන්වන බොහෝ දෑ  නිපදවා විදේශ  වෙලඳපොලට  විකුනා රට  පොහොසත් කලහැකි  වැඩපිලිවෙලක්ද  සැකසිය හැකි  , අරාජික නොවන, සංවිධිත , සැලසුම් සහගත  ආර්තික සැලසුම් ක්‍රියාවට නැගිය හැකි බවද දන්වනුයේ , ඒවාට නායකත්වය  දිය හැක්කේ  නිවැරදි හා  සටන් කාමී අරගලයක නිමැවුම් කරුවන් වන  පොදු ජනතාවගේ   දූ  ,පුතුන්  මිස මේ මුග්ධ  පාර්ලිමේන්තු  සූරාකන්නන් හා  අනවබෝධිත  අරගලකරුවන්  නොවන බවද පෙන්වා දෙමිනි.

  කොස්ගම විමල්, 2022/08/01

Next
This is the current newest page
Previous
Next Post »
Thanks for your comment